සරල පාලි ශික්ෂකය - බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි.pdf
- කතෘ :
- බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1972
- පිටු ගණන :
- 253
- බාගත කිරීම් ගණන :
- 6,261
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-10-10
- ගොනුවේ ප්‍රමාණය :
- 2.5 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සරල පාලි ශික්ෂකය යනු අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදිත පාලි භාෂා ප්‍රවේශ ග්රන්ථයකි. මෙහි මුද්‍රණය සහ ප්රකාශනය නුගේගොඩ මොඩන් පොත් සමාගම විසින් සිදු කර ඇත.
මීට පෙර පළ කරන ලද ‘පාලි ශික්ෂකය’ කෘතියේ දෙවන සැකැස්ම ලෙස සකස් වූ මෙම පොතෙහි ආරම්භක සිසුන්ට පහසුවන අයුරින් පාඩම් මාලාව සකස් කොට තිබේ. විශේෂයෙන් සිංහල ව්‍යාකරණ පිළිබඳ මුලික දැනුමක් ලබාදෙන ප්‍රාරම්භ පාඩම් මාලාවක් ද, අනතුරුව නාම පද, විභක්ති, ක්‍රියා පද, සන්ධි, සමාස සහ කෘදන්ත ආදී පාලි භාෂා ව්‍යාකරණාංග සරල උදාහරණ සහිතව මෙහි ඉදිරිපත් කර ඇත.
පාලි ත්‍රිපිටක ධර්මය හා අටුවා පාඨ ස්වෝත්සාහයෙන් කියවා තේරුම් ගැනීමට අපේක්ෂා කරන ධර්ම ශිෂ්‍යයන්ට මෙන්ම පාසල් සහ පිරිවෙන් සිසුන්ට ද මෙම කෘතිය අගනා අත්වැලකි.
ප්‍රථම මුද්‍රණයේ හැඳින්වීම
මේ කලකට පෙර අප විසින් ලියා පළ කරවන ලද පාලි ශික්ෂකයේ දෙවෙනි සැකැසුමයි. පළමු සැකැසුමට වඩා මෙහි පාඩම් ද වැඩි කොට ඇත. මෙය මැනැවින් උගත්හනට කවර පාලි පොතක් වුව ද ඉගැනීම ලෙහෙසියෙන් කළ හැකි ය.
මෙහි සමහර තැන් පැරණි පාලි වෛය්යාකරණයන් ඉගැන්වූ ක්‍රමයට වෙනස් වූ මගත් ගෙන ඇත. ඒ ආධුනිකයන් ගේ පහසුව පිණිස ය. 59 වැනි පිටේ අංක 29 යේ සමාන ස්වර දීඝ සන්ධිය එයට නිදසුනි. පැරණි පාලි වියරණැදුරන් මෙය දක්වා ඇත්තේ සමාන ස්වර දෙකින් පළමු එක ලොප් කොට පසු එය දීඝ කිරීම ය. එහෙත් මේ සන්ධි පිළිබඳව සකු ඇදුරන් ඉගැන්වූ සැටිය වඩා සරල බැවින් එය මෙහි අනුගමනය කළෙමු. කොයි සැටියෙන් හෝ පදසිද්ධිය කැරේ නම් එය ප්‍රමාණ ය.
තව ද සිංහල ව්‍යාකරණවත් නොදන්නා කුඩා සිසුනට එක් පැහැර ම පාලි ව්‍යාකරණ ඉගැන්ම දුෂ්කර ය. එබැවින් ප්‍රාරම්භ පාඨ වශයෙන් යම්තමින් සිංහල ව්‍යාකරණයට බැසීම පිණිස පාඩම් කීපයක් මුලට එක් කළෙමු. එය හොඳට උගත් ශිෂ්‍යයාට එයින් එහා පාලි පාඩම් ඉගැනීම පහසු වෙයි.
මෙයින් දුහුනනට වැඩෙක් ම වේවයි පතමු.
බළන්ගොඩ ආනන්දමෛත්රෙය ස්ථවිර
1972.11.29
බළන්ගොඩ උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයේ දීය.