සරල පාලි ශික්ෂකය - බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි.pdf

scanned

කතෘ :
බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි
ප්‍රකාශිත වර්ෂය :
1972
මුද්‍රිත වර්ෂය :
1972
පිටු ගණන :
252
බාගත කිරීම් ගණන :
2,410
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-10-12
ගොනුවේ ප්‍රමාණය :
6.3 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 127

සරල පාලි ශික්ෂකය යනු අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ආධුනිකයන්ට පාලි භාෂාව මුලසිට ක්‍රමානුකූලව සහ පහසුවෙන් ඉගෙනගත හැකි වන පරිදි සම්පාදනය කරන ලද අගනා ව්‍යාකරණ අත්පොතකි.

මීට පෙර උන්වහන්සේ විසින් රචිත ‘පාලි ශික්ෂකය’ නම් කෘතියේ දෙවන සැකැස්ම ලෙස මෙය සම්පාදනය කර ඇති අතර, සිංහල භාෂා ව්‍යාකරණය පවා නිසි ලෙස නොදන්නා ආධුනිකයන්ගේ පහසුව තකා සිංහල ව්‍යාකරණ මූලධර්ම පැහැදිලි කෙරෙන ප්‍රාරම්භ පාඩම් මාලාවක් ද මෙහි මුලට ඇතුළත් කර ඇත. එමෙන්ම සාම්ප්‍රදායික පාලි ව්‍යාකරණ ක්‍රමයට අමතරව සංස්කෘත ව්‍යාකරණ ක්‍රමයේ එන සරල විධික්‍රම ද උපයෝගී කරගනිමින් සන්ධි, නාමවරනැඟිලි, ක්‍රියාපද, කාරක ආදී විෂය කරුණු මෙහි මැනවින් පහදා දී තිබේ.

නුගේගොඩ මොඩන් පොත් සමාගම විසින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලද මෙම ග්‍රන්ථය පාලි භාෂාව හදාරන ධර්ම ශිෂ්‍යයන්ටත්, පිරිවෙන් සහ දහම් පාසල් සිසුන්ටත් මහත් සේ ප්‍රයෝජනවත් මඟපෙන්වීමකි.

ප්‍රථම මුද්‍රණයේ හැඳින්වීම

මේ කලකට පෙර අප විසින් ලියා පළ කරවන ලද පාලි ශික්ෂකයේ දෙවෙනි සැකැස්මයි. පළමු සැකැස්මට වඩා මෙහි පාඩම් ද වැඩි කොට ඇත. මෙය මැනැවින් උගත්හනුට කවර පාලි පොතක් වුව ද ඉගැනීම ලෙහෙසියෙන් කළ හැකිය.

මෙහි සමහර තැන් පැරැණි පාලි වෛය්‍යාකරණයන් ඉගැන්වූ ක්‍රමයට වෙනස් වූ මඟක් ගෙන ඇත. ඒ ආධුනිකයන් ගේ පහසුව පිණිස ය. 59 වැනි පිටේ අංක 29 යේ සමාන සවර දීඝ සන්ධිය එයට නිදසුනි. පැරැණි පාලි වියරණැදුරන් මෙය දක්වා ඇත්තේ සමාන සවර දෙකින් පළමු එක ලොප් කොට පසු එය දීඝ කිරීම ය. එහෙත් මේ සන්ධි පිළිබඳව සකු ඇදුරන් ඉගැන්වූ සැටිය වඩා සරල බැවින් එය මෙහි අනුගමනය කළෙමු. කොයි සැටියෙන් හෝ පදසිද්ධිය කැරේ නම් එය ප්‍රමාණය.

තව ද සිංහල ව්‍යාකරණවත් නොදන්නා කුඩා සිසුනට එක් පැහැර ම පාලි ව්‍යාකරණ ඉගැන්ම දුෂ්කරය. එබැවින් ප්‍රාරම්භ පාඨ වශයෙන් යමතමින් සිංහල ව්‍යාකරණයට බැසීම පිණිස පාඩම් කීපයක් මුලට එක් කළෙමු. එය හොඳට උගත් ශිෂ්‍යයාට එයින් එහා පාලි පාඩම් ඉගැනීම පහසු වෙයි.

මෙයින් දුහුනනට වැඩෙක්ම වේවයි පතමු.

බලන්ගොඩ ආනන්දමෛත්‍රෙය ස්ථවිර
1972. 11. 29
බලන්ගොඩ උඩුමුල්ලේ
ශ්‍රී නන්දාරාමයේ දීය.