පාලිභාෂාවතරණයතුර - මලලගම සුමනනන්ද හිමි.pdf
- කතෘ :
- මලලගම සුමනනන්ද හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2013
- මුද්රිත වර්ෂය :
- 2013
- පිටු ගණන :
- 71
- බාගත කිරීම් ගණන :
- 6,104
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-02-27
- ගොනුවේ ප්රමාණය :
- 35 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පාලිභාෂාවතරණයතුර යනු අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහනාහිමියන් විසින් සම්පාදිත ‘පාලිභාෂාවතරණය’ ග්රන්ථ මාලාවේ අභ්යාසයන් සඳහා සම්පාදනය කරන ලද අභ්යාස විසඳුම් ග්රන්ථයකි. මෙහි මුල් කර්තෘත්වය පූජ්ය මලලගම සුමනනන්ද අනුනායක හිමිපාණන් සතු වේ.
ගුරුවරයෙකු නොමැතිව ස්වෝත්සාහයෙන් පාලි භාෂාව හදාරන විද්යාර්ථීන්ට මෙන්ම දහම් පාසල් හා පිරිවෙන් අධ්යාපනය ලබන දරු දැරියන්ටද ‘පාලිභාෂාවතරණ’ අභ්යාස නිවැරදිව තේරුම් ගෙන පරිවර්තනය කිරීමට මෙමඟින් මනා මඟපෙන්වීමක් ලැබේ.
මෙහි දැක්වෙන්නේ ශාස්ත්රවේදී පූජ්ය නින්දානේ වජිරඥාන හිමියන් විසින් සංස්කරණය කර අම්බලන්ගොඩ පොල්වත්තේ ශ්රී බුද්ධදත්ත පදනම මඟින් 2013 දී ප්රකාශයට පත් කරන ලද නව සංස්කරණයයි.
හැඳින්වීම
මෙයට අවුරුදු 47 කට පමණ පෙර මුද්රණය කරන ලද ‘පාලිභාෂාවතරණ’ නමැති අගනා ග්රන්ථය පාලිභාෂාව හදාරණ නවකයන්ට මිණි පහනක් බඳු විය. පාලිභාෂාවතරණය පොත් පෙළේ කර්තෘන්වහන්සේ වන අම්බලන්ගොඩ පොල්වත්තේ අග්ගාරාමාධිපතිව වැඩ විසූ අතිපූජ්ය අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහානායක ස්වාමීන්වහන්සේගේම වචන වලින් කිවහොත් ‘පාලි ඉගෙනීමට ආශා ඇතත් ගුරුවරුන් කරා පැමිණීමට අවකාශ නැතිව සිටින්නන් විසින් හෝ ගුරුවරුන් සොයා ගත නොහැකි භවතුන් විසින් මේ පොත් හා පාලිපාඨාවලි නම් පාඩම් පොතද පාලිභාෂාවතරණයතුර ද ගැනීමෙන් සෝත්සාහයෙන්ම පාලි ඉගෙනීමද කළ හැකි යනුයි.
දහම් පාසල් අධ්යාපනයටත් පාලිභාෂාව ඇතුලත්කර තිබෙන මේ අවදියේ ළමයින් තුළ පාලි ඉගෙනීම ක්රමවත්ව පහසුවට හා ආශා උපදවන අන්දමට කිරීම සඳහා මෙම පොත ඉතා වැදගත් බව වැටහුණි. එහෙයින් සංශෝධනාත්මකව එය එළිදැක්වීමට උනන්දු වීමි.
මෙම සංශෝධිත සංස්කරණය සඳහා පරිගණක අක්ෂර සංයෝජනය කළ ජී. ඩබ්ලිව්. ලක්ෂ්මිණී ද සිල්වා මෙනෙවියට සහ පොත ශෝභන ලෙස මුද්රණය කළ අජිත් ප්රින්ටර්ස් ආයතනයටත් මගේ ස්තූතිය හිමි වෙයි.
පූජ්ය ශාස්ත්රවේදී නින්දානේ වජිරඥාණ මහා ස්ථවිර
2013.02.20
අග්ගාරාමය, පොල්වත්ත,
අම්බලන්ගොඩ.