පාලිභාෂාවතරණය 2 - පොල්වත්තේ බුද්ධදත්ත හිමි.pdf

scanned

කතෘ :
පොල්වත්තේ බුද්ධදත්ත හිමි
ප්‍රකාශිත වර්ෂය :
1959
පිටු ගණන :
238
බාගත කිරීම් ගණන :
2,471
වෙබ් අඩවියට එක් කළ දිනය :
2016-04-18
ගොනුවේ ප්‍රමාණය :
36 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 120

පාලිභාෂාවතරණය (දෙවැනි පොත) යනු අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත ප්‍රකට පාලි භාෂා පාඨශාලීය පෙළපොතකි.

පාලි භාෂාව ක්‍රමානුකූලව හදාරන්නන් සඳහා සකස් කර ඇති මෙම දෙවැනි භාගයෙන් සන්ධි, සමාස, තද්ධිත, ආඛ්‍යාත ක්‍රියාපද, ධාතු ගණ, උපසර්ග, කර්මකාරක සහ කිතක පද ආදී ව්‍යාකරණාංග සවිස්තරව උදාහරණ හා අභ්‍යාස සහිතව පැහැදිලි කර ඇත. පොත අවසානයේ පාලි-සිංහල හා සිංහල-පාලි වචන මාලාවන් ද අන්තර්ගත වේ.

මෙහි ප්‍රධාන මාතෘකා අතරට පහත කරුණු ඇතුළත් වේ:

  • සංඥා සහ සන්ධි (සර, ව්‍යඤ්ජන, නිග්ගහීත, මිශ්‍ර)
  • අත්ත, රාජ, මනොගණ, ගො ආදී ශබ්ද
  • සමාස නාම (කම්මධාරය, දිගු, තප්පුරිස, ද්වන්ද, බහුබ්බීහි ආදී)
  • තද්ධිත පද (සාමඤ්ඤ, භාව, අව්‍යය)
  • ආඛ්‍යාත ක්‍රියාපද, ධාතු ගණ සහ උපසර්ග
  • කර්මකාරක ක්‍රියා සහ කිතක පද
  • පාලි-සිංහල සහ සිංහල-පාලි වචන මාලා

විඥාපනය

(1955 දී මුද්‍රණය කරන ලද පාලිභාෂාවතරණය දෙවැනි පොතේ පළ වී ඇති විඥාපනය පාඨකයාගේ දැනගැනීම සඳහා ඒ අයුරින් ම මෙහි ද පළ කරනු ලැබේ.)

පාලිභාෂාවතරණයේ 1 වැනි පොත දැන් දහහත්වැනි වරටත් මුද්‍රිතව තිබෙන බැවින් ඒ පොත කොතරම් ජනප්‍රිය වී තිබේදැයි දත හැක. මේ දෙවැනි පොතේ අටවැනි මුද්‍රණයයි. දෙවෙනි පොත මුලින් තිබුණාට වඩා පිටු 40 කින් පමණ වැඩි වූ බැවින් එහි කර තිබෙන සංස්කරණ විශාල බව පෙනෙනවා ඇත. දෙවෙනි පොතෙන් එහාට ගොස් වැඩිදුර ඉගෙනීම කරන්නන් ඉතා අඩු බව තෙවැනි පොතෙන් ඔප්පු වේ. එය පළමු වර පළකරන ලද්දේ 1930 දී ය. ඒ පිටපත් දෙදාහ අවසන් වීමට අවුරුදු 17 ක් පමණ ගතවිය. එය නැවත විශාල සංස්කරණයකට පමුණුවා 1948 දී දෙවෙනිවර මුද්‍රිත විය. ක්‍රියාකාරක සම්බන්ධය ගැනත් වාක්‍ය විච්ඡේදනය ගැනත් අලුත් පරිච්ඡේද දෙකක් එකට එක්කරන ලදි. දැන් පොතේ ප්‍රමාණය පිටු 215 කි.

එහි පොත්වලින් ගත් උදාහරණ සහිතකොට අර්ථ පැහැදිලි කර තිබෙන නිපාත සංඛ්‍යාව 213 කි. උපග්‍රන්ථයෙහි පාලියේ ඇති තාක් ගැඹුරු - දුර්ලභ වචන තිබෙන තැන් පෙන්වා අර්ථ පැහැදිලි කර තිබේ. ඉංග්‍රීසියේ දැක්වෙන ‘ඇනලිසිස්’ ක්‍රමයට පාලි වාක්‍යයන් බෙදා කොටුවල යොදා පෙන්වීම මින් පෙර ඇති නොවුනකි. පාලිවාක්‍ය රචනාවට එයින් ලැබෙන රුකුල ඉතා මහති. එබැවින් උසස් විභාගවලට පෙනී සිටින්නන් ඒ (තෙවැනි) පොතෙන් ප්‍රයෝජන ගන්නවා ඇතැයි බලාපොරොත්තු වෙමු.

පාඨ පරීක්ෂණවලට පෙනී සිටින්නන්ගේ වාක්‍ය රචනාව දුර්වල යයි නොයෙක් විට අසන්ට ලැබුණ බැවින් ඒ සඳහා ‘පාලි වාක්‍ය රචනාව හා පරිවර්තන පරිචය’ නමැති පොතක් 1947 දී පළ කරවන ලදි. එහි අන්‍යොන්‍ය විරුද්ධාර්ථ ඇති ආමක-පක්ක ආදි වචනයන්ගේ සූචියක් ද නිතර එක්ව යෙදෙන හට්ඨ - පහට්ඨ ආදි වචනයන්ගේ සූචියක් ද වෙති. වර්තමාන ක්‍රියාපදය, ඒකේ අතීත පදය හා පූර්‍ව ක්‍රියා පද දක්වන අකාරාදි පිළිවෙළින් යෙදූ ක්‍රියා මාලාව පිටු 12 ක් පැතිර පවතී. සිංහල පාලියට පෙරළන සැටි උගන්වන පිටු 30 ක් ද පාලියේ භාෂාරීති දක්වන පිටු 9 ක්ද එහි වෙති. එබැවින් වැඩිදුර ඉගෙන ගනු කැමැත්තන් විසින් ඒ පොත ද ලබාගත යුතු ය.

මා විසින් සම්පාදිත වූ පාලි - සිංහල ශබ්දකෝෂය හා පාලි - ඉංග්‍රීසි ශබ්දකෝෂය දැන් ලබා ගත හැක. “පඨම පාඨාවලී” - “පාලිපාඨාවලී” යන පාලි පාඩම් පොත්වල වචන මාලාවලට ඉංග්‍රීසි තේරුම් යොදා තිබෙන බව ද සැලකිය යුතු.

1-2 වැනි පොත් දෙකේ අභ්‍යාසයන් සිංහලටත් පාලියටත් පෙරළා දෙන “පාලිභාෂාවතරණ යතුර” ක් ද මුද්‍රිතව තිබෙන බව දැනුම් දෙමි. එය ගුරුවරුන්ගේ හා තනිව ඉගෙන ගන්නන්ගේ ප්‍රයෝජනය සඳහා ය.

පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර
20-5-1959
අග්ගාරාමය, අම්බලම්ගොඩ.