පඨමපාඨාවලී - පොල්වත්තේ බුද්ධදත්ත හිමි.pdf
- කතෘ :
- පොල්වත්තේ බුද්ධදත්ත හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1958
- පිටු ගණන :
- 83
- බාගත කිරීම් ගණන :
- 2,561
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-12-10
- ගොනුවේ ප්රමාණය :
- 17 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පඨමපාඨාවලී (First Pāli Reader) යනු අග්ගමහාපණ්ඩිත පොල්වත්තේ ශ්රී බුද්ධදත්ත මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් පාලි භාෂාව මුලසිට ඉගෙනගන්නා ආධුනික ශිෂ්යයන් සඳහා සම්පාදිත ප්රාරම්භක පාඩම් පොතකි.
පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් විසින් මීට පෙර සම්පාදිත ‘පාලිපාඨාවලී’ කෘතිය ආධුනිකයන්ට තරමක් අපහසු වූ හෙයින්, දන්නා හඳුනන සතුන්, ගස්වැල් ආදී දෑ සම්බන්ධ කරගනිමින් මෙම කෘතිය සකස් කර ඇත. එක් එක් පාඩම යටතේ අදාළ පාලි වචනවල සිංහල තේරුම්ද, අභ්යාස සඳහා ප්රශ්න මාලාද ඇතුළත් කර ඇති අතර පොත අවසානයේ සිංහල හා ඉංග්රීසි අර්ථ සහිත සම්පූර්ණ පාලි-සිංහල-ඉංග්රීසි වචනකෝෂයක්ද ඇතුළත් වේ.
ආරම්භක පාඩම් කිහිපයක් මෙසේය:
- බිළාලො (බළලා)
- සරීරාවයවා (ශරීරයේ අවයවයෝ)
- සුනඛො (බල්ලා)
- කාකො (කවුඩා)
- නාළිකෙරුක්ඛො (පොල්ගස)
- අම්හාකං ගාමො (අපේ ගම)
- රුක්ඛලතා (ගස් වැල්)
විඥාපනය
පළමුවෙන්ම පාලි ඉගෙනීම ආරම්භ කරන ශිෂ්යයන්ගේ ප්රයෝජනය සඳහා කලකට පෙර අප විසින් පාලිපාඨාවලි නම් පාඩම්පොත සම්පාදිත විය. පාළිභාෂාවතරණයේ 1 වෙනි පොත උගත් ශිෂ්යයන්ට පාළිපාඨාවලිය ඉගෙනීම තරමක් අපහසු යයි දැනගන්ට ලැබුණ බැවින් ශිෂ්යයන් දන්නා අඳුනන සතුන් හා දේවල් සම්බන්ධකොට අප විසින් ම පළපනු ලැබූ පාඩම් ඇතුළත් මේ පඨමපාඨාවලිය සම්පාදනය කරන්ට සිදුවිය. (මෙයට “පඨමපාඨාවලී” යයි නම් තැබූ නිසා කලින් තිබුණ පොතට “දුතියපාඨාවලී” යයි මින් පසු නම් තබන්ට සිදුවන්නේය.)
බලු-බළල් ආදි සතුන්ගේ පැවැතුම් හා පොල්ගස ආදියේ තත්ත්වයන් ප්රකාශ කිරීමේදී නොයෙක් විදියේ වචන පාවිච්චි කරන්ට සිදුවේ. එසේ වුවත් ඒවා ඒ ඒ පාඩම යටින්ම අර්ථ දී තිබෙන බැවින් ඒවා ඉගෙනීම අපහසු නොවේ. තමන් දැක පුරුදු සතුන්ගේ හා ද්රව්යයන්ගේ තත්වය දක්වන වචන බැවින් ඒවා සිහියේ තබාගැනීම ශිෂ්යයන්ට ඉතා ප්රයෝජනවත් ය. ඒ වචනවල වැඩිපුර පුහුණුවක් ඇතිවීම සඳහා පාඩම්වල ඇතුළත් කරුණු පිළිබඳ ප්රශ්න මාලාවක් ද යොදා ඇත. ඒ ප්රශ්න පාළියෙන් යොදා ඇතත් උඩින් තිබෙන වචන යොදමින් පිළිතුරු දියහැකි නිසා ශිෂ්යයන්ට අපහසුවක් නොවෙනවා ඇත.
පාඩමක් පාසාම අමුතු වචන 15 ක් 20 ක් පමණ ඉගෙනගන්ට සිදුවීම මෙහි ඇති විශේෂ ලක්ෂණයකි. මේ පොත අලුත් ශිෂ්යයන්ට පාලි භාෂාව ඉගෙනීමට උපකාරවන අතරම ප්රාචීන විභාගවලට පෙනී සිටින ශිෂ්යයන්ට වාක්ය රචනා විලාසය ඉගෙනීමට ද උපකාර වෙනවා ඇත.
පොතේ ඇති සියලු වචන එක්කොට සම්පූර්ණ පාලි-සිංහල-ඉංග්රීසි වචන මාලාවක් ද අගට යොදා ඇත.
පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර
අග්ගාරාමය,
30. 12. 58