ත්රිභාෂාරත්නාකරය - පොල්වත්තේ බුද්ධදත්ත හිමි.pdf
- කතෘ :
- පොල්වත්තේ බුද්ධදත්ත හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1927
- පිටු ගණන :
- 150
- බාගත කිරීම් ගණන :
- 3,273
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-12-10
- ගොනුවේ ප්රමාණය :
- 29 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ත්රිභාෂාරත්නාකරය (Tribhasharatnakara: A Handbook on Pali Conversation with Sinhalese and English Versions) යනු පාලි කථා කිරීම ප්රගුණ කරනු රිසි ආධුනිකයන් උදෙසා අග්ගාරාමාධිපති අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්රී බුද්ධදත්ත හිමියන් විසින් සම්පාදිත ප්රායෝගික භාෂා අත්පොතකි. කතුවරයාණන් විසින් 1908 දී බුරුමයේදී සම්පාදිත “පාළිභාසප්පවෙසිනී” (The First Step in Pali Conversation) නම් කෘතිය සහ 1912 ලක්දිව පළවූ සංස්කරණය පදනම් කරගනිමින්, ජාත්යන්තර ප්රයෝජනය සඳහා ඉංග්රීසි අර්ථ ද ඇතුළත් කොට මෙම ග්රන්ථය පුළුල් ලෙස සකස් කර ඇත.
මෙහි ව්යුහය ප්රධාන කොටස් කිහිපයකින් සමන්විත වේ. මුල් කොටසේ එදිනෙදා ව්යවහාරයට අදාළ වචන විෂය අනුව වෙන්කර පාලි, සිංහල හා ඉංග්රීසි යන භාෂා ත්රිත්වයෙන්ම දක්වා ඇති අතර, දෙවන කොටස එම වචන යොදා ගොඩනැගූ ප්රායෝගික සංවාද වාක්යයන්ගෙන් සමන්විතය. අවසානයෙහි වචන 1500 කින් පමණ යුතු “සිංහල-පාලි” සහ “ඉංග්රීසි-පාලි” අකාරාදි වචන මාලා දෙකක් ද, විදේශිකයන්ගේ පහසුව සඳහා රෝමන් හා සිංහල අකුරු සහිත පාලි හෝඩියක් ද ඇතුළත් කර ඇත.
පාලි භාෂාවෙන් කථා කිරීමට උපකාරක වන ලොව දුර්ලභ ගණයේ කෘතියක් වන මෙය, මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ ද ඇගයීමට ලක්ව ඇත. 1927 දෙසැම්බර් මස අම්බලම්ගොඩදී පෙරවදන ලියා සම්පාදනය කර ඇති මෙම ග්රන්ථය පාලි භාෂා අධ්යයනයේ නිරත දෙස් විදෙස් විද්යාර්ථීන්ට අගනා අත්පොතකි.
විඥාපනය
මින් අවුරුදු 19 කට පෙර අභිධර්මය ඉගෙනීම සඳහා බුරුම රට ගොස් සිටිය දී රට වැසි පාලි ඉගෙනීමට කැමති ආධුනිකයන්ගේ ප්රයෝජනය සඳහා මා විසින් පාලි-බුරුම භාෂා දෙකින් යුත් “පාළිභාසප්පවෙසිනී” (හෙවත් The First Step in Pali Conversation) නම් පොතක් ලියා පළ කරවන ලදී. ක්රවුන් ප්රමාණයේ පිටු 74 කින් යුක්ත වූ ඒ පොත එවකට රන්ගුන් නගරයේ රාජකීය මහා විද්යාලයේ (දැන් රන්ගුන් විශ්වවිද්යාලයයි) පාලි ආචාර්ය්යධුරය දැරූ නානාභාෂාශාස්ත්ර විශාරද වූ සී. ඩූරෝෂෙල් පණ්ඩිතතුමන් විසින් සමාදරයෙන් පිළිගන්නා ලදී. ස්වල්ප කලකදී ම මුද්රණය කළ පොත් අවසන් වී ගිය හෙයින් ආධුනිකයන්ට එයින් මහත් ඵල ලැබුණාට සැක නැත. ඒ පොතට වඩා විශාල වූ මේ ත්රිභාෂාරත්නාකරයට සමාන පොතක් බුරුම භාෂාවෙන් යුක්ත කොට එහි දී මා විසින් නැවත සම්පාදනය කරන ලද නමුත් මුද්රණය සඳහා බාරදුන් අයෙකුගෙන් ඒ පිටපත නැවත ලබාගත නොහැකි විය.
1911 දී ලක්දිවට පෙරළා පැමිණි මා විසින් බුරුම රටේ මුද්රිත වූ “පාළිභාසප්පවෙසිනී” ය මෙරටට ගැළපෙන සේ වෙනස් කොට සිංහලාර්ථ ද යොදා 1912 දී පළ කරවන ලදී. ගාල්ලේ අතපත්තු වලව්වේ විසූ ප්රාචීනපාණ්ඩිතත්යයෙන් හා මහමුදලි ධුරය දක්වා උසස් තනතුරු දැරීමෙන් මහත් කීර්තියක් ඉසුලූ ඇඩ්මන්ඩ් රෝලන්ඩ් ජයතිලක ගුණරත්නාභිධාන රජවාසල මුදලිමැතිතුමන් සමාදරයෙන් පිළිගත් ඒ කුඩා පොතේ පිටපත් සියල්ල ද විකිණී අවසන් විය. මෙකලට ඒ පොත ප්රමාණ නොවන හෙයින් ද ඉංග්රීසි අර්ථ යෙදීමෙන් මෙරට වැසියන්ට පමණක් නොව පිටරට වැසියන්ටත් ප්රයෝජන ලැබිය හැකි හෙයින් ද මේ ත්රිභාෂාරත්නාකරය මෙසේ පාලි-සිංහල-ඉංග්රීසි යන භාෂාත්රයෙන් යුක්තකොට සම්පාදනය කෙළෙමි.
මෙකල්හි පාලි භාෂාව ඉගෙනීමට ආශාවක් බොහෝ රටවල පැතිර පවතී. ඉන්දියාවේ නොයෙක් ප්රදේශවල ද ජපන් චීන රටවල ද යුරෝපයේ හා අමෙරිකාවේ රටවල ද මේ ආශාව පවතී. ජපන් රට අතිප්රකට ‘ටෙන්ඩායි’ නිකායට අයත් විශ්වවිද්යාලය මගින් ලක්දිවට එවන ලදුව අපගේ ශිෂ්යභාවෝපගතව සිටින “ජිරියෝ ෆුරුකාවා” නමැති ජපන් ශ්රමණතුමා ද මලබාර් දේශයේ බෞද්ධ ධර්ම ප්රචාරයෙහි යෙදී සිටින අප මිත්ර මලයාල ජාතික “ධර්මධීර” ශ්රමණතුමා ද මේ පොත ස්වකීය භාෂාවලින් යුක්ත කොට මුද්රණය කරවීම පිණිස අවසර ඉල්වා සිටිත්. මෙසේ මේ පොතෙන් ලක් වැසියන්ට පමණක් නොව ලෝකයේ නොයෙක් රට වැසියන්ට ඵල ලැබිය හැකි බව දැක්ම අපට මහත් ප්රීතියකි. ඒ ඒ රටවල උගතුන් විසින් මෙහි සිංහල හැර දමා ස්වකීය ස්වකීය භාෂාවන් යොදා මුද්රණයට පමුණුවා ගැන්ම හැකිව තිබේ. පාලියේ තේරුම් ඉංග්රීසියෙන් දක්වා තිබෙන හෙයින් කොයි රටක වුවත් ඉංග්රීසි දත් අයට මෙයින් ප්රයෝජන ලැබිය හැකි වේ. පිටරට වැසියන්ට සිංහල අකුරු කියවා ගැන්ම හැකිවන සේ රෝමන් අකුරු හා සිංහල අකුරු එක් කොට පාලි හෝඩියක් ද නිදර්ශන ස්වල්පයක් ද මෙහි යොදන ලදී.
පාලි කථා කිරීමට උපකාර වන සේ සම්පාදිත වූ ලෝකයේ තිබෙන මේ තත්ත්වයේ එකම පොත මෙය යයි සිතමි. මෙහි මුල් කොටසෙහි ඒ ඒ සමූහවලට අයත් වචන ද මැද කොටසෙහි ඒ වචනවලින් සැදූ වාක්ය ද අග කොටසෙහි පොතේ ඇතුළත් එක්දහස් පන්සියයක් පමණ වූ වචන ගෙන “සිංහල-පාලි” “ඉංග්රීසි-පාලි” යන පිළිවෙළින් අකාරාදි ක්රමයෙන් යෙදූ වචනමාලා දෙකක් ද විද්යාමාන වෙති. මෙය වනාහි කලක් කොළඹ නාලන්දා මහා විද්යාලයාධිපතිව සිට දැන් විශ්වවිද්යාලයේ ප්රාචීනභාෂාචාර්ය්ය ධුරයට පත්ව සිටින ශාස්ත්රාචාර්ය්ය ගුණපාල මලලසේකර මහතාණන් විසින් ද පසස්නා ලද්දේ ය.
භාෂාවක් කථා කිරීමට ඒ භාෂාවේ ව්යාකරණ පිළිබඳ සාමාන්ය දැනීමක් ද ඇතිවිය යුතු වේ. නමුත් භාෂාත්රයකින් ව්යාකරණ ලක්ෂණයන් දැක්වීම බැරෑරුම් හෙයින් මෙහි ඒ සඳහා ප්රයත්නයක් නොදරන ලදී. සිංහල නොදත් අයට සී. ඩූරෝෂෙල් මහතාගේ පාලි ව්යාකරණ පොත ද සිංහල දත්තවුනට අපගේ “පාලිභාෂාවතරණය” ද ගැනීමෙන් මේ පාඩුව පිරිමසාගත හැකි වේ.
කොරියාවේ බෞද්ධයන් විසින් ථෙරවාද බෞද්ධධර්මය ඉගෙනීම සඳහා මෙහි එවන ලදින් 1926 මුල සිට අප වෙත ඉගෙනීමෙහි යෙදී සිටි “යුවන් ජෙයි ලී” නමැති කොරියන් භික්ෂු නම මේ පොත ස්වභාෂාවට නගා පළ කරවීමට බලවත් ආශාවකින් යුක්තව විසීය. නමුත් 1927 ඔක්තෝබර් 12 වෙනි දින ඒ භික්ෂුවගේ වටිනා ජීවිතය මාරයා විසින් පැහැර ගන්නා ලද්දේ ය. කොරියාවෙන් මෙහි පැමිණි එකම භික්ෂුනමගේ අකාල මරණයෙන් එරට වැසියන්ට සිදු වූ පාඩුව ගැන අපගේ ශෝකය මෙයින් ප්රකාශ කරම්හ.
මීට
පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර
අම්බලම්ගොඩ අග්ගාරාමයේ දීය.
01.12.1927
PREFACE
Nineteen years ago when I was in Burma I compiled a pamphlet in Burmese, “The First step in Pali Conversation” by name, to help Burmese students in Pali conversation. It contained 74 pages of crown octavo and was appreciated by C. Duroiselle Esqr., the professor of Pali, Rangoon College (which is now converted into Rangoon University.) While residing there I compiled another book similar, in many ways, to the present volume with Burmese versions in the place of Sinhalese; but I lost the MS through a person to whom I had entrusted it.
After my return to Ceylon in 1911, I translated the above-mentioned pamphlet into Sinhalese, and with some alternations it was published in 1912. Copies of this pamphlet are now out of print; but I did not urge a second publication of it as it was too small and insufficient for present needs. So I compiled the present volume in Pāli, Sinhalese and English to meet the demand of the students of Pāli which language is now getting a world-wide recognition. This will help not only the Sinhalese but also every nationalist who knows English and desires to learn or converse Pāli. Linguists in any country may drop Sinhalese, insert their own languages in its place and publish, with or without English, in their respective countries for the benefit of those who do not know English. (To enable foreigners to read Sinhalese characters I have added a Pāli alphabet in Sinhalese and Roman characters.)
Rev. Jirio Furukawa, a Japanese Buddhist monk sent here by the Tendāi Sect in Japan, and who is now receiving tuition from me, has expressed his willingness to translate this book into Japanese. Rev. Dharmadhira, a Malayalee Buddhist monk, who is now in Malabar engaged in Buddhist propaganda work, has consented to publish this with Malayalam versions.
Here I express my deep regret at the premature death of my devoted pupil, Rev. Yuen Jai Lee, the only Korean Buddhist monk who ever came to Ceylon to study Theravāda Buddhism and who was earnestly expecting to translate this book into his own language.
I believe that this is the only work of this type in the whole world. First portion of this book contains words, generally used in conversation, in groups; the second portion contains sentences made of those words, and the last two vocabularies, Sinhalese- Pāli and English- Pāli, which contain all Pāli words in the book which amount to about 1500.
To speak a language, one should, of course, have a knowledge of the elementary rules of its grammar. It would have been very useful to foreigners if I could show here some general principles of the Pali grammar. I am unable to do that as I have to deal with them in three languages; the addition of which would have made the volume much larger. For persons other than the Sinhalese I recommend C. Duroiselle’s Pāli Grammar (obtainable from “British Burma Press” Rangoon) which can be profitably used as an additional aid. The Sinhalese may use my “Pālibhāshāvatarana” for this purpose.
My thanks are due to several gentlemen who occasionally revised my English versions.
A. P. Buddhadatta
01.12.1927
Aggarama, Ambalangoda.