භික්ෂු භික්ෂුණී උභය ප්රාතිමොක්ෂය - වැලිතර ධම්මකුසල හිමි සහ උදම්මිට ධම්මාලංකාර තිස්ස හිමි 1927.pdf
- කතෘ :
- වැලිතර ධම්මකුසල හිමි සහ උදම්මිට ධම්මාලංකාර තිස්ස හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1927
- මුද්රිත වර්ෂය :
- 1927
- පිටු ගණන :
- 146
- බාගත කිරීම් ගණන :
- 0
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-23
- ගොනුවේ ප්රමාණය :
- 31 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම කෘතිය භික්ෂු ප්රාතිමෝක්ෂය සහ භික්ෂුණී ප්රාතිමෝක්ෂය යන උභය ප්රාතිමෝක්ෂය පුරාණ සිංහල සන්නය සහිතව සම්පාදනය කරන ලද විනය ග්රන්ථයකි. මෙහි සංස්කාරක ධුරය උසුලන ලද්දේ කරන්දෙනියේ තපෝධනාරාමාධිකාරී වැලිතර ශ්රී ධම්මකුසල ස්ථවිරයන් වහන්සේ සහ උදම්මිට උත්තමාරාමවාසී සූ. ධම්මාලංකාර තිස්ස ස්ථවිරයන් වහන්සේ විසිනි.
පොතෙහි සංඥාපනයෙහි දැක්වෙන පරිදි, මෙහි ඇතුළත් කර ඇත්තේ පොළොන්නරු යුගයේ විසූ වියත් ස්ථවිරනමක විසින් රචනා කරතැයි සැලකෙන පැරණි සිංහල ව්යාඛ්යානයකි. ආධුනික යතිවරයන්ගේ ප්රයෝජනය පිණිස එම සන්නය සංශෝධනය කර මුද්රණයට පමුණුවා ඇත.
බුද්ධ වර්ෂ 2471 (ක්රි.ව. 1927) දී ඒ. ඩී. නෝබියෙල් ද සිල්වා කුලසිංහ මහතා සහ වද්දුවේ ඇන්. ඒ. මැන්දිස් මහතාගේ දායකත්වයෙන් රන්දෙණියේ විද්යාදර්ශ මුද්රණාලයේදී මෙම කෘතිය මුද්රණය කර ප්රකාශයට පත් කර තිබේ.
සංඥාපනය
සන්න සහිත උභය ප්රාතිමොක්ෂය
ශ්රී සද්ධර්මචක්රවර්තීස්වාමිවූ භගවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ ගිජුකුළුපව්වෙහි වැඩවාසයකර වදාරණ සමයෙහි භික්ෂු භික්ෂුණීන්ගේ උපෝෂථ කර්මය සඳහා ප්රාතිමොක්ෂය අනුදැන වදාළසේක.
ප්රාතිමොක්ෂ යනු සංස්කෘත වචනයෙකි, එහි පාළිවචනය පාතිමොක්ඛ යනුයි; පාතිමොක්ඛ ශබ්දයෙහි ලා ආචාර්ය්යපාළිනය ආදී නානානයින් කටයුතුවේ එහෙත් මේ තරම් අතිසංක්ෂෙප ලිපියෙකින් ඒ ඒ නයක්රමානුගතවැ අනුක්රමයෙන් කටයුතු සම්පූර්ණ විස්තරයක් කළනොහේ.
“පාතිමොක්ඛන්ති ආදිමේතං මුඛමෙතං පමුඛමෙතං කුසලානං ධම්මානං තෙන වුච්චති පාතිමොක්ඛන්ති”යනු පාළිනයෙකි, ප්රාතිමොක්ෂය යනු කුශලධර්මයන්ට මේ ප්රාතිමොක්ෂ සංවරශීලය හෙවත් ශික්ෂාපද ශීලය (ප්රවෘත්තිපක්ෂශීලයෙන්) ආදි වෙයි කාරණ නොහොත් මුල් වෙයි ප්රධානම වෙයි එහෙයින් ප්රාතිමොක්ෂයයි කියනු ලැබේ; යනු එහි අර්ථයි. “පාතිමොක්ඛන්ති ප අති මොක්ඛං අති ප මොක්ඛං අතිසෙට්ඨං අතිඋත්තමති අත්ථො” යනු අර්ථකථානයෙකි; ප්රාතිමොක්ෂය යනු ප්රකාරයෙන් අතිශයෙන් (ශීලයන් කෙරෙහි හෝ ශීලයන් අතුරෙන්) චාරිත්රය ප්රධානවුයෙ (අතිපමොක්ඛං යනු උපසර්ගපතනයෙන් කියයි) අතිශ්රෙෂ්ඨය අත්යුත්තමය යන අර්ථයි යනු ඒ පාඨයෙහි තේරුමයි.
‘කිලෙසානං බලවභාවතො බහුක්ඛත්තුං අපායෙසු පතන්තං සීලන්ති=පාතී, පුථුජ්ජනො; මරණවසෙන තම්හි තම්හි සත්තනිකායෙ අත්තභාවස්ස පතනසීලො’ති වා=පාතී, සත්තසන්තනො; චිත්තමෙව වා; පාතිං සංසාරදුක්ඛතො මොචෙතී’ති-පාතිමොක්ඛං.” මේ ටීකානයෙකි, කෙලෙසුන් බලවත් බැවින් බොහෝවර අපායයන්හි වැටෙන සුලුවූයේනුයි පාතී නම, පෘථග්ජන තෙමේයි. මැරීම විසින් ඒ ඒ සත්වනිකායයන්හි ආත්මභාවයන් වැටීම ස්වභාවකොට ඇත්තේනුයි හෝ පාතී නමි, සත්වසන්තානය හෝ සකලලෝකයි; පෘථග්ජනයා හෝ සත්වසන්තානය හෝ සිත හෝ සසරදුකින් මුදනුයි පාතිමොක්ඛ නමි, යනු එහි අර්ථයි.
“ප පකාරෙන අභිමුඛ්යෙන මොචෙතී’ති=පාතිමොක්ඛං.” යනු මෙහි කෘදන්ත නිර්වචනයෙකි, ප්රකාරයෙන් අභිමුඛ්යයෙන් මුදනුයි ප්රාතිමොක්ෂ නමි, යනු එහි අර්ථයි; ප අභි පූර්ව මුච=මොචන යන ධාතුහු කෙරෙන් ණ ප්රත්යයෙන් සිද්ධයි. පාතිං මොචෙතීති=පාතිමොක්ඛං; ශීලය රක්නහු (ආපායිකාදි දුකින් හෝ ආත්මානුවාදාදී භයින්) මුදනුයි ප්රාතිමොක්ෂ නමි, මේ නිර්වචන පක්ෂයෙහි පාතිං යන නිතික්ෂාන්ත උප පදකොට ඇති මුච-ධාතු කෙරෙන් ණ ප්රත්යයෙන් සිද්ධයි තද්ධිත, සමාස, විධියෙන්ද මෙම පදය සිද්ධවේ.
ඒ මේ ප්රාතිමොක්ෂය තෙමේ ශීලප්රාතිමොක්ෂය සූත්රප්රාතිමොක්ෂයයි ද්විවිධය, එයින් ශීලප්රාතිමොක්ෂය නම් අධිශීල ශික්ෂාවයි, හේ පරමාර්ථ හෙයින් විරති චෙතනාදි ධර්මයෝයි, කුශලයන් අතුරෙහි කායවාක් කර්මයෝයි.
සූත්රප්රාතිමොක්ෂය වනාහි “සුණාතු මේ” යන්න ආදිකොට ඇති සියලු මාතෘකා සංයමප්රයුක්ත අෂ්ටාකාරිකා විස්තාරොත්තර ප්රබන්ධයයි; ඒ මේ සූත්රප්රාතිමොක්ෂය තෙමේ භික්ෂුප්රාතිමොක්ෂය, භික්ෂුණීප්රාතිමොක්ෂයයි, ද්විවිධය; එයින් භික්ෂුප්රාතිමොක්ෂයෙහි නිදානොද්දෙසය, පාරාජිකුද්දෙසය, සඞ්ඝාදිසෙසොද්දෙසය, අනියතුද්දෙසය, නිස්සග්ගියුද්දෙසයයි උද්දෙසපසෙකි. අධිකරණසමථන් සමග ශික්ෂාපද දෙසියසත්විස්සකි. භික්ෂුණීප්රාතිමොක්ෂයෙහි වනාහි අනියතුද්දෙසය හැර උද්දෙස සතරෙකි, ශික්ෂාපද තුන්සියඑකොළොසෙකි; මෙම සූත්රප්රාතිමොක්ෂය තෙමෙම ආයුප්රාතිමොක්ෂ නමුදු වේ. විනයමාතෘකා නමුදු සූත්තොද්දෙස නමුදු සබ්බුපොසථ නමුදු වේ; චතුර්විධ විනයකර්ම අතුරෙන් ඥත්තීකර්ම යෙහි සර්වසංගෘහිතයි. එහි නිදානය මහවග උපොසථක්ඛන්ධකයෙහිද අවශේෂ උද්දෙසගතශික්ෂාපද භික්ෂු භික්ෂුණී විභඞගද්වයෙහිද අන්තර්ගත වෙති.
මෙහි යථාර්ථාවබෝධය සඳහා අටුවාචාර්ය්ය අනුබුද්ධ බුද්ධඝෝෂ මහාස්වාමිපාදයන් වහන්සේ විසින් කරවදාළ කඞ්ඛාවිතරණී මාතිකට්ඨකථා යන නාමයෙන් ප්රසිද්ධවු අටුවාවක්ද; බුද්ධනාගාචාර්ය්ය පාදප්රණීත විනයසමුත්ථාන නම් ටීකාවක්ද, සැරියුත් මහාස්ථවිර ප්රණීත ගණ්ඨිපද දීපනියක්ද, විචිත්රනාලඞ්කාර මහාරාජ ගුරු ගණාචාර්ය්ය මහාස්ථවිර ප්රණීත ප්රාතිමොක්ෂපදත්ථ අනුවිවර්ණනාවක්ද; ඇත්තාහ; එතකුදු වුවත් පාළි නූගතුන්ට ඒ අටුවා ටීකානුසාරයෙන් ප්රාතිමොක්ෂයෙහි සිංහලార్థ උගතහැකි නොවේ. ඔවුන්ට අනුග්රහ පිණිස පුරාතන ආචාර්ය දෙදෙනකු විසින් කරණලද සිංහලව්යාඛ්යා දෙකක් ඇත, ඉන් මේ ව්යාඛ්යානය අනිකට වඩා පුරාණවුද වියක්තවුද ගරුකටයුතුද ව්යාඛ්යානයයි, මේ කවරකලක විසූ කිනම් ආචාර්ය්යවරයකු විසින් කරණලද්දැයි නිසැකව කිවනොහෙත්, පොළොන්නරුපුර විසූ පණ්ඩිත ස්ථවිර තුමෙකු විසින් ලියනලදැයි සමහරුන්ගේ මතයි, ශාස්ත්රාභ්යාස විනයෙහි මනා ප්රවීණයක් ඇති ප්රශස්ත ස්ථවිරයකු විසින් කරණ ලද්දක් බව මේ සන්නය බැලීමෙන් හැඟේ, සිංහල පදාවබෝධයට මේ සන්නය ආධුනිකයන්හට අතිශයෙන් ප්රයෝජනවත්වෙයි මේ ප්රාතිමොක්ෂයන් සන්නදෙක ආධුනික යතිපෝතකයන්ගේ ප්රයෝජනය සඳහා අපවිසින් යථාශක්තීන් ශුද්ධකොට සංස්කාරණය කරණලදහ; මුද්රීකරණ ප්රමාදයෙන් ප්රාප්තකාල ප්රකාශක ගාථා පාඩුවලට සන්නද අපවිසින් ලියනලදී අක්ෂර ශෝධකයන්ගෙන් වූ ප්රමාදස්ථාන බොහෝයි. අප ප්රමාදදෝෂයෙන්වූ දෝෂස්ථාන ඇතොත් සමීක්ෂකාරී සූරීහු අපට දන්වා එවත්වයි.
රන්දෙණියේ මහා විහාරාධිපති ස්ථවිරපරවේණ්යාධිපති ජීනවංශසාසනසොධන පරම කවිධජ පාමොක්ඛවිනයාචරිය රාජගුරු වැලිතර ශ්රී සුදර්ශනාභිධාන මහානායක ස්වාමිපාදයන් වහන්සේ අවසානයෙහිදීය පත්රබැලීමෙන් හා ශුද්ධපත්රය සකස්කර දීමෙන් උපස්තම්භකවූ බවද
රන්දෙණියේ ශ්රී පුෂ්පාරාමාධිපතිවූද මහාබෝධිපරිවෙණහි උපප්රධානාචාර්ය්යවූද ගොරොක්ගොඩ ආරණ්යවාසී උදම්මිට ශ්රී ධම්මරක්ඛිත තිස්ස මහාස්ථවිරයන් වහන්සේගෙන්ද ස්වස්ථානයෙහි විසිනෝදාර ලත් බවද කෘතඥතානුස්මරණමුඛයෙන් මෙහි සඳහන් කරම්හ.
මෙකල බොහෝ භික්ෂූන් භික්ෂුණීප්රාතිමොක්ෂය උද්ග්රහණ ධාරණාදියෙහි ව්යාපෘත නොවීම ඛෙදයකී, විනයෙහි ව්යක්තවීම විනයධරවීම සඳහා භික්ෂුණීප්රාතිමොක්ෂය අවශ්යයෙන් උගතයුතුයි භික්ෂුප්රාතිමොක්ෂයද උගණිමින් සමාදරයෙන් පරිශීලනය කරන්නෝද පාඩම්ඇත්තෝද විරලවෙති.
සංස්කෘත කාව්ය නාටකාදියට මීට වඩා ප්රිය කෙරෙති, හෙද ශාසනහානියට කරුණෙකි, එබැවින් විනයානුධර්මප්රතිපත්තියෙහි ප්රාතිමොක්ෂයද අනතුරුව කුදුසිකද උභතොවිභඞග ඛන්ධක පරිවාරයන් අටුවා සහිතවද විනයධර ගුරු වරයන්ගෙන් සමාදරයෙන් උගෙන ප්රාතිමොක්ෂ සංවර ශීලයද ඉන්ද්රියසංවර, ආජීවපාරිශුද්ධි, ප්රත්යයසන්නිශ්රීත ශීලයන්ද පුරා සියලු දුක් දුරුකරණ නිවන්පසක් කිරීමෙහි අප්රමාද වෙත්වා.
මීට ශාසනාභිරුචිකාමී වැලිතර ශ්රී ධම්මකුසල ස්ථවිර උදම්මිට ධම්මාලංකාර තිස්ස ස්ථවිර ශ්රී බුද්ධ වර්ෂ 2471 නිකිණිමස පුරපසළොස්වක්දිනදීය
ශාසනාභිරුචිකාමී වැලිතර ශ්රී ධම්මකුසල ස්ථවිර
උදම්මිට ධම්මාලංකාර තිස්ස ස්ථවිර
ශ්රී බුද්ධ වර්ෂ 2471
නිකිණිමස පුරපසළොස්වක්දිනදීය