උභයමාතිකාපාලිය - විමලසාර හිමි 1914.pdf
- ප්රකාශිත වර්ෂය :
- 1914
- මුද්රිත වර්ෂය :
- 1914
- පිටු ගණන :
- 239
- බාගත කිරීම් ගණන :
- 0
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-23
- ගොනුවේ ප්රමාණය :
- 46 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
උභයමාතිකාපාලිය (නොහොත් භික්ෂු-භික්ෂුණී ප්රාතිමොක්ෂය) යනු විනය පිටකයේ භික්ඛු පාතිමොක්ඛය හා භික්ඛුනී පාතිමොක්ඛය යන උභය ප්රාතිමොක්ෂයෙහි පාලි පාඨය සහ ඊට අදාළ විස්තරාර්ථ සන්නය ඇතුළත් අගනා විනය ග්රන්ථයකි.
මෙම කෘතිය ලක්මිණිපහන කර්තෘ පණ්ඩිත ඇම්. ධර්මරත්න විද්වතාණන්ගේ ආචාර්යත්වයෙන් හා සංශෝධනයෙන් යුතුව, උණවටුනේ මිරහවත්තේ පුෂ්පාරාමාධිපති යූ. ඇම්. විමලසාර ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද්දකි. ලංකාණ්ඩුවේ මහලේකම් කාර්යාලයේ පරිවර්තක ධුරය දැරූ ඩී. ඩී. වීරසිංහ මුහන්දිරම් මහතාගේ අනුග්රහයෙන් ශ්රී බුද්ධ වර්ෂ 2457 (ක්රි.ව. 1914) දී කොළඹ ලක්මිණිපහන මුද්රණාලයේදී මෙය මුද්රණය කරවා ඇත.
මෙහි භික්ෂු ප්රාතිමොක්ෂය හා භික්ෂුණී ප්රාතිමොක්ෂය පිළිබඳ පාලි මාතෘකාවන්ට අමතරව, ශික්ෂාපදයන්හි පදගත අර්ථය, භාවාර්ථය, ආපත්ති-අනාපත්ති විභාග සහ කංඛාවිතරණී අටුවා මතයන් විස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.
PREFACE.
To the Buddhists in particular and to the increasingly large body of sympathisers and admirers of Buddhism in general, it is no doubt a matter for regret and pain of mind to see that the Buddhist Priests of the present day, generally speeking neglect to observe the rules of the Vinaya Pitaka, which have been laid down by the Buddha for their guidance, and that they even go so far as to imitate the ways and habits of the ministers of other religions.
It is on account of the simplicity, purity and nobility of life attainable by the Bhikkhu by due observance of the Vinaya that the Buddhists adore the Sangha and hold them in reverence. lf the Bhikkhu, who most solemnly pledges to observe the Sikkha when he is admitted to the Holy Order neglects the study and obser-vance of them, the harm he thereby dces to the cause and interests of Buddhisui is incalculable. In the first place, such conduct tends to lower the prestige of the Sangha and to impair their beneficient influence, secondly the lay brethren seeing the bad example of such Bhikkhus are discouraged in their efforts to live up to the teachings of the Buddha, and lastly, such Bhikkhus bring discredit on themselves and fail to realise the object for the attainment of which they entered the Priesthood.
One of the underlying causes of the deplorable neglect of the study and observance of the Vinaya is, in my humble opinion, the fact that at present too large a portion of their time and energy is devoted by the Bhikkhus to the study of Sanskrit, Elu, etc: which are neither conducive to, nor necessary for, the welfare of the Bhikkhus who, it must be remembered, renounce the household life solely for the moral and spiritual welfare of themselves and of others. It need hardly be said that such a study begets in one a desire for worldly distinctions and in the end entangles him in the meshes of worldliness. A proper study of the Pali language, the Abhidhamma and the Vinaya, which are infinitely more inportant than any other literature, would, on the other hand, enable the Bhikkhu to lead a holy and pure life to the great advantage of himself and of others; and thus fulfil the object of his life and the intention of the Buddha.
As a sincere Buddhist, who has at heart the welfare of the Sangha, on whom depends the cause of our religion, I was thinking of the publication of, for sale at a nominal price,-a book of the Vinaya Pitaka with an easy paraphrase on it with a view to creating, in a very humble way, a healthy public opinion on the subject both among the Sangha and the laity. Pandit M. Dharmaratna a great authority in Ceylon on Buddhism approved of my idea; and, at his request, the learned U. M. Wimalasara Thero who has been studying the Vinaya and Abhidhamma under him for many years kindly undertook to write a paraphrase to the Ubhaya Patimokkha which I now have the pleasure of placing in the hands of the reader.
The Ubhaya Patimokkha is the key to the Vinaya Pitaka. The Buddha himself has strictly enjoined every Bhikkhu to study it carefully, to observe its rules faithfully and to recite it at the Uposatha Seema on every new and full moon Poya days, and on certain other occasions. In the circumstances, it is scarcely necessary to say that the book is one which is indispensable to the Bhikkhu, and useful to the layman.
In conclusion, I beg to tender my grateful thanks to the learned Thero for the great labour he has bestowed on this book to make it as intelligible and attractive as possible and to Pandit M. Dharmaratna who, amidst his many activities, devoted a portion of his invaluable time to the careful revision of the book.
D. D. Weerasinghe
Mohandiram.
Mount Lavinia, 15th March 1914.
සංඥාපනය.
ශ්රීඝන සුගත තථාගත අර්හත් සම්යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන්වහන්සේ රජගහනුවර වෙළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි “අනුජානාමි භික්ඛවෙ පාතිමොක්ඛං උද්දිසිතුං” යනුවෙන් පාමොක් උදෙසීම අනුදැන වදාරණලද්දේයි. එතැන් පටන් ශාස්තෘන්වහන්සේ දක්වා භික්ෂූ භික්ෂුණීන් විසින් භික්ෂුප්රාතිමොක්ෂය හා භික්ෂුණී ප්රාතිමොක්ෂයද වෙන් වෙන් වශයෙන් පක්ෂයකට වරක් සීමාවකට රැස්ව චතුර්වීංශතිපක්ෂයෙහි පාමොක් උදෙසියයුතුවේ යථොක්ත උභය ප්රාතිමොක්ෂය නොහොත් භික්ෂු භික්ෂුණී ප්රාතිමොක්ෂය “උභයානි ඛොපනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති” යනාදීන් විනය පාලියෙහි ආවාවූ උභය ප්රාතිමොක්ෂය සියළු කුසල ධර්මයන්ගේ ආදිය මූලය හෙවත් වාරය ප්රමුඛය යන අර්ත්ථයෙන් ප්රාතිමොක්ෂ නම්වෙයි.
භික්ෂු භික්ෂුණීන් විසින් අනවරතයෙන් රක්ෂාකටයුතුවූ සතර සතර සංවරශීලයන් අතුරෙන් ප්රාතිමොක්ෂ සංවර ශීලය ශීර්ෂයටබඳු උපමා ඇත්තේයි. යම් මනුෂ්යයෙකුගේ ශීර්ෂය සිඳුණු කල්හි ඔහුගේ දිවි නැසෙන්නාක්මෙන් භික්ෂූ භික්ෂු භික්ෂුණීන්ගේ ප්රාතිමොක්ෂ සංවර ශීලය විනාශවූ කල්හි හෙවත් පාරාජිකාපත්තියට පැමිණීමෙන් ශික්ෂාසංඛ්යාත ශ්රමණ ජීවිතෙන්ද්රිය විනාශවීම් කරණකොටගෙන ඔහු මේ සද්ධර්ම ශාසන සංඛ්යාත ලෝකයෙන් ච්යුතවෙයි. ආයති සංවරයෙහි නොපිහිටා කලුරියකෙළේනම් අපායගාමී නියතවන්නේයයි දතයුතුවේ.
ඒ ශීල ප්රාතිමොක්ෂය ප්රකාශකවූ ග්රන්ථය ග්රන්ථප්රාතිමොක්ෂ නම්වේ. ඒ ග්රන්ථ ප්රාතිමොක්ෂයද භික්ෂු ප්රාතිමොක්ෂය භික්ෂුණී ප්රාතිමොක්ෂයයි දෙවැදෑරුම්වේ. ඔවුන් අතුරෙන් උද්දෙසපරිච්ඡේද පසකින් ව්යවස්ථාකරණලද ප්රාතිමොක්ෂය භික්ෂුප්රාතිමොක්ෂය නම්වේ. උද්දෙස පරිච්ඡේද සතරකින් ව්යවස්ථාකරණලද ප්රාතිමොක්ෂය භික්ෂුණී ප්රාතිමොක්ෂය නම්වේ.
මෙහි ප්රාතිමොක්ෂය ව්යත්යාස චාරිත්ර වශයෙන් එක් වර්ෂයක් තුළ සූවිසි උපොසථ කෙනෙක්නැවින් සූවිසිවරක් උදෙසියයුතු වේ. කොසඹෑකන්ධකයෙහි ආවාවූ ක්රමයෙන් අනුපොසථයෙහිද භෙදවූ භික්ෂූන්ගේ සාමාග්රිය පිණිස චාතුද්දසී පණ්ණරසී නුවූ කොයි දවසක වුවත් සාමග්ගි උපොසථ වශයෙන් පාමොක් උදෙසියයුතු බව පෙනේ.
මේ ශාසනයෙහි සියළු භික්ෂූන් විසින් උපසපන්වූ තැන් පටන් පස්වසක් විනයධර මහතෙර කෙනෙකු වෙත පැමිණ නිස්සයොදානව නිස්සයොධන සම්පූර්ණ කරගැන්ම විනය පාලියෙහි නියම ගරුතර විධායක ප්රඥප්තියක් බව දතයුතු. ඔවුනතුරෙන් පළමුවෙනි අංගය “නිස්සයමුච්චනකෙන භික්ඛුනා අන්තමසො ද්වෙ මාතිකා පගුණා වාචුග්ගතා කාතබ්බා” යන්නෙන් උපසපන්වූ භික්ෂු භික්ෂුණීන් විසින් ප්රථමකොට මේ උභය මාතිකා පාලිය ප්රගුණ වාචොද්ගත කටයුතු බවයයි පෙනේ කුමක්හෙයින්ද? ශික්ෂාසංවරනම්වූ උපසපන් ශීලය උභය මාතිකායෙහි අන්තර්ගතහෙයිනි.
එබැවින් උපසපන්වූ භික්ෂු භික්ෂුණීන් විසින් සියලු ඉගෙනීම්වලට පළමුව උභය මාතිකා පාලිය වාචොද්ගතකොට කංඛාවිතරණී නම් මාතිකා අර්ත්ථකථාවට අනුව පදාර්ත්ථ භාවාර්ත්ථ සමඟ මනාසේ ඉගෙනගතයුතු වන්නේය.
ඊට අනතුරුව සූත්රාන්තයෙන් සතරබණවරක් හා කර්මවාක්ය විනිශ්චයද එක්තරා කර්මස්ථානයක්ද මංගලජාතක මංගල්යාදියෙහි අනුමෝදනා කටයුතු සූත්රාන්ත කීපයක්ද ඉගෙන පස්වසක් පිරුණු තැන ආපත්ති අනාපත්ති කැප අකැප විභාගාදිය දැන ආචාර්ය්යයන්ගෙන් වෙන්ව යනු කැමැත්තේනම් එසේ යායුතුවේයි. එම සතර බණවර මේ කාලයෙහි පිරිත් පොතයයි ව්යවහාර කරණු මිස නිස්සයදීමෙහි අඩංගුවක් බවවත් නොදැන සංස්කෘත කාව්යාලංකාර ඉගෙන ලොකාමිෂය සපයති.
එසේ නිස නොහිඳ ආචාර්ය්ය උපාධ්යායයන්ගෙන් වෙන්ව සෛවරී භාවයෙන් ක්රියාකිරීමට පටන්ගන්නේ වීනම් උත්තානසෙය්යක ලදරුවෙක් ස්වකීය මව්පියන් කෙරෙන් විරහිතවීමෙන් ඔහුගේ දිවි නැසෙන්නාක්මෙන් ආපත්ති අනාපත්ති විභාගය නොදැනීමෙන් උපසපන් ශීල නම්වූ ශිෂ්ය ජීවිතය තමා නොදැනුවත්ම නෂ්ටවන බැව් දතයුතුයි.
එබැවින් දිවි ඇතිතාක් (ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් සමන්වාගතයෝ වෙත්. අණුමාත්ර වරදෙහි භය දැකීම් ඇතිව සමාදන්වීමෙන් ශික්ෂාපදයන්හි හික්මෙත්ය. ඉන්ද්රියයන්හි ගොපනය කරණලද ද්වාර ඇතිවෙත් යනාදී වූ අක්ඛාවිත සූත්රය මනාව සිහිකොට විශේෂයෙන්) ප්රාතිමොක්ෂ සංවරශීලයෙන් යුක්තවිය යුතුයි දවසකට එක ශික්ෂාපදයක් බැගින් වාචොද්ගතකරණ භික්ෂුවකට එක් අවුරුදු සමසකදී මේ ප්රාතිමොක්ෂ වෘක්ෂය වාචොද්ගත කළහැකි වන්නේය. එසේදුවත් එය ඉවතදමා දිවාරා දෙක්හි බාහිර ශාස්ත්රයන් ප්රගුණ ධාරණයකිරීමට උත්සාහ දැරීම මුත් උභයප්රාතිමොක්ෂය උද්ග්රහණ ධාරණයකරණ භික්ෂූන් වර්තමාන කාලයෙහි ලංකා ශාසනයෙහි සොයාගැණීම දුෂ්කරය.
අභිධර්මයෙහි අභිවිනයෙහි අතිරෙක දශවර්ෂයක් හික්මවා නිස්සයාවාස්යාංගයන් සම්පූර්ණකොට ආරාම ස්වාමික භාවයෙන් වාසය කොට පිරිස පාලනයකොට ශාස්ත්රාභ්යාසය මනාව බැබලවීමට බාල පරම්පරාවට අවවාදානුශාසනා කොට පිරිහීන ශාසනය යථාස්ථානයෙහි පිහිටුවීම පිණිස උත්සාහ වඩනාලෙස ඒ ඒ නිකායවල මහානායක අනුනායකාදී මහා ස්ථවිරයන්වහන්සේ වෙත ශාසනාලයෙන් මහනෙරමිහ.
භික්ෂුණී ශාසනය අවිද්යමානවූ මේ කාලයෙහි භික්ෂුණී ප්රාතිමොක්ෂය කුමටදැයි සමහරුන්ට විමති ඇතිවෙයි. එසේදුවත් භික්ෂු ප්රාතිමොක්ෂයෙහි ආවාවූ ශික්ෂාපදයන් අතුරෙන් ශික්ෂාපද බොහෝ ගණනක් භික්ෂුණීන්ටද භික්ෂුණී ප්රාතිමොක්ෂයෙහි ආවාවූ ශික්ෂාපද බොහෝ ගණනක් භික්ෂූන්ටද සාධාරණ බව කංඛාවිතරණී අටුවායෙහි ආ බැවින් මේ උභය ප්රාතිමොක්ෂයම භික්ෂූන් විසින් ප්රගුණ වාචොද්ගත කළයුතුයි.
අපරව පැවති පුරාණ සන්නයයි කියා මුද්රණයකර තිබෙන සන්නය හා අපගේ මේ අභිනව සන්නයත් සමකර බලන සුධීන්ට මේ පොත් දෙකේ විශේෂය හා ප්රයෝජනයද වැටහේ.
මෙහි නම් සඳහන්වන මා විසින් බුරුම රට මණ්ඩලේ නුවර දශරාජ ධර්මයෙන් රාජ්යානුශාසනා කළාවූ පස්වැනිවර ධර්මසභානායක කරවා සකල පර්ය්යාප්ති බුද්ධවචනය ශිලාලෙඛනාරූඪකරවා රුපියල් පස්කෝටියක් වියදම් කොට “ලෝකමාරජි” නම්වූ මහා ධර්මචෙත්යය හා රුපියල් පස්කෝටියක් වියදම් කොට ස්වර්ණකර්මයෙන් නිමියාවූ “අතුලමහාවිහාර” නම්වූ ධර්මසභානායක විහාරයද කොට නිමවා ත්රිපිටකධාරි මහතෙරුන් සැටපස්නමක් ගුරු තන්හි තබා සුධර්මා නම් මහා සංඝ සභාවකින් ශාසනාභිවෘද්ධි වර්ධනයකළාවූ “සිරිපවර යසපණ්ඩිත ත්රිභුවනාධිනාථාධිපති” යන රාජ ලක්ෂණධාරිවූ මහරජතුමාණන්ගේ අනුග්රහය ලද්දාවූ දශවර්ෂයක් මුළුල්ලෙහි ඒ සුධර්ම සභායාන්තරීභූතවූ ත්රිපිටකධාරි මහතෙරුන්ගේ අධ්යයනාධ්යාපනා ක්රමය මනාසේ ඉගෙන ශික්ෂිතවූ “බුද්ධසාසන මහාධුර සෙනාපති” රාජදත්ත නාමොපලක්ෂිත ඇම්. ධර්මරත්න ලක්මිණිපහන්කර්තෘභූත පණ්ඩිතාභිධාන අෂ්ටවිංශති ප්රමාණ කාලයක් ඇසුරු කොට උභය ප්රාතිමොක්ෂය කංඛාවිතරණිය කුදුසිඛ මුලුසිඛ යන විනය පොත් අවසානය දක්වා අර්ත්ථ කියවාගැණීමෙන් හා අභිධර්මාර්ත්ථ සංග්රහ විභාවිනී ටීකාව අභිධර්ම සූත්රාන්ත මාතෘකාවය ධාතුකථා ප්රකරණය යමක ප්රකරණයෙන් අටුවාව සහිත මුල යමකය යනාදී ධර්මවිනය පොත් සියලු ගුරුමුෂ්ටි සමඟ ඉගෙන පිරිහී යන පර්ය්යාප්ති ප්රතිපත්ති ශාසනය පිණිස විරාජිතිය පතා ලාභාපෙක්ෂාවෙන් තොරව පළමුකොට අභිධර්ම මාතෘකාවට හා සූත්රාන්ත මාතෘකාවටද පදාර්ත්ථ භාවාර්ත්ථ සමඟ විස්තර සන්නයක් ලියා මුද්රණය කරවා එයින් පොත් තුන්සියයක් නොමිලේ පින් පිණිස ප්රදානය කොට ඉතුරු කොටස ඊට වියදම්කළ භවතුන්ගේ වියදම ලබාගැණීමට නියම කළමුදල ගෙවනාතෙක් මෙකල භික්ෂූන්ට අවශ්යයෙන් දැනගතයුතු ශික්ෂාපද පසළොසක් ඇතුළත් කොට “විනය මූර්තිය” නමැති කුඩා ප්රකරණය ලියාමුද්රණය කරවා එයින් පොත් පන්සියයක් පින්සලස්වා පරිත්යාගකොට ඉතුරු කොටස වියදම ලබාගැණීමට අයිතිකාරයාට භාරකෙළෙමු. මේ උභයප්රාතිමොක්ෂ සන්නයද ලංකාණ්ඩුවේ මහ ලේකම්තුමාගේ කන්තෝරුවේ උපභාෂාපරිවර්තක බ්රොකර් ඩී. ඩී. වීරසිංහ මුහන්දිරම් මහතාණන් විසින් සමාරාධිතවූ අප විසින් පර්ය්යාප්ති ප්රතිපත්ති ශාසනානුග්රහය පරමාර්ත්ථකොටගෙන මෙකල ලක්දිවින් අභාවප්රාප්තවන්නට ලංව පවත්නා ප්රතිපත්ති ධර්මය රක්ෂාකරන්නාවූ සංසාරභීරුක සකල ශ්රද්ධાસම්පන්න සෛංහලෙය්ය කුලපුත්රයන්ගේ පහසුව හා ප්රයෝජනයද ශාසනාභිවෘද්ධියද සලකා ඉතා ව්යායාමයෙන් ලියනලදී ආධුනික කුලපුත්රයන්ගේ පහසුව සඳහා කංඛාවිතරණී අටුවායෙහි ආ පරිද්දෙන් අභිහිත පුද්ගල වස්තු සමුට්ඨානාදිය ඒ ඒ ශික්ෂාපදයන්ගේ අවසානයෙහි යොදනලදී. එමෙන්ම යථොක්ත පණ්ඩිතතුමාගේ උපදේශානුශාසනයෙන් ලියනලද කුදුසිඛ මුලුසිඛ යන අටුවා සංග්රහ ප්රකරණ දෙකවූ පදාර්ත්ථ භාවාර්ත්ථයන්ගෙන් යුත් සන්න දෙකද මීට අනතුරුව මුද්රණයකරවන්නට යෙදෙනබව දන්වමු මෙලෙස මුද්රණය කරවීමෙහිදී අප ඇදුරු පණ්ඩිතයන් ලවා ශුද්ධිපත්රාවලොකනය කරවා මුද්රණයකරවන්නට යෙදුනේයි.
සැදැහැයෙන් සසුන්වන් කුලදරුවන් විසින් විනය කාලයෙහි අඥාත ගුණවර්ණනා මුඛයෙන් පද බඳිනාලද පාලි සංස්කෘත සිංහල ගාථාෂ්ටක ඉවත්කර ශාසනාලයෙන් පැවිද්ද ලබත්නම් උභය මාතිකාව හා කුදුසිඛ මුලුසිඛ යන ප්රකරණ සතර වාචොද්ගතකොට උපසම්පදා මාලකයෙහිදී පාඩම්දී එතැන් පටන් විනයධර ශික්ෂාකාමී උපාධ්යායයෙකු කරා එළඹ මෙම ග්රන්ථ චතුෂ්කයෙහි අර්ථ අස්වා ආපත්ති අනාපත්ති විභාගය උද්ග්රහණ ධාරණයකොට තමතමන්ගේ ප්රව්රජ්යා ධර්මය සඵල කරගණ නිවන්පසක් කරගැණීමට උත්සාහ වඩනමෙන් මෙයින් පෙරටුව ශාසනාලයෙන් මිනත්කරමිහ.
මේ පොතෙන් අප විසින් පාලිය මුලටත් සන්නය අනතුරත් යොදන්නට යෙදුනේ උපොසථ දවස්හි සීමාමාලකයට ගෙණ ගොස් පාමොක් උදෙසීමට හා පාඩම්කිරීමටත් පහසුවීම පිණිස බැව් සැලකිය යුතුයි.
“පමමුට්ඨස්මිං සුසුත්තන්තෙ - අභිධම්මෙව තාදිනෙ විනයෙ අවිනට්ඨම්හි - පුන තිට්ඨති සාසනං”
තවද උණවේ මිරහවත්තේ පුෂ්පාරාමාධිපතිව වැඩසිට කාලක්රියාකළාවු සුධීර ශීලාදී විවිධ ගුණොපෙතවූ ලියන්ගොල්ලේ ධම්මරක්ඛිත මහාස්ථවිර ස්වාමිපාදයන් වහන්සේද වියලුවේ බුදුගල්කන්දේ විහාරාධිපති ගුණාභරණ මහා ස්ථවිරපාදයන් වහන්සේද යන අප ආචාර්යයන් වහන්සේලා දෙනම හා කොටවෙර සුභද්රාරාමයෙහි ආනන්දප්රස්ථාකාලායාධිපති “සිරිපවර ධම්මකිත්ති” යන සාසනනාමොපෙත අප සොහොයුරු සීලරතන මහා ස්ථවිරයන් වහන්සේද ශාසනාලයෙන් බාලවයසෙහි පටන් අපට කරවදාල අනුග්රහයට ප්රත්යෙපකාර සැලකීම් වශයෙන් ශාසනානුග්රහවු මේ උත්තම ග්රන්ථයට ඇථි වර්ණනාව ලිවීමෙන් ජනිතවූ පුණ්ය රාසිය යථොක්ත මහා ස්ථවිර තුන්පොලට අනුමෝදන් කරවීමෙන් මාගේ ගෞරවය පුදකරමිහ.
මේ උතුම් ශාසනානුග්රහය සිද්ධකරවීමට සර්වප්රකාරයෙන් මෙහෙයි දුන් සත්ගුණවත් බෞද්ධෝපාසකවූ ඩී. ඩී. වීරසිංහාභිධාන ලංකාණ්ඩුවේ මහලේකම්තුමාගේ කන්තෝරුවේ මුහන්දිරම් මහතාණන්ට හා ස්වකීය නෝනා මහත්මීටද මෙයින් ජනිත කාමාවචර මහා කුසල චිත්ත පරම්පරාව දෙව්මිනිස් සැප හා නිවන්සැප අත්පත්කරගැණීමට උපනිශ්රය වේවායි ආශිංසනය කරමිහ.
මීට - උණවේ මිරහවත්තේ පුෂ්පාරාමාධිපති යූ. ඇම්. විමලසාර ස්ථවිරයෙමි.
ශ්රී බුද්ධවර්ෂ 2457 / ක්රිස්තුවර්ෂ 1914 {වැල්ලවත්තේ බෝධිරුක්ඛාරාමයේදීය.}