අභිධර්මාර්ථ සංග්රහය පිළිබඳ පරමාර්ථචන්ද්රිකා භාවාර්ථ ව්යාඛ්යාව - වැලිගම සද්ධානන්ද හිමි 1929.pdf
- කතෘ :
- වැලිගම සද්ධානන්ද හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1929
- මුද්රිත වර්ෂය :
- 1929
- පිටු ගණන :
- 269
- බාගත කිරීම් ගණන :
- 2
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-21
- ගොනුවේ ප්රමාණය :
- 54 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අභිධර්මාර්ථ සංග්රහය පිළිබඳ පරමාර්ථචන්ද්රිකා භාවාර්ථ ව්යාඛ්යාව යනු අනුරුද්ධ මාහිමියන්ගේ අභිධර්මාර්ථ සංග්රහය සඳහා වැලිගම රාජකුලවඩන රජමහා විහාරවාසීව වැඩවිසූ වැලිගම සද්ධානන්ද ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත විස්තරාත්මක භාවාර්ථ හා පදාර්ථ විවරණයකි.
අභිධර්මාර්ථ සංග්රහය සඳහා අතීතයේ රචිත සාරිපුත්ර මාහිමියන්ගේ පැරණි සිංහල සන්නය, සුමංගල හිමියන්ගේ අභිධම්මත්ථ විභාවිනී ටීකාව සහ ඡපට හිමියන්ගේ සංඛෙපවණ්ණනාව ආදී ග්රන්ථ ඇසුරු කරමින්, සාමාන්ය ගිහි පැවිදි කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි කහඳමෝදර සුමංගල හිමියන්ගේ ද ආධාරය ඇතිව මෙම කෘතිය රචනා කර තිබේ.
මොරටුවේ ශ්රී මේධානන්ද අධිකරණ නායක හිමියන්ට සහ කතුවරයාණන්ගේ ගුරු වූ වැලිගම ශ්රී සංඝානන්ද නාහිමියන්ට පින් පමුණුවමින් සකස් කරන ලද මෙම ග්රන්ථය, 1929 දී (බු.ව. 2473) පී. සමරතුංග මහතා විසින් වැලිගම ස්වස්තික මුද්රණාලය සහ පානදුරේ සොමිරස මුද්රණාලය මඟින් මුද්රණය කරවා ඇත.
කර්තෘනාම සංගීතිය.
1. පණමාමි සුරං සුරෙස සෙසා— —නඝ කොටිර් මණිප්පභා ජලන්තං ලසතො සත පුඤ්ඤ ලක්ඛණෙහි මුනිනො පාද සරෙරුහං සිරෙන.
2. සහිතත්ථ පයොධි පාරගතෙ විහිතො’භිධම්මමත්ථිකෙසු අනුරුද්ධ මහා යතිස්සරෙන පරමත්ථ මඤ්ජු සඞ්ගහො යො.
3. අතිගම්භිරතාය නාව තත්ථ සුගමස්සාවග මත්ථ මත්ථ වෙදි චතුරං පරිවාර ගන්ථ ජාතෙ පරමස්සබුද්ධි පාරගූ යතිස්සා.
4. ඉධ රාජකුලාදි වංසනම්හි පතිතෙ රාජ මහා විහාර සෙට්ඨෙ යතිනා ජනිතෙන වැලිගාමෙ සුත සද්ධන්දිය තඤ්ඤ නාම තෙන.
5. අවලම්බිය හෙව වාවනාව මම ආචෙර වරෙන මාදරෙන ජනතාය හිතාය සිහලස්සිං රචිතා මෙ පරමත්ථ චන්ද්රිකා’යං.
6. යතිනෙ’හ සමං සුමංගලෙන “කහඳමෝදර” නාම ගාම ජෙන විසදී අකරීඤ්හි තෙසු තෙසු පරමත්ථෙසු තතො සරම්හි’දානි.
7. ඉධ යෙ ඛලිනා පමාද ජාතා මතිවන්තෙහි පරා විසොධ නීයා පරවංකන සීලිනො උසුය්යා සතතං යෙ විදධන්ති තෙහි කිම්මෙ.
8. ගුරවො සුඛිනා ජයන්තු කාලං ධරණිං භූමිපති සුපාලයන්තු ඉමිනා කුසලෙන’නාගතම්හි අධිගච්ඡෙය්ය මහං නිරොධ මග්ගං.
සංඥාපනය.
පරම විචිත්රනය සම්භාවිතවූ ස්වසමය සමයාන්තර ගහන ශ්රේණි බැසගැන්මට සමර්ථවූ සාතිශය නිර්මල විපුල ප්රඥාපාටව ජනකවූ අභිධර්මාර්ථ සංග්රහ ප්රකරණය වනාහි සප්ත ප්රකරණොක්ත අභිධර්මාර්ථයන් පිඬුකොට දක්වන මහැඟි ග්රන්ථයෙකි.
තත්ථ වුත්තාභි ධම්මත්ථා චතුධා පරමත්ථතො චිත්තං චෙතසිකං රූපං නිබ්බානමිති සබ්බථා.
යනු වූ හෙයින් චිත්ත චෛතසික රූප නිර්වාණ යන සතර පදාර්ථය යථොක්ත ග්රන්ථයෙහි විස්තර කෙරෙයි.
අර්ථ කථාවාචී අනුබුද්ධ බුද්ධඝොෂ මාහිමිතුමන්ට සම කාලීනවූ සොළීරට උරග පුරාධිවාසීවූ ආචාර්ය බුද්ධදත්ත මහා ස්වාමින් විසින් ආභිධර්මික ආරම්භකයානුග්රහය සඳහා පළමු කොට අභිධම්මාවතාර නම් ප්රකරණය නිපදවන ලදින් අභිධර්මය හදාරණ ශිෂ්යයනට නිර්මල ප්රඥා පාටවය දනවමින් පැවැත්තේය. ඊට පසු කාලයෙහි ලක්දිව මහා විහාර වංශික ආචාර්ය අනු රුද්ධ මහා ස්වාමිපාදයන් විසින් අභිධර්මාර්ථ සංග්රහ නම් මේ ප්රකරණය සාතිශය සුබොධබොධ ක්රමයෙන් අතිසංක්ෂිප්ත කොට සංග්රහ කරණලදී. මේ ආචාර්ය පාදයන් විසින් නිපදවනලද නාම රූප පරිච්ඡේද, පරමාර්ථ විනිශ්චය යන සෙසු අභිධර්ම ප්රකරණ ඇතද, මේ අභිධර්මාර්ථ සංග්රහ ප්රකරණයම වැඩියක් ශ්රවණොද්ග්රහණ ධාරණයෙහි භාවිතයට පැමිණියේය. එහෙයින් සෙසු ප්රකරණයන්ට නොපැමිණි තරම් නානා ව්යාඛ්යානද මේ ග්රන්ථය සම්බන්ධව කලින් කල නිපදවන ලදහ.
මීට අවුරුදු අටසියයකින් පමණ පෙර සංග්රහ කරණ ලද්දැයි අනුමාන වශයෙන් සැලකිය යුතු වර්ෂප්රමාණය ඇති මේ අභිධර්මාර්ථ සංග්රහය පිළිබඳව පොළොන්නරු පුරප්රවරධීශ්වරවූ මහලු පරාක්රමබාහු මහාරාජොත්තමයාණන් කාලයෙහි දිඹුලා ගල මහාකාශ්යප සංඝරාජ මාහිමියන් විසින් නිපදවනලද පොරාණ ටීකාවද, සාරත්ථ දීපනී විනය ටීකා, පරමාර්ථ මඤ්ජුෂා අභිධර්ම ටීකා, පඤ්චිකාලංකාර වාක්ය පඤ්චිකා ටීකා, යනාදී ප්රශස්ත මහා ග්රන්ථ කර්තෘභූත එකලග්රාමික මහා ප්රාඥ ශ්රී ශාරි පුත්ර සංඝරාජ මාහිමි තුමන් විසින් පොරාණ ටීකාවද ඇසුරු කොට ලියනලද සිංහල විස්තරාර්ථ ව්යාඛ්යාණයද, නවවිකෘත භදන්තාචාර්ය සුමංගල මහා ස්වාමීන් විසින් සිංහල ව්යාඛ්යානය ඇසුරුකොට ගෙන ලියනලද විභාවිනී ටීකාවද, ලක්දිව ආචාර්ය පරම්පරාවෙන්ම ධර්ම ශාස්ත්රොද්ග්රහණය කොට මුළු විශ්වයෙහි අද්විතීය ප්රඥාවට වැඞියාවූ ඡපටාභිධාන සද්ධර්ම ජොතිපාල මහ තෙරුන් විසින් ලියනලද සංක්ෂෙප වණ්ණනා නම් ටීකාවද යන මේ ව්යාඛ්යාණ හැර සියම් බුරුමාදි රටවල වත්මන්හිදු නිපදවනලද සෙසුත් ව්යාඛ්යාණ පදයොජනාදිහු බොහෝවෙත්. මින් පොරාණ ටීකාවහැර සෙසු සියලු ටීකා පදයෝජනාදියට වඩා ශාරිපුත්ර ව්යාඛ්යාණය පැරණිවා පමණ කුත් නොවැ ප්රශංසාවිද වෙයි.
භදන්තානුරුද්ධ ආචාර්යපාදයන් විසින් නිපදවනලද අභිධර්මාර්ථ සංග්රහ නම්ලද මේ ප්රකරණය සෛංහලීය ආචාර්යවරයන් විසින් පමණක් නොවැ ස්යාම බර්මාදි ආචාර්යයන් විසිනුදු අභිධර්මය හදාරණු කැමැති ශිෂ්යානුශිෂ්යයනට ප්රාරම්භනයෙහි මැ බොහෝ කලකපටන් උද්ග්රහණ පරිප්රශ්නාදි වශයෙන් ආදරයෙන් පාවිච්චි කරණුලැබේ.
අභිධර්මය වනාහි ගිහිපැවිදි සියලු බෞද්ධයන් විසින් උගත මනාය. අභිධර්මය නොහැදෑරූ කිසිවෙකුට විදර්ශනා භාවනා සමාධි නොවේ.
ජ්ඣායි සුද්ධිකමග්ගෙනෙවං භාවෙ තබ්බා චතුබ්බිධා ඤාණදස්සන විසුද්ධි නාම මග්ගො පවුච්චති.
යි වදාළ හෙයින් සෝවන් සෙදගාමි, අනගාමි, රහත් යන සිව්මග ඥාන දර්ශනවිසුද්ධිනම. හේ ශීලාදී ෂඩ් විශුද්ධීන්ගේ වශයෙනි මැ මුත් අනෙක් වැඩිය යුතු මඟෙක් නැත්. විශුද්ධි ඥානාපෙක්ෂකයන් විසින් අභිධර්මය හැදෑරීමෙන්ම මුත් අනෙක් ධර්මොපායනයකින් හේ නොලද හැක.
ලාභ කීර්ති ප්රශංසාදිය නොව නිර්වාණය ගරුකරණ සියලු බෞද්ධයනට වුවමනා ධර්මය අභිධර්මයයි. යම් ධර්ම ධරයෙක් අභිධර්මය නොහැදෑරේනම් ඔහු කර්මාන්තරයෙන් කර්මාන්තරය විපාකාන්තරයෙන් විපාකාන්තරය අවුල්කරගනී. අලියා පඟුලේ පැටලුනාක්වැනිය.
මේසා උතුම් ධර්මය දැනම වැඩිය යුතු බණ පුටුව අරාහි නිසොල්ලාස ගම්මැදි බාටා යනාදිය පමණක් දැන සිටියවුන්ට සිංහල බෞද්ධයා පුදකරන්ට පටන්ගත්දා සිටම ධර්ම ගෞරවය පිරිහෙන්ට විය. අහෝ ඛේදයෙක,
ස්කන්ධ ධාත්වායතනාදීන්ගේ තත්වය නොදත් පෘථග්ජනයා අන්ධයෙකැ. පංචස්කන්ධයන්ගේ තතු පෙනෙන අටලොස් ධාතූන්ගේ තතු පෙනෙන ද්වාදශායතනයන්ගේ තතු පෙනෙන ශ්රේෂ්ඨ කණ්ණාඩිය අභිධර්ම ශාස්ත්රයයි. හේ දැන ගැනීමට රිසියවුන් විසින් පළමු කොට අභිධර්මාර්ථ සංග්රහය උගතමනායි.
එහෙත් ඒ සඳහා නිපදවනලද ටීකා පදයෝජනාදිය ගෘහස්ථ බෞද්ධයනට මෙකල ප්රයෝජන ගත නොහැකිය. සිංහලාර්ථ ව්යාඛ්යානයද එසේමැයි. එබැවින් ශාරිපුත්ර සංඝරාජ මාහිමි යන්ගේ උපදේශාශ්රයෙන් සාමාන්ය බෞද්ධයන්ටද ප්රයෝජන ගතහැකිවන පරිදි භාවාර්ථ විවරණයකින් හා පදාර්ථ වලියකින්ද යුක්තවූ ග්රන්ථයක් මෙකලට අත්යාවශ්යක බැව් වැටහීමෙන් අස්මදීය සන්මිත්ර ගෞරවාර්හ ආභිධර්මික කහඳමෝදර සුමංගල යතිවරයන්ගේ විශේෂාධාරයෙන් මේ පරමාර්ථ චන්ද්රිකා නම්ලද අභිනව ග්රන්ථය සම්පාදනය කෙළෙමු.
මෙහිලා ප්රමාද භ්රම ජනිත යම් යම් දෝෂස්ථාන ඇතත් සුධීහු සමාධිය භජනය කරත්වා.
මීට, ශාසනස්ථිතිකාමී වැලිගම සද්ධානන්ද ස්ථවිර.
2472
1929 ජූලි 20
වැලිගම රාජකුලවඩන මහා විහාරය.
පිංදීමක්.
එතද් ග්රන්ථ නිෂ්පාදනයෙහි ලා අස්මදීය සමත්ථාභ්යාසය ලබාදුන් නොබෝදා ස්වර්ගවාසයට සම්ප්රාප්ත වූ පානදුරේ වැලිපිටියේ අභය කාරුණාරත්න මුදලින්ද්රාරාමාධීශ්වර ගෞරවාර්හ පද ශ්රී ලංකා ශාසනාලංකාර කවිධ්වජ ආභිධර්මිකාචාර්ය්ය මොරටුවේ ශ්රී මේධානන්දාභිධාන අධිකරණ නායක මාහිමියන් වහන්සේටද
ළාබාලවියෙහි සිටි මා ධර්මශාස්ත්රොද්ග්රහණයෙහි ව්යාපෘතකරවූ ස්වකීයාචාර්ය්ය වැලිගම ශ්රී සංඝානන්දාභිධාන මහාස්ථවිරපාදයන් වහන්සේටද
එතද් ධර්මප්රකරණ කරණයෙන් ජනිත සකල පුණ්යාතිශයය කෘතඥභාවයෙන් අනුමෝදන් කරවම්හ.