ස්කන්ධාදීන්ගේ විභාගය හා විමුක්ති සංග්රහව - හෝමාගම සීලරතන හිමි 1925.pdf
- කතෘ :
- හෝමාගම සීලරතන හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1925
- මුද්රිත වර්ෂය :
- 1925
- පිටු ගණන :
- 218
- බාගත කිරීම් ගණන :
- 2
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-21
- ගොනුවේ ප්රමාණය :
- 51 MB
වෙනත් සංස්කරණ
- ස්කන්ධාදීන්ගේ විභාගය - හෝමාගම සීලරතන හිමි
හෝමාගම සීලරතන හිමි · 1925
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ස්කන්ධාදීන්ගේ විභාගය හා නවරහාදී බුදුගුණ විභාගය සහිතවූ විදර්ශනා භාවනා සඞ්ග්රහ සඞ්ඛ්යාත විමුක්ති සඞ්ග්රහව යනු යෝගාවචරයන්ගේ විදර්ශනා භාවනා ප්රගුණ කිරීම පිණිස සම්පාදිත වටිනා බෞද්ධ ග්රන්ථයකි. මෙහි ස්කන්ධාදීන්ගේ විභාගය, නවරහාදී බුදුගුණ විභාගය සහ විමුක්ති සංග්රහය යන ප්රධාන කොටස් තුනක් අන්තර්ගත වේ.
මෙහි එන විමුක්ති සංග්රහය නම් ප්රකරණය වික්රමබාහු රජුගේ කාලයෙහි ලංකාතිලක විහාරාධිපතිව වැඩවිසූ යතිවරයන් වහන්සේ නමකගේ කෘතියක් වන අතර, මෙම මුද්රණය සඳහා මුල් ග්රන්ථය සංශෝධනය කර ඇත්තේ කොළඹ දෙමටගොඩ කෝපියාවත්තේ ශ්රී වික්රමසිංහාරාමාධිපති හෝමාගම සීලරතන ස්ථවිරයන් වහන්සේ විසිනි.
පංචස්කන්ධ, ආයතන, ධාතු, පටිච්චසමුප්පාද ආදී ගැඹුරු අභිධර්ම විභාගයන් මෙන්ම බුදුගුණ විස්තර සහ භජනාදි, ධ්යානාදි වශයෙන් වූ එකොළොස් වැදෑරුම් විමුක්ති සංග්රහ භාවනා ක්රම පාලි ගාථා හා සිංහල සන්න සහිතව මෙහි විස්තර කෙරේ. මෙම කෘතිය 1925 වර්ෂයේදී හෝමාගම විද්යාප්රකාශ යන්ත්රාලයේ මුද්රණය කරවා ඩී. සී. වික්රමසිංහ අප්පුහාමි විසින් ප්රකාශයට පත් කර ඇත.
සංඥාපනය
මෙම ප්රශස්ත මධුරමනොහර ප්රබන්ධවරය වනාහි යොගාවචර භික්ෂූන්ට අත්යන්තොපකාරීවූ ත්රිවිධ ග්රන්ථාන්තරයෙකින් සමුපලක්ෂිතවේ. එනම්, ස්කන්ධාදීන්ගේ විභාගය, නවරහාදි බුදුගුණ විභාගය, විමුක්තිසංග්රහය, යන තුනයි. මෙහි ප්රථම “ස්කන්ධාදීන්ගේ විභාගයෙහි රූපස්කන්ධ, වෙදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥාණස්කන්ධ, යන පඤ්චස්කන්ධයන්ගේ නානාප්රකාර බෙදීම්මුල්කොට, තදනන්තරව යථොක්ත පඤ්චස්කන්ධයාගේ අනිත්යාදි ත්රිලක්ෂණයද දක්වා ධාතු ආයතනාදීන්ගේ විභාගය ප්රකාශකරණ ලද්දේය. තවද විශේෂයෙන් සංසාරලක්ෂණ, හෙතු ඵල, ගති, යොනි, භව, සත්තාවාස, යනාදියද, ආසව, අනුසය, ඕඝ, සංයොජන යනාදි කෙලෙශයන්ද, සත්තිස් බොධි පාක්ෂිකධර්මයාගේ පුද්ගලවිභාග, යනාදියද මනාකොට දක්වා තිබේ. එසේම මෙහි දෙවෙනි “නවරහාදි බුදුගුණ විභාගයෙහි, ශ්රද්ධාවන්ත බුද්ධිජනයන්ට අධිකප්රසාදය උපදවන පරිද්දෙන්, ‘අර්හත්’ ගුණය පටන් බුදුගුණ නවය විස්තරකොට බොහෝසේ වර්ණනාකරණලද්දේය. බුදුගුණයෙහි චිත්තප්රසාද ඇතිව බුද්ධාලම්බනප්රීතිය ලබා ක්රියා සරණ කැමති සැදැහැවතුන්ට මෙය මහාසාර වස්තුවක් සමානය. සම්බුදුගුණානුස්මරණය කිරීමට අසමත්ථර්වූ අවිඥාත බුද්ධගුණ ඇති සකලසාධු ජනයන් විසින් රත්නත්රයෙහි ශ්රද්ධාවර්ධනයට හේතුවන හෙයින් අවශ්යයෙන් භාවිතා කල යුත්තේමැයි. තවද මෙහි තුන්වෙනි “විමුක්තිසංග්රහය,, ඉතා ශ්රේෂ්ඨ සාරවත් නානාප්රකාර විදර්ශනානුරූපධර්මයන්ගෙන් මොනවට සරසන ලද්දේය,
එය පළමුව “භජනාදි සංග්රහය, දෙවනුව “ධ්යානාදි සංග්රහය, යනාදි පිළිවෙලින් එකොළොස් සංග්රහයකින් සමලංකෘතයි, ඉතා ප්රයෝජනවත් භාවනාක්රමයන්ගෙන් විරාජමාන වනහෙයින් මොක්ෂකාමීයොගාවචරයන්ට මහත් ආශීර්වාදයක් ගෙනදෙනවාට සැකනැත, කායවිරතියට අතිශයින්ම සප්පායවන ධර්මාණ්ඩ සංග්රහකොට ඇත්තේය, භාවනා කරණු කැමති පුණ්යලයන් විසින් අවශ්යයෙන්ම උගත මනාවෙයි. සසර කලකිරීමට ප්රමාණවූ ආදීනව දැනගනු කැමති යොගාවචර කුලපුත්රයන්ට මෙ ධර්මපුස්තකය සිතුමිණිරුවනක් සමාන බැව් පෙනේ. මෙහි නානාප්රකාර භාවනාක්රම ගලපා තිබෙන බැවින් නිර්වාණභිලාෂීන්ට ඇති විපුල ප්රයෝජනය කියතොත් නොහැකිය. මෙය සංග්රහ කළාවූ කර්තෘවරයන් වහන්සේ වික්රමබාහු නරෙන්ද්රයානන්ගේ කාලයෙහි ලංකාතිලක විහාරාධිපතිව වැඩවිසූ ස්ථවිරතුමෙකැයි ග්රන්ථාවසානයෙහි දක්වා තිබේ. ඒ ස්ථවිරයන්වහන්සේ විසින් මහත් කරුණාවකින් ලොකශාසනාභිවෘද්ධිය සඳහා ත්රිපිටකපර්ය්යාප්තියට අනුකූලකොට මේ ශ්රෙෂ්ඨ ග්රන්ථය සංග්රහ කරනලද්දේය, එතකුදුවත් මෙම ග්රන්ථත්රයසට ගාථාපද්ය ව්යාඛ්යානයක් නොමැති පාඩුවෙන් පාලි ධර්මයෙහි අප්රවීණ බුද්ධිමතුන්ට යථාභූතාත්ථාවබොධය අතිදුෂ්කර කාරණයක්ව තිබුණු බැවින් ඊලක්ෂණධර්මය මෙහි සම්පූර්ණ කරනලද්දේය. අතිසූක්ෂ්ම පරමොත්කර්ෂාද්යනන්ත්රිණී විවෘත ගාථාපද්ය ව්යාඛ්යානය හෙතුකොටගෙන අල්පබුද්ධීන්ට පවා මෙම පුස්තකත්රයම අවිපරීතව අවබොධ කිරීම ඉතා පහසුවන්නේය. උත්තම ප්රතිභාන බුද්ධිමත් විචක්ෂණයෝ තද්වීර්ය්ය පුණ්යෞඝ ලක්ෂයෙන් දැන, ක්ලිට්ඨ මානහී ධර්මපුස්තකය නානාසාර ධර්මොපදෙස ක්රමවලින් විභූෂිත හෙයින් නිතර භාවිතා කිරීමෙන් ස්වර්ගාපවර්ග සම්පත්තිය ලබාගන්වායි ප්රාර්ත්ථනා කරම්හ. තවද ගිහිපැවිදි සියළුදෙනාටම ඉතා ප්රයෝජනවත් මෙම පුස්තකය ලොව සුලභ කරදෙන අදහස් ඇති අපවිසින් කොළඹ දෙමටගොඩ කෝපියාවත්තේ ශ්රී වික්රමසිංහාරාමාධිපති හෝමාගම සීලරතන ස්ථවිරපාදයන්වහන්සේ ලවා ශුද්ධකරවාගෙණ මෙසේ මනාකොට ප්රසිද්ධ කරණලද්දේය. එබැවින් සියළු ජනතාව විසින් මෙය රැගෙන නිතර පරිශීලනය කිරීමෙන් සගමොක්සැප අත්පත් කරගතයුත්තේයි.
මීවගව—හෝමාගම
ඩී. සී. වික්රමසිංහ අප්පුහාමි.