චිත්ත චෛතසික විභාගය - පානදුරේ සෝමරතන හිමි 1928.pdf
- කතෘ :
- පානදුරේ සෝමරතන හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1928
- මුද්රිත වර්ෂය :
- 1928
- පිටු ගණන :
- 120
- බාගත කිරීම් ගණන :
- 2
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-21
- ගොනුවේ ප්රමාණය :
- 41 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
චිත්ත චෛතසික විභාගය යනු අභිධර්මය හදාරන ධර්මකාමීන්ගේ ප්රයෝජනය උදෙසා පෙළ, අටුවා, ටීකා හා ගුරු උපදේශ ඇසුරින් පානදුරේ රන්කොත් විහාරවාසී පානදුරේ සෝමරතන ස්වාමින් වහන්සේ විසින් සම්පාදනය කරන ලද අභිධර්ම ග්රන්ථයකි.
අභිධර්මය පිළිබඳව පවතින දුර්මත දුරු කරමින් චිත්ත හා චෛතසිකයන්ගේ ලක්ෂණ, කෘත්ය, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන ආදී විභාගයන් ගැඹුරින් සහ සවිස්තරව විග්රහ කර දීම මෙහි අරමුණ වී ඇත. චිත්ත විභාගය සහ ඵස්ස, වේදනා, සඤ්ඤා ආදී පඤ්ඤා දක්වා වූ චෛතසික ධර්මයන් පිළිබඳ මනා විවරණයක් මෙහි ඇතුළත් වේ.
පානදුරේ “මොටෝට්රාන්ස්පෝට්” කොම්පැනියේ ප්රධාන තැන්පත් ඩබ්ලියු. ලියෝ ප්රනාන්දු මහතාගේ ධන පරිත්යාගයෙන්, දිබ්බැද්දේ නෝමන් ද සිල්වා මහතා විසින් බුද්ධ වර්ෂ 2472 (ක්රි.ව. 1928) දී පානදුරේ සෝමිරස යන්ත්රාලයෙහි මුද්රණය කරවා ප්රකාශයට පත් කර ඇත.
විඥාපනය.
චිත්ත චෛතසිකයන්ගේ විභාගය දැනගණු කැමැත්තාවූ ධර්මකාමීන්ගේ ප්රයෝජනය සඳහා ගුරුපදෙශයන් හා පෙළ අටුවාටීකාදියත් ඇසුරුකිරීමෙන් “චිත්ත චෛතසික විභාගය” නමලද මේ විශිෂ්ට ධර්ම ග්රන්ථය පහත නම් සඳහන්වන මවිසින් ඉතා පරිශ්රමයෙන් ලියා සකස්කරන ලද්දේවේ. “අභිධර්මය දෙවියන්ට දේශනා කළ ධර්මයක් හෙයින් හේ මිනිසුන්ට උවමනා කරණ ධර්මයක් නොවේ. අභිධර්මය ඉගෙන ගතහොත් කෙකරා ටිකවේ” යනාදි දුර්මත උපදවා ජීන චක්රයට පවා පහර වදිනා කාරණයන් නිසැකව නුගතුන් අතර විමති පහළකර හරින්නන්ද පහළවී ඇතිවී තිබෙන බව සැලෙයි. මේ දෙශනාව දෙවියන්ටම සාධාරණ නම්—
“අනොතත්ත දහෙ කත්වා—උපට්ඨානං මහෙසිනො යස්සඤ්ඤානං සො ථෙරො—ආහරිත්වා මහිතලෙ.”
යනාදීන් ප්රකාශිත පරිදි සැරියුත් මාහිමියෝ මේ ශ්රීලංකාවට අගොචර වූ කම්මෙක්ද? ඊර්ෂ්යාව පණ්ඩිතමානී බව ආදී පාප ධර්මයන්ට වසඟවූවන්ගෙන් පැනනගින එබඳු දුර්මතවලට නොරැවටීම පිණිස උත්සාහ කටයුතු. තවද මේ විශිෂ්ටාභිධර්මය ඉගෙන ගැනීමට හා ලොව පතළකර ගැනීමටද සත්පුරුෂ නුවණැත්තෝ ප්රයත්නවෙති. ඒ එසේමැයි. අධර්මි අසත්පුරුෂයෝ වූකලි ප්රිය නො වෙති. නින්දා කෙරෙති. ඒ හේතුවෙන් ඔවුන් කුශල ධර්මයන්හි ප්රමාදව අනෙකවිධ දුශ්චරිතයන් රැස්කොට මේ ආත්මභාවයෙන් ච්යුතව අපායික දුක්ඛයට භාජනවෙති. ඇතැම්හු තමානොදත් අභිධර්මයෙන් ධර්මදෙශනා කරන්ට යෑමෙන් ධර්මය අධර්මය කරති. යම්හු ධර්ම දෙශනා කිරීමෙහිදී පූර්වාපර විරොධවචන යොදා ධර්ම දෙශනා කරති. එසේ කරනලද ධර්මදෙශනා ගොමබිඳක් මිශ්රවූ කිරිකලයක් දුරින් ඉවත්කළයුතුවාක් මෙන් ප්රයෝජනයට නොගත යුතුයි. මේ විශිෂ්ට ධර්මය දැන උගත් පණ්ඩිතවරයෝ ස්වල්ප දෙනෙක් අද ලක්දිව ඇතැයි සිතමු. එහෙයින් මෙය සියල්ලන් විසින් ඉගෙනගනු පිණිස උත්සාහ කටයුතු.
තවද මෙම “චිත්ත චෛතසික විභාගය” නමැති ග්රන්ථය වනාහි කොළඹ දෙමටගොඩ මහා විශුද්ධාරාමාධිපතිව වැඩ විසූ ගරුකටයුතු ශික්ෂාකාමී ධර්ම විනයෙහි හසල බුද්ධිමත් ආචාර්ය්ය සිරිධම්ම මහා ස්ථවිර ස්වාමිපාදයාණන් වහන්සේවෙත ධර්ම විනයොද්ග්රහණය කරණාන්තර ලියනලදබවත් පානදුරේ නිවැසි සර්වස්වත්යාගී සත්ගුණවත් ඩබ්ලියු. ලියෝ ප්රනාන්දු මහතාගේ ධන