නාමරූප පරිච්ඡෙදය සහ නාමරූප විභාවිනී ව්‍යාඛ්‍යාව - අඹලම්ගොඩ දේවානන්ද හිමි 1927.pdf

කතෘ :
අනුරුද්ධ හිමි, අඹලම්ගොඩ දේවානන්ද හිමි
ප්‍රකාශිත වර්ෂය :
1927
මුද්‍රිත වර්ෂය :
1927
පිටු ගණන :
425
බාගත කිරීම් ගණන :
2
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-21
ගොනුවේ ප්‍රමාණය :
128 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 213

භදන්ත අනුරුද්ධාචාර්ය මහාස්වාමිපාදයන් වහන්සේ විසින් රචිත නාමරූප පරිච්ඡෙදය නම් අභිධර්ම මූල ග්‍රන්ථය සහ අඹලම්ගොඩ දේවානන්ද අධිකරණ නායක ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත නාමරූප විභාවිනී සිංහල සන්න ව්‍යාඛ්‍යාව මෙහි අන්තර්ගත වේ.

අභිධර්ම පිටකයේ එන නාම ධර්ම (වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ) සහ රූප ධර්ම (අටවිසි රූප) පිළිබඳ පරිච්ඡේද 14 කින් සවිස්තරව විග්‍රහ කෙරෙන මෙම කෘතිය අභිධර්මය හදාරන විද්‍යාර්ථීන්ට මහඟු උපකාරයකි. අනුරුද්ධ මාහිමියන්ගේ අභිධර්මත්ථ සංග්‍රහය මෙන්ම නාමරූප පරිච්ඡෙදයද ථෙරවාද අභිධර්ම සම්ප්‍රදායේ අතිශය සම්භාවනීය ග්‍රන්ථයකි.

පානදුරේ වැලිපිටියේ අභය කරුණාරත්න මුදලින්දාරාමාධිපති මොරටුවේ මේධානන්ද හිමියන්ගේ ආරාධනයෙන් හොරේතුඩුවේ ගංගාරාමයේ වැඩවිසූ අඹලම්ගොඩ දේවානන්ද හිමියන් විසින් මෙම සිංහල ව්‍යාඛ්‍යාව රචනා කර ඇති අතර, එය බු.ව. 2471 (ක්‍රි.ව. 1927) දී හැක්ටර් සී. ද පොන්සේකා මහතාගේ අනුග්‍රහයෙන් කොළඹ මාලිගාකන්දේ මහාබෝධි මුද්‍රණාලයේ මුද්‍රණය කරවා ඇත.

PREFACE. NĀMA RŪPA PARICCHÉDA.

This book entitled the Nāma Rúpa Paricchéda is an investigation into Nāma, or the four mental states Vedanā, Sannā, Sankhāra and Vinnāna, and Rùpa or the physical elements of a being consisting of twenty-eight subdivisions of which some are known as Bhùta-rúpa and the rest Upādāya-rùpa.

Anuruddha Maha Thero, an acknowledged master of Abhidhamma, was its author and the stanza,

Mahaméru nibham géham mahāchétiya bhūsitam, Mahāvihāra mārulham mahābhodi mahussavam,

leads us to believe that it was written at the Mahāvihāra in Anuradhapura.

This author was born of a noble family in the city of Kāvīra in the district of Kanchivara in South India and that he flourished at the same time as or immediately after Buddhaghòsa Mahā Thero is proved by the following stanza :—

Alankātum pahontālam cirakālam tapòdhanā, Lankādipassa lankāram kalankā pagatālayam.

Some scholars in Burma and Ceylon are of opinion that the theros Buddhadatta and Anuruddha were both pupils of the same teacher. It is said that these two theros wrote two books, the ‘Abhidhammāvatāra’ and the ‘Abhidhammatta Sangaha’’ and submitted them to their teacher who after perusing them carefully remarked. “Buddhadatta has filled a room with gems and closed its door while Anuruddha has done likewise but left its door open.” This tradition confirms the opinion that they both had one teacher.

There are many proofs to show that Buddhadatta and Buddhaghósha were contemporaries. Consequently if the above story is true it follows that Anuruddha- was himself a contemporary of Buddhaghosha.

Abhidhammattha Sangaha and Paramattha Vinicchaya are other works by the same author. The former is so very well-known and studied with great devotion and reverence by teachers and pupils of the Dhamma that any remarks about it here will be superfluous. Further all that need be said about the Paramattha Vinicchaya will be found in my recently published translation of it.

This Nāmarùpa Paricchéda is a book held in high respect and read and reread by students of the Abhidhamma. Two Commentaries to it written by ancient scholars are extant. Of these, it is said in the Burmese ‘Sāsanawansa,’ the earlier one was written by a thero named “Wāchissara Mahāsāmi” and the later one by a thero by the name of “Mahāsāmi.”

Pundits who consider the excellence and literary value of the three above-mentioned works of Anuruddha Thero place him on the same pedestal as Buddhaghosha Mahā Thero. Further that these books are held in high respect up to the present-day is proved conclusively by the fact that many Commentaries have been written on them and by the fact that learned Theros in Siam, Burma and Ceylon use them as text books to teach the Dhamma to their pupils.

It was at the earnest request of my friend, who is almost a pupil of mine, Sirilankāsāsanā Lankāra Kavidhaja Abhidhammika Médhānanda Thero of Moratuwa at present residing at the “Abhaya Karunaratna Mudalindārāma” at Welipitiya in Panadura, that I undertook to write a translation to the Nāmarùpa Paricchèda which translation entitled “the Nāmarúpa Vibhāvini” I have concluded at “Gangarāma” Vihara in Horetuduwa shortly after the full-moon of Poson in the Year Two Thousand Four Hundred and Sixty-five, Buddhist Era.

On this occasion I mention with reverential gratitude my first tutor Werallāne Paññatissa Mahathero, a preacher of great persuasion who lived at the Rankot Vihare in Ambalangoda and at whose hands I received ordination and my two subsequent tutors, the Sāsanawansālankāra Kavidhaja Vinayāchariya Weligama Sri Sumangala Mahanayaka Thero who lived at the “Pulīnatalārāma” Vihare in Kalutara North, and the Paññābhi Sirisaddhamma Kavidhaja Mahadhamma Rajādhi Raja Guru Vajirarama Maha Nayaka Thero who lived at the “Ratanuccha Bhummi” Vihare in the city of Moulmein in Burma.

All my labour in bringing out this translation is amply rewarded if it will succeed in creating a greater interest in the Buddha’s teachings amongst his followers and my fervent hope is that it may ever continue to be of service to the Buddha Sāsana.

May the good aspirations of all be realised.

Ambalangoda Sāsanawansālankāra Kavidhaja Vinayāchariya Sāsanasodaka DÉVĀNANDA THERO, Adhikarana Nayaka.

Gangarama,
Horetuduwa.

සඤ්ඤාපනය.

නාමරූප පරිච්ඡෙදය.

නාමඤ්ච රූපඤ්ච නාමරූපං, නාමරූපානං පරිච්ඡෙදො නාමරූප පරිච්ඡෙදො නාමඤ්ච, වෙදනා-සංඥා-සංස්කාර-විඥාන-සඞ්ඛ්‍යාත චතුර්විධනාමයද; රූපඤ්ච, භූතොපාදාය භෙදභින්නවූ අට විසි රූපයද; නාමරූපං, නාමරූප නම්. නාමරූපානං, යථොක්ත වෙදනා-සංඥා-සංස්කාර-විඥානසඞ්ඛ්‍යාත චතුර්විධ නාමයද භූතොපාදාය භෙදභින්නවූ අටවිසිරූපයද යන මොවුන්ගේ; පරිච්ඡෙදො, පිරිසිඳීම; නාමරූප පරිච්ඡෙදො, නාමරූප පරිච්ඡේද නම්.

මෙසින් නාමරූපධර්‍මයන් වෙසෙසින් පමණ කිරීම නාමරූප පරිච්ඡේද නම්වන බව සුවිතයි. නාමරූපධර්‍මයන් පිළිබඳ වෙසෙසින් පමණ කිරීම ප්‍රකාශකරන්නාවූ ග්‍රන්ථයද කාර්‍ය්‍යොපචාරයෙන් “නාමරූප පරිච්ඡෙද නම්වේ.

මෙසේ නාමරූප පරිච්ඡෙද සඞ්ඛ්‍යාත අර්‍ථානුගත නාමයකින් ප්‍රචලිතවූ මේ අතිප්‍රශස්ත ප්‍රකරණයතෙම අභිධර්‍ම ග්‍රන්ථනිර්‍මාණශෛලී දත්තාභිෂෙක ඇති සවසමය සමයාන්තරප්‍රවීණ නාමරූපධර්‍මයන්ගේ පිරිසිඳීම කරනුකැමති අනුරුද්ධ මහාස්වාමිපාදයාණන් වහන්සේ විසින් රචනාකරනලදී. උන්වහන්සේ විසින් මෙය රචනාකරන ලද්දේ අනුරාධපුර මහා විහාරයේදී බව,

මහාමෙරුනිභං ගෙහං මහාචෙතියභූසිතං., මහාවිහාරමාරුළ්හං මහාබොධිමහුස්සවං.

යන ගාථාවෙන් සිතියහැකියි. මේ මහාකවි අනුරුද්ධ මහාස්වාමිපාදයාණන් වහන්සේ දක්‍ෂිණභාරතයට අයත් කාඤ්චිවර නම් රටෙහි කාවේරී නම් නුවර උතුම් කුලයෙක උපන් උත්තමයෙකි. මුන්වහන්සේ බුද්ධඝොෂ මාහිමියාණන් වහන්සේගේ කාලයෙහි හෝ ඊට ස්වල්පයකට මෑතකාලයෙහි හෝ වැඩසිටිය බව,

අලංකාතුං පහොන්තාලං චිරකාලං තපොධනා, ලංකාදීපස්ස ලංකාරං කලංකාපගතා ලයං.

යන ගාථාවෙන් අවෙමතිකවැ දතයුතුවේ.

මහාකවි බුද්ධදත්ත-අනුරුද්ධ යන මහාස්වාමිපාදයන් දෙනම එකම ආචාර්‍ය්‍යවරයක්හුගේ ශිෂ්‍යයෝයයි බුරුමරට සහ ලක්දිව ඇතැම් ආචාර්‍ය්‍යවරයන්ගේ මතයෙක් පවතී.

මුන්වහන්සේලා දෙනම විසින් ‘අභිධම්මාවතාර’ “අභිධම්මත්ථසඞ්ගහ” යන ප්‍රකරණොභය නිපදවා ස්වකීයාචාර්‍ය්‍යවරයන්ට පිළිගැන්වූ කල උන්වහන්සේ ඒ ප්‍රකරණයන් සමවෙලොකනය කොට ‘බුද්ධදත්ත තෙමේ රුවන් රැසක් ගබඩාවක පුරවා දොර වැසුවේය. එසේම අනුරුද්ධ තෙමේද රුවන් රැසක් ගබඩාවක පුරවා දොර හැරලූයේය”යි ප්‍රකාශ කෙළේලු මේ පරම්පරාගත අනුශ්‍රැති තොමෝ (ආරංචි කථාව) යථොක්තමතය ස්ථිරකෙරෙයි. බුද්ධඝොෂ-බුද්ධදත්ත යන මහාස්වාමිවරුන්ගේ සමකාලීනත්‍වය නොයෙක් කරුණුවලින් පෙනෙන්ට තිබේ. එබැවින් යථොක්ත කථා ප්‍රවෘත්තිය සත්‍යවීනම් අනුරුද්ධ මාහිමියාණන් වහන්සේද බුද්ධඝොෂ මාහිමියාණන් වහන්සේගේ කාලයෙහි වැඩසිටිබව නිස්සංශයවෙයි.

අභිධර්‍මත්‍ථසඞ්ග්‍රහය - පරමාත්‍ථවිනිශ්චය යන ග්‍රන්ථයෝද මුන්වහන්සේගේ ම කෘතීහු වෙත්. මෙයින් ‘අභිධර්‍මත්‍ථ සඞ්ග්‍රහය” පරමාර්‍ත්‍ථ ධර්‍ම මකරන්දගවෙෂීවූ ශිෂ්‍යාචාර්‍ය්‍ය නමැති මධුපයන්ට (මීමැස්සන්ට) පදුම ප්‍රතිනිධිවූයේ අත්‍යන්ත ගෞරවාදරයෙන් පරිශීලනය කරනු ලැබේ. ඒ ප්‍රකරණය පිළිබඳ කරුණු සුප්‍රකට බැවින් මෙහි තුල ප්‍රපඤ්ච කථාවෙන් කිම්?

පරමාර්ථ විනිශ්චයද විස්තාරවූද සංක්‍ෂෙපවූද ටීකාවයකින් සනාථීකෘතවැ බොහෝ පණ්ඩිතයන් විසින් මුදුනෙන් පිළිගත් ප්‍රකරණයෙකි. ඒ පිළිබඳවැ කියයුතු කරුණු සියල්ලක්ම අප විසින් ‘පරමත්ථ විභාවිනී” නමැති ව්‍යාඛ්‍යානයෙන් සමලඞ්කෘත කොට ප්‍රචාරයට පමුණුවනලද ප්‍රකරණයෙහි සඳහන්වැ ඇත.

මේ ‘නාමරූප පරිච්ඡෙදය” බෙහෙවින් පරමාර්‍ත්‍ථධර්‍මාභිලාෂීන් විසින් පඨන පාඨන වශයෙන් අත්‍යන්ත සම්භාවිතවැ පරිශීලනය කරණලබන ප්‍රකරණයෙකි. මීටද පෞරාණික පණ්ඩිතවරයන් විසින් කරනලද ටීකාද්වයක් විද්‍යමානවේ. එයින් පුරාණටීකාව ‘වාචිස්සර මහාසාමි’ නම් මහාස්ථවිරතුමෙකු විසින්ද, අභිනවටීකාව ‘මහාසාමි” නම් මහාස්ථවිරතුමෙකු විසින්ද කරන ලද බව බුරුම සාසනවංශයෙහි කියනලදී. එයිනුදු මේ ප්‍රකරණයාගේ අතිසම්භාව්‍යත්‍වය සුප්‍රකටවේ.

‘අභිධම්මත්ථසඞ්ග්‍රහ’ ‘නාමරූප පරිච්ඡෙද’ ‘පරමාත්‍ථවිනිශ්චය’ යන ප්‍රකරණයන්ගේ රචනාවිලාසය ගැන සලකන බුද්ධිමන්තව අනුරුද්ධ මහාස්වාමිපාදයාණන් වහන්සේ බුද්ධඝොෂ මාහිමියාණන් වහන්සේ හා සමානත්‍වය ලබාතිබෙන බැව් ගම්‍යමානවේ. සියම් බුරුම ලංකා ආදී රටවල ආචාර්‍ය්‍යවරයන් මුන්වහන්සේගේ ප්‍රකරණයන් පිළිබඳවැ බොහෝ පරිවාර ග්‍රන්ථ නිපදවාලීමෙන් හා ශිෂ්‍යයන්ට ඉගැන්වීමෙන්ද අද දක්වා උත්තම ස්ථානයෙහි ලා සලකනු ලබන බැව්ද පෙනේ. එබැවින් පරමාර්ථධර්‍මාභිලාෂීන්ට ඉතා ප්‍රයෝජනවූ මේ ග්‍රන්ථය පිළිබඳවැ සිංහලාව්‍යාඛ්‍යානයක් කලොත් එය මහත්වූ ශාසනසංග්‍රහයක්වනු පමණක් නොව වෙසෙසින් ලක්දිව් වැස්සන්ට වැඩසැලසෙන බවද අප සුවච ශිෂ්‍යයෙකු වැනි පානදුරේ වැලිපිටියේ අභය කරුණාරත්න මුදලින්දාරාමාධිපති ‘සිරිලංකා සාසනාලංකාර කවිධජ” යන උපාධිනාමධාරී මොරටුවේ අභිධම්මික මෙධානන්ද ස්ථවිරතැන් විසින් සමාරාධිතවූ මම මේ කෘත්‍යයෙහි නියුක්තවීමි.

බුරුමරට මෝල්මේයින් නුවර ‘රතනුච්චභුම්මි’ නම්වූ රතනමහා විහාරයෙහි වැඩවිසූ “පඤ්ඤාභි සිරිසද්ධම්ම කවිධජ මහාධම්මරාජාධිරාජගුරු” යන ගරු නාමොපලක්‍ෂිත “වජිරාරාම” මහානායක ස්වාමිපාදයාණන් වහන්සේගේ ද දෙශාන්තර කථිත පුලිනතලාරාමයෙහි වැඩවිසූ ‘සාසනවංසාලංකාර කවිධජ විනයාචරිය” යන උපාධිනාමධාරී ලාංකෙය්‍ය අග්‍රපණ්ඩිත වැලිගම ශ්‍රී සුමඞ්ගල මාහිමියාණන්වහන්සේගේද ධර්‍මාන්තෙවාසීවූ අම්බලම්ගොඩ සවර්‍ණශාඛා (රන්කොත්) විහාරයෙහි වැඩවිසූ ගණාචාර්‍ය්‍ය විචිත්‍ර ධර්‍මකථික ප්‍රියසීලීවූ වැරැල්ලානේ “පඤ්ඤාතිස්ස” මහාස්ථවිරපාදයාණන් වහන්සේගේ ශිෂ්‍යවූ මම හොරේතුඩුවේ ගංඟාරාමයෙහි වෙසෙමින් ‘නාමරූපවිභාවිනී” නම් මේ සිංහලව්‍යාඛ්‍යාව ශ්‍රී බුද්ධ වර්‍ෂයෙන් (2465) දෙදහස් දෙදහස් සාරසිය සැටපස් වන වර්‍ෂයෙහි පොසොන්මස ශුක්ලපක්‍ෂයෙහි නිරුපද්‍රැතවැ නිමවාලීමි.

පරමාර්ථධර්‍මය පරිහානිපක්‍ෂයට වැටීගනයන මේ කාලයෙහි මෙබඳු ග්‍රන්ථයක් ලොකයා අතට පමුණුවාලීමෙන් ඒගැන අභිරුචියක් ඇතිකරලීම ඉතා අපහසු කාරණයෙකැයි සිතෙන බැවින් මේ ග්‍රන්ථය ගුරු ශිෂ්‍ය දෙපක්‍ෂය විසින්ම අත්‍යාදරයෙන් පරිශීලනයකරණු ලැබෙනම් අස්මදීය උත්සාහයෙහි ප්‍රතිඵලය එයම යයි චිත්තප්‍රීතියෙන් සලකමි.

මේ නාමරූපවිභාවිනී නම් අපීව්‍යාඛ්‍යානය යම්සේ නිර්විඝනවැ කොට නිමවාලීමද එසේම ශාසනාන්තර්ධානය දක්වාද නිරුපද්‍රැතවැ සෙසෙහින් පවතීවා. සියලු සත්‍වයන්ගේ සංකල්පනාවෝද නිරායාසයෙන් සෙසෙහින් සම්පූර්‍ණ වෙත්වා.

මීට,
හොරේතුඩුවේ ගංගාරාම විහාරාධිවාසී අම්බලම්ගොඩ
සාසනවංසාලංකාර කවිධජ විනයාචරිය සාසනසොධක
දෙවානන්දාභිධාන අධිකරණ නායක ස්ථවිර.