අභිධර්මමාත්ථ සංග්රහ ශුද්ධිය - ඇම්. ධර්මරත්න 1893.pdf
- කතෘ :
- ඇම්. ධර්මරත්න
- ප්රකාශිත වර්ෂය :
- 1893
- මුද්රිත වර්ෂය :
- 1893
- පිටු ගණන :
- 19
- බාගත කිරීම් ගණන :
- 1
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-21
- ගොනුවේ ප්රමාණය :
- 4.3 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අභිධම්මත්ථ සංග්රහශුද්ධිය හෙවත් බුරුම සිංහල අභිධම්මත්ථසංග්රහ පොත්හි චිරකාලාගත අශුද්ධපාඨ ශුද්ධකරගතයුතු ක්රමය නමැති මෙම කෘතිය “ලක්මිණිපහන්” කර්තෘ ධුරය දැරූ ඇම්. ධර්මරත්න පඬිවරයා විසින් සම්පාදනය කරන ලද්දකි. මෙය 1893 දී කොළඹ දී මුද්රණය කරවා ඇත.
අනුරුද්ධ මහාස්ථවිරයන් වහන්සේ විසින් රචිත අභිධම්මත්ථ සංග්රහය හදාරන ආධුනිකයන්ගේ ප්රයෝජනය පිණිස සම්පාදිත මෙම ග්රන්ථය මඟින්, කාලාන්තරයක් තිස්සේ පැවත එන සිංහල සහ බුරුම අත්පිටපත් හා මුද්රිත පොත්වල අන්තර්ගත අශුද්ධ පාඨ, අභිධර්ම මූල ග්රන්ථ සහ අභිධර්ම විභාවිනී ටීකාව, පොරණ ටීකාව ආදී ප්රමාණික ටීකා ග්රන්ථයන්ගේ සාධක ගෙනහැර දක්වමින් විචාරාත්මකව ශුද්ධ කරන අයුරු විස්තර කෙරේ.