අභිධර්‍මය (ප්‍රථම භාගය) චිත්තකාණ්ඩය - දෙවිනුවර ඤාණාවාස හිමි 1955.pdf

කතෘ :
දෙවිනුවර ඤාණාවාස හිමි
ප්‍රකාශිත වර්ෂය :
1955
මුද්‍රිත වර්ෂය :
1955
පිටු ගණන :
78
බාගත කිරීම් ගණන :
1
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-21
ගොනුවේ ප්‍රමාණය :
28 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 40

කොළඹ තරුණ බෞද්ධ සමිතිය (YMBA) මගින් පවත්වනු ලබන බෞද්ධ ධර්ම විභාගයන්හි සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා දෙවිනුවර ඤාණාවාස හිමිපාණන් විසින් සම්පාදනය කරන ලද අභිධර්ම පෙළපොත් මාලාවේ පළමු කොටස වන මෙම කෘතිය ‘චිත්තකාණ්ඩය’ විස්තර කරයි. ආචාර්ය අනුරුද්ධ මහා තෙරුන්ගේ අභිධම්මත්ථ සංග්‍රහය ඇසුරු කරමින් මෙම ග්‍රන්ථය සකස් කර ඇත.

මෙහි අභිධර්මයේ මුලික කරුණු, චිත්ත පරමාර්ථය, සිත් අසූනවය හා එකසිය විසිඑක පිළිබඳ වර්ගීකරණයන්, අකුසල් සිත්, අහේතුක සිත්, කාමාවචර සෝභන සිත්, රූපාවචර, අරූපාවචර හා ලෝකෝත්තර සිත් පිළිබඳ පැහැදිලි විග්‍රහයන් පාලි ගාථා සහ සිංහල භාව සන්න සහිතව ඇතුළත් කර තිබේ.

පිරිවෙන් හා දහම් පාසල්හි සිසුන්ට මෙන්ම ධර්මාචාර්ය විභාග හදාරන්නන්ට ද අභිධර්මය මුල සිට ක්‍රමානුකූලව හදාරන්නෙකුට ද මෙම කෘතිය ඉතා ප්‍රයෝජනවත් අත්පොතකි. මෙම පස්වන මුද්‍රණය බුද්ධ වර්ෂ 2499 (ක්‍රි.ව. 1955) දී කොළඹ තරුණ බෞද්ධ සමිතිය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

සැලකිය යුතුයි.

බෞද්ධ ශිෂ්‍ය විභාගය පිළිබඳ සතර වැනි පන්තියේ විභාගයට නියමිත වනුයේ මෙම පොතේ පළමු වැනි පාඩමේ සිට [ ] මේ වරහන්වලින් වෙන් නො කළ කොටස් පමණෙකි.

ජ්‍යෙෂ්ඨ පන්තියේ විභාගයට සහ බෞද්ධාචාර්‍ය්‍ය විභාගයට එසේ වරහන් තුළ සඳහන් කොටස් ද අයත් වේ.

1953 වර්‍ෂයට පෙර මුද්‍රිත පොත් භාවිතා කරන අය ඒ ඒ වර්‍ෂයේ නිර්දේශ පත්‍රයේ සඳහන් පරිදි එම පොත් භාවිතා කළ යුතුයි.

නිවේදනය.

කොළඹ තරුණ බෞද්ධ සමිතිය මගින් වර්‍ෂයක් පාසා පවත්වනු ලබන බෞද්ධ ධර්‍ම විභාග විෂයෙහි බෞද්ධ මහජනයාගේ මහත් අපේක්‍ෂාවක් පවතී. මේ විභාගයෙහි 4 වැනි, 5 වැනි, 6 වැනි සහ 7 වැනි පන්තීන්ට අභිධර්‍මයද එක් විෂයෙකි. එහෙත් ඒ සඳහා අප සංගමය මගින් විශේෂයෙන් පොතක් මේතාක් පිළියෙල නො වී ය. මෙය ගුරු ශිෂ්‍ය දෙපක්ෂයටම මහත් පීඩාවක්ව පැවැතිණ.

එබැවින් අභිධර්‍මය සම්බන්ධ විභාගයන්ට අනුකූල පරිදි ශිෂ්‍යයන්ගේ ඉගෙනීම පිණිස අභිධර්‍ම පොත් පෙළක් සපයා දෙන මෙන් කොළඹ දෙමටගොඩ මහා විසුද්ධාරාම ත්‍රිපිටක විද්‍යාලයාධිපති ගරු කටයුතු දෙවිනුවර ඤාණාවාස මහා ස්ථවිරපාදයන් වහන්සේට ආරාධනය කෙළෙමු.

අභිධර්‍මය සම්බන්ධ මෙබඳු පොත් පන්තියක් සැපයීම වහා කළ හැක්කක් නො වේ. මේ සඳහා මහත් වෙහෙසීමක් හා කාලය ද උවමනා කෙරේ. එහෙත් ඤාණාවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කරුණා ගුණය හේතුකොට පොත් පෙළෙහි පළමු පොත මුද්‍රණයෙන් ප්‍රචාරයට පමුණුවන්ට හැකිවීම බලවත් ප්‍රීතියකි. මේ විභාගයට ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ගේ භාග්‍යයෙකි.

අපගේ බුදුපියාණන් වහන්සේගේ ඤාණමහිමය සහ ලෝකතත්වයත් ප්‍රකටවන අභිධර්‍ම ග්‍රන්ථ පන්තිය කාලානු රූප ලෙස සම්පාදනයකර දීමට පිළිගෙන වදාළ දෙවිනුවර ඤාණාවාස මහා ස්ථවිරපාදයන් වහන්සේට අපේ ගෞරවාදර ස්තූතිය ඉතා අවනතභාවයෙන් පිරිනමමු.

මීට-ශාසනස්ථිතිකමී,
ඒ. ජයසිංහ,
බෞද්ධ ධර්‍ම විභාග ගරු ලේකම් තැන.

වර්‍ෂ 1950 ක්වූ අගෝස්තු මස 20 වෙනි දින
කොළඹ තරුණ බෞද්ධ සමිති කාර්ය්‍යාලයේ දීය.

සංඥාපනය.

අභිධර්‍මය නමැති මේ පොත අනුරුද්ධ මාහිමියන් අභිධර්‍ම පිටකයට කළ “අභිධම්මත්ථසංගහ” නම් අත් (අටුවා) පොතට අනුව, කොළඹ තරුණ බෞද්ධ සංගමයේ බෞද්ධ ධර්‍ම විභාග පිළිබඳ ගරු ලේකම් තැන්පත් ඒ. ජයසිංහ මහත්මාගේ ආරාධනයෙන් සම්පාදිත යි.

පිරිවෙන් දහම් පාසැල්හි සතරවැනි පන්තියට නියමිත චිත්තකාණ්ඩය මේ ප්‍රථම භාගයෙහි දැක්වේ. ඉහළ පන්තීන් උදෙසා ද මෙය කොට්ඨාස වශයෙන් ලියනු ලැබේ.

මෙහි මොහමූල සිත් හා අහේතුක සිත් අසංඛාරිකයි ද මහග්ගත ලෝකොත්තර සිත් සසංඛාරිකයි ද අප සඳහන් කළේ ස්වරූප බෙදීමේ පහසුව සලකා ගෙනැයි.

ස්වරූප විභාගය අභිධර්‍මඥානයේ පිරිසුදු බවට අත්‍යාවශ්‍යකයි. නාමරූප පරිච්ඡේද ඥානය ලැබෙන්නේ එවිටයි. එය නිවන ලැබීමට ඉවහල් ය. එහෙයින් ස්වරූප විභාගය අභිධර්‍මය ඉගැන්වීමේහි දී ඉතා උවමනා කරුණක් බව විශේෂයෙන් සැලකිය යුතුයි.

අපගේ ආචාර්‍ය්‍ය මහා විසුද්ධාරාම ත්‍රිපිටක විද්‍යාලයෙහි ආදිකර්තෘභූත අභිධර්‍ම විශාරද අරංගල සිරිධම්ම මහා ස්වාමිපාදයන් වහන්සේගේ ආචාර්‍ය්‍ය පරම්පරාවේ වාචනා මාර්ග ක්‍රමය මේ පොත ලිවීමේදී අනුගමනය කළ බව මෙහි ලා විශේෂයෙන් මතක් කරමු.

මේ ග්‍රන්ථය සම්පාදනය කිරීමේ දී ආභිධම්මිකාචාර්‍ය්‍ය ඇන්. ආර්. සිරිසේන වෙදදුරු මහත්මාණන්ගේ උපෂ්ටම්භය ලැබුණු බව කෘතඥතා පූර්වකව සඳහන් කරමි.

මෙයට,
දෙවිනුවර ඤාණාවාස (ස්ථවිර)
2494 අගෝස්තු 20 දා,
1950 කොළඹ දෙමටගොඩ,
මහා විසුද්ධාරාම ත්‍රිපිටක විද්‍යාලයේ දීය.