අභිධර්මය - උහන්ඕවිට සාසනතිලක හිමි 1946.pdf

කතෘ :
උහන්ඕවිට සාසනතිලක හිමි
ප්‍රකාශිත වර්ෂය :
1946
මුද්‍රිත වර්ෂය :
1946
පිටු ගණන :
204
බාගත කිරීම් ගණන :
1
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-21
ගොනුවේ ප්‍රමාණය :
46 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 103

අභිධර්මය නම් වූ මෙම කෘතිය විද්වත් මකුටායමාන වාගීශ්වර පණ්ඩිතයන් විසින් සංගෘහිත කරන ලද්දක් වන අතර, මාරපන ශාස්ත්‍රොදය පිරිවෙන්හි ආචාර්ය උහන්ඕවිට සාසනතිලක ස්ථවිරයන් වහන්සේ විසින් සංස්කරණය කොට සම්පාදනය කර ඇත. මෙහි මුද්‍රණය 1946 වර්ෂයේදී අධිනීතිඥ සිරි පෙරේරා මහතාගේ ප්‍රකාශනයෙන් කොළඹ මාලිගාකන්දේ සාධු මුද්‍රණාලයේදී සිදු කර තිබේ.

ග්‍රන්ථය ආරම්භයේ විද්‍යාවේ ප්‍රභේද (එකාන්තවිද්‍යා, ශාබ්දවිද්‍යා, කලාවිද්‍යා, ස්වාභාවිකවිද්‍යා, දර්ශනවිද්‍යා) සහ විවිධ දර්ශනවාද (වෛදික, මීමංසා, සාංඛ්‍ය, න්‍යාය, වෛශේෂික, චාර්වාක ආදී) විමසා බලන දීර්ඝ ‘උපන්‍යාසයක්’ ඇතුළත් කර ඇත. බෞද්ධ අභිධර්මයේ එන ධර්ම කරුණු විභාගාපේක්ෂකයින්ට, පිරිවෙන් හා දහම් පාසල් සිසුන්ට මෙන්ම ආධුනිකයන්ටද පහසුවෙන් වටහාගත හැකි වන පරිදි විස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.

නි වේ ද න ය .

සමස්ත ලෝකයාට එකම ශාන්ති පිණ්ඩයක් එකම ශාන්ති පිණ්ඩයක් වැනිවූ ශාන්ති නායකයන් වහන්සේ විසින් සුදෙසිත පරමාර්ථ ධර්මය පිළිබඳ මේ වනතෙක් ලිහිල් හෙළු බසින් ලියැවුණු ග්‍රන්ථයන් අතරෙන් ප්‍රමුඛස්ථානෙහිලා ගිණිය හැකි මේ “අභිධර්මය” ගුණ පාඨකයාට අමුතු හැඳින්වීමෙක් උවමනා නොකෙරේ. පරමාර්ථ ධර්‍ම විශාරදයින්ගේ පවා ගෞරවාදරයට පාත්‍රවූ විද්වත් මකුටායමාන වාගීශ්වර පණ්ඩිතතුමන් විසින් සංගෘහිත මෙය විද්වතුන්ට මෙන්ම පරමාර්ථ ධර්මය හදාරණ ආධුනිකයින්ටද එකසේ ප්‍රයෝජන ගතහැකි ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයකි. විශේෂයෙන් විභාගාපේක්‍ෂකයින්ටද, පිරිවෙන්වල සහ ඉරුදින පාඨශාලාවන්හි අභිධර්මය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද, සද්ධර්මයට සහ භාෂා සාහිත්‍යයටද මින් ලැබෙන ඉවහත් සේවය සැළකූ අප විසින් මුද්‍රණය අතින් සහ කඩදාසි දුර්ලභබවයෙන්ද ඇති දුෂ්කර භාවයද නොසළකා මෙය මුද්‍රණයෙන් ප්‍රචාරයට පමුණුවන ලදී.

මෙය මුද්‍රණයේදී විද්‍යොදය පිරිවෙන්හි ආචාර්‍ය්‍ය පණ්ඩිත පනඹල ජිනරතන හිමිපාණන් වහන්සේ වෙතින් ලැබුණු උපකාරය කෘතඥතා පූර්වකව සගෞරවයෙන් යෙදී සිහිපත් කරන අතර මෙය සොභන පරිදි ඉක්මණින් මුද්‍රණය කරදීම ගැන සාධු මුද්‍රණාලයාධිකාරී කේ. ඩී. පියසේන මහතුන්ටද ස්තූති වන්ත වෙමු.

මේ ග්‍රන්ථයෙහි අයිතිය අපසතුව පවත්නා බැවින් අපෙන් අවසර නොමැතිව කිසිවෙකුට මෙය නැවත මුද්‍රණය කිරීමට බලයක් නොමැති බවද මෙයින් නිවේදනය කරමිහ.

මෙයට,
උහන්ඕවිට සාසනතිලක ස්ථවිර
“ශාස්ත්‍රොදය පිරිවෙණ”
මාරපන-රත්නපුර,
1-11-1946.

උ ප න්‍යා ස ය

විද්‍යාව හෙවත් ඥානය උතුම් යයි වර්ණනා නොකරණ කිසිම ශාස්තෘවරයෙක් වත් කිසිම ප්‍රඥාවන්තයෙක් වත් නැත්තේ ය. එ බැවින් සියල්ල විසින් එය සම්පාදනය කර ගත යුතු වුවත් එහි ඇති බොහෝ වූ භෙදයන් සියල්ල ම අසර්වඥ වූ කිසිවෙකු විසින් නිශ්ශෙෂම ලබාගැනිමක් නැත්තේ ය. එසේ හෙයින් විද්‍යාභෙදයන්ගේ ලක්‍ෂණ මාත්‍රයක් සැකෙවින් දැන එයින් අවශ්‍ය වූවක් නිශ්චාරණය කොට යථා ශක්තිකව තමන්ගේ කෙරෙහි පිහිටුවාගැනිම සියල්ලගේ ම කර්තව්‍යය වේ.

විද්‍යාව වනාහි:- එකාන්තවිද්‍යා, ශාබ්දවිද්‍යා, කලාවිද්‍යා, ස්වාභාවිකවිද්‍යා, දර්ශනවිද්‍යාය යි ජාති වශයෙන් පඤ්චවිධ ද වෙයි. ඉන්:-

එකාන්තවිද්‍යාව:- සංඛ්‍යාගණිත, බීජගණිත, රේඛාමීති, කෝණමීතීත්‍යාදි වශයෙන් කතිපය ප්‍රභෙදයක් ඇත්ති එකී සංඛ්‍යාදී ධර්මයන් සම්බන්ධ තද ඥානයට පමුණුවමින් එහ ලෞකිකාර්‍ය්‍ය ගෙණ දෙන්නී වෙයි. පාරලෞකිකාර්‍ය්‍ය දායක විද්‍යාවට අනු බලවන කල පමණක් ඊට සම්බන්ධ වෙයි.

ශාබ්දවිද්‍යාව:- සියලු භාෂාසම්බන්ධ නිඝණ්ඩු, ව්‍යාකරණ, ඡන්දස්, අලංකාරාදි ප්‍රභෙද කීපයක් ඇත්තී කථිත ලිඛිත සියල්ලෙහි සියලු ශබ්ද ශබ්දාර්ත්‍ථිකයන්ගේ ද, සමහර අර්ත්‍ථ-විශෙෂයන්හුගේ ද සදසද්විවෙකය කෙරෙමින් සියලු ලෞකිකාර්‍ය්‍ය ද ගෙණ දෙමින්, ආමුෂ්මිකාර්‍ය්‍යට ද, ද්වාරමාත්‍රයක් වෙයි.

කලාවිද්‍යාව:- නෘත්‍ය, ගීත, වාදිත, කෘෂි, වණික්, චිත්‍ර, සෛන්ධ, තක්‍ෂක, කර්මාර, නියාමක, වෛද්‍ය, ස්වප්න, නිමිත්ත, යන්ත්‍ර, මන්ත්‍ර, ආදර්ශප්‍රශ්න, නීති, වාදිත, හය, ගජ, රථ, ධනුද්ධර, ආයුධ, සුධාදී අනෙකප්‍රභෙදගතවුවා, ඒ ඒ වෘත්ති සම්බන්ධ සම්ප්‍රාප්තිය ගෙණ දෙමින් ලොකයාත්‍රාවට අත්‍ය-

න්තොපකාර ව මෙලොව වැඩ ම සපයාලූවත්, පරලොව අර්ථයකට සම්බන්ධ වෙතොත් අමුඛ්‍ය වශයෙන් කලාතුරකිනි. නුමුත් අනර්ථයට නම් බොහෝ විට සම්බන්ධ වේ මැයි.

ස්වාභාවිකවිද්‍යාව ද:- තාරකා, ද්‍රව, ආලොක, යන්ත්‍ර, වායු, තෙජස්, ශබ්ද, විද්‍යුත්, රසායන ද්‍රව්‍ය, සත්ව, වෘක්‍ෂ, ඛණිජ, නාභස, අන්තරභෞමිකාදී ඒ ඒ ස්වාභාවික වස්තුන්ගේ වශයෙන් බොහෝ වූ ප්‍රභෙද ඇත්තී, යථොක්ත කලා විද්‍යාවන්ගේ මාතෘස්ථානයෙහි සිටිමින්, මෙලොවට අයිති සියල්ලෙහි ආළෝකය පිහිටුවූවාක් මෙන්, එහි ම සියලු අර්ථයට මූලාධාර වෙමින්, තදන්‍ය කාර්ය්‍යට ද සහාය වෙයි.

දර්ශනවිද්‍යාව වූ කලි:- සෘක්, යජුර්, සාමන්, අථර්වන්, යන සතර භෙදයක් ඇති වෙදයට අතිරෙක වූ ඊපිට ම නගන ලද මීමාංසා වෙදාන්ත යන දෙක ද; වෙදයට ම සමහර අතකින් එකඟවූ හා සමහර අතකින් විරුද්ධවන්නා වූ වෛශෙෂික න්‍යාය දෙක ද; වෙදයට අතිශයින් විරුද්ධවූ (අනීශ්වර) සාංඛ්‍ය මතය ද, එහි ධර්මයන් ම වෙදයට එකඟ වන සේ පිළියෙල කරණ ලද සෙශ්වර සාංඛ්‍යමතයෙන් උපදවා යොදන ලද යොගදර්ශනය ද, මාධ්‍යමික, යොගාචාර, සෞත්‍රාන්තික, වෛභාෂික යයි චතුර්භෙද ගත වූ දර්ශනය ඇති උත්තර බෞද්ධ ප්‍රස්ථානයෝ ද යන මේ ආදි වශයෙන් සංස්කෘත භාෂාවෙන් බොහොමයක් හා මාගධී භාෂාවෙන් එකම දක්‍ෂිණ බෞද්ධ සමය ද, චීන, ග්‍රීක්, ජර්මන් ආදි භාෂාවලින් තව තවත් බොහෝ වූ ද ප්‍රභෙද ඇත්ති, මෙහි නොකී චාර්වාක මතය වැනි කීපයක් හැර වැඩිපක්‍ෂයගේ වශයෙන් අප්‍රධාන වශයෙන් එහ ලෞකිකාර්‍ය්‍ය ද, ප්‍රධාන වශයෙන් පාරලෞකිකාර්‍ය්‍ය ද ප්‍රතිඥා කරයි.

එයින්, මෙලොව ගෘහසිද්ධියට වඩා පරලොව ගෘහසිද්ධිය කැමතිවිය යුතු බව යථොක්ත චාර්වාකාදි නාස්තික දෘෂ්ටිකයන් හැර සෙසු සියල්ලන් විසින් එකහෙලා පිළිගෙණ තිබෙන සත්‍යයක් බැවින් කිසිසේත් සම්පරායික නොවන්නා වූද, අමුඛ්‍ය වශයෙන් පමණක් සම්පරායික වන්නා වූ ද සියලු විද්‍යාවන්ට වඩා දර්ශන විද්‍යාව ම අවශ්‍යයෙන් සම්පාදනය කට යුතු වන්නේ ය.