කුශලත්රිකය - රත්මලානේ ධම්මාරාම හිමි 1905.pdf
- කතෘ :
- රත්මලානේ ධම්මාරාම හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1905
- මුද්රිත වර්ෂය :
- 1905
- පිටු ගණන :
- 28
- බාගත කිරීම් ගණන :
- 1
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-21
- ගොනුවේ ප්රමාණය :
- 4.9 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
කුශලත්රිකය හෙවත් අභිධර්මයෙහි මුල් මාතෘකාව යනු රත්මලාණේ පුෂ්පාරාමාධිපති විබුධ සෙනාචරිය රත්මලානේ ධම්මාරාම ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද අභිධර්ම ප්රකරණයකි. බුරුම රටින් ලක්දිවට වැඩම කළ ඌ ජින හිමියන් විසින් දේශනා කරන ලද ධර්මය ඇසුරෙන් සැදැහැවතුන්ගේ ආරාධනය පරිදි මෙම කෘතිය රචනා කර ඇත. ඇම්. ධර්මරත්න පණ්ඩිතයන් විසින් ශෝධනය කරන ලද මෙය, රත්මලාණේ සුගතධර්මෝදය සමිතියේ ලේකම් හෙන්ද්රික් මැන්දිස් වෙද මහතාගේ මූලිකත්වයෙන් කොළඹ සිංහල සමය යන්ත්රාලයෙහි 1905 දී (බු.ව. 2449) මුද්රණය කරවා තිබේ.
මෙහි අභිධර්ම පිටකයේ මුල් මාතෘකාව වන කුසලත්රිකය මූලික කරගෙන චිත්ත, චෛතසික, රූප, නිර්වාණ යන සතර පරමාර්ථ ධර්මයන් ඉතා පැහැදිලිව සංක්ෂේපයෙන් විස්තර කර ඇත. ඊට අමතරව විදර්ශනා භාවනා ක්රමය සහ එකල භාවිතයෙන් ගිලිහී ගිය සීල සමාදාන ක්රම රැසක්ද මෙහි අන්තර්ගත කොට තිබේ.
සංඥාපනය
අප ලක්දිවවැසි බෞද්ධ ජනයාට පරමාර්ත්ථ ධර්ම සංඛ්යාත අභිධර්ම මහාසමුද්රය තරණය කරණුපිණිස කුඩා පහුරක්වැනිවූ මේප්රකරණයෙහි ඇතුළත් ධර්මසමූහය බුර්මමාරටින් ලක්දිවට අවුත් විදර්ශනාධුරයෙහි නියුක්ත ආයුෂ්මත් “ඌ ජින” මහතෙරුන්වහන්සේ වස්එළඹ දිනපතා ප්රකාශකෙළේයි. එමධර්මය අසාප්රීතිමත්වූ බෞද්ධවගජනයාවිසින් පොතක් ලියා දුනමැනවයි ආරාධනාකරණලදින් “රත්මලාණේ පුෂ්පාරාමාධිපති මාදම්පේ ‘විබුධසෙනාචරිය ධම්මාරාම’ ස්ථවිරපාදයන් වහන්සේවිසින් “කුශලත්රිකය” නම්වූමෙම ප්රකරණය සම්පාදනය කරණලදී.
මෙහිවනාහි චිත්ත, චෛතසික, රූප, නිබ්බාණ යනසතර පරමාර්ත්ථයන් සංක්ෂෙපවශයෙන් දක්වා විදර්ශනා භාවනා ක්රමය හා දැනට ලක්දිව අභාවයටගිය සම්බුද්ධොපදෙශීත බ්රහ්මචරිය පඤ්චමක පඤ්චශීලය ආජීවාෂ්ටමකශීලය එකභක්තික එකාසනශීලය නවංගුපොසථශීලය යන ශීලසමාදාන ක්රමයද යොදනලදී. බුද්ධශාසන මහාධුර සෙනාපති ඇම්, ධර්මරත්න පඬිතුමාවිසින් අවසාන ශුද්ධිපත්රබලා ශුද්ධකරණලදී. මෙම පොත බෞද්ධ පාඨශාලාවන්හි උගත් ශිෂ්යයන්ට පරමාර්ත්ථ ඉගැන්වීම පිණිසද අත්යන්තොපකාරවේ. රත්මලාණේ සුගතධර්මොදය සමිතිය විසින් බුර්මමාරටින් ගෙන්වනලද ත්රිපිටකයේ පොත්වහන්සේලාගේ බරපැන් ගෙවීමපිණිස මෙයින් ලැබෙන මුදල්පරිත්යාගකරණුලබනබවත් සතුටින් මතක්කරම්හ.
මේවගට,
ධර්මෝදය සමිතියේ අණපරිද්දෙන්
අත්සන්කළේ ලේකම් තැන්පත්
හෙන්ද්රික් මැන්දිස් වෛද්යාචාර්ය්ය
තැනිය.
1905 ක්වූ නොවැම්බ්ර මස
9 වෙනි දින රත්මලාණේදීය.