අභිධර්මප්රදීපිකා ව්යාඛ්යාව (දෙවන භාගය) - මොරටුවේ මේධානන්ද හිමි 1934.pdf
- කතෘ :
- මොරටුවේ මේධානන්ද හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1934
- මුද්රිත වර්ෂය :
- 1934
- පිටු ගණන :
- 423
- බාගත කිරීම් ගණන :
- 0
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-21
- ගොනුවේ ප්රමාණය :
- 77 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම ග්රන්ථය අභිධර්ම පිටකයට අයත් විභංගප්රකරණයේ අටුවාව වන සම්මෝහවිනෝදනිය සඳහා මොරටුවේ මේධානන්ද අධිකරණ නායක මාහිමියන් විසින් සම්පාදනය කරන ලද අභිධර්මප්රදීපිකා නම් වූ සවිස්තර සිංහල ව්යාඛ්යාවේ (සන්නයේ) දෙවන භාගයයි. මුල් කර්තෘන් වහන්සේගේ අපවත්වීමෙන් පසු ඇම්. ටී. ප්රනාන්දු මැතිතුමාගේ ඉල්ලීම පරිදි කහඳමුවදොර චන්ද්රකීර්ති ශ්රී පියරතන හිමියන් විසින් සංස්කරණය කොට මුද්රණයට පිළියෙල කර ඇත.
විභංග අටළොසෙන් මෙහි අන්තර්ගත වන්නේ පහත දැක්වෙන විභංග සතරයි:
- සතිපට්ඨාන විභංගය
- සම්මප්පධාන විභංගය
- ඉද්ධිපාද විභංගය
- බොජ්ඣංග විභංගය
මොරටුවේ ඇම්. ටී. ප්රනාන්දු මහතාගේ ධන පරිත්යාගයෙන් කොළඹ මහාබෝධි යන්ත්රාලයේදී බුද්ධ වර්ෂ 2477 (ක්රි.ව. 1934) දී මෙම ග්රන්ථය මුද්රණය කරවා ප්රකාශයට පත් කර ඇත.
INTRODUCTION
The First Part of “Abhidharma Pradipika,” the Sinhalese paraphrase (by the Ven’ble Abhidhammika Medhananda Nayaka Thera of Moratuwa) of “Sammoha Vinodani,” the Commentary on “Vibhanga Prakarana,” was published by me in 1929.
The Nayaka Thera had completed the paraphrase, but he expired in 1929 before even the First Part of the work had gone through the press. Therefore, the preparation of the manuscript for the press and the compilation of the table of contents and the list of errata had to be left in competent hands.
On the invitation of my brother, Dhammadhaja Thera of Horetuduwa, Moratuwa, and of myself, this work was very kindly undertaken by Pandit Chandrakirti Sri Piyaratana Thera of Kahandamuwadora, Vice Principal, Saugatodaya Vidyalaya, Kottagoda.
He had similarly to deal with this Second Part of the book, and we record here our grateful appreciation of the valuable services he has rendered in connection with the publication of these two parts of the book.
At first it was my intention to issue the Second Part in a volume of about 800 pages, but at the request of many persons interested in the work, it was decided that it should consist of the four vibhangas of Satipatthana, Sammappadhana, Iddhipada and Bojjhanga.
It is expected that it will be possible to publish the Third Part also without delay.
M. T. Fernando.
“Sri Ranjen”
Moratuwa.
1st March 2477-1934.
නිවේදනය.
අපගේ ආරාධනාවෙන් ගරු: මොරටුවේ ආභිධම්මික මෙධානන්ද නායක ස්වාමීන්ද්රයන් වහන්සේ විසින් සම්මොහවිනොදනී නම්වූ විභංගප්රකරණ අටුවාවට කර වදාළ අභිධර්මප්රදීපිකා නමැති මේ සිංහල ව්යාඛ්යාවේ ප්රථමභාගය 1929 දී මවිසින් මුද්රණය කරවා ප්රසිද්ධ කරන ලදි.
සම්පූර්ණ පොත ලියා අවසන් කොට තිබුන නමුත් ඒ ප්රථමභාගය පිට කරන්ට මත්තෙන් එහි කර්තෘවූ යථොක්ත මොරටුවේ මෙධානන්ද නායක ස්වාමිපාදයන් වහන්සේ 1929 දීම ස්වර්ගස්ථවූ බැවින් එය මුද්රණයට සකස් කිරීමේ කටයුතු හා ශුද්ධිපත්ර - සූචිපත්ර - පිළියෙළ කිරීමාදි ඉතුරුව තිබුන කටයුතුද කෝට්ටගොඩ සෞගතොදය විද්යාලයේ උපප්රධානාචාර්ය්ය රාජකීය පණ්ඩිත චන්ද්රකීර්ති ශ්රී කහඳමුව දොර පියරතන ස්වාමින් වහන්සේට අප විසින් පවරන ලදි.
අපගේ සහෝදරවූ, මොරටුවේ හොරේතුඩුවේ ගංගාරාමාධිවාසී හොරේතුඩුවේ ධම්මධජ ස්වාමිපාදයන් වහන්සේගේ හා මගේද ආරාධනාව කරුණාවෙන් පිළිගත් උන්වහන්සේගෙන් මේ ද්විතීය භාගය ප්රසිද්ධ කිරීමට ලැබුන උපකාරය ඉතා අගයකොට සලකමු.
මේ දෙවෙනි භාගය පෝර්ම 100 කින් පමණ යුක්තව පිටකරන්ට කලින් අදහස්කර තිබුන නමුත් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි සතිපට්ඨාන - සම්මප්පධාන - ඉද්ධිපාද - බොජ්ඣංග යන විභංග සතරින් යුත් මේ කාණ්ඩය මෙසේ නිකුත් කෙළෙමු.
ඉතා සැලකිල්ලෙන් ශොභනලෙස මෙහි මුද්රණය කර දුන් මහාබෝධි යන්ත්රාලයේ කළමනාකාර මහතා ඇතුළු කම්කරු පිරිසට අපගේ අවංක සාදරස්තුතිය හිමිවිය යුතුය.
මෙහි තුන්වෙනි භාගයද නොපමාව ප්රසිද්ධ කිරීමට බලාපොරොත්තු වෙමු.
ඇම්. ටී. ප්රනාන්දු,
ප්රකාශක.
2477
-------
1934 මාර්තු 1 වෙනිදින
“ශ්රී රන්ජන්”
මොරටුව.
සංඥාපනය.
පූජ්යපාද ආභිධම්මිකාචාර්ය්ය මොරටුවේ මෙධානන්ද අධිකරණ නායක මාහිමියන් වහන්සේ විසින් විභංගප්රකරණාට්ඨකථාවට සපයා වදාළ අභිධර්මප්රදීපිකා නම්වූ සවිස්තර සෛාංහලීය ව්යාඛ්යාවෙහි සකන්ධ - ආයතන - ධාතු - සත්ය - ඉන්ද්රිය - පටිච්චසමුප්පාද යන විභංග ෂට්කාන්තක ප්රථමභාගය ශ්රී බුද්ධවර්ෂ 2472 වනවර්ෂයෙහිදී එහි ප්රකාශකවූ මොරටුවේ සත්ගුණවත් ඇම්. ටී. ප්රනාන්දු මැතිතුමා විසින් ප්රචාරයට පමුණුවන ලදී.
ව්යාඛ්යාග්රන්ථ ප්රණෙතාවූ නෙතෘපාදයන් වහන්සේ තදීය නිර්වාණපරිසමාප්තිය පිළිබඳ භාගය ලැබ ස්වයමධිෂ්ඨිත දුෂ්කර කෘත්යය කොට නිමකළ නමුත් හෙළදිව අබිදම් ලොල් මීලොලුන් ඒ මහරුගන් කුසුමෙහි සුමිහිරි පදරුත් මුවරද රස රිසියේ විඳ විඳ සැනසෙන සැටි දකින්නට නොලැබ ඒ ප්රථමභාගය මුද්රාංකණයෙහි රැඳී පවතිත්ම දිවංගතවූසේක.
ඉක්බිති මෙහි ප්රකාශක මැතිතුමා විසින් ස්වභ්රාතෘභූත මොරටුවේ හොරේතුඩුවේ ගංගාරාමාධිවාසී ගෞරවාර්හ ධම්මධජ ස්ථවිරයන් වහන්සේගේ ද අනුශාසනා ලැබ, එය සකස්කොට මුද්රණ ප්රාප්ත කරවීමේහි ඉතිරි කටයුතු අපවෙත පවරනලදින්, දිවංගතවූ ධර්මාචාර්ය්යවරයෙකු කෙරෙහි ධර්මාන්තෙවාසිකයෙකුගෙන් ඉටුවියයුතු උසස් යුතුකමක යෙදෙන්නට වීම් ගැන ප්රීතියටද පැමිණ, ග්රන්ථකර්තෘන් වහන්සේගේ අවසාන කෘතිය උන්වහන්සේගේම අවසාන ධර්මාන්තෙවාසිකයාහට පැවරීමෙන් මෙහි ප්රකාශක මැතිතුමා කළ යුතුකමද සලකා අපි එහි නියුක්තවීමු. මෙහිදී කෝට්ටගොඩ සෞගතොදය විද්යාලයාධිපති ගෞරවාර්හ කහඳමුවදොර පඤ්ඤාසාරාභිධාන අසමසදෘශ ව්යාසීපාදයන් වහන්සේගේ කරුණාපූර්වක අවසරයද අප උත්සාහවත් කළ බව සඳහන් කළ යුතුය.
මේ ද්විතීය භාගය සතිපට්ඨාන - සම්මප්පධාන - ඉද්ධිපාද - බොජ්ඣංග යන විභංගචතුෂ්කයෙන් පරිමිතය. අටුවාපාළිය දක්වා එහි අරුත්බිණීමේදි අටුවාපෙළ පිරිසිඳීමට ක - කා - කි - කී - යනාදි වශයෙන් ප්රථමභාගයෙහි දැක්වූ ක්රමය මෙහි වෙනස් කොට අටුවා පෙළ හා සන්නය විභාගකර අංක යොදා සකස් කෙළෙමු. එයින් යම් අංකයකින් දක්වන කොටසක සන්නය වෙන් වශයෙන් බැලියයුතුවූ විටෙක අංකපරිපාටියෙන් වහා බලාගැනීමට පහසුවක් සැලසෙයි.
ප්රථමභාගයෙහි මෙන් විභංගප්රකරණයෙන් ගෙන අටුවාහි වැණූ පදපාඨයන්ගේ එකතු සංකලනය මෙහිද යොදනලදී. මේ ග්රන්ථයාගේ අභ්යන්තර නිමිත්ත භාවයෙන් පමණක් නොව ස්වධන පරිත්යාගය යොදා මෙය ප්රචාරයට පැමිණවීම් වශයෙනුදු ඇම්. ටී. ප්රනාන්දු මැතිතුමාගෙන් පර්ය්යාප්ති ශාසනාභිවෘද්ධියට සිදුවූ උපෂ්ටම්භ කෘත්යය ප්රශංසනීයය. අමරණීයය. අනුස්මරණීයය.
අෂ්ටාදශවිභංගයෙන් විභංගදශකයක් මේ ප්රථම ද්විතීය කාණ්ඩ දෙකින් සම්පූර්ණවිය. ඉතිරි විභංගාෂ්ටකයද තව කාණ්ඩ දෙකකින් පමණ අවසන් කළ හැකියයි කල්පනා කරනු ලැබේ. එද නොපමාව ආධුනිකයන් අත තැබීමට ප්රකාශක මහතා යතන දරයි.
වර්ණියෝජකයන්ගෙන් සිදුවූ කිසිදු දෝෂයක් මෙහි ඇතිවිය නොහැක. අපෙන් වූ කිසියම් ප්රමාද දොෂ විද්යමානවිය හැකි වුවත් අර්ත්ථාවගමයට එය බාධාවක් නොකරන බැවින් එබන්දෙහි සහෘදය හෘදයානන්දකර සුධීන්ගේ අනුකම්පාවම සාපෙක්ෂා වමිහ.
ශුද්ධිපත්ර සූචිපත්ර ආදිය ගැන ප්රථමභාගයෙහි දුන් ප්රතිඥාව මෙහිදිත් දියයුතුව තිබේ.
මෙමෙවට,
පණ්ඩිත කහඳමුවදොර
චන්ද්රකීර්ති ශ්රී පියරතන ස්ථවිර.
2477
-------
1934-1-1 කෝට්ටගොඩ,
සෞගතොදය විද්යාලයේදීය.