අභිධම්මචින්තාමණී (ප්‍රථමභාගය) - දෙවිනුවර ඤාණාවාස හිමි 1938.pdf

කතෘ :
දෙවිනුවර ඤාණාවාස හිමි
ප්‍රකාශිත වර්ෂය :
1938
මුද්‍රිත වර්ෂය :
1938
පිටු ගණන :
113
බාගත කිරීම් ගණන :
2
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-21
ගොනුවේ ප්‍රමාණය :
21 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 57

අභිධම්මචින්තාමණී (ප්‍රථම භාගය) යනු කොළඹ දෙමටගොඩ මහාවිශුද්ධාරාම පරිවේණාධිපති ආචාර්ය දෙවිනුවර ඤාණාවාස ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද අභිධර්ම පාඩම් මාලාවකි. බුරුම රටේ වැඩසිටි ප්‍රකට අභිධර්ම විශාරද ලේඩි සයාඩෝ මහා ස්ථවිරයන් වහන්සේගේ ආභාසය සහ බුරුම සම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රම අනුව ශිෂ්‍යයන්ට පහසුවෙන් අභිධර්මය හැදෑරිය හැකි පරිදි මෙම ග්‍රන්ථය සකස් කර ඇත.

මෙහි පළමු භාගය සම්පූර්ණයෙන්ම වෙන් කර ඇත්තේ චිත්ත කාණ්ඩය විස්තර කිරීම සඳහා ය. පාඩම් ක්‍රමයට සකස් කර ඇති මෙහි එක් එක් චිත්ත කොටස්, ඒවායේ ප්‍රභේද, අදාළ ගාථා, අභ්‍යාස ප්‍රශ්න මාලා සහ අගනා ස්වරූප විභාග චක්‍ර ඇතුළත් වේ.

දෙවිනුවර ඇස්. වංශකුලසූරිය මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම කෘතිය බු.ව. 2481 (ක්‍රි.ව. 1938) දී කොළඹ මහාබෝධි යන්ත්‍රාලයේ මුද්‍රණය කර ඇත.

පිළිගැන්වීම.

අභිධම්මචින්තාමණී නම් මේ ග්‍රන්ථය අපගේ ධර්‍මාචාර්‍ය්‍ය වූ බුරුමරට මණ්ඩලේ නුවර අභයාරාමාධීශ්වර පරියත්තිසාසනහිත ධම්මාචරිය අග්ගමහා පණ්ඩිත අග්ගධම්මාභිවංස “සොජින්” නිකායේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත අත්‍යන්ත ගෞරවයෙන් පිළිගන්වන ලදී.

දෙවිනුවර ඤාණාවාස.

දෙවිනුවර ඤාණාවාස.

සංඥාපනය.

අභිධර්‍මය හැදෑරීමේ ආශාව මෙකල ලක්වැසියන් තුළ ක්‍රමයෙන් වැඩී යන බැව් කිව යුතු යි. මෑත දී ඇරඹුණු ත්‍රිපිටකධර්‍මපරීක්‍ෂණයන් නිසා භික්‍ෂූන්වහන්සේ ද ඉරුදින බෞද්ධ පාසැල්වල විභාගයන්ට අභිධර්‍මය ඇතුළත් වන හෙයින් ගිහි ශිෂ්‍යයෝ ද පරමාර්‍ත්‍ථධර්‍මයන් ඉගෙනීමට විශේෂ සැලකිල්ලක් හා උනන්දුවක් ද දක්වත්. එහෙයින් ඒ පරමාර්‍ත්‍ථ ධර්‍මයන් පිළිබඳ වැ උගත මනා කරුණු ශිෂ්‍යයනට සුවසේ තේරුම් යන අයුරු ලිහිල් සිංහලබසින් ලියැවුණු පොතපත සුලභ කිරීම ලක්දිව නියම පරමාර්‍ත්‍ථධර්‍මවේදීන්ගේ අසහාය යුතුකමෙක.

බුරුමයෙහි පැවිදි සිසුනට පමණක් නො ව ළා බාල දරුවනට ද සෲව්‍ය වන අයුරු එබඳු ගත් රැසක් වසරක් පාසා පළ කැරෙණ නමුත් අප ලක්දිව කරුණට සරිලන තරම් ක්‍රමානුකූල ව නිපැයුණු පොත් නැති වීම අභාග්‍යයෙක. එහෙයින් ම පාළිභාෂාව නූගත් සමහරුන් තුළ විදර්‍ශි හැදෑරීමට ඇතිවන ඕනෑකම උපන් ගෙහි දී ම නැසේ. පාළි උගතුන්හට වුව ද සිංහල පොත් උපයෝගී කරගෙන තම දැනුම වඩා වඩාත් ඔප ලා ගත හැකි ය. එහෙයින් ඔවුන්ට ද ඒ ග්‍රන්ථයෝ ඉවහල් වෙත්. ‘අභිධර්‍මය ඉගෙනීම දුෂ්කරය’ යි ලක්වැසියන් තුළ මුල් බැසගෙන තිබෙන දුබල හැඟුම ද මුලකී පාඩුව නිසා ම ඇති වූවකැ යි සිතිය යුතු ය.

මේ කරුණු ගැණ සලකා බැලූ කොළඹ මහාවිශුද්ධාරාම පරිවෙණාධිපති ආචාර්‍ය්‍ය දෙවිනුවර ඤාණාවාස ස්ථවිර ස්වාමිපාදයන් වහන්සේ අභිධම්මචින්තාමණී නම් මේ ග්‍රන්ථය ප්‍රතිපාදනය කරන්ට අදහස් කළහ. මේ පළ වෙන්නේ ඒ පොතෙහි පළමුවැනි අංශය ය. ඒ ස්වාමිපාදයන් පළමුකොට ආචාර්‍ය්‍ය අරංගල සිරිධම්ම මාහිමියන් වහන්සේගෙන් අභිධර්‍මය ඉගෙන බුරුමරටට වැඩමවා එහි මණ්ඩලේ නුවර මහාවිශුද්ධාරාමයෙහි දී සහ හංසාවතියෙහි මහාධම්මිකාරාමයෙහි දී ද ඒ දැනුම දියුණු තියුණු කරගෙන එහෙයින් ම අභිධර්‍මවිෂයයෙහි මනා දැනුමක් ඇතිකරගෙන තිබෙන හෙයින් එබඳු හිමිපාන කෙනෙකුන් මේ කරුණෙහි ලා උත්සුක වීම ධර්‍මකාමීන්ගේ භාග්‍යයක් විය යුතු ය.

ක්‍රමානුකූල ව ලියැවෙන මේ පොතෙහි ආධුනිකයන්ගේ පහසුව තකමින් අනුගමනය කරනලද විශේෂාංගයන් අතර සමහරක් නම් හැකිතරම් ලිහිල් බසින් ලීමට දරණ ලද ප්‍රයත්නය ද, ඒ ඒ ධර්‍මකාණ්ඩයන් “පාඩම්” වශයෙන් පිරිසිඳ දැක්වීම ද, ඉතා ගැඹුරු ය යි පැණෙන තැන් පවා උපමා ආදියෙන් සපුට කර තිබීම ද, ඒ ඒ අභ්‍යාසයන් ප්‍රශ්නමාලාවකින් අවසන් කිරීම ද, අතිරේක වශයෙන් යොදනලද ප්‍රකීර්‍ණක කථා ද වෙත්. (මහග්ගතලොකුත්තරචිත්තයන් පිළිබඳ ප්‍රකීර්‍ණකකථා දෙවැනි මුද්‍රණයෙහි දී යොදනු ලැබෙත්ල). මේ සියලු කරුණු ම ශිෂ්‍යයන්ගේ උද්ග්‍රහණ සෞකර්‍ය්‍යය පිණිස ම යොදනලදහ.

එසේ ම මෙහි යෙදුණු ස්වරූප විභාගචක්‍ර පරමාර්‍ත්‍ථධර්‍මය හැදෑරීමේ දී ඉතා උපකාරී වෙත්. බුරුමයෙහි අභිධර්‍මය ඉගෙනීමට ලැබෙන පහසුව ද මේ ස්වරූපසංඛ්‍යා වශයෙන් ඉගෙනීමේ ප්‍රතිඵලයෙක. මුල දී ස්වරූපවිභාගය සමග ඉගෙනීමෙන් මතු මතු අභිධර්‍ම ප්‍රකරණයෙන් ඉගෙන ගැණුමට විශේෂ පහසුවක් ලැබේ. ලක්දිව ද මේ ක්‍රමය අනුගමනය කිරීම ගුරුශිෂ්‍ය දෙපක්‍ෂයට ම පහසුව පිණිස වේ. මෙහි ප්‍රශ්නමාලාවන්හි ඇතුළත් නො වූ නමුත් ඒ ඒ සිත් කොටස් හි ස්වරූප ඉගැන්වීමේ දී ස්වරූප විභාග චක්‍රයෙහි එන ක්‍රමයෙන් ම ගුරුවරුන් විසින් ප්‍රශ්න අසා ශිෂ්‍යයන්ගෙන් චිත්ත චෛතසිකයන්ගේ සුඛසහගතාදි ක්‍රමයෙන් උත්තර ලබාගත යුතු ය.

තව ද මෙහි එන ගාථාවන්හි ඒ ඒ පාඩම්වල සාරාංශය ගැබ් ව තිබේ. ඒ ගාථා වනාහි බුරුම රටැ වැඩසිටි කීර්තිමත් අභිධර්‍ම විශාරද පඬිතුමෙකූ වූ “ලේඩි සයාඩෝ” යි ප්‍රකට මහාස්ථවිරයන් වහන්සේ විසින් එරට විදර්‍ශි හදාරණුවන්ට යෝග්‍ය පරිදි බුරුමබසින් ගෙතුණු ගී පෙළකින් පෙළබසට නඟන ලදහ. ගීවලට සමාන අදහස් ඇති පූජ්‍යපාදාචාර්‍ය්‍යවරයන් ගේ ගාථා ද මෙහි යොදා තිබේ. මේ ග්‍රන්ථය ආධුනිකානුග්‍රහය කිරීමෙහි සාකල්‍යයෙන් සමර්‍ත්‍ථ වේවායි ආශංසනය කරමු.

සියලු සත්‍වයෝ සුවපත් වෙත් වා!

මෙයට, මිරිස්සේ ගුණසිරි (භික්ඛු).

14. 2. 2481. 1938. මහාවිශුද්ධාරාමය, දෙමටගොඩ, කොළඹ.

මිරිස්සේ ගුණසිරි (භික්ඛු).
14. 2. 2481.
1938.
මහාවිශුද්ධාරාමය, දෙමටගොඩ, කොළඹ.

අනුස්මෘතිය.

ලමාකලැ මා තුළැ - පැවිදි වීමට අදහස ඇති කළ කලණමිත් ගරු - “රුවන්වැලි” මහතෙරිඳුන් අනතුරු ව සත්නැණ - සමඟ ඔවදන් දීමෙන් ඉවහල් වූ මහතෙරිඳුන් - මිරිස්සේ “නැණරුවන්” නම් යුත් එසෙ ම “නැණ විලස” නි - දන් තෙරිඳුන් බදුල්ලෙහි සිහිකර යලිත් නංඟලු - පෙදෙසෙහි සුනද තෙරිඳුන් තව ද මා ඇදුරු වූ - “සිරිදම්” සමිඳු සිල්වත් විසුදැරම් පිරිවෙණ මුල් - අදිපති දුරය ඉසිලූ ඉනික්බිති බුරුමෙහි - හංසාවති පෙදෙසෙහි මහදැමි අරම් අදිපති - නාහිමිතුමන් සමඟින් මණ්ඩලෙ නුවර මහ - විසුදැරම් පිරිවෙණ ගරු ඇදුරු තැන්පත් “සංගෙඬි - සයාඩෝ” යතිඳුද සිහලබස දැනගත් - අගමහපඬි පදවී ලැබූ “අගදම්බිවංස” තෙරිඳුන් - තෙවළා දහමැ සුනිපුණ එසෙම සද සතරෙහි - සහ දැමි විනය ඇදුරු වූ “කොසලබිවංස” මහ තෙරිඳු - සිහිකරු නැමැද බැතියෙන් යලිදු මා ලක්දිව - පෙරලා පැමිණි වර සොඳ සකුබස ඈ සතරතර - පුහුණු කරවූ පඬිහිමි පිරිවෙණැ සිරිමඟුල් - නමින් පරසිදු මානර “දම්වස්” තෙරිඳු යන මේ - සියලු ගුරුවර සමිඳුන් මෙගත පළ කැරුමට - ඉවහල් වූ නන් ලෙස මට කරපුටුගල “දහම්ලෝ” - නාහිමි සඳු ද සුවියත් සරනෙමි ඔවුන් ගුණ - ඉක්බිති මෙගත් ගෙතුමෙන් ලද පින් සියලු දෙනහට - පවරමි නිවන් සඳහා.

මෙයට, කර්තෘ.

කර්තෘ.

නිවේදනය.

මේ ග්‍රන්ථයෙහි ඉතුරු කොටස් ද යථා කාලයෙහි ආධුනිකයන්ගේ අතට පත් කිරීමට බලාපොරොත්තු වෙමු.

තව ද මේ ග්‍රන්ථය මුද්‍රිත කිරීමෙහි දී ශොධ්‍යපත්‍රයන් බලා දීමෙන් උපකාර කල මිරිස්සේ ගුණසිරි ස්වාමින් වහන්සේ ද, සමහර ශොධ්‍යපත්‍ර බලා දුන් වෙලේගොඩ ඤාණවංශ, කනන්විල තෙජොසාර, මණ්ඩාචල සද්ධානන්ද යන මහාවිශුද්ධාරාමික ස්වාමීන් වහන්සේලා ද, මෙය නොපමාව පළකැරුමට විශේෂ උනන්දුවක් දැක්වූ ජල්තර සද්ධාරතන ස්වාමින් වහන්සේ ද පුණ්‍යානුමොදනා මුඛයෙන් සිහිපත් කරමු.

එසේම මෙය නැවත මුද්‍රිත කරවීම කර්තෘ ස්වාමින් වහන්සේගේ අනුමතය පරිදි විය යුතුයි.

මීට, ඇස්. වංශකුලසූරිය.

2481 1938 පෙබරවාරි මස 14 වැනිදින දෙවිනුවර දීය.

ඇස්. වංශකුලසූරිය.
2481
1938 පෙබරවාරි මස 14 වැනිදින
දෙවිනුවර දීය.