මිලින්දප්‍රශ්නය - හීනටිකුඹුරේ සුමංගල හිමි 1878.pdf

කතෘ :
හීනටිකුඹුරේ සුමංගල හිමි
ප්‍රකාශිත වර්ෂය :
1878
මුද්‍රිත වර්ෂය :
1878
පිටු ගණන :
651
බාගත කිරීම් ගණන :
5
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-18
ගොනුවේ ප්‍රමාණය :
241 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

වෙනත් සංස්කරණ

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 326

මිලින්දප්‍රශ්නය හෙවත් ශ්‍රී සද්ධර්මාදාසය යනු පාලි මිලින්දපඤ්හ පාලි ග්‍රන්ථය ඇසුරෙන් රචිත ප්‍රකට සිංහල පරිවර්තනයයි. බුද්ධ වර්ෂ 2290 දී (ක්‍රි.ව. 1747 දී පමණ) කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ආරාධනයෙන්, වැලිවිට අසරණසරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ශිෂ්‍යවර හීනටිකුඹුරේ සුමංගල හිමියන් විසින් මෙම සිංහල පරිවර්තනය සිදු කර ඇත.

මිලිඳු රජු සහ නාගසේන මහරහතන් වහන්සේ අතර පැවති ධර්ම සාකච්ඡා හා ගැඹුරු බෞද්ධ දාර්ශනික කරුණු ඇතුළත් මෙම ග්‍රන්ථය, බුද්ධ ධර්මය ඉගෙනීමටත් ප්‍රඥාව වර්ධනයටත් උපකාරී වන මාහැඟි ධර්ම ග්‍රන්ථයකි. මෙහි අරුත් පැහැදිලි කරනු පිණිස ගැටපද විවරණ හා උපග්‍රන්ථ ද අන්තර්ගත කර ඇත.

මෙම මුද්‍රණය බුද්ධ වර්ෂ 2420 (ක්‍රි.ව. 1878) දී කොටහේනේ සර්වඥ ශාසනාභිවෘද්ධිදායක මුද්‍රණාලයේදී මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත්තේ කොළඹ කරෝලිස් පීරිස්, ආබ්‍රහම් ලියනගේ, එවින් මැන්දිස්, නන්දිරිස් මෙන්දිස් අමරසේකර සහ චාර්ලිස් අර්නෝලිස් මැන්දිස් වික්‍රමරත්න මොහොන්දිරම් යන මහතුන් විසිනි. මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි ඇතුළු පඬිවරුන්ගේ සහායෙන් ලේඛන දෝෂ නිවැරදි කරවා මුද්‍රණය කරවා ඇත.

දැන්වීමයි

සර්‍වලෝකෛක නායකවූ භගවත් අර්‍හත් සම්යක් සම්බුද්ධසර්‍වඥරාජොත්තමයානන් වහන්සේ පිරිනිවී පන්සියයක් අවුරුදු අතික්‍රාන්තවූ කල තුලාවහලවූ වජ්‍රොපමවූ තීක්‍ෂණ නුවණින්යුත් මිළිඳුරජහු විචාල ප්‍රශ්නකථාවොද අත්‍ථ ධර්‍ම නිරුක්ති ප්‍රතිභාන යන සිව්පිලිසිඹියාවෙහි නොපැකිල පවත්නා වාක්පටුත්‍වයක් ඇති නාගසෙනස්ථවිරයන්වහන්සේගේ විසඳීම් කථාවෝද යන පූජ්‍යා විඥාපනවශයෙන් යුක්තප්‍රකාශිත ප්‍රවෘත්තිය පූර්‍වාචාරීන් විසින් සර්‍වභාෂා මූලිකවූ මාගධිකභාෂාවට නගා ප්‍රකරණාරූඪ කරණලද, ඒ ප්‍රකරණය ශ්‍රීබුද්ධ වර්‍ෂයෙන් 2290, වෙනි වර්‍ෂයෙහි ලක්දිවරජ පැමිණි කීර්තිශ්‍රීරාජසිංහ රජහුගේ ආරාධනාවෙන් වැලිවිට සරණංකර සංඝරාජමහස්ථවිරයන් වහන්සේගේ අනුශිෂ්‍යවු හීනටිකුඹුරෙ සුමංගලස්ථවිරයන් විසින් සිංහල භාෂාවට පෙරලා කරණ ලද මෙම මිළිඳුප්‍රශ්නනම්වු, ශ්‍රීසද්ධර්මාදාසයගැන කියයුතු සියල්ලම මෙම පොතේ පූර්‍වාරම්භයට සන්නනතිං විසින් ඇතුලත්කර තිබෙන ලද හෙයින් මීටවඩා යමක් කියන්ට ඕනෑනොකරන්නේය මෙම මිළිඳුප්‍රශ්නය, බුද්ධධර්‍මය ඉගෙන ගැනීමටද නුවණ වැඩීමටද, මිත්‍යාවාදීන්ගේ වාද මැඩපැවැත්වීමටද අත්‍යන්තොපකාරීවු මාහැඟි ප්‍රකරණයක්ය, මෙම පුස්තකය, අතින් අතට ලියා ගැනීමෙන්පැමිණි ලිපි දෝෂාදිය, ප්‍රසිද්ධ මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේගේ ආධාර ඇතුව, පණ්ඩිතස්ථවිරයන්වහන්සේලා කිපනමක්ලවා සුද්ධකරවා යලිද, මෙම පොතෙහි තේරුන් ගැනීමට දුෂ්කරවු ධර්‍මපදාදී ගම්භීර පදාර්‍ත්‍ථයන්ගේ අර්‍ත්‍ථදැක්වීමෙන්යුත් උපග්‍රන්ථයක්ද, අක්‍ෂරාදී පිළිවෙල යොදනලද ගැටපද විවරණයක්ද මෙහි අගටයොදා - අච්චු ගස්වා ප්‍රසිද්ධකරන්ටයෙදුනේ -

කොළඹ පදින්චි කරෝලිස් පිරිස් අප්පුහාමිද,
ආබ්‍රහම් ලියනගේ අප්පුහාමිද,
එවින් මැන්දිස් අප්පුහාමිද,
නන්දිරිස් මෙන්දිස් අමරසේකර අප්පුහාමිද,
චාර්ලිස් අර්නෝලිස් මැන්දිස් වික්‍රමරත්න මොහොන්දිරම්
යන පස්දෙනා විසිනි, ශ්‍රීබුද්ධවර්ෂ 2420, වන්තේ ඇසලමස පුර පසළොස්වක්ලත් රිවිදින - කොළඹදීය.