ශ්‍රී සද්ධර්මාවවාද සංග්‍රහව - තිබ්බටුවාවේ බුද්ධරක්ෂිත හිමි 1901.pdf

කතෘ :
තිබ්බටුවාවේ බුද්ධරක්ෂිත හිමි
ප්‍රකාශිත වර්ෂය :
1901
මුද්‍රිත වර්ෂය :
1901
පිටු ගණන :
598
බාගත කිරීම් ගණන :
2
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-18
ගොනුවේ ප්‍රමාණය :
141 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

වෙනත් සංස්කරණ

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 300

ශ්‍රී සද්ධර්මාවවාද සංග්‍රහව යනු වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකු වූ තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ෂිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචිත අගනා ධර්ම ග්‍රන්ථයකි. බුදුදහමේ මූලික ඉගැන්වීම් සරල සිංහල බසින් පැහැදිලි කරදීම සඳහා රචිත මෙම කෘතිය, සද්ධර්මය උගත මනා සැදැහැවතුන්ට මහත් ධර්ම ඥානයක් සලසයි.

මෙහි ධර්මාභිසමය, තෙරුවන් ගුණ, සරණාගමනය, කුසලාකුසල කර්ම විභාග, සීලය, රාජ ධර්ම සහ ගෘහපති ධර්මානුශාසනා ඇතුළු ප්‍රධාන පරිච්ඡේද ගණනාවකින් ධර්ම කරුණු විස්තර කෙරේ. විද්‍යෝදය පිරිවෙන්පති හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ශිෂ්‍ය මුල්ලේරියාවේ විමලජෝති ස්ථවිරයන් වහන්සේගේ ශෝධනයෙන් යුතුව, ඇම්. අයි. පෙරේරා මහතා විසින් බු.ව. 2445 (ක්‍රි.ව. 1901) දී ශාස්ත්‍රෝද්ධාර යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවා ඇත.

දැන්වීමයි.

ශ්‍රී සද්ධර්මාවවාද සංග්‍රහවනමිවූ මෙමග්‍රන්ථය මධුරමනෝහර සද්ධර්මනමැති ප්‍රදීපාලෝකයදල්වා මෝහනමැති අන්ධකාරය දුරුකිරීමට සහායවූ අනේකවිධ ධර්මකොට්ඨාසවලින් යුක්තකොට ගලපනලද්දේකි. මෙය ශ්‍රීවර්ධනපුර උපොසථාරාමයෙහි වැඩවිසූ වැලිවිට පිණ්ඩපාතික සරණංකර සංඝරාජ මහාස්ථවිර ස්වාමිපාදයන්වහන්සේගේ ශිෂ්‍යවූ තිබ්බටුවේ බුද්ධරක්ෂිත මහාස්වාමිපාදයන් විසින් ලංකාවාසි සියළු බුද්ධභක්තිකයන්ගේ සද්ධර්මෝද්ග්‍රහණයපිණිස සිංහල භාෂාවෙන් ලියනලදී. සම්බුද්ධධර්මය පහසුවෙන් ඉගෙනගන්නන්ට අතිවිපුල ප්‍රයෝජනවූ මෙම ධර්මප්‍රකරණය පරිච්ඡේද තෙලෙසකින් යුක්තබවද මෙම පොතට උචිතකාරී සංග්‍රහන සුද්ධපත්‍රාදිය යොදා පිටු (580) කින්යුත් මෙමපොත්වහන්සේ මුද්‍රණය කර නිමවී තිබේ—

තවද මෙමපොත නැවත අච්චුගැස්වීමේ අයිතිවාසිකම පගතනම්ජෙන මටම තබාගත්බවද, අපේ සීල්මුද්‍රාය නැති පොතක් දකින්ට ලැබුනොත් නීතිමාර්ගයෙන් අච්චුපමුණුවනබව දතයුතුයි—

මෙම පොත් කොළඹ ග්‍රන්ථප්‍රකාශ යන්ත්‍රාලයෙහි ජේ. ඩී. ප්‍රනාන්දුගෙන්ද කැළණියේ ශාස්ත්‍රෝධාර යන්ත්‍රාලයෙන් සහ හැම පොත්කඩවලින්ද ලබාගතහැකිය.

ඇම්. අයි. පෙරේරා.