සිදත්සඟරා විස්තර සන්නය - රත්මලානේ ධර්මාරාම හිමි 1925.pdf
- කතෘ :
- වෙදෙහ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1925
- මුද්රිත වර්ෂය :
- 1925
- පිටු ගණන :
- 245
- බාගත කිරීම් ගණන :
- 13
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-18
- ගොනුවේ ප්රමාණය :
- 51 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සිදත්සඟරා විස්තර සන්නය යනු වෙදෙහ මහා ස්වාමිපාදයන් විසින් රචිත සම්භාව්ය සිංහල ව්යාකරණ ග්රන්ථය වන සිදත් සඟරාව සඳහා පෑලියගොඩ විද්යාලංකාර පරිවෙණාධිපතිව වැඩවිසූ ත්රිපිටක වාගීශ්වරාචාර්ය්ය උපාධ්යාය රත්මලානේ ශ්රී ධර්මාරාම නාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත ප්රශස්ත විස්තරාත්මක සන්නයයි.
මෙම සන්නයේ මුල් භාගය 1887 දී ‘සත්යසමුච්චය’ සඟරාවේ පළවූ අතර, පසුව සයිමන් ද සිල්වා වාසල මුදලිතුමා සහ ඩී. බී. ජයතිලක මහතාගේ ආරාධනයෙන් සම්පූර්ණ කෘතියක් ලෙස සකස් විය. මෙහි සිදත් සඟරා පෙළෙහි පැවති බොහෝ දූෂිත පාඨ ශෝධනය කර ඇති අතර, විශේෂයෙන් අවසන් ගාථාවේ පැවති ‘අඬරවක්රබන්ධ’ කාව්ය ලක්ෂණය මතුකර දක්වා තිබීම මෙහි සුවිශේෂීත්වයකි. සංස්කෘත, පාලි සහ පැරණි සිංහල ග්රන්ථ රාශියක ආශ්රය ලබමින් ගැඹුරු ව්යාකරණ විවරණයක් සපයා ඇත.
මෙම තෙවන මුද්රණය 1925 වර්ෂයේදී පෑලියගොඩ සත්යසමුච්චය මුද්රණාලයෙහි මුද්රණය කොට ඩී. ඒ. ජයතිලක මහතා විසින් ප්රකාශයට පත් කර ඇත.
Preface to the First Edition.
IN the following pages the student of Sinhalese will find a full commentary on the Sidat-Sangarâ. Of the importance of the latter work in the study of the Sinhalese language it is not necessary to speak here at length. For seven centuries it has been recognised as the standard Grammar of our tongue, and as such it is likely to hold undisputed sway for a long time to come. Several grammars on modern, and, it may be even conceded, simpler methods have in recent times appeared, some of which have deservedly become popular. But the advanced student will find his knowledge of Sinhalese Grammar much deficient unless and until he masters the Sidath-Sangarâ This old Grammar is, however, composed in such concise form that a full commentary on it is a need felt by every student. That need, I hope, will be amply supplied by this volume.
The first part of this Commentary appeared several years ago in the Oriental Magazine, Satyasamuccaya, and was eagerly welcomed by a large circle of readers. That magazine however, ceased to exist before half of the book was published, and the work was left incomplete. At the request of Mr. Simon de Silva, Wâsala Mudaliyar, and myself, the learned Nâyaka Thera who originally contributed the first part to the Satyasamuccaya kindly consented to complete the book and revise it for the press.
In this volume the text is carefully explained, and every point of difficulty and obscurity elucidated and interpreted with a fulness that leaves no room for uncertainty. The copious illustrations, drawn from various sources, Sanskrit, Pali, and Sinhalese, are admirably selected and serve to enhance the value of the expositions.
Another feature of this work which will interest the student and the scholar alike, is the revision of the text which embodies the results of much critical labour and careful research. In several instances, corrupt readings will be found, for the first time, corrected here. I would only refer to the brilliant emendation of the last stanza of the SIDAT-SANGARA, long misread and misunderstood, which in this edition asssumes what must undoubtedly have been its original form as a rare and elegant composition of its kind, worthy of the great Grammarian and his memorable work.
D. B. JAYATILAKA.
Colombo, 30th September, 1902.
සංඥාපනය.
සිංහලභාෂා තොමෝ වනාහි මීට අවුරුදු දෙදහස් දෙසියයෙකින් පූර්වයෙහි ද ත්රිපිටකාර්ත්ථකථාදි උතුම් පොත්පත් ලියන්ට පවා සුදුසු ව පැවැති පිරිසුදු ව්යාකරණලක්ෂණයෙන් යුක්ත ආර්ය්යභාෂාවකි. මේ ස්වදේශභාෂාව ලක්දිවැස්සන්ට පමණක් සාධාරණ වූ හෙයින් අන් සමහරභාෂා පමණ දේශාන්තරපරිණාමයට නොපැමිණියහැකි නමුත් කාලාන්තරවශයෙන් අවුරුදු දහසෙකින් පෙර පැවැති රීතියට වඩා වර්තමානරීතියෙහි විශේෂයක් පවතී. අනුරාධපුර - පුලස්තිපුර - රාජධානිකාලයන්හි පිහිටුවනලද ශිලාලෙඛනාදියෙන් ද ඒ ඒ කාලවල ලියනලද පොතපතින් ද ඒ බව ප්රකාශ වේ. පුරාතන රීතියට අනුව පැවැති සිංහල ව්යාකරණ පොත් සිදත්සඟරාව ප්රකාශ වූ පසු ක්රමයෙන් අභාවයට ගියේය යි සිතියයුතුයි. අවුරුදු 800 කින් මෑතකාලයෙහි සිංහලභාෂාවේ සංරක්ෂණය පිණිස පැවැති ව්යාකරණ ග්රන්ථය නම් මේ සිදත්සඟරාව ම ය. ෂඩ්භාෂාපරමේශ්වර තොටගමුවේ ශ්රීරාහුල සංඝරාජ ස්වාමිපාදයන් විසින් කාව්යශෙඛරයෙහි :—
“නත්වරද ලොප් වන කිරිය අඳියර සත් වන අදෙස් හැඳිහිලි වන එසඳ ගුණියෙන් සදලකුණු වන”
යන ශ්ලොකාත්ථයෙන් දක්වනලද ව්යාකරණශාස්ත්රය ද මේ සිද්ධාන්තසංග්රහය ම ය. මේ ඉතා සංක්ෂෙපයෙන් කරනලද්දක් වුවත් මාගධ සංස්කෘතාදි ව්යාකරණයන් ආධාර කොට ඇතිහෙයින් අසම්පූර්ණ නො වේ. මෙහි සඞ්ගෘහීත වූ ව්යාකරණොපදෙශරාශිය මේසා ග්රන්ථලාඝවයකින් යුක්ත කොට දැක්වීමෙන් ප්රතිරාජ පරිවෙණාධිපති ආචාර්ය්යපාදයන්ගේ වාගතිශය ප්රකාශ වේ. මෙසේ සංක්ෂිප්ත වූ මෙයින් සිංහලව්යාකරණය ප්රගුණකරන ආධුනිකයන්ට මාගධාදි අන්යව්යාකරණයන්ගෙන් විස්තරාවග්රහණය නිරතුරු ම වුවමනා වේ. පුරාතන සිද්ධාන්තව්යාඛ්යානයෙහි මීට වුවමනාවූ බාහිර ව්යාකරණවිධි විස්තර සේ නො දැක්වූයෙන්
හෙද මේ සඳහා සංක්ෂෙප ව්යාඛ්යානයක් විය. මෙකල ආධුනිකයන්ට වුවමනා සේ බාහිර ව්යාකරණොපදෙශ සහිත විස්තර ව්යාඛ්යානයක් ඇතිවීනම් යෙහෙකැයි සැලකූ අප විසින් අයදිනාලද පූජ්යපාද විද්යාලඞ්කාර පරිවෙණාධිපති නායක ස්වාමීන්ද්රයන්වහන්සේ විසින් මේ විස්තර සන්නයේ ප්රථමාර්ධය මීට අවුරුදු තුදුසකින් පූර්වයෙහිදී සම්පාදනය කරනලදින් වර්ෂ 1887 දී අපේ කර්තෘත්වයෙන් පැවැති සත්යසමුච්චය සඟරාවෙහි ද ඒ විස්තර සන්නයෙන් කොටසක් ප්රකාශකරවීමු, එයින් විපුලප්රයෝජන ලැබූ ආධුනිකයෝ සම්පූර්ණපොත ලබාගැන්මෙහි සාපෙක්ෂ වූහ. එහෙයින් යථාභාෂිතෝපකාරී අප මිත්ර සයිමන් ද සිල්වා සෙනෙවිරත්න වාසල මුදලිමැතිතුමාගේ හා අපගේ ත් ආරාධනාව පිළිගත් යථොක්ත නායක ස්වාමීන්ද්රයන්වහන්සේ යථාවකාශයෙන් ඒ අවසානභාගයද ලියා පූර්වභාගයද සකස්කොට මේ විස්තර ව්යාඛ්යානය සම්පූර්ණකර වදාළෝය.
මෙසේ සම්පූර්ණත්වයට පැමිණි මේ විස්තරසන්නය සිංහලව්යාකරණයේ විශේෂ දීපනිමත්භාවයක් ගෙන දීමට යෝග්යපරිද්දෙන් පිළියෙළ වී තිබෙනු දැක්ම ශාස්ත්රාභිවෘද්ධිකාමී සියල්ලන්ට ම ප්රීතියට හේතු වේය යි සලකමු. කාලාන්තරයක් මුළුල්ලෙහි පැවත ආයෙන් උගතුන්ට පවා වාචොද්ගගතව ආ බොහෝ දූෂිතපාඨ මේ සන්නයේ පෙළෙහිද ශුද්ධව පමුණුවනලද්දේය. එසේම පදවිභාවාදී වරදවා ගැන්මෙන් ව්යාකූල ව ආ නොයෙක්තැන් ද නිරාකූලලෙස හේතු උදාහරණ සහිත ව මෙහි විස්තර කරනලද්දේය.
සිදත්සඟරාවේ “මෙහි පදනුවඟ” යනාදි කව හා එහි සන්නයත් ප්රසාදවහ නො වූ අවස්ථා යෙදුමක් ලෙස පැවත ආ නමුත් මේ ව්යාඛ්යා සහිත පාඨශුද්ධියේදී යටපත් මහත්නිධානයක් මතුකොට දක්වන්නාක් මෙන් ශබ්දාලංකාර අර්ථාලංකාරාදිකින් විසිතුරු වූ මාහැඟි කාව්යයක් බවට පමුණුවාලීම සියලු සිංහල සුධීන්ට ම ප්රීතිජනක ලාභයක් වේ. එය වනාහි මෙතෙක් ම ස්වභාෂාවේ (කවිසිළුමිණෙහි හැර) අන්කිසි කවිපොතෙක දකින්ට නො ලැබෙන ශාස්තෘනාමකීර්තනාංශභින්නචක්රයක්. “අඬරවක්රබන්ධ” නම් විචිත්ර ක්ලිෂ්ට කාව්යබන්ධනයක් වූ මෙයින් කාව්යාභිලාෂීන්ට ලැබියහැකි ප්රමෝදය අප්රමාණ ය. මෙය ඇසුරු කොටගෙන නායකස්වාමිපාදයන්වහන්සේ විසින් ව්යාඛ්යාතාවසානයෙහි යොදනලද අභිනව පද්යය ද මෙසේ ම අඬරවක්රබන්ධන වශයෙන් විරචිතය, එහි චක්රවින්යාසය මෙසේයි:—
[චක්ර සටහන]
“ප පඟා ඇහි, ආණැපසඳ සුතුබස්, බන් නුයි බෙම්, තොප කිත් කිළිය, සොමිකියවන සුළු, විරුදුවා නම්, වියරණ සිඳු බරමින, විනබනදපින පිලෙන, දියදන නර නන මින” යනාදි වශයෙන් මෙහි නොයෙක්තැන්හි කරනලද පාඨශුද්ධි ද සූක්ෂ්මබුද්ධිමතුන්ට අතිශයෙන් ප්රීතිජනක වේ.
තවද පාණිනීය, චාන්ද්ර, කාතන්ත්ර, මුග්ධබොධ, මහාභාෂ්ය, භාෂාප්රදීප, වාක්යපදීය, වෛයාකරණසමීක්ෂා, ත්රෛලොචනදාස පඤ්ජිකා, නිරුක්තශාස්ත්ර, ප්රාකෘතශාස්ත්ර, අපභ්රංශශාස්ත්ර, (තර්ක) න්යායශාස්ත්ර, වෛශෙෂිකශාස්ත්ර, මීමාංසාමහාර්ණව, වාත්ස්යායන භාෂ්ය, ආකර, මනුස්මෘති, භරතශාස්ත්ර, අමරකොශ, මෙදිනීකොශ කාව්යප්රකාශ, කාව්යප්රදීප, අලංකාරසමීක්ෂා, ආග්නෙයපුරාණ,
සරස්වතීකණ්ඨාභරණ, වාග්භටාලංකාර, සාහිත්යදර්පණ, නෛෂධකාව්ය, (ශිශුපාලවධ) මාඝකාව්ය, වාසවදත්තා, කාදම්බරී ආදි සංස්කෘත ග්රන්ථවලින් ද—මොග්ගල්ලායන ව්යාකරණ, පඤ්චිකාප්රදීප, බාලාවතාර, සුබොධාලංකාර, මහාබොධිවංශ, ධර්මප්රදීපිකා, අභිධර්මාර්ත්ථකථාදි මාගධානුගත ග්රන්ථවලින් ද—සියබස්ලකර, ලකුණුසර, මුවදෙව්දවු, ගුත්තිලය, කව්සේකර, හංස-කිර-ශාරිකාසන්දෙශ, බුදුගුණාලංකාරාදි එළුපොත්වලින් ද සුදුසුතන්හි ගෙනහැර දක්වනලද මාහැඟි උපදෙශනිර්දෙශනවලින් මේ සන්නය ප්රතිමණ්ඩිතව තිබේ. අවසානයෙහි කවිසමය සම්බන්ධ වූ විශේෂොපදෙශ ද සංක්ෂෙපක්රමයකින් දක්වනලද්දේය.
මෙසේ ලොකාර්ථදර්ශී වූ මේ උතුම් සත්කෘත්යය අපගේ ආරාධනාවෙන් සිද්ධකර වදාළා වූ විචක්ෂණශෙඛරායමාණ පූජ්යපාදාර්ය්ය විද්යාලංකාර පරිවෙණාධිපති නායක ස්වාමීන්ද්රයන්වහන්සේ වෙත ද, මෙවැනි ප්රාචීනශාස්ත්රාභිවෘද්ධි ග්රන්ථයක් ප්රකාශකිරීමෙහි ධෛර්ය්ය ගෙන දෙමින් සාදරයෙන් ප්රතිග්රහණය කළා වූ ප්රසිද්ධශික්ෂාපනයෙහි අධ්යක්ෂ ධුරන්ධර ඇස්. ඇම්. බරෝස් මහතාණන් වෙත ද, අපගේ ගෞරව ස්තෝත්රය හා කෘතඥාශංසනය ත් මෙයින් ප්රකාශ කරම්හ.
මෙවගට,
D. B. JAYATILAKA.
1902 සැප්තැම්බර් මස 2 වෙනි දින කොළඹදීය.