විබත් මල්දම - කිරම ධම්මාරාම හිමි 1906.pdf
- කතෘ :
- කිරම ධම්මාරාම හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1906
- මුද්රිත වර්ෂය :
- 1906
- පිටු ගණන :
- 24
- බාගත කිරීම් ගණන :
- 4
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-18
- ගොනුවේ ප්රමාණය :
- 3.7 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
විබත් මල්දම යනු සිංහල භාෂා ව්යාකරණයේ එන නාම විභක්ති හා ක්රියා විභක්ති ආධුනිකයන්ට පහසුවෙන් හදාරනු පිණිස කිරම ධම්මානන්ද (ධම්මාරාම) හිමියන් විසින් පද්යමය ආකෘතියෙන් රචනා කරන ලද පැරණි ප්රකට ව්යාකරණ ග්රන්ථයකි. මෙහි විභක්ති නාමයන්, ඒවායේ ඒකවචන හා බහුපචන රූප මෙන්ම අර්ථය පැහැදිලි කෙරෙන සන්නයක් ද ඇතුළත් වේ.
මෙම සංස්කරණය උගත් ස්ථවිරයන් වහන්සේ නමකගේ සන්න සහිතව සකස් කොට, මාතර අළුත්ගම සද්ධර්මප්රකාශ යන්ත්රාලයේ මුද්රණය කරවා කේ. ජී. කරෝලිස් අප්පුහාමි මහතා විසින් 1906 දී ප්රකාශයට පත් කරන ලද්දකි.
සඤ්ඤාපනය්.
විබත්මල්දම නම්වූ මෙව පොත සිංහල ව්යාකරණ ඉගෙනගන්න ආධුනිකයන්ගේ ප්රයෝජනය පිණිස කිරම ධම්මාරාම ස්ථවිරයානන් වහන්සේ විසින් රචනාකරණලද්දක්ය. මුන්වහන්සේ නම් මීට අසූ පස් වර්ෂයකට පමණ පෙර මාතර පලාතට අයත් ගිරුවාපත්තුබද ගොඩපිටිය නම් ග්රාමයෙහි මහා විහාරයෙහි වැඩවිසූ එම පාලි සංස්කෘතාදි නානා ශාස්ත්රයන්හි විසාරද ඥානයක්ඇති පණ්ඩිත රත්නයෙක්ය. මුන්වහන්සේ විසින් මෙම පොත පමණක්නොව සියබස්මල්දම ආදි තවත් පොත් රාශියක්ම රචනාකර තිබේ. ශාස්ත්ර සඹන්ධ උන්වහන්සේ කෙරෙහි පැවතුනු ව්යක්තභාවය ගැන එම පොත් කියවන්නාවූ පණ්ඩිත ජනයා සාක්ෂි දරණවා ඇත. මුන්වහන්සේ වැඩවිසූ මාතර ගොඩපිටියේ ජේතවනාරාමයෙහි කෙරුණු මහා පින්කම උදෙසා තෝමිස් මුහන්දිරම් මහතා විසින් රචනාකරන්ට යෙදුනු ශශිභාරෝහන වර්ණනාව නම් පොත සඹන්ධව සිද්ධවූ සව්සත්දම් වාදය නම් මහා වාදය සිහිපත්කළ පමණින්ම ලක්වැසි කවුරුන් පාහේ උන්වහන්සේ ගැන දන්නවා ඇත. එසේහෙයින් එබඳු චිරප්රසිද්ධ උත්තමයෙක් විසින් ආධුනිකයන්ගේ ප්රයෝජනය සඳහා කරණලද මෙම පොත අච්චු ගැස්වීමෙන් ඇති ප්රයෝජනය වැටහුනු මා විසින් මුල් පොත් කීපයක් සපයා බලමින් පෙරාඅච්චුගස්වා තිබුනු පොතවත් සව්කර මෙය මේවර ප්රසිද්ධ කළෙමු.
මේබවට, 06. 10. 25 K. G. KAROLIS APPUHAMI,
K. G. KAROLIS APPUHAMI, 06. 10. 25