ප්රෙතවත්ථු වර්ණනාව - යු. පී. ඒකනායක 1926.pdf
- කතෘ :
- යු. පී. ඒකනායක
- ප්රකාශිත වර්ෂය :
- 1926
- මුද්රිත වර්ෂය :
- 1926
- පිටු ගණන :
- 424
- බාගත කිරීම් ගණන :
- 1
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-18
- ගොනුවේ ප්රමාණය :
- 55 MB
වෙනත් සංස්කරණ
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ප්රෙතවත්ථු වර්ණනාව හෙවත් ප්රෙතවත්ථු සිංහල ප්රකරණය යනු ඛුද්දක නිකායට අයත් පේතවත්ථු පාලිය හා ආචාර්ය ධම්මපාල හිමියන්ගේ පරමත්ථදීපනී අට්ඨකථාව ඇසුරින් සම්පාදිත විස්තරාත්මක සිංහල අනුවාදයකි. මෙහි ගාථාවල පදගත අර්ථ, අනුවාද මෙන්ම කතා වස්තු සවිස්තරව අන්තර්ගත කොට ඇත.
මෙම කෘතිය හික්කඩුවේ ශ්රී සුමංගල නාහිමියන්ගේ ශිෂ්ය යු. පී. ඒකනායක මහතා විසින් සම්පාදනය කරන ලද අතර වැලිකඩ ගෝතමී විහාරාධිපති තෙල්වත්තේ ශ්රී අමරවංශ මහාස්ථවිරයන් වහන්සේගේ අනුශාසනා හා අනුමැතිය ලත් කෘතියකි. ඩී. ජේ. ඒකනායක මහතාගේ ප්රකාශනයක් ලෙස ශ්රීභාරතී යන්ත්රාලයේ මුද්රණය කරවා බු.ව. 2469 (ක්රි.ව. 1926) දී දෙවැනි වරට නිකුත් කර ඇත.
කර්ම-කර්මඵල විශ්වාසය, ප්රේත ලෝක පිළිබඳ විස්තර සහ පෙර කළ අකුසල් විපාක දෙන අයුරු බෞද්ධ සාහිත්යය ආශ්රයෙන් මනාව පහදා දෙන මෙම කෘතියෙහි දුර්ලභ චිත්ර සටහන් ද ඇතුළත් වේ.
INTRODUCTION
The Pretawastu Prakarana Warnana or the Book of the Goblins, is an attempt at the presentation of a Sinhalese version of the Petawattu Pakarana, one of the fifteen sub-divisions of the Kuddaka Nikaya which, in turn, is one of the five component parts comprising the Sutta Pitaka of the Buddhist Canon. The book is highly esteemed in responsible quarters as one of immense value for circulation among the householders depicting, as it does, in a striking manner, the results of the misdeeds of those who scarcely pay any attention to the religious counsel of the wise. It is entirely under the guidance of the commentary to the Petawattu Pakarana by the Ven’ble Dammapala, Incumbent of the Badaratitta Vihara, probably a contemporary of the great Buddhagosha that the present work has been brought out with a paraphrase and a translation for every stanza in addition to the translation of the text proper, by Mr. U. P. Ekanayaka, who deserves great credit for supplying a long-felt want.
The Petas or Goblins are a class of miserable spirits destined to suffer, mostly in a shocking form, in consequence of the sinful acts in their preceding lives and, generally, haunt the places of dirt and filth on which they feed. They are also rewarded otherwise for their good deeds at regular intervals in some cases. Spiritual advice of the priest or the elderly folk given in good faith against the commission of sinful acts of apparently trivial character, is in most cases, ignored or ridiculed by the ignorant people, especially the youngsters, with the result that in the succeeding life the ridiculing party is compelled to reap the harvest of what was sown. Petas are the products of these sinful acts in accordance with the operation of Kamma.
The pen-portraits of the lives which form the subject-matter of this work establish, beyond all doubt, the science-grounded character of the Doctrine of Kamma and Rebirth, which is supported by almost all the unbiassed scientists and philosophers of Europe and America up to the present day. According to Dr. Evans Wentz, the great American Philosopher who visited our land last year and caused quite a stir in the religious life of the people of this country bringing about a revolution in the thought of some of the followers of Jesus Christ, the Doctrine of Kamma and Rebirth derives support from three quarters. It is supported by the Oriental Science; it is supported by the Occidental Science; and it is supported by demonstrable facts. Thus it would be idle to suggest that this great teaching is merely a product of the imagination of philosophers—logical, rational, scientific and philosophical as it is. The machinery of government without which all social life is an impossibility proves conclusively the facts that Kamma pervades all life.
Thanks to the sensational scientific discoveries of the present age, the existence of the spirits of a varied nature, is no longer disputed in the Western countries. In this connection, credit is, in a large measure, due to Sir Oliver Lodge, the eminent British Scientist whose indefatigable labours in the field of science have resulted in the great epochmaking revelations. Evidence is also not wanting to show that in most cases, the spirits are the re-incarnations of departed souls. The theory is further supported by the aneedotes given in the well-known work entitled “The Fairy Faith in Celtic Countries” by Dr. Evans Wentz. Even in our urban and rural life, instances are not uncommon where these spirits make their presence, felt in diverse ways. These are some of the demonstrable facts which should satisfy the requirements of any independent inquiry. We can safely assume that, before long, the Doctrine of Kamma and Rebirth will find universal acceptance in the society of the civilised people. In conclusion, it gives me great pleasure to say that the book should find a place on every bookshelf owned by the Sinhalese-reading public. It is also undoubtedly of great interest to the students of the Pali tongue.
From the great demand now existing, and the orders pouring in daily for the book, I am strongly persuaded that it supplies a want of the times, and this is the very reason for this second edition to come into publication so readily. I may also state that this edition contains two more illustrations and the paper used is superior in quality.
We have to express our thanks to the Ven’ble Telwatte Sri Amarawansa Thero, Incumbent of the Gotamie Vihara for the valuable assistance rendered in the preparation of this work, and to Mr. D. S. Ponnamperuma of the Education Office, Colombo, for writing the above introduction.
D. J. Ekanayaka. / Colombo, 28th Feb., 1926.
විඥාපනය.
ශ්රී සුගත තථාගත ශ්රී ශාක්ය මුනීන්ද්රයාණන් වහන්සේ පන්සාලිස්වසක් ශ්රී සද්ධර්මාමෘත වර්ෂණයෙන් දෙවිමිනිසුන් සහිත ලොකය සනහාලමින් වැඩසිට ස්වකීය ජන්මයෙන් අසූවන වර්ෂයෙහි මල්ලරජුන්ගේ උපවත්තන නම් ශාලවනෝද්යානයෙහිදී නිරුපධිශෙෂ පරිනිර්වාණ ධාතුවෙන් පරිනිර්වාණය කොට වදාළ සේක. උන්වහන්සේ විසින් සුදෙසිත ශ්රී සද්ධර්මය අනාගතයෙහිදු නිර්මලව පවත්නාසේ සලසාලනු කැමති මහා කාශ්යප මහරහතන් වහන්සේ අජාතසත්තු මහරජාණන්ගේ සහායත්වය ලබා පන්සියයක් මහරහතන් වහන්සේ සමග රජගහනුවර සත්තපණ්ණිගුහාද්වාරයෙහිවූ ධර්මමණ්ඩපයෙහි ප්රථම ධර්මසංගීතිය පවත්වා වදාළ සේක. මේ මහාධර්මසභා සම්මේලනය වනාහි තථාගත පරිනිර්වාණයෙන් තුන්මසක්හුගේ ඇවෑමෙන් ආරබ්ධවිය. එතැන් පටන් සත්මසක් මුළුල්ලෙහි මහත් උත්සාහයෙන් පවත්වාලමින් ධර්මය නිරූපද්රවව පවත්නාසේ සලසාලූහ. එතැන්සිට ශතවර්ෂ ප්රමාණ කාලයක් නිරූපද්රවව ධර්මය සංඝයාවහන්සේ විසින් මුඛපාඨයෙන් ගෙන එන ලද්දේය. ද්විතීය ශතවර්ෂයාගේ ආරම්භයේදී පමණ වජ්ජිපුත්තක භික්ෂූන් විසින් දශවස්තුවක් ඉපදවීමෙන් ධර්මයට මහත්වූ විප්ලවයක් එළඹ සිටියේය. එකල්හි කාකාණ්ඩ පුත්රවූ යස නම් රහතන් වහන්සේ සත්සියයක් රහතන් වහන්සේ හා සමග කාලාසෝක මහරජුගේ සහායත්වයෙන් විශාලානුවර කූටාගාරශාලායෙහි ද්විතීය ධර්මසංගීතිය පවත්වා ධර්මය යථාස්ථානයට පමුණුවාලූහ. මේ මහා ධර්මසභා සම්මේලනය අටමසක් මුළුල්ලෙහි අනුක්රමයෙන් පැවැත්තේය. මේ සංගීතියෙහි අධර්මවාදීන් කොට හළ භික්ෂූන් විසින් පක්ෂබල ලබා දසදහසකින් යුක්තව ධර්මසංගීතියක් පවත්වන ලදී. ඊට මහාසංගීතියයිද ඒ භික්ෂූන්ට මහාසංගීතිකාවෝයයිද කියනු ලැබේ. මෙසේ හෙයින් බුද්ධපරිනිර්වාණයෙන් ද්විතීය ශතවර්ෂය තුළ සංඝයාවහන්සේ ප්රධාන නිකායද්වයකට බෙදීගිය බව පෙනේ.
නැවත 235 දී පමණ අන්ය තීර්ථකයන්ගෙන් ධර්මයට මහත් උපද්රවයක් ඇතිවිය. එකල්හි මොග්ගලිපුත්තතිස්ස නම් රහතන්වහන්සේ දහසක් පමණ රහතන්වහන්සේ හා සමග ධර්මාශෝක මහරජ තුමාගේ සහායත්වයෙන් තෘතීය ධර්මසංගීතිය පවත්වා නැවතත් ධර්මය යථාස්ථානයෙහි තබාලූ සේක. මේ ධර්මසංගීතිය පිණිස නවමසක් ගත වූයේය. උන්වහන්සේගේ මහෝත්සාහය හේතුකොට මධ්යමණ්ඩලයෙන් පිටත දේශ නවයෙක්හි ධර්මදූතයන් පැමිණ සද්ධර්ම ප්රචාරය කිරීමෙන් ශාසන ප්රතිෂ්ඨාපනය කළබැව් පෙනේ. තද්දේශනාම හා ධර්මදූතයන්ගේ නාමද මෙසේ දක්නාලැබෙත්.
දේශනාම. - ධර්මදූතනාම. 1 කාශ්මීරය හා ගන්ධාරය - මජ්ඣන්තික මහාථෙර 2 මහිංසාසක මණ්ඩලය - මහාදෙව මහාථෙර 3 වනවාසය - රක්ඛිත මහාථෙර 4 අපරන්තකය - යොනක ධම්මරක්ඛිත මහාථෙර 5 මහාරට්ඨය - මහාධම්මරක්ඛිත මහාථෙර 6 යොනකලොකය - මහාරක්ඛිත මහාථෙර 7 හිමවන්තපදෙසය - මජ්ඣිම මහාථෙර 8 සුවණ්ණභූමිය - සොණක-උත්තර මහාථෙර 9 තම්බපණ්ණිදීපය - මහින්ද මහාථෙර
මේ ධර්මදූතයන්වහන්සේ තමන් හා පස් පස් නමක් භික්ෂූන් කැටිව වැඩිය බැව් පෙනේ. මහින්ද රහතන්වහන්සේ ඉට්ඨිය-උත්තිය-සම්බල-භද්දසාල භික්ෂූන් සිව්නම හා සුමන සාමණේරයන් හා භණ්ඩුක නම් අනාගාමී උපාසකයාද සමග මේ තම්බපණ්ණිදීපයට වැඩියබැව් සඳහන්ව තිබේ. යටකී දේශයන් අතුරෙන් සමහරක් මෙකල කිනම් දේශ දැයි නිසැකයෙන් දක්වන්ට නොහැකිවේ. අපරන්තකය හා වනවාසය හා සුවණ්ණභූමියත් යන ප්රදේශ තුනම බුරුමයට අයත්යයි බුරුමයන් අතර විශ්වාසයක් පවතී. එහෙත් එයටම ඇතැම් පණ්ඩිතයන් එසේ පිළිගැන්මට පසුබට වන බැව් ඔවුන්ගේ ග්රන්ථයන්ගෙන් පෙනේ. මේ සම්බන්ධ විස්තරකථා මෙහි දැක්වියනොහේ. පිරිවර සහිත මහින්ද මහරහතන් වහන්සේ ලක්දිවට වැඩවදාළේ බුද්ධපරිනිර්වාණයෙන් 236 පොසොන් පුරපසළොස්වක් දිනයෙහිය.
එතැන්සිට මෙතැන් දක්වා සම්බුද්ධ ශාසනය ලක්දිවින් කිසි කලකත් පිටමං නොවීය. මේසා දීර්ඝකාලයක් සිංහලයන් විසින් ශාසනයාගේ රක්ෂණගෝපනය මනාකොට කරගෙන එනලද්දේය.