සුබෝධිනී ව්යාඛ්යා නම් වූ හත්ථවනගල්ල විහාරවංස සන්නය - දෙහිගස්පේ පඤ්ඤාසාර හිමි සහ පලන්නොරුවේ විමලධම්ම හිමි 1934.pdf
- කතෘ :
- දෙහිගස්පේ පඤ්ඤාසාර හිමි සහ පලන්නොරුවේ විමලධම්ම හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1934
- මුද්රිත වර්ෂය :
- 1934
- පිටු ගණන :
- 138
- බාගත කිරීම් ගණන :
- 3
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-15
- ගොනුවේ ප්රමාණය :
- 44 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සුබෝධිනී ව්යාඛ්යා නම් වූ හත්ථවනගල්ල විහාරවංස සන්නය යනු ශ්රී සංඝබෝධි මහරජුගේ උදාර චරිතය හා හත්තනගල්ල විහාරයේ ඉතිහාසය වස්තු විෂය කරගනිමින් රචිත පාලි හත්ථවනගල්ල විහාරවංසය සඳහා සම්පාදනය කරන ලද සවිස්තරාත්මක සන්න ග්රන්ථයකි. මෙහි පාලි මූල ගාථා හා ගද්ය පාඨයන් සඳහා පදගත අර්ථ, අන්වය සහ විස්තරාත්මක විග්රහයන් ඇතුළත් වේ.
දෙවන පරාක්රමබාහු රජුගේ සමයේ අනවමදර්ශී මාහිමියන්ගේ ආරාධනයෙන් නිර්මාණය වූ මෙම ප්රකට චම්පු කාව්යය, විද්යොදය පිරිවෙනෙහි ආචාර්ය දෙහිගස්පේ පඤ්ඤාසාර ස්ථවිරයන් වහන්සේ සහ පලන්නොරුවේ විමලධම්ම ස්ථවිරයන් වහන්සේ විසින් පාරිවෙණික ශිෂ්යයන්ගේ ප්රයෝජනය උදෙසා සන්න සහිතව සකස් කර ඇත. විද්යොදය පිරිවෙන්පති කහවේ ශ්රී සුමංගල රතනසාර නායක ස්වාමීන්ද්රයන් වහන්සේ විසින් මෙය ප්රතිශෝධනය කරනු ලැබ ඇත.
කොළඹ සමයවර්ධන යන්ත්රාලයාධිපති ජී. ඇස්. මුනසිංහ අප්පුහාමි මහතාගේ ආරාධනයෙන් බුද්ධ වර්ෂ 2478 (ක්රි.ව. 1934) දී කොළඹ සමයවර්ධන යන්ත්රාලයෙහි මුද්රණය කර ප්රකාශයට පත් කරන ලද්දකි.
ප්රස්තාවනා.
හත්ථවනගල්ල විහාර වංසය. ශ්රී බුද්ධ වර්ෂ 794 දී ශ්රී ලංකාද්වීපයෙහි රජ්යාභිෂෙකයට පැමිණි, බොධිසත්ව ගුණොපලක්ෂිත ධර්මිෂ්ඨ ශ්රී සංඝබොධි මහාරජෝත්තමයානන්ගේ කුශලචරිතය වර්ණනා කිරීම වශයෙන් රචනා කරණලද ‘චම්පු’ කාව්යයකි.
ග්රන්ථ නිර්මාණ කාලය. අනවමදර්ශී මාහිමියානන්ගේ මෙහෙයීමෙන් කරණලදැයි එහි ම සඳහන් හෙයින් හත්ථවනගල්ල විහාරවංසය නිපදවන ලදුයේ ලක්දිව ශාස්ත්රාලෝකයෙන් අතිශයින් බැබලුන කාලයක් වූ ද්විතීය පරාක්රමබාහු මහරජානන්ගේ රාජ්ය සමයෙහි ය යනු සුවිශදවිත ය. ශ්රී බුද්ධ වර්ෂ 1703 දී රජපැමිණි මහාපරාක්රමබාහු මහරජානන්ගේ කාලය සවසමයාන්තරයන්හි දැක්වු ශාස්ත්රසාගරපාරදර්ශී මහාපණ්ඩිත රත්නයන්ගෙන් වෙසෙසින් ශොභිත ය. දිඹුලාගල විහාරයෙහි වැඩවිසූ මහාකාශ්යප සංඝරාජ මහාස්වාමි, අනුරාධපුරයෙහි ධුරාරාමයෙහි වැඩවිසු මේධංකරගලායතන මහාස්වාමි මහාස්වාමිපාදයෝත් තත්කාලීන පණ්ඩිත ජන නමැති මුක්තාහාරයේ ප්රධාන මුක්තාවලියෝ වූහ. මහාපරාක්රමබාහු නරෙන්ද්රයන්ගේ රාජ්යානුශාසනය තුන්තිස් අවුරුද්දකින් අවසන් විය.
තදනන්තරව පැමිණි අභාග්යසංවත්සරයෙහි මුළු සිංහල දීපය ම අභ්යන්තර වියවුලින් හා පරසතුරු බියෙන් ගහනව පැවැත්තේය. විසිහත් අවුරුද්දක් තුල දී දළදාකුත් දෙසෙනෙකුත් සිංහාසනාරූඪවීමෙන් ම රට කෙබඳු තත්වයක පැවති ද යන්න පහසුවෙන් සිතාගත හැකි. මෙබඳු කාලයෙක්හි ශාස්ත්රාදි දීප්තියක් බලාපොරොත්තුවිය නොහැකි. ඒ හැර ශ්රී බුද්ධ වර්ෂ 1766 දී පමණ සූවිසි දහසක් යෝධයන් ගෙන කාලිංග රටින් ආ මාඝ නම් වූ අධාර්මික රජ තෙමේ ලක්දිව සම්පූර්ණයෙන්ම වැනසීය. කියන ලද මැයි මහාවංසයෙහි—
“මාඝොධම්මී ගුණිස්සා: යොධදවානලෙ බහූ, නියොජෙසි නිපීළෙතුං ලංකාරජ්යමහාවනං.”
(මාඝ රජ නමැති මහාග්රීෂ්මය ලංකාරජ්යය නමැති මහ වනය පෙළන්ඩ බෝහෝ වූ යෝධ නමැති ලැව්ගිනි මෙහෙයී.)
මේ පාපිෂ්ට පුද්ගල තෙමේ බොහෝ විහාර පරිවෙණයන්හි භික්ෂූන් පලවා හැර සවකීය යෝධයන් වාසය කරවිය. දාගැබ් බිඳ දමා වස්තුව පැහැර ගත්තේය. මෙසේ අභ්යන්තර භේදයෙන් පැමිණි වියවුල් හා පරශත්රැ උපද්රවයන් කරණ කොට ගෙන පොළොන්නරු කාලයෙහි ඇති වූ ශාස්ත්ර සමෘද්ධිය මුල් සුන් නුවූවද අතිශයින් හීන විය.
මෙසේ හෙළදිව පෙළෙනකාලෙ මායාරට පරසතුරන්ගෙන් මුදගෙණ දඹදෙණි නුවර සිවුවසක් රාජ්යය කළ විජයබාහු මහරජානන්ගේ ඖරස පුත්රවූ පරාක්රමබාහු නම් කුමාර තෙමේ ශ්රී බුද්ධ වර්ෂ 1791 දී හෝ 1784 දී රාජ්යශ්රියට පැමිණ බිහිසුණු යුදයෙන් දෙමළ මිළල ජාවකාදී පරසතුරන් මුලිනුපුටා හැර මුළු ලක්දිව එක්සෙසත් කෙළේ ද්විතීය පරාක්රමබාහු යන නමින් ප්රසිද්ධ විය. මෙතුමන්ගේ රාජ්යොදයෙන් ආගමට හා ශාස්ත්රයට වූ ලාභය අනන්තය, තෙමේත් පණ්ඩිත වූයේ මුළුරට ම පණ්ඩිතයන්ගෙන් පුරවන්ට මෙන් උත්සාහ දැරීය. ලංකාද්වීපයෙහි ශාස්ත්රාගමධාරී භික්ෂූහු විරලව සිටිය හෙතෙම නොයෙක් පොත්පත් හා පණ්ඩිත තෙරවරුන් ද දඹදිවින් ගෙන්වා ගෙණ බොහෝ සිංහල භික්ෂූන් සවසමයසමයාන්තරයන්හි හා සියලු තර්කව්යාකරණාදියෙහි හික්මවා විචක්ෂයන් කරවිය. තම්බලිංගමුවෙතින් පැමිණි ජම්බුද්රොණියෙහි විසූ ධම්මකිත්ති මහාස්ථවිරයන් වහන්සේ හා, චොළිය බුද්ධප්රිය මහාස්ථවිරයන්වහන්සේත් මේ රජහුගේ ආරාධනයෙන් මෙහි පැමිණි භික්ෂු පිරිසට ඇතුළත් ය. ස්වකාලීන මහාපණ්ඩිතරත්නයන්ගේ සංඛ්යාවට ඇතුළත් වූ නරශ්රෙෂ්ඨ තෙමේ “කලිකාල සාහිත්ය සර්වඥ පණ්ඩිත” යන උපාධිය ද දැරීය. ශාස්ත්රාගමහිතෛෂීව ප්රණීත ග්රන්ථකරණයෙහි අන්යයන් මෙහෙයවූ එම නරවීරයා රාජ්යභාරයෙන් තමන්ට පැමිණි අනවකාශය මධ්යයෙහි ම පරමශොභනීය මහාග්රන්ථ රත්න කිහිපයක් කෙළේය. විසුද්ධිමාර්ග සන්නය, නිස්සන්දෙහ නම් විනියවිනිස සන්නය, දඹදෙණි කතිකාවත හා කවිසිළුමිණ නම් වූ අතිශ්රෙෂ්ඨ සිංහල මහා කාව්යය ද මෙතුමන්ගේ කෘතීහු යි. මෙතුමන්ට සමකාලීන පණ්ඩිතවරයෝ නම් සංඝරක්ෂිත මහාස්වාමි, අනවමදර්ශී මහාස්වාමි, ආරණ්යක මේධංකර මහාස්වාමි, බුද්ධප්රියස්ථවිර, වනරතන ආනන්ද ස්ථවිර, වෙදෙහි ස්ථවිර, මයූරපාද පරිවෙණාධිපති ස්ථවිර ආදීහුයි. ඒ පණ්ඩිතයන් විසින් ද ධර්මශාස්ත්රෝද්දීප්තිය පිණිස බොහෝ ග්රන්ථරත්නයෝ නිපදවන ලද්දාහ. මෙසේ හත්ථවනගල්ල විහාරවංසය නිපදවන ලදුයේ ලක්දිව ශාස්ත්රාලෝකයෙන් අතිශයින් බැබලුන කාලයෙක්හි ය යන බව නවීන ප්රවීණයනට සහිත ය.
සංඥාදි පඤ්චකය. සංඥා, නිමිත්ත, කර්තෘ, ප්රමාණ, ප්රයෝජන යන මොවුන් දැනගැනීම ග්රන්ථතත්වාවබොධයට අතිශයොපකාරී ය.
I සංඥා නම් ග්රන්ථයාගේ නාමය. හෙද සාමාන්ය සංඥා විශේෂසංඥා යි දෙවැදෑරුම් වේ. මේ ග්රන්ථයට විශේෂ සංඥාවක් නැත. හත්ථවනගල්ල විහාරවංසය යනු සාමාන්ය සංඥා යි.
II නිමිත්ත නම් ග්රන්ථකරණය පිණිස වූ කරුණු යි. එය ද අභ්යන්තර නිමිත්තය, බාහ්ය නිමිත්ත යි දෙපරිදි වේ. අනවමදර්ශී සංඝරාජ මාහිමියානන්ගේ මෙහෙයීම බාහ්ය නිමිත්ත යි, කර්තෘහුගේ සිතෙහි පහල වූ කරුණාව අභ්යන්තර නිමිත්ත ය.
III කර්තෘනාම සංඥායෙක් ග්රන්ථයෙහි නො දැක්වේ, ඒ සබඳි යමක් මහාවංසාදියෙන් ද ලබාගත නොහැකි. මෙසේ මේ ග්රන්ථයෙහි කර්තෘ කවරෙක් දැයි නොකිය හැකියි.
IV මෙහි ප්රමාණය පරිච්ඡෙද එකොළොසකි.
V මේ ග්රන්ථය කුශල චරිතවර්ණනයක් වශයෙන් පමණක් නොවැ චම්පුකාව්යයක් වශයෙන් ඉතා ප්රයෝජනවත් ය. නොයෙක් ඓතිහාසික කරුණු ද, බොධිසත්ව චරිත ද, මනොහර වර්ණනා ක්රම ද මේ ග්රන්ථයෙන් ඉගෙණගත හැකි. එසේම මේ ග්රන්ථය පාලිභාෂා විෂයෙහි ප්රඥාපාටවය ඇතිකිරීමට හා සංවර්ධනය කිරීමට සමර්ථ ය.
ග්රන්ථ කර්තෘත්වය හා ආශ්රිත ග්රන්ථ. හත්ථවනගල්ල විහාරවංශයෙහි භාෂාවිලාශය අතිශය චමත්කාර ජනක ය. සුමධුර ය, චිත්තාකර්ෂක ය. කාව්යප්රශස්ති සියලු අවයවයන්ගෙන් ද සමුපලක්ෂිත ය. මේ ග්රන්ථකර්තෘතෙමේ ශ්රීමත් බාණභට්ටාචාර්ය්යයන් විසින් විරචිත ‘කාදම්බරී’ නම් ප්රශස්ත සංස්කෘත ග්රන්ථය ද පූර්වාපරාර්ය්ය ප්රණීත ජාතකමාලාව ද ආශ්රිත බැව් පැහැදිලි ය.
සුබොධිනී ව්යාඛ්යාව. කොළඹ ‘සමයවර්ධන’ යන්ත්රාලයාධ්යක්ෂ ධර්මෝපාසක ජී. ඇස්. මුනසිංහ අප්පුහාමිගේ ආරාධනයෙන් පාරිවෙණික ශිෂ්යයන්ගේ ප්රයෝජනය පිණිස මේ සන්නය ලියන ලදී.
දෙහිගස්පේ පඤ්ඤාසාර ස්ථවිර.
පලන්නොරුවේ විමලධම්ම ස්ථවිර.
2478
—— 11-5-විද්යොදය
1934 පිරිවෙණේ දී ය.