රසවාහිනී - වේදේහ හිමි 1901.pdf
- කතෘ :
- වේදේහ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1901
- මුද්රිත වර්ෂය :
- 1901
- පිටු ගණන :
- 445
- බාගත කිරීම් ගණන :
- 2
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-14
- ගොනුවේ ප්රමාණය :
- 23 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
රසවාහිනී යනු ජම්බුද්වීපයේ හා ලංකාද්වීපයේ සිදු වූ පුණ්යකර්ම ඵල දක්වන කථාවස්තු සියයකට අධික සංඛ්යාවක් ඇතුළත් පාලි කථා ග්රන්ථයකි. ග්රන්ථයේ මුඛවචනයට අනුව මෙම කථා පෙර පොරාණික මහා ඛීණාසව ථෙරවරුන් විසින් සිංහල භාෂාවෙන් තබන ලදුව, මහාවිහාරයේ ගුත්තවඞ්ක පරිවෙණවාසී රට්ඨපාල ථෙරයන් විසින් පාලි භාෂාවට පෙරළන ලදී. පසුව පුනරුක්ති ආදි දොෂයන්ගෙන් ආකුල වූ එය පතිරාජ පරිවෙණාචාර්ය වෙදෙහ මහාථෙරයන් විසින් නැවත සකස් කරන ලද බව එහි දැක්වේ.
මෙම මුද්රණය පරමධම්මචෙතිය පරිවෙණාධිපති සිරිසිද්ධත්ථ මහාථෙරයන්ගේ ශිෂ්ය සරණතිස්ස ථෙරයන් විසින් පොත් කිහිපයක් සසඳා ලේඛන දොෂ ඉවත් කොට සංශොධනය කරන ලද්දකි. ජ්රෝණිමුස් සෙනෙවිරත්න මහතාගේ ආරාධනයෙන් ද ධම්මානන්ද ථෙරයන්ගේ උපදෙස් හා ඤාණිස්සර භික්ෂුවගේ උපකාරයෙන් ද මෙය කළ බව පාලි භාෂාවෙන් ලියූ මුඛවචනයේ සඳහන් වේ. මෙම කෘතියට සාරත්ථදීපිකා නම් ටීකාවක් ද, තුන්වන ධම්මකිත්ති සංඝරාජයන් විසින් කළ සද්ධම්මාලඞ්කාර නම් සිංහල පරිවර්තනයක් ද ඇති බවත්, පාලි ඉගෙනුමේ දී නාමාඛ්යාත පදමාලාවෙන් පසු ශිෂ්යයන්ට උගන්වන ග්රන්ථයක් ලෙස යොදාගත් බවත් මුඛවචනය පවසයි.
මෙය ඩී. සී. අභයවඩ්ඪන මහතා විසින් කොළඹ ජිනාලඞ්කාර යන්ත්රාලයෙහි තුන්වන වරට මුද්රණය කරවන ලද්දකි (බුද්ධ වර්ෂ 2444, ක්රි. ව. 1901). මෙහි ඇතුළත් වන්නේ ජම්බුදීපුප්පත්ති වත්ථු ඇතුළත් පළමු භාගයයි; වර්ග හතරකට බෙදූ කථා වස්තු හතළිහක් සූචියේ දැක්වේ.
- පඨම වග්ගය: ධම්මසොණ්ඩක, මිගලුද්දක, තින්නං ජනානං ආදි වත්ථු
- දුතිය වග්ගය: නන්දිරාජ, විසමලොමකුමාර, කඤ්චනදෙවී ආදි වත්ථු
- තතිය වග්ගය: යක්ඛවඤ්චිතක, උත්තරසාමණෙර, සීවලිත්ථෙර ආදි වත්ථු
- චතුත්ථ වග්ගය: මහාසෙනරඤ්ඤො, සුවණ්ණතිලකා, ඉන්දගුත්තත්ථෙර, කුණ්ඩලී ආදි වත්ථු