දුර්වාදී හෘදය විදාරණය - ශ්රී ධනුර්ධරාචාර්ය්ය 1899.pdf
- කතෘ :
- ශ්රී ධනුර්ධරාචාර්ය්ය
- ප්රකාශිත වර්ෂය :
- 1899
- මුද්රිත වර්ෂය :
- 1899
- පිටු ගණන :
- 365
- බාගත කිරීම් ගණන :
- 9
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-14
- ගොනුවේ ප්රමාණය :
- 27 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
දුර්වාදී හෘදය විදාරණය යනු 1899 දී කොළඹදී පළවූ, ක්රිස්තියානි මිෂනාරි ප්රකාශනවලට බෞද්ධ පාර්ශ්වයෙන් දුන් පිළිතුරු ලෙස රචිත සිංහල පද්ය කෘතියකි (මහා කාව්යයකි). කර්තෘ ලෙස සඳහන් වන්නේ ‘මහා කවි ශ්රී ධනුර්ධරාචාර්ය්ය’ යන නාමයයි (ඉංග්රීසි මාතෘකා පිටුවේ ‘Maha Kavi Sri Bhanurdharacharya’).
මාතෘකා පිටුවට අනුව, මෙය රෝමානු කතෝලිකයන් විසින් කළ ‘බෞද්ධලබ්ධිවිනිශ්චය’, ‘බුදුවරයෙකුගේ අසම්පූර්ණතාවය’, ‘විපරම්ගේ එඩිමර්දනකණ්ඩනය’, ‘බුද්ධබණ ප්රත්යක්ෂය’, ‘ගෞතම බුදුන්ගේ මෛත්රී කරුණාව’ යනාදී පොත්වලටත්, රෙපරමාදුකාරයන් විසින් කළ ‘ගෞතමබුදුන් සහ බුද්ධාගම’, ‘නාස්තිකදෘෂ්ටි මූලොච්ඡේදනය’, ‘බිසොප් කෝප්ලස්ටන්ගේ බුද්ධාගම’ යනාදී පොත්වලටත් පිළිතුරකි.
‘සංඥාපනම්’ හි කර්තෘ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්රීසි යුගවල ලංකාවේ ක්රිස්තියානි ධර්ම ප්රචාරය හා එයට බෞද්ධ පණ්ඩිතයන් දැක්වූ ප්රතිචාර කෙටියෙන් සිහිපත් කර, මෙම කෘතිය රචනා කිරීමට හේතු පැහැදිලි කරයි. පොත විශාල වීම නිසා සකස් කළ කවි 438 ක් මෙවර ඉවත් කළ බවද, බිසොප් කෝප්ලස්ටන්ගේ පොතට පූර්ණ පිළිතුරක් පසුව දෙන බවද එහි සඳහන් වේ. ශුද්ධ පත්රයක් ද, පාප් බිසොප් පාදිලිවරුන් හා කන්යාසොහොයුරියන් පිළිබඳ ‘හත්වෙනි කාණ්ඩය’ නම් වෙනම පිටු අංක සහිත කොටසක් ද පොතේ ඇතුළත් වේ.
පොත කාණ්ඩ කිහිපයකට බෙදා ඇති අතර, අවසාන පිටුව (316) ‘යේසුස් මරන්ටසෙවීම සහ ඔහුගේ චරිතාධිකාරනම්වූ සවෙනිකාණ්ඩය’ නිමවීමෙන් අවසන් වේ. 19 වන සියවසේ අගභාගයේ ලංකාවේ බෞද්ධ-ක්රිස්තියානි වාද සාහිත්යය අධ්යයනයට මෙය වැදගත් මූලාශ්රයකි.
සංඥාපනම්.
“ මහනෙල් සුවඳ මය කුඩමසු පිළිගඳ මය දෙකට මෙම දිය මය හොඳත් නරකත් දෙකට කට මය “
යනාදීන් දක්වනලද උත්තම පණ්ඩිතවාක්යයෙන් ප්රකාශවන්නේ මහනෙල්නම් පුෂ්පවිශේෂය සුවඳවන්නේමයයි කියාද, කුඩමසුනම් මත්ස්ය විශේෂය පිළිගඳවන්නේමයයි කියාද යන දෙවැදෑරුම්වේ-මෙම දෙදෙනාගේ උත්පත්තිස්ථානයට හේතුවූයේ ජලයම වේ-(එමෙන්ම) සකල ලෝකවාසීන්ට පැමිණෙන හොඳ නරක දෙකටත් උත්පත්තිස්ථානය මුඛය වන්නේමය යනු මෙහි භාවයවේ—එමෙන්ම අප තථාගත සර්වඥ රාජොත්තමයානන්වහන්සේ විසින් පරිභොගකරණලද අනෙක වස්තු සමූහයෙන් හා උත්තම සර්වඥයන්වහන්සේගේ ශාරීරික ධාතු ආදියෙන්ද එම සර්වඥරාජොත්තමයානන්වහන්සේගේ ශ්රී මුඛයෙන් පහළවූ දිව්ය චන්දන සුගන්ධියත් ජයගත් සත්ය සුගන්ධයෙන්ද දශදිශාන්තය එකම සුගන්ධය කරමින් මිථ්යාදෘෂ්ටි නමැති කසලයෙහි අසත්ය නමැති දුර්ගන්ධය පහ කලාවූ චතුරාර්ය්යසත්යයෙන් යුක්තවූ ශ්රී සද්ධර්මයෙන්ද සමලඞ්කෘතවූ මෙම ශ්රී ලඞ්කාද්වීපයනම් පෘථිවියෙහි සිටි රජරජමහාමාත්යාදී උත්තමයන්විසින් සර්වඥයන්වහන්සේටම භක්තිප්රේමයෙන් පූජාකල වස්තුවක්වේමය-ඒ මේ උත්තම සර්වඥයන්වහන්සේට අයිති ශ්රී ලඞ්කාවට දැනට අවුරුදු හාරසිය ගණනකට පූර්වයෙන් පුරුතුගේසිවරුන්පැමිණ උත්තම බුද්ධධර්මසඞ්ඝ යන රත්නත්රය නමැති දිව්ය චන්දන සුගන්ධය මැඩපවත්වා ඔවුන්ගේ කතෝලිකාගම නමැති කසලයාගේ දුර්ගන්ධය බෝකරන්ට බොහෝ වෙහෙස මාන්සිධරතිබෙන නමුත් එම කාලේ සිටි පණ්ඩිත ජනයාවිසින් ඊට අවකාශනොදී සත්යවචන නමැති ජලප්රවාහයෙන් යථොක්ත මිථ්යාදෘෂ්ටීන්ගේ අසත්යවචන නමැති කසලයෝ ධොවනයකොට හැරීණලද්දේය-ඉක්බිති සර්වඥයන්වහන්සේට අයිති මෙම ශ්රී ලඞ්කාවට ඕලන්දක්කාරයා පැමිණ පුරුතුගේසීන්මෙන් මෙම ශ්රී ලඞ්කාවෙහි මිථ්යා කසල නමැති දුර්ගන්ධය බෝකරන්ට තැත්කලනමුත් එකල සිටි පණ්ඩිතවරුන් විසිනුදු පූර්වොක්ත නියායෙන් සුද්ධකරණලද්දේය-ඉක්බිති ඉංග්රීසිකාරයා පැමිණ සිටින වර්තමානකාලයෙහි ගොගරලී පාදිලිඋන්නැහේද, දියස් පාදිලිඋන්නාන්සේද ආදී රෙපරමාදුකාරයන්විසින් මිථ්යාදෘෂ්ටි නමැති කසලයාගේ අසත්ය නමැති දුර්ගන්ධය බෝකරන්ට තැත්කලනමුත් ඊටත් ඉඩ නොතබා එකලසිටි පණ්ඩිතයන්විසින් මිථ්යාදෘෂ්ටි නමැති කසලයෝ සත්යවචන නමැති ජලප්රවාහයෙන්ම ධොවනයකරණලද්දැහුමය-ඉක්බිති ගොගරලීඋන්නැහේලාගේ පරම්පරාවෙන් පැවතඑන වැස්ලියන් මිත්රයන් තමන්ගේ අත්තලාට පැමිණි අවුල් කල්පනානොකර මිථ්යාදෘෂ්ටි කසල දුර්ගන්ධ බෝකරන්ටඅවුත් ඒ ඒ දිනවලදී කදිම කදිම කීර්ති ප්රශංසා ලබාගණ කොන්විගත්හැටි මෙම ශ්රී ලඞ්කාද්වීපයෙහි දැනට සිටින ලොකු කුඩා කාටත් තවමමතක ඇතුවාට අනුමානනැත-එය ලක්දිව්වාසීන්ට මතක නැතිවෙන්ටඇත සිතා නැවතත් ඔය අසත්යවචන නමැති කසලගන්ධය බෝකරන්ට සිතාගණ වැස්ලියන් මිත්රවරුන් ඇවිත් දඟලන්ට පටන්ගත්හොත් පෙර ලබාගත් කීර්ති ප්රශංසාවලටවඩා කීර්ති ප්රශංසා ලබාදෙනබව සැලකියයුතුයි-මේඈර බල්ලන්ගේපස්සේ බැල්ලියෝ දිව්වෝයයි කියන නෑක්මෙන් යමක්කමක් කරන්ට ස්වල්පයක්වත් ශක්තිඇති වැස්ලියන් කාරයන්ගේ පස්සේ ශාස්ත්රවන්තකමක්වත් ශීලාචාරකමක්වත් ධර්මිෂ්ටකමක්වත් නැති අඥාන අධම රෝමානු කතෝලික පිරිස දුවමින් යහපත් රත්නත්රය නමැති දිව්ය චන්දන සුගන්ධය මැඩපවත්වා යෙහෝවා යේසුස් සම්බන්ධ අසත්යවචන නමැති කසල ගන්ධය බෝකරන්ට ආවාටවඩා ලජ්ජා නැතිකමක් තවත් ඇද්දැයි කල්පනාකලයුතුයි-මෙම අව්යක්ත අලජ්ජී පාපතර රෝමානුකතෝලිකයන්ගේ කුණු කටවල්වලින් රත්නත්රයනමැති දිව්යචන්දන සුගන්ධය මැඩපවත්වා රෝමානු කතෝලික ආගමෙහි අසත්ය නමැති කසලගන්ධය බෝකරන්ට ආබැවින් එම අමනොඥ රෝමානු කතෝලිකාගම නමැති කසලය ශ්රී ලඞ්කාද්වීපයෙන් පහකොට අසත්ය නමැති දුර්ගන්ධය හැරීමට කවිකුලතිලක පණ්ඩිතශිරොමණී මහාකවි ශ්රී ධනුර්ධරාචාර්ය්යයන්විසින් මධුර මනොහර මෙම “දුර්වාදීහෘදයවිදාරණය” නම් මහා කාව්යය කරණලදී. හොඳ නරක දෙකම සිද්ධවන්නේ කටින්මයයි කියා පූර්වොක්ත කාව්යකර්තෲ කියාතිබෙන සත්ය කියමන ලොකයාට අඟවාදීම පිණිස ‘විපරමා අවකොල්ලා’දීන්ගේ කටවල්වලට යෙහෝවා ඇවිත් වැසී “බෞද්ධලබ්ධිවිනිශ්චය” ආදී නරක පිළිගඳ පොත්පත් කරන්ට හිත පහළ කෙලේය-එවිට සකන්ධකුමාරයා බලාසිට “විපරමා” ආදීන්ගේ කටවල්වල වැසි සිටි යෙහෝවාංනම් යක්ෂයා භයගන්වා හැර තමන්වහන්සේගේ සහෝදරවූ (ගණේශ්වර) නම් දිව්යරාජයා මහාකවි ශ්රී ධනුර්ධරාචාර්ය්ය නම් මගේ ශ්රීමුඛ නමැති දෙවමන්දිරයෙහි රැඳවීමකරවා උත්තම ගුණ සුවඳින් යුත් මහනෙල්මලකට බඳු උපමාඇති වචනාකීර්ණවූ (දුර්වාදීහෘදයවිදාරණය) නම් මෙම මහා කාව්යය මාගේ ශ්රීමුඛයෙන් ගණේශ්වර දිව්යරාජයාවිසින් පහළකළබව දතයුතුයි.
මීට ආධාරකළ රෝමානු කතෝලික කල්යාණමිත්රයාගේ සහ රෙපරමාදු වැස්ලියන් මිත්රයාගේද තදබල යාඥාවනිසාත් පොත මහත්වනනිසාත් මෙම පොතට අන්තර්ගතකරන්ට සකස්කරතිබුන මනොරම්ය කාව්යයන් 438 ක් මෙවතාවට මෙයින් පිටකළබව බෞද්ධමිත්රයන්ට මතක්කරමි-වැස්ලියන්වරුන් විසින් අප සර්වඥයන්වහන්සේගේ රූපාකාරයයිකියා අපට අගරු පිණිස රූපසණ්ඨාන විශේෂයක් ඔවුන්විසින් කරණලද “ගෞතමබුදුන් සහ බුද්ධාගම” යන පොතේ අමනොඥකාරයෙන් යොදතිබෙනබැවින් මහාපණ්ඩිතොත්තම ඉංගර්සොල්නම් පණ්ඩිතයා කරතිබෙනහැටියටත් බයිබලයේ කියාතිබෙනහැටියටත් එකහව යෙහෝවාගේ රූපාකාරය සහ ඔහුගේ ශබ්දයද ඔහු යනඑනහැටිද බයිබල්පදත් දක්වා දක්වා මනොඥකාරයට මෙහි අන්තනක යොද ඇත්තේය-වැස්ලියන් කාරයන් හා රෝමානුකතෝලිකයන් නිර්මිත බොරු පොත් තනා සර්වඥයන්වහන්සේ ආදී උත්තම රත්නත්රයට අභූත දොෂාරොපණයකලහෙයින් නින්දිතාධම යෙහෝවා යේසුස්ගේ භූත දොෂාරොපණය කළබවද පාප් බිසොප් පාදිලින්ගේ අශීලාචාර දොෂයන්ද සැකෙවින් මෙහි සඳහන්කෙලෙමි-යෙහෝවා යේසුස් පාප් බිසොප් පාදිලින්ගේ මහාදොෂයන් අපලවා පළකරවාගන්ට කැමතිනම් වැස්ලියන්කාරයන්හා රෝමානුකතෝලිකයනුත් හිතටගන්නොත් විලියම් හෝගන් පාදිලිඋන්නාන්සේ විසින් කල “ඕරිකියුලර් කොන්පැෂන් ඇන්ඩ් නනරීස්” යන පොතෙන්ද, “දී මිෂටරීස් ඔප් ඒකොන්වැන්ට්” යන පොතෙන්ද, “ඕසුල් ඩිස්කෝලෝෂර් ඔප් මෙරායා මොන්ක්” නම් කන්යා සත්රී විසින් කල පොතෙන්ද, “රෙබෙකා තෙරේසා රීඩ්” නම් කන්යා සත්රී විසින් සාදනලද (දිනන්) යන පොතෙන්ද, නිව්හෝල්නම් කන්යාමඩමේ රහස්කාරණා එලිදරව්කර “ශිෂ්ටර් ලූසී” විසින් කල පොතෙන්ද යනාදී කීනොකී සෑමපොත්වලින්ම කරුණු පෙන්වා බයිබලයෙනුත් කරුණු අඩංගුකර කදිම පොතක් සාදදෙන්ට පුළුවන්බව කල්පනාකලයුතුයි-මේඈර “ගෞතම බුදුන්ගේ මෛත්රී කරුණාව” යන කතෝලිකයන්ගේ නින්දිත ජඩ පොතට පිළිතුරු මෙම පොතේම තිබෙනබැවින් ඒගැණ යමක් කල්පනානොකලෙමි-ඕනෑවුවහොත් විස්තරමත්තු දක්වනබව දතයුතුයි.
මෙත්ඇත දෙඩන්දුවේ ශෛලබිම්බාරාමානුගත ලොකාර්ථසාධකසමාගමේ අවසරයපිට ජේම්ස් ඇලැක්සැන්ඩර් ශ්රීවර්ධන නොතාරිස්තැනවිසින් (ධෙය්යාර්ථදීපනිය) මුද්රිතකලබව පෙණේ-එම ධෙය්යාර්ථදීපනිය නම් පොතේ තිබෙන කාරණා ගෙණහැරදක්වද්දක්වා රෝමානු කතෝලියන්විසින් “බෞද්ධලබ්ධිවිනිශ්චය” ආදී පොත් සාදා සර්වඥයන්වහන්සේට අපහාස කරණලද්දේය-ඉතින් යථොක්ත සමාගමවිසින් හෝ යථොක්ත නොතාරිස්තැනවිසින් හෝ රෝමානුකතෝලිකයන්ගේ යථොක්ත පොත්වල කියාතිබෙන මිථ්යා ප්රලාපවලට පිළිතුරුදී ලොකාර්ථසාධකකරණුලැබේයයි සිතාසිටිනමුත් එසේ සාධකයක් මේවනතුරුම නැතිබැවින් මහාකවි ශ්රී ධනුර්ධරාචාර්ය්යනම් මාවිසින් මෙම පොත කලබව බෞද්ධමිත්රයන්වෙත මතක්කරමි-අඥාන අලජ්ජී පාපතර ගිහිජනයාහා එසේම අලජ්ජී පාපතර ශ්රමණ ප්රතිරූපකයන් විසිනුත් ලොකාර්ථසාධකවැඩයයි කියමින් සර්වඥයන්වහන්සේගේ නාමයද, උන්වහන්සේගේ ශ්රීසද්ධර්මයද විකුණවිකුණා මිලමුදල් සපයා සපයා තමතමන්ගේ පෙට්ටි පුරවා පුරවා ඥාතිමිත්රයන්ට සාධකකරණුලබනවාමිස යථොක්ත අලජ්ජී ගිහි ශ්රමණ ප්රතිරූපකයන් කෙරෙන් අපෙක්ෂණ ලොකශාසනාර්ථසාධකයක් නොවනබව බෞද්ධ මිත්රයන්ට මතක්කරණවා පමණක්නොව එකාංසපාරුපණයෙන් යුක්තව ගම්වැදීම ශ්රමණයන්වහන්සේලාට යුතුයයි කියන නායකතැන මීට එක් නිදර්ශනකාරයෙක්කොට දක්වාලිමි-
ඉතින් වාදකරන්ට රෝමානුකතෝලිකාදී මිථ්යාදෘෂ්ටි ජනයා හුදකලාව නොපැමිණ යෙහෝවාවත් කැඳවාආවොත් ජය ලබාගැන්ම කෙසේ වෙතත් වැඩිකලක් වාදකරන්ට පුළුවන්බව රෝමානු කතෝලිකාදීන් විසින් කල්පනාකලයුතුබව කියමි.
තවද ‘බිසොප් කෝප්ලස්ටන්ගේ බුද්ධාගමට’ හරිහැටි පිළිතුරුලියන්ට නොලැබුනේ මේ පොතේ අවසානයේදී ඒ පොතේ තතු දැනගන්ට ලැබුනනිසාබව සැලකියයුතුයි-නමුත් ඒගැණ උන්නැහේටත් නිසි පිළිතුරු පසුව දෙනතුරු ඊටත් සෑහෙන පිළිතුරුද මදක් මෙහි ඇතිබව සලකන්වා.
මෙබවට, මහාකවි ශ්රී ධනුර්ධරාචාර්ය්ය වම්හ.