අභිධර්ම මාතෘකා ස්වරූපය - පොල්වත්තේ බුද්ධදත්ත හිමි 1911.pdf
- කතෘ :
- පොල්වත්තේ බුද්ධදත්ත හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1911
- මුද්රිත වර්ෂය :
- 1911
- පිටු ගණන :
- 94
- බාගත කිරීම් ගණන :
- 1
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-14
- ගොනුවේ ප්රමාණය :
- 23 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අභිධර්ම මාතෘකා ස්වරූපය යනු අභිධර්ම පිටකයේ එන අභිධම්ම මාතිකා (මාතෘකා පාඨ) සහ සුත්තන්ත මාතිකා මැනවින් තේරුම් ගැනීම සඳහා පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් විසින් සම්පාදිත ප්රශස්ත ග්රන්ථයකි. මෙහි අභිධර්ම මාතෘකාවල ස්වරූපය හා විග්රහයන් පැහැදිලි කෙරේ.
ග්රන්ථ කර්තෘ බුද්ධදත්ත හිමියන් සිය විඥාපනයෙහි සඳහන් කරන්නේ, ලක්දිව අභිධර්ම ස්වරූප කථන ක්රමය නැතිව ගොස් තිබූ යුගයක බුරුම රටට ගොස් අභිධර්මය හදාරා පැමිණ වර්ෂ 1905 දී (ස්වකීය වයස අවුරුදු 18 දී) මෙම කෘතිය සම්පාදනය කළ බවත්, අනතුරුව 1911 වසරේදී මුද්රණයට පත් කළ බවත්ය.
මෙම කෘතිය පරිශීලනයට පෙර අභිධම්මත්ථ සංග්රහය මැනවින් හදාරා තිබිය යුතු බව කතුවරයා අවධාරණය කරයි. අම්බලන්ගොඩ දොන් ජොහානිස් අබේසේකර මහතාගේ ප්රකාශනයක් ලෙස 1911 දී විද්යාභූෂණ මුද්රණාලයේදී මෙය මුද්රණය කරවා ඇත.
විඥාපනය.
සුවිශුද්ධාශය විපුලපුණ්ය පාටවජනක පරමදුර්ලභ අභිධර්මය වූකලී සකලවිඥ බුදුවරයන් විසින්ම ස්වීයප්රඥාභූත ප්රතිවේධය සමග අවබෝධ කටයුතුවූ අනන්යොපඥාත පරමගම්භීර අත්යුත්තම ධර්මයෙකි. කවර අර්ථයකින් ‘’අභිධර්ම’’ නම් වේදයත්? ‘’අතිඅතිරෙකොවිසිට්ඨො වා ධම්මො අභිධම්මො’’ යනු නිර්වචනයෙහින් අධිකවූ හෝ විශිෂ්ටවූ ධර්මයනුයි. ධර්මාතිරෙක ධර්ම විශේෂාර්ථයෙන් අභිධර්ම නම් වේ. මෙහි ‘’අභි’’ ශබ්දය ‘අධික කමෙහි’ යනාදියෙහි හා ‘’අධික නානාවිශෙෂා’’ යනාදියෙහි මෙන් අතිරෙකාති විශේෂාර්ථ දීපකයි. එහෙයින් සූත්රයෙහිදු ප්රත්යක්ෂාදි ධර්මයන් දක්වතදු උරෙන් ප්රමාණාතිරෙක භාවාදියෙන් හා විශෙෂාර්ථ සංඛ්යාතාදියෙන් යුක්තනුයි අභිධර්මයයි. ධර්මප්රදෙශයයි කියනු ලබන්නාක්මෙන් මෙධර්මය ධර්මාතිරෙක ධර්මවිශෙෂාර්ථයෙන් අභිධර්මනම්වේ-පඤ්චක්ඛන්ධා ද්වාදශායතනාදි ධර්මයෝ සූත්රාන්තයට පැමිණ එක දේශයකින් බෙදන ලදහ, අභිධර්මයට පැමිණ සූත්රාන්තභාජනීය - අභිධර්මභාජනීය ප්රශ්නපෘච්ඡායනා නයත්රය වශයෙන් බෙදනලද්දාහ. එසේම චතුස්සතිපට්ඨාන චතුස්සම්මප්පධාන ධර්මයෝද සූත්රාන්තයට පැමිණ එක දේශයකින් බෙදන ලදහ, අභිධර්මයට පැමිණ සූත්රාන්ත භාජනියාදි නයත්රය වශයෙන් බෙදනලදහ, මේ ආදි වශයෙන් සූත්රාන්තයෙහි එක දේශ වශයෙන් බෙදනලද ධර්මයන් අභිධර්මයෙහි නිශ්ප්රදෙශයෙන් විශෙෂකොට විභාගකළ හෙයින් මෙධර්මය ධර්මාතිරෙක ධර්මවිශෙෂාර්ථයෙන් අභිධර්මනම්වේයයි දතයුතු.
ප්රකරණ පරිච්ඡෙද වශයෙන් වනාහි ධම්මසඞ්ගණී, විභඞ්ග, ධාතුකථා, පුග්ගලපඤ්ඤත්ති කථාවත්ථු යමක, පට්ඨාන යන සප්ත ප්රකරණයන්ගේ වශයෙන් සත්වැදෑරුම්වේ, මේ ප්රකරණයන් අතුරෙන් (1) ධම්මසඞ්ගණීප්රකරණයෙහි චිත්ත-චෛතසික-රූප-නිර්වාණ-යන චතුර්විධ පරමාර්ථ ධර්මයන්ගේ කුශල ත්රිකාදි ත්රික හෙතුද්රිකාදි ද්වික වශයෙන් එක්සිය දෙවිසි ආකාරයකින් විභාගයද (2) විභඞ්ග ප්රකරණයෙහි ඒ කුශල ත්රිකාදීන් සංගෘහිත ධර්මයන්ගේ ස්කන්ධ විභංග-ආයතන විභංගාදි අටලොස් ප්රකාර විභාගයද (3) ධාතුකථා ප්රකරණයෙහි ඒ අටලොස් විභාගයන්හි බෙදන ලද රූපස්කන්ධාදි ධර්මයෝ මෙතෙක් ස්කන්ධ, ආයතන, ධාතූන් විසින් සංගෘහිතයහ මෙතෙක් ස්කන්ධාදීන් විසින් අසංගෘහිතයහ යනාදි සංග්රහා සංග්රහාදි ප්රභෙදයද, පුද්ගලප්රඥප්ති ප්රකරණයෙහි ස්කන්ධාදීන් සංගෘහීතාසංගෘහීත ධර්මයන්ගේ ස්වභාව වශයෙන් හා උපාදාය වශයෙන් පණවන ලද ඛන්ධපඤ්ඤත්ති ආයතන පඤ්ඤත්ති ආදී ෂට් ප්රකාර ප්රඥප්ති ප්රභෙදයද, කථාවත්ථු ප්රකරණයෙහි කුසලාදි ධර්මයන්හි පුද්ගලාදි විපරීතග්රාහ නිවාරණයට හා පරවාද නිරාකරණයට සමර්ත්ථවූ සකවාදයෙහි සූත්ර පන්සියයක්ද පරවාදයෙහි සූත්ර පන්සියයක්ද යන වාද සූත්ර දහසද, යමකප්රකරණයෙහි ධර්මසංග්රහ ප්රකරණාදියෙහි දැක්වූ සියලු ධර්මයන්ගේ ධර්ම පුද්ගල අවකාශාදීන් නිශ්රයවූ සන්නිට්ඨාන සංශයන්ගේ වශයෙන් නානාප්රකාර කෞශල්ය පිණිස මූලයමක ඛන්ධයමකාදී සවැදෑරුම් යමක විභාගයද පට්ඨාන ප්රකරණයෙහි හෙතුප්රත්යයාරම්මණප්රත්යයාදි සුවිසිප්රත්යයාකාර විභාගය හා කුශලාදි දෙවිසි ත්රිකයන්ගෙණ ත්රිකප්රස්ථානය එකසියදෙවිසි දුකයන්ගෙණ දුකප්රස්ථානය දෙවිසි ත්රිකයන් එකසිය දෙවිසි දුකයන්හි බහා ත්රිකදුකප්රස්ථානය එකසිය දෙවිසි දුකයන් දෙවිසි ත්රිකයන්හි බහා දුකත්රිකප්රස්ථානය දෙවිසි ත්රිකයන් ත්රිකයන්හි බහා ත්රිකත්රිකප්රස්ථානය එකසිය දෙවිසි දුකයන් දුකයන්හි බහා දුකදුකප්රස්ථානයයි අනුලොමප්රස්ථානයයි සයෙක අනුලොම ප්රස්ථාන යයි සයෙක, ප්රත්යනීක ප්රස්ථානයයි සයෙක අනුලොමප්රත්යනීකප්රස්ථානයයි සයෙක ප්රත්යනීකානුලොම ප්රස්ථානයයි සයෙක යන අතිගම්භීර චතුරඞ්ගීරොලි ප්රස්ථාන නය විභාගයදැයි මෙසේ අනන්තාප්රමාණ නයාකීර්ණවූ මේ ධර්මය ගණනාව්යපකාර ප්රකරණ පරිච්ඡෙදයෙන් සත්වැදෑරුම් යයි දතයුතු.
මේ ප්රකරණයෝ සත්වැදෑරුම්ව විස්තරකරණු ලබන්නාහු අනන්ත අප්රමාණවෙත්, මෙසේ අනන්ත අප්රමාණවූ ධර්මය තුන්මසකින් කෙසේ දෙසූසේක්දයත්? බුදුවරයන්වහන්සේලාගේ යුගපන්මොචනාවදින්නක් ගැසීමදු මෙහි පමණවේ. පසුබස්නාලෙස නිපැමිණි පිරිසට දෙසන දේශනාව නොවේ සංගෘහීතානංගෘහිතාදි යනාදී නයවශෙකින් දයත්? බුදුවරයන්ගේ භවාංගපරිවර්තනය ශීඝ්රය ඔවුනට ව්යඤ්ජනා වත්ථීචී මුචිචිතරය මනාව පිහිටියේය දිව්යලෝකයෙහිද සරසමුහුදුවා එහෙයින් යම්ලක්ෂවේලාවක දෙසනලද ධර්මයක් දෙසා නිමවේ තුන්මසක් මුළුල්ලෙහි දෙසනලද දෙශනාව නොම අනන්ත අප්රමාණවේමය ආනන්දස්ථවිරයන් වහන්සේ වනාහි සිටියසිටිම්පිට ගාථාසළොස්දහසක් උද්ග්රහණකරන්නෝ හෘදයවන්තය සමර්ථයෙක, එසේවූ උන්වහන්සේටද මෙතුන්මස මුළුල්ලෙහි දෙසනලද ධර්මය අවුරුදුදහසක් මුළුල්ලෙහි උද්ග්රහණකරන්නේද පර්ය්යන්තප්රාප්ත කරන්ට අසමර්ත්ථ වේමය.
මෙසේ අනන්තාප්රමාණ විනම් අන්යයෝ කෙසේ උද්ග්රහණාදිය කෙරෙත්ද යත්? විජම් දෙසන්නාවූ අප බුදුරජානන්වහන්සේ වනාහි පිඬුසිඟන වේලාව බලාද මෙදෙසීම පිණිස නිර්මිත බුද්ධරූපයක් මවා තමන් වහන්සේ උතුරුකුරු දිවයිනට වැඩ පිඬු සිඟා ගෙණැවිත් අනෝතත්විල් තෙරදී වළඳා දිවා විහරණය පිණිස ඒ වැලිපලෙහි වැඩහුන් වන ලැහැබ් යට වඩනා සේක එකල සැරියුත් මහ තෙරුන් වහන්සේ එහි වැඩ වත් පිළිවෙත් කොට එකත්පසෙක හිඳිනා සේක එවිට උන්වහන්සේට මවිසින් අද මෙතෙක් ධර්මය දෙසනලදැයි ‘’කුසලා ධම්මා’’ යනාදී මාතෘකා පදයන් පමණක් දෙසන සේක. ප්රතිසම්භිදාලාභීවූ උන්වහන්සේට මාතෘකා දේශනාව මුළකින්ම ඒ ධර්මයෝ නයසහස්රයෙන් නයශතසහස්රයෙන් වැටහෙන්නාහුය ඊටපසු උන්වහන්සේ මිනිස් ලොවට වැඩ තමන්වහන්සේගේ ශිෂ්ය වූ පන්සියයක් භික්ෂූන්ට නාතිසංක්ෂෙප නාතිවිස්තාරනයින් ඉගැන්වූසේක උන්වහන්සේ විසින් උගන්වන ලද ක්රමය වාචනාමාර්ග නම් ‘’අභිධම්මො වාචනා මග්ගොනාම සාරිපුත්තත්ථෙරස්ස අහොසි’’ යනු හෙයින් කීහ. සංගායනාවට නගන ලද්දෙත් මෙයමැයි, තෙරුන් වහන්සේ වනාහි සුඛග්රහණ ධාරණය පිණිස එකී මාතෘකා අනයෝහාර නය දක්වීම් වශයෙන් සංක්ෂෙප කලසේක.
මෙසේ සැරියුත් මහතෙරුන් වහන්සේගේ ශිෂ්ය පරම්පරානුගතව පැවත ආවාවූ අභිධර්මයාගේ ස්වරූපකථනය ලක්දිව බොහෝ කලක් විහාර පරම්පරානුගතව පැවත ආයේද අපලක්දිව කලින් කල පැවැති මිථ්යාදෘෂ්ටිකයන්ගේ වියවුල් නිසා ශාසන විනාශශ්රයෙන් ඒ අභිධර්ම ස්වරූප කථනයද සම්පූර්ණයෙන්ම අභාවප්රාප්තවිය, මෙහි ශාසනය බැබලෙමින් තිබුනාවූ කාලයේදී බුරුම රටින් මෙහි පැමිණ ධර්මශාස්ත්රොද්ග්රහණය කළාවූ ඡපටාදි උතුමන් විසින් මේ අභිධර්ම ස්වරූප කථනය තම රටට ගෙනයාමෙන් බුරුම භාෂාවෙන් ලියන ලද හෙයින් අද දක්නාතුරුද එහි ප්රචලිතව පවත්නේය. සප්තප්රකරණයන් අතුරෙන් ධර්මසංගණී විභංග පුග්ගලපඤ්ඤත්ති කථාවත්ථු යන ප්රකරණයන්හි ගැඹුරු වූ ස්වරූප කථනයක් නැතිවූවද ධාතුකථා යමක පට්ඨාන යන ප්රකරණයන්ගේ ස්වරූප කථනය නොදැන ඒ ගම්භීර දේශනාව කිසිකලෙකත් නොදැන හැක්කේය ඇතැම් අය මේ ස්වරූප කථනය කුමක්දැයි නොදැන එය ලක්දිවත් තිබේය යනාදී හිස්කීමි කියත් ඔවුන්ගේ තුච්ඡ වචන වලින් අපට කීමක්ද?
ලක්දිව අභාවප්රාප්ත වූ මේ ස්වරූප කථනය නැවත ගෙණැත්මෙන් මහත්ශාසනාභිවෘද්ධියක් වේයයි කල්පනාකලාවූ දඹදිව ධර්ම සංඝටනයෙහි සංඝනායක මහා විද්යාලයන්හි දශවර්ෂයක් පමණ උගණිමින් න්යාසාදි අනෙක ශබ්දශාස්ත්රයන් උද්ග්රහණය කළාවූද බුරුමරටින් ‘’සද්ධම්ම වංසජොතිපාල සිරිධම්මධාර රාජගුරු’’ යන රාජපූජ්යනාමයක් ලැබුවාවූද අස්මදාචාර්ය්ය ස්වාමිපාදයන් වහන්සේ අප පැවිදි කළ තැන්පටන් තුන් හවුරුද්දක් මුලුල්ලෙහි ශබ්ද ශාස්ත්ර සහිත පාලි සංස්කෘත භාෂාවන් පුහුණු කරවා 1903 නේදී බුරුම රටට කැඳවාගෙණ ගොස් එහි මෝල්මේයින් නගරයෙහි සුවර්ණ මිණි විජ්යොතිරතන සීමාරාමාධිපති සාගරඤ්ඤාණාභිධජ මහා තෙරුන් වහන්සේට භාරකොට බුරුම භාෂාවද අභිධර්මයද ඉගැන්වීහ එහි පැමිණි තුන්මසකින් එහි විහාරයෙහි අවුරුදු පතා පවත්වන ශබ්ද විභාගයෙහි පෙනීසිට බාලාවතාරය අභිධම්මත්ථ සංග්රහය ධම්මපදය ආදී පොත් දශයක් සම්පූර්ණයෙන් කට පාඩම් දීමෙන් එහි සිටි සිය ගණනක් ශිෂ්ය සාමණේරාදීන් අතරෙන් කිසිවෙක් විසින් ලබාගත නොහැකි වූ රු 50 ක්ද වටිනා ත්යාග ලබා ඊටපසු වර්ෂයෙහි කච්චායන සුබොධාලංකාරයන් සමග පොත්දෙළසක් පාඩම්දීමෙන් රු 100 ක්වටිනා ත්යාගයද ලබාගතිමු මෙසේ සිටිනාතර දුර්ලබ්ධි ග්රහණයෙන් මත්තේ අපට සැදූ තෘෂ්ණී රෝගයක් සුවකරගන්ට නොහැකිවූයෙන් ඉගැණීම නවතා සියරටට පැමිණෙන්ට සිදුවිය මෙහි පැමිණි රෝගය සුව වූවායින් පසු ජීවිතයාගේ අනිත්යභාවය සලකා අප ලත් දේශය අන්යන්ටත් ප්රයෝජනවත් කිරීම යෙහෙකැයි සිතා 1905 දී හෙවත් අපගේ උත්පත්තියෙන් අටළොස් වෙනි වර්ෂයේදී මේ මාතෘකා ස්වරූපය ලිව්වෙමු. එසේ ලියා තැබුණමුත් මුද්රණය කරවන්ට නොහැකිවූයෙන් 1907 දී මම නැවතත් ඉගෙණීම පිණිස බුරුම රටට පිටත්ව ගියෙමි. එහි ගොස් අමරපුර විජයාරාම මහා විහාරාධිපති, පඤ්ඤාසාමි මහා තෙරුන් වහන්සේ ඇසුරු කොට අභිධර්මය උගණිමින් අභිධර්මය හා ශබ්ද ශාස්ත්ර සම්බන්ධ රාජකීය විභාග දෙකකින් සමර්ථව රු 50 ක්ද 75 ක්ද වටිනා ත්යාග දෙකක් ලබාගතිමි. තුන්වෙනි විභාගයට කටයුතු කරමින් සිටිනාතර අප ශරීරගත වාත රෝගයක් බලවත්වීමෙන් ඒකටයුතු හැරදමා පසුගිය අප්රෙල් මාසයේදී නැවතත් සිය රටට හැරී එන්ට සිදුවිය. මෙහි පැමිණි විගසින් ලියන ලද මාතෘකා ස්වරූපය මුද්රණය කොට අවශෙෂවී තිබුනේය. ඌවේ විමලසාර ස්ථවිරයන් විසින් ලියන ලද මාතෘකාසන්නයක්ද මුද්රණය කොට තිබෙන බව දැක එය කෙසේදැයි බැලුවිට එයද බුරුම මාතෘකා ස්වරූපයම ඇසුරු කොට එහි දක්වා තිබෙන අවල්ගු විකාශයද බහුලකොට බුරුම ගණශීර්ෂයෙහි තිබෙන විග්රහ වාක්යයන් සමග විස්තර ලෙස ලියා තිබෙනත් අපේ පොතට වඩා ආධුනිකයන්ට සුවසේ තේරුම් ගත හැකි බවද ඒ පොත ආධුනිකයන් අතට නොදිය යුතු බරපතල දොෂයෙන් යුක්තව තිබෙන බවද දැක අප විසින් ලියනලද මාතෘකාර්ථ නිබන්ධන ස්වරූපය පමණක් වහා පිටකිරීමට කල්පනා කෙළෙමු යටකී මාතෘකා සන්නය අභිධම්මත්ථ සංග්රහය නොදන්නා කරුණය මුලකොට ලියන ලද්දක් බව බඳය කම්පන රූපයන්ට ඇතුලත් කිරීමෙන්ම දත හැකියි. ‘’සද්දෙ විඤ්ඤත්තිද්වයෙ’’ යනා සංග්රහපාඨය දැනසිටියා නම් මෙතරම් මුළාවක් නොවෙමය අන්ය සාවද්ය ස්ථානයන් දැක්වීමට අපේ කාලය ගත නොකරණු කැමැත්තෙමු- මේ මාතෘකා ස්වරූපය හදාරණු කැමැත්තන් පළමුකොට අභිධම්මත්ථ සංග්රහය හොඳින් ඉගෙන ගත යුතුයි. අභිධර්ම මාර්ග දේශකයා වූ මේ ග්රන්ථය නොඉගෙණ අභිධර්මය සම්බන්ධ යම්කිසිවක් ඉගෙන ගත්කලැදුම් මාර්ග දේශකයා නැතිව යන්නාවූ අන්ධයකුගේ ගමනක්මෙනි. ඇතැම් අය අභිධර්මය දෙවියන්ට දෙසන ලදැයි එය අපට කුමටදැයි කියමින් නිමල බුද්ධ ධර්මයට පහර දෙත් මොවුන්ට නිග්රහ කිරීමට අපි නොවෙහෙසුමු. අටුවාචාරීන් අනුබුද්ධ බුද්ධඝොෂ මාහිමියන් විසින් අට්ඨසාලිනී නිධාන කථාවෙහි ‘’අභිධම්මං පටිබාහන්තො ඉමස්මිං ජිනචක්කෙ උපහාරං දෙති, සබ්බඤ්ඤුතඤ්ඤාණං පටිබාහති, සොත්ථුකාමං පරිසං විසංවාදෙති, අරියමග්ගෙහ ආවරණං බන්ධති උපෙක්ඛනීයෙ ඨානෙ කම්මාරහො හොති යනාදි වශයෙන් මොවුහු සද්ධර්ම ශාසනයට පහර දෙන්නෝය, පෙ... ආර්ය්ය මාර්ගය ආවරණ කරන්නාහුයයි නිග්රහ කරන ලදහ.
ලක්වැසියාගෙන් ආධාර ලැබෙත් නම් පිළිවෙලින් ධාතුකථා යමක පට්ඨාන යන ප්රකරණයන්ගේ ස්වරූපයන්ද ලියා දෙන්ට බලාපොරොත්තුවෙමු.
මෙහි විද්යමානවූ දෝෂයෝ කරුණා සිතින් අපවෙත දන්වනු ලැබෙත්වා යි ශාසන සමිකාමී පණ්ඩිතවරුන්ගෙන් ඉල්ලමු
මීට; ශාසනසමිකාමී අම්බලන්ගොඩ පොල්වත්තේ බුද්ධදත්ත භික්ෂු -
ශ්රී ව 1911 මැයිමස 2 වෙනි දින බු ව 2454 වෙසක් මස පුරවිසේනිය ලත් කුජ දින පොල්වත්තේ අග්ගාරාමයේදීය.
ශාසනසමිකාමී අම්බලන්ගොඩ පොල්වත්තේ බුද්ධදත්ත භික්ෂු - ශ්රී ව 1911 මැයිමස 2 වෙනි දින බු ව 2454 වෙසක් මස පුරවිසේනිය ලත් කුජ දින පොල්වත්තේ අග්ගාරාමයේදීය.