අභිධර්මාර්ථ සංග්‍රහ ප්‍රකාශනී - සීනාවත්තේ ගුණාලංකාර හිමි 2016.pdf

කතෘ :
සීනාවත්තේ ගුණාලංකාර හිමි
ප්‍රකාශිත වර්ෂය :
1924
මුද්‍රිත වර්ෂය :
2016
පිටු ගණන :
265
බාගත කිරීම් ගණන :
3
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-14
ගොනුවේ ප්‍රමාණය :
107 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 133

අභිධර්මාර්ථ සංග්‍රහ ප්‍රකාශනී නම් වූ අභිධර්මාර්ථ සංග්‍රහ භාවසන්නය යනු අනුරුද්ධ මහා තෙරුන් විසින් රචිත අභිධර්මාර්ථ සංග්‍රහය අළලා ආභිධම්මිකාචාර්ය සීනාවත්තේ ගුණාලංකාර නාහිමියන් විසින් 1924 දී පමණ රචනා කරන ලද අගනා අභිධර්ම විවරණ ග්‍රන්ථයකි. මෙතෙක් අත්පිටපතක්ව පැවති මෙම දුර්ලභ කෘතිය එස්. මැදවැව මහතා විසින් සංස්කරණය කොට 2016 දී ප්‍රථම වරට මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම කෘතියේ චිත්ත, චෛතසික, ප්‍රකීර්ණක (සංග්‍රහ සමූහය), වීථි, වීථිමුක්ත, රූප, සමුච්චය, ප්‍රත්‍ය (පට්ඨාන) සහ කර්මස්ථාන (සමථ විදර්ශනා) යන සමස්ත අභිධර්මාර්ථ සංග්‍රහගත කරුණු ඉතා විස්තරාත්මකව සිංහල භාවසන්නයක් ලෙස විග්‍රහ කෙරේ.

පොතෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා:

  • අභිධර්ම ප්‍රවේශය හා චිත්ත සංග්‍රහ ප්‍රකාශනිය
  • චෛතසික සංග්‍රහය
  • සංග්‍රහ සමූහය
  • පංචද්වාර හා මනෝද්වාර වීථි
  • වීථිමුක්ත සංග්‍රහය හා කර්ම විනිශ්චය
  • රූප පාද විග්‍රහය
  • සමුච්චය සංග්‍රහය
  • සූවිසි ප්‍රත්‍ය හා පට්ඨාන විග්‍රහය
  • සමථ විදර්ශනා විග්‍රහය

මෙම මුද්‍රණය පුලිනතලාරාමාධිපති රත්මලානේ සිරිසුමන අනුනායක ස්ථවිරයන්ගේ ප්‍රකාශනයක් ලෙස 2016 දී නෙප්චූන් පබ්ලිකේෂන්ස් වෙතින් මුද්‍රණය කරවා ඇත.

ප්‍රස්ථාවනාව

අභිධර්මාර්ථ සංග්‍රහ ප්‍රකාශනී නම් වූ මෙම අභිධර්මාර්ථ සංග්‍රහ භාවසන්නය මාගේ ගුරුදේවයන් වහන්සේ වූ අතිපූජ්‍ය කළුතර හේමාලෝක නායක හිමිපාණන් වහන්සේගේ ආචාර්ය්‍යපාදයන් වහන්සේ වූද, මොරටුව කල්දෙමුල්ල පුලිනතලාරාම විහාරස්ථානය ආරම්භ කර වදාළාවූද අතිපූජ්‍ය ආභිධම්මික ආචාර්ය සීනාවත්තේ සිරිගුණාලංකාරාභිධාන අමරපුර නිකායේ ප්‍රධාන අධිකරණ නායක ස්වාමිපාදයන් වහන්සේ විසින් රචනා කරන ලද විරල ගණයේ ග්‍රන්ථයකි. සීනාවත්තේ සිරිගුණාලංකාර නායක ස්වාමිපාදයන් වහන්සේ ආභිධම්මික යන ගෞරවනීය නාමයෙන් හඳුන්වනු ලැබූයේද අභිධර්මය පිළිබඳ උන්වහන්සේ තුළ පැවති හසල දැනුම නිසාය. එම ගැඹුරු අවබෝධය හුවා දැක්වෙන මෙම හස්තසාර ග්‍රන්ථය මා අතට පත්කළේ මාගේ ජ්‍යෙෂ්ඨ පැවිදි සහෝදර වන 1972 ඕස්ට්‍රේලියාවේ මුල්ම බෞද්ධ විහාරය වූ ‘Australian Buddhist Vihara’ ආරම්භ කළ සායනික මනෝචිකිත්සක (Clinical Psychotherapist) අතිපූජ්‍ය ආචාර්ය රත්මලානේ සෝමාලෝක මා හිමියන් වහන්සේ (PhD)ය. උන් වහන්සේ දැනටත් ඕස්ට්‍රේලියාවේ හා අමෙරිකාවේ ධර්මදූත සේවයේ යෙදෙමින් ලෝසසුන් වැඩ පිණිස කැපවී සිටිති.

අත්පිටපතක් ලෙස ලැබුණු මෙම ග්‍රන්ථයෙහි වටිනාකම හොඳාකාර අවබෝධ කොට ගත් මට බොහෝ දෙනාගේ හිතසුව පිණිස මෙය මුද්‍රණය කරවීමේ අවශ්‍යතාව පැන නැඟිණ. පොත දෙස බැලූවිට එය මහත් භාරදූර කාර්යයක් බව වැටහුණු නිසා එම භාරදූර වගකීම මැනවින් අවබෝධ කොටගෙන ඉටු කළ හැකි සත්පුරුෂයෙකු ගැන කල්පනා කළ මට නිතැතින්ම මතකයට නැගුණේ එදා මගේ ගුරුදේවයාණන්ගේ සමීපතමයෙකු ව සිට, අද මගේත් කුළුපග දායකයෙකු හා විහාරස්ථ කාර්ය සාධක සමිතියේ ගිහි අනුශාසකද වන එස් මැදවැව මහතාය. සිංහල, පාලි හා ඉංග්‍රීසි භාෂා නිපුණත්වයෙන් යුතු මැදවැව මහතාගේ ලේඛන දක්ෂතාවන් ගැන මම දනිමි. මැදවැව මහතා, මෙම ග්‍රන්ථය සකස් කිරීමේ නිමිත්ත වශයෙන් අනුස්මරණය කරන කල්දෙමුල්ල ඊබට් පටුමග විසු කරුණාමුණි සුසිලාවති ජයවර්ධන මැණියන්ගේ ජ්‍යෙෂ්ඨ බෑණනුද වන්නේය. මාගේ ගුරුදේව කළුතර හේමාලෝක මාහිමියන්ගේ ගුරුහිමියන් වූ අතිපූජ්‍ය සීනාවත්තේ සිරි ගුණාලංකාර හිමිපාණන්ගේ මිණිබිරියක වූවාය මේ සියලු කාරණා සුසංගත වෙමින් අතිපූජ්‍ය සීනාවත්තේ සිරිගුණාලංකාර නායකස්වාමිපාදයන් වහන්සේගේ නාමයෙන් අගනා නිර්මාණයක් එළිදැක්වීම මටද, මගේ ජ්‍යෙෂ්ඨ පැවිදි සහෝදර මහාචාර්ය රත්මලානේ සෝමාලෝක මා හිමියන් වහන්සේටද එහෙලෞකික වශයෙන් හා පාරලෞකික වශයෙන් ධර්ම සංවේගයට කාරණාවන්නේය.

මේ සත්කාර්යයෙහි ලා උත්සුකවූ මැදවැව මහතාගේ හා ඔහුට අතහිතදුන් සියලු දෙනාගේ ධර්ම ඥානය වඩවඩාත් වර්ධනය වේවා යයි ප්‍රාර්ථනා කරමි.

සාධු! සාධු! සාධු!

රත්මලානේ සිරිසුමන ස්ථවිර ශ්‍රී ලංකා අමරපුර නිකායේ සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ අනුනායක ධුරන්ධර කල්දෙමුල්ල පුලිනතලාරාමය, කළුවාමෝදර සිරි ගුණාලංකාරාරාමය, රත්මලාන දකුණ තිලකරත්නාරාමය හා රත්මලාන ශ්‍රී රාජගෝපාල විහාරය යන සිව් මහා විහාරාධිපති සහ පුලිනතලාරාම විහාරස්ථ ශ්‍රී සාහිත්‍යෝදය දහම් පාසලේ අධිපති

2016.08.01

රත්මලානේ සිරිසුමන ස්ථවිර
2016.08.01

සංස්කාරක සටහන

මොරටුව කල්දෙමුල්ල පුලිනතලාරාම විහාරස්ථානය 1918 වර්ෂයේදී ආරම්භ කර වදාළාවූ අතිපූජ්‍ය ආභිධම්මික ආචාර්ය සීනාවත්තේ සිරිගුණාලංකාරාභිධාන නායකස්වාමිපාදයන් වහන්සේ විසින් විරචිත අභිධර්මාර්ථ සංග්‍රහ ප්‍රකාශනී නම්වූ මෙම අභිධර්මාර්ථ සංග්‍රහ භාවසන්නය උන්වහන්සේගේ ශිෂ්‍යවරවූ අතිපූජ්‍ය කළුතර හේමාලෝක නායක හිමියන් වහන්සේගේ ශිෂ්‍ය ශිෂ්‍ය වර්තමාන පුලිනතලාරාම විහාරස්ථානයේ අධිපති පූජ්‍ය රත්මලානේ සිරිසුමණ හිමියන් අතට 2015 වර්ෂයේ මුල් භාගයේදී පත්වූයේ ඕස්ට්‍රේලියාවේ හා අමෙරිකාවේ ධර්මදූත සේවයේ යෙදී සිටින 1972 ඕස්ට්‍රේලියාවේ මුල්ම බෞද්ධ විහාරය වූ ‘Australian Buddhist Vihara’ ආරම්භ ආරම්භ කළ සායනික මනෝචිකිත්සක (Clinical Psychotherapist) අතිපූජ්‍ය ආචාර්ය රත්මලානේ සෝමාලෝක මා හිමියන් වහන්සේ (PhD) වෙතින් ඕස්ට්‍රේලියාවේදීය. මෙම මාහැඟි පුස්තකය පූජනීය වස්තුවක් ලෙස 2015 අප්‍රේල් 25 වැනි දින රත්මලානේ සිරිසුමණ මා හිමියන් මා අතට පත් කළේ අවුරුදු 86ක් ආයු වලඳා 2013 වර්ෂයේදී අභාවප්‍රාප්ත වූ කල්දෙමුල්ල ඊබට් පටුමග විසු කරුණාමුණි සුසිලාවති ජයවර්ධන මෑණියන් අනුස්මරණය කරමින් මුද්‍රණය කරන ලෙස මුද්‍රණය කරන ලෙස කරන ලද ඉල්ලීමක්ද සමගය.

ලිවීම කවදා ආරම්භ වීදැයි කිව නොහැකිමුත් 1924 වර්ෂයේ ලියා අවසන් කොට ලියා අවසන් කොට ඇතැයි සිතිය හැකි මෙම පුස්තකය පරිගණක ගතකිරීම මට අභියෝගයක් විය. පොතේ පොතේ පිටු පෙරලීම අතිශය පරෙස්සමින් කළ යුතු වූයේ එහි කඩදාසි සෙලවෙන අවස්ථාවලදී පවා පුපුරා ඉරී යන හෙයිනි. නැමෙන සෑම තැනකින්ම කඩදාසිය ඉරීයාමේ අවදානමක් තිබිණ. සියවසකට ආසන්න කාලයකට පෙර කටු පෑන් තලයෙන් තීන්තෙන් ලියා ඇති මෙම පුස්තකයේ බොඳවූ තීන්ත අතරින් අකුරු තෝරාබේරා ගැනීමට මහත් ප්‍රයත්නයක් දැරීමට සිදුවිය. පරෙස්සමින් කළ යුතු වූයේ එහි කඩදාසි සෙලවෙන අවස්ථාවලදී පවා පුපුරා ඉරී යන හෙයිනි. නැමෙන සෑම තැනකින්ම කඩදාසිය ඉරීයාමේ අවදානමක් තිබිණ. සියවසකට ආසන්න කාලයකට පෙර කටු පෑන් තලයෙන් තීන්තෙන් ලියා ඇති මෙම පුස්තකයේ බොඳවූ තීන්ත අතරින් අකුරු තෝරාබේරා ගැනීමට මහත් ප්‍රයත්නයක් දැරීමට සිදුවිය. අකුරු හඳුනාගැනීම සඳහා අන්වීක්ෂයක්ද කුඩා විදුලි පන්දමක්ද භාවිතා කොට බොහෝ රාත්‍රීන් නිදි වර්ජිතව මෙම කාර්යයෙහි නියැලුනෙමි. අකුරෙන් අකුර වචනයෙන් වචනය ඉතාම නිවැරදිව හඳුනාගෙන පරිගණක ගතකළෙමි. අත්පිටපතට හානියක් නොවීම සඳහා මූලාරම්භයේදී එක් එක් පිටුවේ ඡායාරූප ගැනීමටද උත්සාහයක් දැරීමි.

විසිවැනි සියවසේ මුල්භාගයේ හසුරුවන ලද සිංහල භාෂාවෙන් හා අක්ෂර විලාශයෙන් මෙම පොත ලියා ඇත්තේ එම යුගයෙහි පාලි බස හැදැරූ ශිෂ්‍යයන්ට අභිධර්ම භාවනා සන්නයක් ඉදිරිපත් කිරීම සඳහාය. එදා සිංහල උගත් සෑම කෙනෙක්ම පාහේ පාලි භාෂාවද පරිශීලනය කිරීම සිරිතක් වූ හෙයින් මෙම පුස්තකය අප කර්තෘන් වහන්සේ නිර්මාණය කළේ එවැනි පාඨක සමාජයකටය. සිංහල භාෂාවෙන් හා අක්ෂර විලාශයෙන් මෙම පොත ලියා ඇත්තේ එම යුගයෙහි පාලි බස හැදැරූ ශිෂ්‍යයන්ට අභිධර්ම භාවනා සන්නයක් ඉදිරිපත් කිරීම සඳහාය. එදා සිංහල උගත් සෑම කෙනෙක්ම පාහේ පාලි භාෂාවද පරිශීලනය කිරීම සිරිතක් වූ හෙයින් මෙම පුස්තකය අප කර්තෘන් වහන්සේ නිර්මාණය කළේ එවැනි පාඨක සමාජයකටය. 19 වන සියවසේ අවසාන කාර්තුවේ සිට මෙම ස්වභාවය අපේ උගතුන් අතින් ගිලිහී ගොස් ඇති බැවින් අද පාඨකයාට කියවා තේරුම් ගත හැකි ආකාරයට මෙම පොත සංස්කරණය කිරීම මා විසින් මටම පවරාගන්නාලද වගකීමකි. ඒ සඳහා අවශ්‍ය පරිචය මට ලැබුණේ තෙරිපැහැ මා උපන් නිවසින්, ගමේ පාසලින්, ගමේ පන්සලෙන්, පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලයෙන් හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් බව විශේෂ කොට සඳහන් කරමි. මේ පොත ලියූ කාලයේ භාවිතවූ අක්ෂර විලාශය පිළිබඳ අවබෝධයකින් තොරව වචන හඳුනාගැනීම දුෂ්කරය. කර්තෘන් වහන්සේ හැසිරවූ අකුරු ඇලකිරීම් දීර්ඝ කිරීම් ආදිය පිළිබඳව අවබෝධයකින් යුතුවම අකුරු හා වචන හඳුනා ගැනීමට සිදුවිය. භාවිතා කරන ලද ඇතැම් වචන අද ව්‍යවහාරයේ පවතින භාෂාවට වඩා වෙනස්වන හෙයින් පොත ලියූ එදා පරිසරයට ප්‍රවේශ වී සමහර වචන හා යෙදුම් අවබෝධ කරගතයුතු විය.

විරාම ලක්ෂණ යෙදීම, අංකනය, ඡේද වෙන් කිරීම වැනි ක්‍රම කිසිවක් කර්තෘන් වහන්සේ භාවිතා කොට නැති මෙම පොතෙහි බොහෝ ඡේද, පිටු ගණන් ඈතට විහිද යයි. අංකනය, ඡේද වෙන් කිරීම වැනි ක්‍රම කිසිවක් කර්තෘන් වහන්සේ භාවිතා කොට නැති මෙම පොතෙහි බොහෝ ඡේද, පිටු ගණන් ඈතට විහිද යයි. ඇතැම් පරිච්ඡේද එකම ඡේදයකි. සමහර පරිච්ඡේදයන් ප්‍රථම ද්විතිය ආදී වශයෙන් සංඛ්‍යාත්මකව දක්වා ඇති නමුත් එම පරිච්ඡේද වලට මාතෘකා යොදා තිබුණේ නැත. යොදා ඇති අංකන ක්‍රමයද එම යුගයට අයත් වූවකි.

මේ සියළු අභියෝගයන් හමුවේ පිටු 463 ක් වූ අත් පිටපතේ මුල් පිටු කීපය පරිගණක ගත කිරීමට ගතවූ කාලය සලකා බැලූ මට මුලු පොතම පරිගණක ගත කිරීමට යටත් පිරිසෙයින් වසරකවත් කාලයක් ගතවනු ඇතැයි මම සිතුවෙමි. පිටු 463 ක් වූ අත් පිටපතේ මුල් පිටු කීපය පරිගණක ගත කිරීමට ගතවූ කාලය සලකා බැලූ මට මුලු පොතම පරිගණක ගත කිරීමට යටත් පිරිසෙයින් වසරකවත් කාලයක් ගතවනු ඇතැයි මම සිතුවෙමි. මේ නිසා අප මෑණියන් වෙනුවෙන් මෙම කර්තව්‍යය කෙසේ හෝ ඉටු කරමියි ඇති කරගත් චිත්ත ධෛර්යය පෙරටු කොට ගෙන එතුමියගේ උපන් දිනය වූ අප්‍රේල් 25 දින ආරම්භ කළ කාර්යය ජූලි 25 දින වනවිට (මාස 3 කින්) නිම කළ හැකිවීම මහත් භාග්‍යයක් සේ සලකමි.

1963 වර්ෂයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් මා ලත් උපාධිය සඳහා පාලිභාෂාව හදාරා තිබීම ද, ගතවූ දෙවසර තුළ අභිධර්ම පාඨමාලාවක් හැදෑරීමද, දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙහි ත්‍රිපිටක හා අටුවා පොත් සංස්කරණයෙහි හා පරිවර්තනයෙහි නිරතවීමද, මේ පොත නිවැරදිව සංස්කරණය කිරීමට මට මහත් පිටුවහලක් විය. පරිගණකගතකරන ලදුව සංස්කරණය කරන ලද පිටපත මා මගේ අභිධර්ම ගුරුවරයා වන ත්‍රිපිටකාචාර්ය හා අභිධර්ම විශාරද එච් ඩබ් නන්දසේන මහතා වෙත ඉදිරිපත් කළේ මා කළ කාර්යයෙහි කිසියම් අඩුපාඩුවක් ඇත්දැයි සොයා බැලීමටය. එතුමා මසක පමණ කාලයක් ගතකොට අකුරෙන් අකුර වචනයෙන් වචනය කියවා මාගේ සංස්කරණය තහවුරු කළේය. එය මට මහත් සැනසිල්ලක් හා දැඩි ආත්ම විශ්වාසයක් ගෙනදුන් කාරණයක් විය. අවසන් සංස්කරණයේදී සැලකිල්ලට ගතයුතුයයි මට එතුමා දුන් අනගි උපදෙස් වලට මම ණය ගැතිවෙමි.

පරිගණක ගත කළ පොත සංස්කරණය කිරීමේදී කර්තෘන් වහන්සේ මාතෘකා දී නොතිබුණු පරිච්ඡේදවලට මාතෘකා යෙදීමි. ඡේද වෙන්කිරීමක් නොතිබුණු මුළු පොතේම කර්තෘන් වහන්සේගේ ශෛලියට හා අන්තර්ගතයට ද ධර්ම කරුණුවලටද හානියක් නොවන පරිදි ඡේද වෙන් කළෙමි. ඒ ඒ කාරණය කැපී පෙනෙන ආකාරයට ඡේද අනුඡේද හා වාක්‍ය සකස් කළෙමි. පහසු අවබෝධය සඳහා අවශ්‍ය අවස්ථාවල වචනවල පාට තද කළෙමි. විරාම ලකුණු හා තාලල භේදය නිසි ලෙස භාවිත කළෙමි. ප්‍රකාශිත අදහස පැහැදිලි වන සේ ද තීව්‍ර වන සේද ඡේද තුළ වාක්‍ය පෙළ ගැස්වීමි. එබැවින් මෙය මගේ සංස්කරණයකැයි නිර්ව්‍යාජව ප්‍රකාශ කිරීමට මට හැකිය. එහෙත් කර්තෘන් වහන්සේගේ භාෂා ව්‍යවහාරයට, අක්ෂර විලාශයට හා ධර්ම කරුණු අන්තර්ගතයට බිඳකින්වත් හානියක් වන කිසිදු දෙයක් නොකළෙමි. පාලි වචන ලිවීමේදී බැඳි අකුරු භාවිත නොකළෙමි. පාලි සම්ප්‍රදායට පටහැනිවූවද අකුරු, හල් නොකලෙමි. එසේ කලේ මා යොදාගත් පරිගණක අකුරු ක්‍රමයෙන් බැඳීම කළ නොහැකිවූ නිසාත්, වර්තමානයේ සිංහල අකුරෙන් ලියන පාලි වචන උච්චාරණය වන ආකාරයෙන්ම නොලියුව හොත් පාඨකයා එම පාලි වචන හරියැටි උච්චාරණය නොකරන නිසාත්ය.

අභිධර්මය සාමාන්‍ය පාඨකයාට කියවා තේරුම් ගැනීම දුෂ්කරය. මෙම ග්‍රන්ථයේ වුවද අභිධර්මය සරල බසින් ලියැවී ඇතැයි කිව නොහැකිය. එබැවින් මෙය වැදගත්වන්නේ අභිධර්මය හදාරන ගිහි පැවිදි පිරිසට වීම විශේෂ කරුණකි. එවැනි හැදෑරීමකට මෙයත් පිටුවහලක් වේවායි මම ධර්මාවබෝධාපේක්ෂාවෙන් යුතුව ප්‍රාර්ථනය කරමි.

විනය හා සූත්‍ර පිටකයන්ට වඩා අභිධර්මය අතිශය ගැඹුරු දහම් විග්‍රහයකි. අපේ වියතුන් වහන්සේලා කිහිපනමක් දැන් අභිධර්මය අනුව ධර්මය විග්‍රහ කිරීමට දරණ උත්සාහය අති ප්‍රශංසනීයය. එසේම ගැඹුරු දහම් හැදෑරීමට හෝ එවැනි දෙසුම් වලට සවන් දීමට සැදී පැහැදී සිටින සෑම වයස් කාණ්ඩයකටම අයත් ශ්‍රාවක හා පාඨක පිරිසක් දැන් දැන් දකින්නට ලැබීම සතුටට කරුණකි. මේ ප්‍රයත්නය ඒ සෑම දෙනාටම ප්‍රතිලාභ ගෙන දේවා.

මෙම ග්‍රන්ථය ශෝභමාන ලෙස මුද්‍රණය කළ නෙප්චූන් පබ්ලිකේෂන්ස් (පුද්ගලික) සමාගමට ද අර්ථවත් පිටකවරයකින් ග්‍රන්ථය අලංකාර කළ කලාශූරි ජයසිරි සේමගේ මහතාටද මගේ ස්තූතිය පිරිනමමි.

අගනා පෙරවදනකින් ග්‍රන්ථයේ හරය තීව්‍ර කළ මහෝපාධ්‍යය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනායක මාහිමියන් වහන්සේටද සමස්ත වශයෙන් ග්‍රන්ථයේ අන්තර්ගතයත් මෙම සංස්කරණයේ භාරදූරත්වයත් පිළිබිඹු කරමින් මෙම පොත ගැන සටහනක් තබන පූජ්‍ය කිරම විමලජෝති ස්වාමිපාදයන් වහන්සේට ද මාගේ ගෞරවය පිරිනමමි.

එස්. මැදවැව 2016.08.01

එස්. මැදවැව
2016.08.01

පෙරවදන

අභිධර්මාර්ථ සංග්‍රහ ප්‍රකාශනී නම් වූ අභිධර්මාර්ථ සංග්‍රහ භාවසන්නය මෙයින් වසර 90ට පමණ පෙර සම්පාදනය කරන ලද්දේ, වරාපිටියේ සුගතදස්සනාරාමය, වස්කඩුව තලගහවත්තේ තාලරුක්ඛාරාමය, මොරටුව කල්දෙමුල්ල පුලිනතලාරාමය, පත්තාගොඩ උඩහේනේ විවේකාරාමය, දකුණු රත්මලානේ තිලකරත්නාරාමය, කළුවාමෝදර සිරිසුගතපාලාරාමය, යන විහාරයන්හි අධිපති ආභිධම්මිකාචාර්ය අතිපූජ්‍ය සීනාවත්තේ සිරි ගුණාලංකාර ප්‍රධාන අධිකරණ නායක මාහිමිපාණන් වහන්සේ විසිනි. අප කුඩා කාලයේ උන්වහන්සේ දානමය පිංකම්වලදී හා පිරිත් පිංකම් වලදී පමණක් නොව පුලිනතලාරාම විහාරස්ථානයේ දීද නිතර දැක ඇති මහේශාක්‍ය පෙනුමකින් යුත් උපශාන්ත මහතෙර නමකි. උන්වහන්සේ වැඩිපුර කථා කරන මාහිමි නමක් නොවේ. බොහෝ සෙයින් අන් අයගේ කථාවන්ට ඇහුම්කන් දීම වඩාත් රුචිකත්වයකින් දක්නට ලැබුණ එතුමන්ගේ සුවිශේෂ ගුණයකි. නුගපඬුපාට දෙපට සිවුර උභයාංශකොට පොරවා ගාම්භීර පෙනුමකින් සහ ගමනකින් යුත් ගුණාලංකාර නාහිමියන් දකිනවිට ගිහි පැවිදි කා තුල වුවද ඇතිවන්නේ බුදුරදුන් දවස හෝ ඊට ආසන්න පසුකාලීනව විසූ උත්තුංග ගුණයන්ගෙන් පිරිපුන් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමකගේ ස්වරූපයකි. උන්වහන්සේ පරිහරණය කළේ බුරුම කුඩය සහ බුරුම පාවහන් යුගලයැකය. දන් වැළඳීමේදී භාවිතා කළේ පාත්‍රයමය.

නිතර ත්‍රිපිටක පොත පත භාවිතා කළ උන්වහන්සේ මහා සංඝයා වහන්සේ අතර ද සිත්සතන් දිනාගත් ජනප්‍රිය මහතෙර නමක් විය. දායක භවතුන් විසින් ද දක්වන ලද්දේ ගුණාලංකාර නාහිමියන් ගැන අසීමිත ලැදිකමකි. කළුවාමෝදර පැරණි සම්භාවනීය පරපුරකට අයත් උන්වහන්සේගේ පවුලෙහි සාමාජික සාමාජිකාවෝ 13 කි. ගැහැණු පස් දෙනෙක් වූ අතර පිරිමි අටදෙනෙක් වූහ. එයින් අටවැන්නා පසු කලෙක පැවිදි වූ සිරිගුණාලංකාර නායක හාමුදුරුවෝය. පියා අරුමාදුර නිකුලස් ද සිල්වා රාලහාමි වූ අතර එතුමා ඉඩම්හිමි වැවිලිකරුවෙක් විය. මෑණියන් වූයේ තේන්කුට්ටි පේදිරිස්හාමි උපාසිකා මාතාවය. ඇයද කළුවාමෝදර ප්‍රදේශයේම එවැනිම සම්භාවනීය පවුලකට අයත් සැදැහැවතියක් වූවාය.

ප්‍රදේශයේ වියත් මහතෙර නමක් වූ අළුත්ගම කළුවාමෝදර වැඩ විසූ බෙන්තර කොළඹ දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජනීය වරාපිටියේ සුගතපාල නායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 14 නමකගෙන් අන්තිම ශිෂ්‍යවරයා වූයේ මෙතුමන්ය. ත්‍රිපිටක ධර්මය ඇතුළු බණ පොතපත මැනවින් හැදෑරූ සීනාවත්තේ ගුණාලංකාර නාහිමිපාණෝ පාලිභාෂාව පිළිබඳව ද ගැඹුරු දැනුමක් ඇතිකරගත්තා පමණක් නොව පර්යේෂණාත්මකව බණ පොතපත හැදෑරීමට දක්වන ලද්දේ දැඩි ඕනෑකමකි. ඒ නිසාම එදා රටේ පිළිගත් ලක්මිණි පහන් කතුතුමා නමින් ප්‍රසිද්ධව සිටි, ඇම්. ධර්මරත්න විද්වානන්ගෙන් සහ බටුවන්තුඩාවේ පඬිතුමාගෙන් ද අභිධර්මය හදාරා සමකාලීනව පිළිගත් උගත් ගිහි පැවිදි උතුමන්ගේ ඇසුරෙන් ද ත්‍රිපිටක ධර්මය පිළිබඳව අති සුවිශේෂ දැනුමක් ලබා ගත්හ. වඩාත් උන්වහන්සේගේ සිත ඇදී ගියේ අභිධර්ම පිටකය පිළිබඳවයි. අභිධර්මයට අයත් සප්තප්‍රකරණයන් මැනවින් හදාරා පරිශීලනය කිරීමේ මහඟු ප්‍රතිඵලයක් වශයෙන් “අභිධර්මාර්ථ සංග්‍රහ ප්‍රකාශනී නම් වූ අභිධර්මාර්ථ සංග්‍රහ භාවසන්නය” පැහැදිලිව ලිවීමට උන්වහන්සේට හැකිවිය.

මෙම ග්‍රන්ථය අතින් ලියා තැබුව ද අද මෙන් මුද්‍රණය කිරීමේ පහසුකම් නොතිබුණු බැවින් එය මග හැරීගොස් තිබුණි. මෙය පැහැදිලි අකුරෙන් ලියා අභිධර්මාර්ථ සංග්‍රහ ප්‍රකාශනී නම් වූ භාවසන්න සහිත ග්‍රන්ථය මෙතෙක් මුද්‍රණද්වාරයෙන් එළිදක්වා නැත. කාලයක් ගත වී ඇති බැවින් ගුණාලංකාර නාහිමියන්ගේ අභිධර්මාර්ථ සංග්‍රහ ප්‍රකාශනී නම් වූ අභිධර්මාර්ථ සංග්‍රහ භාවසන්නය එළිදක්වා ලීමට කටයුතු යෙදීම පිළිබඳව උන්වහන්සේගේ ශිෂ්‍ය, අපවත් වී වදාළ අතිපූජ්‍ය කළුතර හේමාලෝක නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයන් දෙනම වන විශ්වකීර්තියට පත් අතිපූජ්‍ය ආචාර්ය රත්මලානේ සෝමාලෝක ස්ථවිරයන් වහන්සේ (PhD)ත්, වත්මන් පුලිනතලාරාමාධිපති විචිත්‍රභාණක කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය රත්මලානේ සිරිසුමණ අනුනායක ස්වාමීන් වහන්සේත් ඉදිරිපත්වීම අගය කළ යුතු වටිනා සේවයකි. උන් වහන්සේ සමඟ මේ කාර්යභාරයට උරදුන් ආරක්ෂක අමාත්‍යංශය ඇතුළු විවිධ අමාත්‍යාංශවල ඉහළම විධායක තනතුරු දැරූ, සිවිල් සේවා නිලධාරියෙකු වූ එස්. මැදවැව මහතාණන්ටද අප කාගේත් කෘතඥතා පූර්වක පුණ්‍යානුමෝදනාව හිමිවිය යුතුය.

මේ අභිධර්මාර්ථ සංග්‍රහ ප්‍රකාශනිය එසේ මෙසේ ග්‍රන්ථයක් නොවේ. මෙම ග්‍රන්ථයට සන්න - ටීකා වශයෙන් ලියන ලද ග්‍රන්ථ 72 කට වැඩි ගණනක් බුරුම රටෙහි පමණක් ඇත. ඒ සියල්ල බුරුම භාෂාවෙන් සහ පාලි භාෂාවෙන් ලියන ලද ග්‍රන්ථයෝය. මුළු අභිධර්ම පිටකයම අළලා මෙම මහඟු ග්‍රන්ථය පළමුවෙන්ම ලියන ලද්දේ අනුරුද්ධ මහාතෙරණුවෝය. ඒ මෙයින් වසර 900කට කලින්, එනම් බුද්ධවර්ෂ 1750ට පෙරය. මෙම අගනා ග්‍රන්ථය ලියන ලද අනුරුද්ධාචාර්යවරයාණන් වහන්සේ ලියා තැබූ ප්‍රාර්ථනා ගාථාව මෙසේ ය.

“පුඤ්ඤෙන තෙන විපුලෙන තු මූලසොමං ධඤ්ඤාධිවාස මුදිතොදිත මායුගන්තං පඤ්ඤාවදාත ගුණසොභිත ලජ්ජිකම්භු මඤ්ඤන්තු පුඤ්ඤවිභවොදය මංගලාය”

මුළු අභිධර්ම පිටකයම අළලා මවිසින් ලියා සම්පිණ්ඩනය කරන ලද අභිධර්මාර්ථ සංග්‍රහය නමැති කුඩා පොත ලිවීමේ ආනිසංසයෙන් මා වෙසෙන මේ මූලසෝම විහාරය රාජ රාජ මහාමාත්‍යවරුන්ගේ සහ බලවත් ධර්මකාමීන් නිතර ගැවසෙන තැනක්ම වේවා. කල්පාන්තය දක්වාම ප්‍රඥාවෙන් සහ සිල්වත් බවෙන් අනූන ලජ්ජී භික්ෂූන් වහන්සේලාගේම පුණ්‍යභූමියක් බවටම පත්වේවා යන්න අනුරුද්ධ අටුවාචාරීන් වහන්සේගේ ප්‍රාර්ථනය විය.

මේ මූලසෝම මහා විහාරය ලංකාවේ හලාවත පිහිටි, අද මුන්නේශ්වරම් කෝවිල පිහිටි ස්ථානය බවට හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා නාහිමිපාණන් වහන්සේද, පොල්වත්තේ බුද්ධදත්ත නාහිමිපාණන්ද, ලක්මිණි පහන් කතුතුමන්ද කරුණු දක්වා ඇත. පස්වෙනි දප්පුල මහ රජුගේ කාලයේ දී මේ මූලසෝම විහාරයෙහි වෙසෙන භික්ෂූන් වහන්සේලාගේ නඩත්තුව පිණිස මසකට රන් කලං 200 බැගින් පරිත්‍යාග කළ යුතු යැයි ගල් සන්නසක කොටා තිබේ. මෙම ශිලාලේඛන පිළිබඳව විස්තර “ඇපිග්‍රපියා සෙයිලනිකා” නමැති ශිලාලිපි සංග්‍රහයේ පළමුවැනි කලාපයෙහි 25