ධර්මවිභාගසංක්ෂෙපය - 1888.pdf
- කතෘ :
- පුරාතන ධර්ම කථිකොත්තමයෙකු විසින් විරචිතයි.
- ප්රකාශිත වර්ෂය :
- 1889
- මුද්රිත වර්ෂය :
- 1889
- පිටු ගණන :
- 60
- බාගත කිරීම් ගණන :
- 2
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-14
- ගොනුවේ ප්රමාණය :
- 13 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ධර්මවිභාගසංක්ෂෙපය යනු පුරාතන ධර්මකථික හිමිනමක විසින් (සංඥාපනයෙහි දැක්වෙන අනුමානයට අනුව තොටගමු විහාර පරම්පරාවෙහි ලංකා සෙනෙවිරත් පිරිවෙණේ මහාස්ථවිරයන් විසින්) රචිත අභිධර්ම හා මූලික ධර්ම කරුණු විවරණය කෙරෙන අගනා ධර්ම ග්රන්ථයකි.
පඤ්චස්කන්ධ, අටළොස් ධාතු, දොළොස් ආයතන, සතර ආහාර, ලෝක විභාග, ප්රත්යය හා හේතුඵල ධර්ම, පඤ්ච නීවරණ ආදී ගැඹුරු ධර්ම කරුණු ප්රශ්නෝත්තර ක්රමයෙන් මෙහි සංක්ෂේපව විස්තර කර ඇත.
මෙම කෘතිය විද්යෝදය පිරිවෙනෙහි උපාචාර්යවරයෙකුව වැඩසිටි පූජ්ය හෙයියන්තුඩුවේ දේවමිත්ත ස්ථවිරයන් වහන්සේ විසින් විද්යෝදය පරිවේණාධිපති පූජ්ය හික්කඩුවේ ශ්රී සුමංගල නාහිමිපාණන්ගේ උපකාරයෙන් ශුද්ධ කොට සකස් කරන ලද අතර, ජේමිස් අබේනායක අප්පුහාමිගේ මූල්ය දායකත්වයෙන් බු.ව. 2432 (ක්රි.ව. 1888/1889) දී කැලණියේ ශාස්ත්රාධාර යන්ත්රාලයේදී මුද්රණය කරවා ඇත.
සංඥාපනය.
ධර්මවිභාගසංක්ෂෙපය.
මෙහි පඤ්චස්කන්ධාදිධර්මයන්ගේ විභාග සංක්ෂෙපයෙන් ප්රකාශ කොට රචනාකරණ ලදින් මේ ප්රකරණය අන්වර්ත්ථනාමසංඥාවශයෙන් ධර්මවිභාගසංක්ෂෙප යයි කියනලදී.
මේ ප්රකරණයෙහි ස්කන්ධධාතුආයතනාදිධර්මයන් ප්රශ්නොත්තරවශයෙන් සංක්ෂෙපයෙන් යොදා මහත් ධර්මරාශියක් ඇතුළත් කොට තිබේ; මේ පොත ප්රශ්නොත්තරවශයෙන් ධර්මපදයන් ඉගෙනගැන්මටත් බෝධපාඨශාලාවල උගැන්වීමටත් ඉතා යහපත්වූ මාහැඟි ප්රකරණයෙකි; මේ ප්රකරණය පුරාතන කිසියම් ධර්මකථිකයෙකු විසින් කළබව හැඟේ අසවල්කාලයෙහි අසවලෙකු විසින්යයි ප්රකරණයෙහි සඳහන්ව නැතිබැවින් කාලාදිය නිශ්චය කොට කියනු නොහැකි, අනුමානවශයෙන් තොටගමුවිහාරපරම්පරාවෙහි ලංකාසෙනෙවිරත්පිරිවෙණ මහාස්ථවිරපාදයන් විසින්යයි සිතිය හැකි.
මේ මාහැඟිප්රකරණය ජේමිස් අභයනායක අප්පුහාමිවිසින් ආරාධනාකරණලද මාවිසින් පොත්කීපයක් හා සංසන්දනය කොට බලා ශුද්ධ කරණලදී.
මේ ප්රකරණය නම් ප්රයෝජනයට බාධකවන තරමට නොයෙක්දෙසින් ආකුලව තිබුනේය ඒ දොෂ විද්යොදයපරිවෙණාධිපති අප ආචාර්ය්ය ශ්රී සුමංගලනායකස්වාමිපාදයන්වහන්සේගේ උපකාරත් ඇතිව ශුද්ධ කෙළේය; ප්රකරණකර්තෘගේ මතයමයි හැඟෙන තැන් සතරැස් රෙඛායෙන් පිරිකෙව් කොට යොදනලදී එබඳු තැන් විමසා අර්ත්ථග්රහණගත යුතුයි; අදහස්විරුද්ධව තිබෙන පාඨාදිය වෙනස් කොටද යොදනලදී; මෙහි තවත් දකින්ට ලැබෙන දොස් මේ පො
ත බලන නුවණැත්තන් විසින් කරුණාවෙන් අපට දන්වා එවිය යුතුයි.
මේ සංඥාපනය විද්යොදයපිරිවෙණෙහි උපාචාර්ය්යවූ හෙයියන්තුඩුවේ දෙවමිත්තස්ථවිරයන් විසින් ලියන ලදී.
H. DEVAMITTA. ශ්රී බුද්ධ වර්ෂ 2432. උඳුවල් අව. 9.