අභිධම්මත්ථසඞ්ගහසඞ්ඛෙපවණ්ණනා - සද්ධම්මජෝතිපාල හිමි 1899.pdf
- කතෘ :
- සද්ධම්මජෝතිපාල හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1899
- මුද්රිත වර්ෂය :
- 1899
- පිටු ගණන :
- 57
- බාගත කිරීම් ගණන :
- 3
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-14
- ගොනුවේ ප්රමාණය :
- 13 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අභිධම්මත්ථසඞ්ගහසඞ්ඛෙපවණ්ණනා යනු අනුරුද්ධ මහාස්ථවිරයන් වහන්සේ විසින් රචිත අභිධර්මාර්ථ සංග්රහය සඳහා බුරුමයේ ඡපට මහාතෙරුන් හෙවත් සද්ධම්මජෝතිපාල මහාථෙරයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද ප්රකට පාලි ටීකා ග්රන්ථයකි (සංඛේපවණ්ණනා ටීකාව).
පොළොන්නරු යුගයේ මහා පරාක්රමබාහු රජු දවස බුරුම රට අරිමද්දන පුරයෙන් ලක්දිවට පැමිණ ත්රිපිටක ධර්මය හදාරා මහත් පඬිරුවනක් වූ සද්ධම්මජෝතිපාල මාහිමියන් විසින් මෙම ගැඹුරු ටීකාව රචනා කර තිබේ. මෙය වැලිගම පඤ්ඤානන්ද හිමියන් විසින් සංශෝධනය කර පරීක්ෂා කරවා ඇත.
මෙම මුද්රණය කොළඹ පී. ඩේවිඩ් ප්රනාන්දු සහ ජේ. සයිමන් අන්ද්රිස් සිල්වා යන මහතුන්ගේ මූලිකත්වයෙන් බු.ව. 2443 (ක්රි.ව. 1899) දී ශ්රී කාලෝභාර යන්ත්රාලයේ මුද්රණය කරවා ප්රකාශයට පත් කරන ලද්දකි.
සංඥාපනය.
අභිධර්මත්ථසඞ්ග්රහ සංක්ෂෙපවර්ණනා නම්වූ මෙම ටීකාව චිත්තාචිත්තා චෛතසිකරූප නිබ්බාණ යන චතුර්විධ පරමාර්ත්ථ ධර්මයන් භදන්තඅනුරුද්ධාවාචාර්ය්ය මහාස්වාමිපාදයන්විසින් ලියනලද අභිධර්මාර්ත්ථසඞ්ග්රහප්රකරණයට නානානය සඞ්ග්රහකිරීමෙන් සංක්ෂෙපලක්ෂණෙන් රචනාකරණලද මාහැඟි ටීකාවකි. මෙය ශ්රීපරාක්රමබාහුනෘපතීන්ගේ කාලයෙහි බුරුමරට අරිමද්දන පුරයෙන් මෙම සිංහල ද්වීපයට පැමිණ මෙහි ආචාර්ය්ය පරම්පරාවෙන් ධර්මවිනය ඉගෙනගත් ත්රිපිටකධාරී ඡපටාභිධාන සද්ධම්මජොතිපාල මහාස්ථවිරයන් විසින් ලියනලද බව මෙහි අග යොදා තිබෙන ගාථාවන්ගෙන් ප්රකාශවේ. වැඩිවිස්තරාදිය හා වර්ෂප්රමාණයන් එයින් බලාගතයුතුයි
තවද විභාවිනී ටීකාවට අපවිසින් ලියනලද සංඥාපනය මීටද සාධාරණවේ. එහෙයින් මෙහි වැඩිවිස්තර දැනගනුකැමැත්තන්ට එයින්ද බලාගතහැකිබැව් කියමු.
මේවගට,
වැලිගම පඤ්ඤානන්ද භික්ෂු.