සම්මොහවිනොදනී අභිධර්මප්රදීපිකාව 3 - මොරටුවේ මෙධානන්ද හිමි 1950.pdf
- කතෘ :
- මොරටුවේ මෙධානන්ද හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1950
- මුද්රිත වර්ෂය :
- 1950
- පිටු ගණන :
- 306
- බාගත කිරීම් ගණන :
- 0
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-14
- ගොනුවේ ප්රමාණය :
- 57 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම ග්රන්ථය අභිධර්ම පිටකයට අයත් විභංගප්පකරණයේ සම්මෝහවිනෝදනී අට්ඨකථාව සඳහා සම්පාදනය කරන ලද අභිධර්මප්රදීපිකාව නම් වූ සවිස්තර සිංහල ව්යාඛ්යානයේ තුන්වන (තෘතිය) භාගයයි. මෙය පානදුරේ වැලිපිටියේ අභය කරුණාරත්න මුදලින්දාරාමාධිපතිව වැඩවිසූ මොරටුවේ ශ්රී මෙධානන්ද නායක මහාස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කර ඇත.
මොරටුවේ ඇම්. ටී. ප්රනාන්දු මහතාගේ ආරාධනයෙන් හා ප්රකාශකත්වයෙන් යුතුව, කෝට්ටවගොඩ සෞගතෝදය විද්යාලයේ කහඳමෝදර චන්ද්රකීර්ති ශ්රී පියරතන ස්ථවිරයන්ගේ සංස්කරණයෙන් 1950 දී කොළඹ මහාබෝධි යන්ත්රාලයේදී මුද්රණය කරවා ඇත. මෙහි දෙවන භාගය 1934 දී නිකුත් වූ අතර දෙවන ලෝක යුද්ධය නිසා කඩදාසි හිඟවීම හේතුවෙන් තෙවන භාගය පළකිරීම වසර 16ක් ප්රමාද වූ බව නිවේදනයෙහි සඳහන් වේ.
මෙම තෘතිය භාගයට විභංග පහක් ඇතුළත් කර ඇති අතර අදාළ මාතෘකා පද පාඨයන්ගේ ඒකතු සංකලනයක් ද මෙහි අන්තර්ගතය:
- මග්ග විභඞ්ගය
- ඣාන විභඞ්ගය
- අප්පමඤ්ඤා විභඞ්ගය
- සික්ඛාපද විභඞ්ගය
- පටිසම්භිදා විභඞ්ගය
PREFATORY NOTE
This is the 3rd part of Abhidharma Pradipika. The second part of it was published in 1934. Thus there has been a lapse of 16 years. As in all other matters, the blame has to be laid at the door of the Second World War which started when several early formes had already been printed. The paper stocks had got exhausted and before the orders placed in Germany could be executed she declared war. Abhidharma Pradipika had tempo- rarily be shelved.
At our earnest request the late Venerable Abhidhammika Medhananda Nayaka Thera of Moratuwa undertook to compile this book prompted by his fervent desire to glorify Buddhism. Our early decision was to publish this Third Part in a bigger volume than this. But, since the publication has been already delayed by the war, we have decided to publish this, as it is, to prevent any further delay.
At the request of my brother, the Rev. Horetuduwe Dhammadhaja Thera, incumbent of Gangarama, Horetuduwa and myself, this book was revised and edited by the Rev. Pandit K. Piyaratana Thera, Vice Principal, Saugatodaya Vidyalaya, Kottagoda. We offer him our sincerest thanks.
It is our earnest endeavour to make the Fourth Part of Abhidharma Pradipika which will be the final part available to the students of Abhidhamma as early as possible.
Our thanks are due to the Colombo Maha Bodhi Press for the interest taken to print this book.
M. T. Fernando, Publisher.
15th May, 1950.
‘Sri Ranjen’
Moratuwa.
නිවේදනය
මෙය වනාහි අභිධම්මප්රදීපිකාවේ මුද්රිත තෘතිය භාගයයි. මෙහි ද්විතීය භාගය නිකුත්කළේ 1934 දීය. මේ තුන්වැනි කොටස මුද්රණයෙන් බිහි වන්නට පුරා සොළොස් හවුරුද්දක් ඉක්ම ගොස් තිබෙනු පෙනේ. දීර්ඝ කාලයෙකි. ප්රමාදයට හේතුව කිම? ද්විතීය ලෝක සංග්රාමය අන් හැම කටයුත්තක් මෙන්ම මේ කටයුත්ත ද නතර කරන්ට බල කෙළේය. මෙහි මුල් පෝර්ම කීපය මුද්රණය කළේ ඒ මහා යුද්ධයට පෙරය. ගෙන්වා තිබුණු කඩදාසි තොගය අවසන්වී ගියෙන් අළුත් තොගයක් සඳහා අප විසින් ජර්මනියට යැවූ නිවේදනය එහි ළඟාවන්ට මත්තෙන් ජර්මනිය යුද්ධ නිවේදනය නිකුත් කෙළෙන් අභිධම්මප්රදීපිකාවට අතර මග ලැගුම් ගන්ට සිදුවිය.
දිවංගතවී වදාළ ත්රිපිටක පරියත්තිධර වාගීශ්වරාචාර්ය්ය ආභිධම්මික මොරටුවේ ශ්රී මෙධානන්ද නායක මහාස්ථවිරපාදයන් වහන්සේ විසින් පරියත්ති ශාසනය බැබලවීමේ පරමාත්ර්ථයෙන් අපගේ ආරාධනාව පරිදි ලියනලද මේ අභිධම්මප්රදීපිකාවේ තෘතිය භාගය මීට වඩා ප්රමාණයෙන් විශාල කොට නිකුත් කරන්ට මුලදී අදහස් කර ගෙන සිටි නමුත් යුද්ධයෙන් වූ ප්රමාදය තවත් දුරට දික් වනු දැක්මට ඇති අකැමැත්ත නිසා මේ කොටස මෙතෙකින් නිකුත් කරන්ට අදහස් කෙළෙමු.
අපගේ මෙන්ම අසමද් ප්රිය සහෝදර මොරටුවේ හොරේතුඩුවේ ගංගාරාමාධිපති ගෞරවාර්හ හොරේතුඩුවේ ධම්මධජ ස්වාමිපාදයන් වහන්සේගේ ද ඇරයුම කරුණාවෙන් පිළිගෙන මේ පොත සංස්කරණය කර දුන් අසමද් හිතෛෂී කෝට්ටවගොඩ සෞගතෝදය විද්යාලයේ උපප්රධානාචාර්ය්ය පූජ්ය පණ්ඩිත කහඳමෝදර චන්ද්රකීර්ති ශ්රී පියරතන මහා ස්ථවිරපාදයන් වහන්සේට අපගේ කෘතඥතාපූර්වක ගෞරවාදරය හිමි වේවා.
මෙහි සතර වෙනි භාගයෙන් පොත අවසන් වෙයි. එයද නොපමාව පරමාත්ර්ථ ධර්ම රසිකයන් අත තැබීමට උත්සාහ කරන්නෙමු.
ඉතා සැලකිල්ලෙන් මෙහි මුද්රණ කටයුතු කර දුන් මහාබෝධි යන්ත්රාලයේ කළමනාකාර මහතාට මෙහිදී අවංකව ස්තුති කරමු.
ඇම්. ටී. ප්රනාන්දු
ප්රකාශක.
2494
— මැයි 15,
1950
ශ්රී රඤ්ජන්,
මොරටුව.
සංඥාපනය.
අපගේ ධර්මාචාර්ය්යවරයෙකු වූ පානදුරේ වැලිපිටියේ අභය කරුණාරත්න මුදලින්දාරාමාධිපතිව වැඩ විසූ ආභිධම්මිකාචාර්ය්ය මොරටුවේ ශ්රී මෙධානන්ද නායක මාහිමියන් වහන්සේ විසින් සම්පාදිත අභිධම්මප්රදීපිකාවේ මේ තෘතීය භාගයයි. මෙය නිකුත් කිරීමට දිගු කලක් ගතවී තිබෙනු සැබවි. එයට හේතුව මෙහි අපෙක්ෂක වූ ද ප්රකාශක වූ ද මොරටුවේ ශ්රී රඤ්ජන මන්දිරයේ නිවැසි ශ්රද්ධාබුද්ධිසම්පන්න සද්ගුණවත් ඇම්. ටී. ප්රනාන්දු මහතාණන්ගේ නිවේදනයෙන් ප්රකාශවෙයි. ඒ එසේමය. යුද්ධය නිසා නැගුණු අධික වියදම කෙසෙත් වෙතත් එය නොබලා කීයකට හෝ උවමණා පමණ කඩදාසි සපයාගත හැකි වුණී නම් ඒ මහතාණන් මේ ප්රමාදය නිසා පරමාත්ර්ථ ධර්මකාමීන් මනොදොළහිඟුවන් නොකරන බැව් අපි හොඳින් දනිමු.
පරියත්ති ධර්මොද්දීපනීය උන්නත ශාසන මාමක බෞද්ධ ප්රභූවරයෙකු වන ඒ මහතාණන් මෙන්ම තදීය ප්රිය සහෝදර වූද අසමදීය කල්යාණ මිත්ර වූද මොරටුවේ හොරේතුඩුවේ ගංගාරාමාධිපති ආචාර්ය්ය හොරේතුඩුවේ ධම්මධජ ස්ථවිරපාදයන් වහන්සේ ද මේ පොත හැකිතාක් ඉක්මනින් මුද්රණයකොට අවසන් කිරීම පිණිස මහත් ආශාවෙන් පුල පුලා සිටින බව ද අපි දනිමු.
මේ තෘතීය භාගය මග්ග- ඣාන- අප්පමඤ්ඤා- සික්ඛාපද- පටිසම්භිදා යන විභඞ්ග පඤ්චකයෙන් පරිමිතය. ඤාණ-බොජ්ඣඞ්ගවත්ථු- ධම්මහදය යන විභඞ්ගත්රයෙන් සමන්විත වූ මෙහි චතුර්ත්ථ භාගයෙන් පොත අවසන් වෙයි.
විභඞ්ගප්රකරණයෙන් ගෙන අටුවාවෙහි වර්ණනා කරන ලද පද පාඨයන්ගේ එකතු සංකලනය මෙහිද යොදා ඇත. සූචිපත්රය අවසාන කාණ්ඩයේදී එයි.
කහඳමෝදර චන්ද්රකීර්ති ශ්රී පියරතන ස්ථවිර.
2494
— මැයි 15,
1950
කෝට්ටවගොඩ
සෞගතෝදය විද්යාලයේ දීය