කරණීය මෙත්ත සූත්‍රය.pdf
- කතෘ :
- රේරුකානේ චන්දවිමල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2012
- මුද්‍රිත වර්ෂය :
- 2012
- පිටු ගණන :
- 27
- බාගත කිරීම් ගණන :
- 831
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-02-26
- ගොනුවේ ප්‍රමාණය :
- 1.4 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
කරණීය මෙත්ත සූත්‍රය (තේරුම් සහ විස්තර සහිතයි) යනු අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානාහිමියන් විසින් සම්පාදනය කරන ලද ධර්ම ග්රන්ථයකි. මෙහි කරණීය මෙත්ත සූත්‍රයේ පාලි පෙළ, එහි නිදාන කථාව සහ සූත්‍ර දේශනාවෙහි අඩංගු කරුණු විස්තරාත්මකව සිංහලෙන් පැහැදිලි කර ඇත.
මෙහි දැක්වෙන මුද්‍රණය බුද්ධ වර්ෂ 2556 (ක්‍රි.ව. 2012) දී රේරුකානේ නාහිමියන්ගේ අපවත් වී පහළොස් වන වර්ෂ පූර්ණ ගුණ සමරුව නිමිත්තෙන් ධර්මදානයක් වශයෙන් මුද්‍රණය කර බෙදා හරින ලද්දකි. පෙරවදන කඩවත ගුණානන්ද හිමියන් විසින් සම්පාදිතය.
පොතෙහි අන්තර්ගත ප්‍රධාන කොටස්:
- කරණීය මෙත්ත සූත්‍රය (පාලි ගාථා)
- කරණීය මෙත්ත සූත්‍රයේ නිදාන කථාව
- කරණීය මෙත්ත සූත්‍රය භාවිතා කිරීමේ ප්‍රයෝජන සහ ආනිසංස
පෙරවදන
සත්ත්ව, සංස්කාර, අවකාශ යන ලෝකයන්ගෙන් සත්ත්ව ලෝකය කාම රූප, අරූප වශයෙන් තුන් ආකාර වේ. එහි සත්ත්ව ලෝකයන් විනාශ වීම සත්ත්වයන් තුළ ලෝභය, ද්වේෂය, මෝහය යන අකුශල ධර්ම එකක් එකක් උත්සන්න වීම මත කිහිප ආකාරයකින් සිදුවන බව ධර්මය සඳහන් කරයි. එහිදී සත්වාරයක් ද්වේෂය බහුල වීමෙන් ආභස්සර බඹ තලයෙන් පහල ලෝක විනාශ වන බවත් අටවෙනි වර සුභකිණ්ණ බඹ තලයෙන් පහලට ලෝභය බහුල වීමෙන් විනාශ වන බව දක්වයි. මෙසේ හත්වාරයක් ගින්නෙන්ද අටවෙනි වර ජලයෙන්ද මාරුවට විනාශ වෙමින් පවත්නා ලෝක හැට හතරවෙනි වර මෝහය බහුල වීමෙන් වේහප්ඵල බඹ තලයෙන් පහලට සුළඟින් විනාශ වන බව දැක්වේ.
තවද සත්ත්වයන්ගේ (මනුෂ්‍යයන්ගේ) විනාශය ශස්ත්‍රයෙන් (අවි ආයුධ මගින්) දුර්භික්ෂයෙන් හා වසංගත රෝග මගින් සිදුවන බවක් දහමේ සඳහන් වේ. එවිට ද්වේෂය බහුල වීමෙන් අවි ආයුධ මගින් ද ලෝභය බහුල වීමෙන් දුර්භික්ෂයෙන්ද මෝහය බහුල වීමෙන් වසංගතයෙන්ද විනාශය සිදුවෙයි. ඒ අනුව මෙකල මිනිසාගේ ආයුෂය පිරිහෙමින් පවතින කාලපරිච්ඡේදයකි. එබැවින් මනුෂ්‍ය සන්තාන තුළ ද්වේශය බහුලව වැඩෙන කාලයක් බව ධර්මයට අනුව තේරුම් ගත හැක. එම නිසා නුවණැත්තෝ විසින් මෛත්‍රී සිත බහුල කොට වඩවා ගැනීමට කටයුතු කළ යුතුය. ඒ සඳහා වඩාත් සුදුසු දේශනාවකි කරණීය මෙත්ත සූත්‍ර දේශනාව. මෙම දේශනාව නිතිපතා භාවිතා කිරීමෙන් (අර්ථ දැන කීමෙන්) මහත් බලයක් ආරක්ෂාවක් සැලසෙන්නේය. ඒ සඳහා මුළු මහත් බෞද්ධ ලෝකයාගේ (සිංහල කියවිය හැකි) ගෞරවාදරයට පත් වූ අති පූජනීය රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ අර්ථ දැක්වූ කරණීය මෙත්ත සූත්‍ර දේශනය කුඩා පොතක් කොට මෙසේ පරිත්‍යාග කරන්නට විය. විශේෂයෙන්ම නාහිමිපාණන් වහන්සේ අපවත් වී පසළොස් වන වර්ෂ පූර්ණ ගුණ සමරු පිංකම (2012.07.04) දිනට යෙදී ඇති බැවින් උන්වහන්සේට ගෞරව පිණිස නාහිමියන්ගේ ඡායා රූපයක්ද නාහිමි සම්පාදිත පොත් නාමාවලිය ද මෙහි ඇතුළත් කොට ඇත.
සෑම සත්ත්වයෙකුටම සෙත සැලසෙන කරණීය මෙත්ත සූත්‍ර දේශනාව අර්ථ දැන භාවිතා කොට දෙලොවටම වැඩ සිදුකර ගැනීමට කටයුතු කරන හැටියට මෛත්‍රියෙන් සිහිපත් කරමු.
මෙයට
කඩවත ගුණානන්ද හිමි
විනයාලංකාරාරාමය
පොකුණුවිට
2012.07.03