පට්ඨාන මහා පකරණ සන්නය.pdf
- කතෘ :
- රේරුකානේ චන්ද්‍රවිමල හිමි
- පිටු ගණන :
- 953
- බාගත කිරීම් ගණන :
- 1,113
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2025-10-09
- ගොනුවේ ප්‍රමාණය :
- 1.7 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පට්ඨාන මහා පකරණ සන්නය (ප්‍රථම භාගය) යනු අභිධර්ම පිටකයේ අවසාන මෙන්ම අතිශය ගැඹුරු ග්‍රන්ථය වන පට්ඨාන ප්‍රකරණය සඳහා අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත විස්තරාත්මක සන්න ග්රන්ථයකි.
පට්ඨාන මහා ප්‍රකරණයේ එන හේතු, ආරම්මණ ආදී විසිහතර ප්‍රත්‍යයන්ගේ විස්තර, ප්‍රත්‍යය සටනා, පටිච්චවාර, සහජාතවාර, පඤ්හාවාර ආදී අතිශය සංකීර්ණ ධර්ම කරුණු පැහැදිලි හා ක්රමානුකූල සිංහල සන්නයක් මඟින් මෙහි විස්තර කර ඇත. පැරණි පාලි හා සිංහල අක්ෂර වින්‍යාස රටාවන් ඒ අයුරින්ම රැකගනිමින් මෙම සංස්කරණය සකසා තිබේ.
ලේකම්ගේ සටහන්...
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය රැකගැනීම සඳහා මහා සංඝරත්නයෙන් ඉටු වූ කාර්යභාරය අති විශාලය. ත්‍රිපිටකය සංගායනා කර ක්රමානුකූල කිරීම, භාණක පරම්පරාවලට බෙදී කටපාඩමින් පවත්වා ගැනීම, අටුවා, ටීකා හා වෙනත් පරිවාර ග්රන්ථ සම්පාදනය කිරීම මගින් මුල් බුදුදහමේ නිර්මල මූලික අර්ථ තහවුරු කර තැබීම ඒ අතර ප්‍රමුඛස්ථානය ගනී. අටමහ කුසල් අතර “ධම්මස්ස ලෙඛනං” යනුවෙන් දැක්වීමෙන් ධර්මය රැකගැනීම පිළිබඳව තිබූ අවධානය පැහැදිලි වේ. ධර්මයේ පැවැත්ම පිළිබඳව ඓතිහාසික වූත්, ධර්මානුකූල වූත් මතවාදයන්ට පිළිතුරු දීමට ද මේ භික්ෂූන් වහන්සේට සිදුවිය.
“අභිධර්මය බුද්ධ දේශනාවක් නොවේ” ය යන්න මෙවැනි එක් මතයකි. ගැඹුරු වූත්, දාර්ශනික වූත් අභිධර්ම පිටකය දරන්නන් සමාජයේ ලබා තිබූ සැලකිල්ල පහත හෙළීම හෝ ඊට පහරදීම තුළින් බුදුදහම පිරිහීමට ලක්කිරීම හෝ අරමුණු කරගත් විතණ්ඩවාදීහු බුදුදහම ලක්දිව පිහිටවු මුල් යුගයේදී මේ අදහස පලකළහ. ක්‍රිස්තු ධර්මය මෙහි ප්‍රචලිත කළ යුගයේදී නැවත යුරෝපීය පණ්ඩිතවරුන් මගින් උගතුන් හරහා මේ අදහස ලක්දිව ප්‍රකට විය. අභිධර්ම පිටකයේ අභ්‍යන්තර කරුණු වටහා නොගෙන, අහුලාගත් කරුණු මත, ගැතිව අදහස් පලකිරීමෙන් හා එය කිය යුතු ආකාරය නොසලකා කීමෙන් වන හානිය සුළුපටු නොවේ. ඒ නිසාම අපේ දෑ රැකගැනීමේ අරමුණින් ඇරඹුණු දහම් පාසල් අධ්‍යාපන ක්‍රමය, අභිධර්මය ඉගැන්වීම සඳහා තිබූ අපේ පාරම්පරික ක්රමපටිපාටිය බැහැර කර හරය තබා සුඹුල සූරා දක්වන ඉගැන්වීම් රටාවකට පැමිණ ඇති බව පෙනේ. එවැනි අදහස්වලට අභීතව පිළිතුරු දීමේ සම්ප්රදායක් ගොඩනගා ගත්තවුන් අතර, අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන්ට පසුව අපට දක්නට ලැබෙන ප්රමුඛ නාමයකි; රේරුකානේ චන්ද්‍රවිමල හිමි නාමය. උන්වහන්සේගේ අදහස් නිසා භාවනා පංති, අභිධර්ම පංති හා එවැනි මධ්‍යස්ථාන ලක්දිව ප්‍රචලිත වූ අතර, බොහෝ ගිහි බෞද්ධයෝ ධර්ම - විනය දත් පිරිසක් බවට පත්වූහ.
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් කියූ පරිදි 2500 බුද්ධ ජයන්තිය අරබයා වැඩි ඝෝෂාවක් නැතිව කළ සාර්ථකම වැඩ පිළිවෙල රේරුකානේ නාහිමියන්ගේ “බුද්ධ ජයන්ති පොත් මාලාව” ය. ලක්දිව බෞද්ධ ප්රබෝධයක් ඇති කිරීමට සමත් වූ ඒ පොත් සම්පාදනයෙන් “අමත දුංදුභිය” වැයූ උන්වහන්සේ බුද්ධ වර්ෂ 2541 ක්වූ ඇසළ පුන් පෝදිනට වසර සියයක් සම්පූර්ණ කරති.
අභිධර්මය රේරුකානේ නාහිමියන්ගේ පදනමයි. බොහෝ දෙනා උන්වහන්සේ හඳුන්වන්නේ ද ‘ආභිධම්මික’ නාමයෙනි. ඒ නිසා බොහෝ සැදැහැවතුන්ගේ ඉල්ලීම පරිදි අවුරුදු 41 කින් මෙපිට ලබාගන්නට නොහැකිව තිබූ, නාහිමියන්ගේ සියුම් නුවණ ප්‍රකට වන ‘පට්ඨාන මහා ප්රකරණ සන්නය’ මුද්‍රණය කිරීමට අදහස් කළෙමු.
ඊට වැය වන රුපියල් ලක්ෂ 5 කට වැඩි පිරිවැය දැරීම ගැටලුවක් වුවද, ශ්‍රී ලංකා ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණියගේත්, බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් ජයකොඩි මැතිතුමාගේත්, බුද්ධ ශාසන අරමුදලේ පාලක මණ්ඩලයේත් අවබෝධය නිසා අපට මේ ගැටලුවෙන් නිදහස් වීමට හැකිවිය. පොලී රහිතව සැපයූ මේ මුදල ධර්මයට කළ අතිමහත් පූජාවකි. එය ලබා ගැනීමේදී අනුග්‍රහය දැක්වූ බුද්ධශාසන අමාත්‍යාංශයේ හා හොරණ ලංකා බැංකුවේ කාර්ය මණ්ඩලයන්ට කෘතඥ වෙමු.
පට්ඨාන ප්‍රකරණය මුද්‍රණය කර තිබුණේ පැරණි අකුරු රටාවට ය. පාලි භාෂාව ලිවීමේ පැරණි රීතියත්, පැරණි සිංහලයේ බැඳි අකුරු රීතියත් ආරක්ෂා කර එසේ ම මෙය මුද්‍රණය කර තැබීම සුදුසු යයි කල්පනා කළ නිසාත්, නවීන තාක්ෂණයෙන් අපි පැරණි ක්‍රමය මුද්‍රණය කළෙමු. ඒ අවශ්‍යතාව එසේම ඉටු කළ සිකුරු