සතිපට්ඨාන විදර්ශනා භාවනා මාර්ගය - දොඩම්පහළ කවිධජ හිමි 1956.pdf

කතෘ :
දොඩම්පහළ කවිධජ හිමි
ප්‍රකාශිත වර්ෂය :
1956
මුද්‍රිත වර්ෂය :
1956
පිටු ගණන :
94
බාගත කිරීම් ගණන :
432
වෙබ් අඩවියට එක් කළ දිනය :
2025-10-05
ගොනුවේ ප්‍රමාණය :
15 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 48

කවිධජාභිවංස පරියත්තිසාසන ධර්මාචාර්ය, අභිධම්මික පණ්ඩිත දොඩම්පහළ කවිධජ ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත ‘සතිපට්ඨාන විදර්ශනා භාවනා මාර්ගය’ නම් වූ භාවනා උපදෙස් සංග්‍රහයකි. බුද්ධ ජයන්ති සමයෙහි භාවනා මාර්ගය කෙරෙහි උනන්දුවක් දැක්වූ ගිහි පැවිදි සැදැහැවතුන් උදෙසා මෙම ග්‍රන්ථය සකස් කර ඇත.

බුරුම රටෙහි මහසී සයාඩෝ පාමුල ප්‍රචලිත වූ සතිපට්ඨාන විපස්සනා ක්‍රමය පදනම් කරගනිමින්, සමථ-විදර්ශනා ප්‍රභේද, පයර්‍ථිකා භාවනාව සහ සක්මන් භාවනා ක්‍රම පිළිබඳ මූලික උපදෙස් මෙහි ඇතුළත් වේ. භාවනාව වඩන අන්දම සහ එහිදී ඇතිවන අත්දැකීම් පිළිබඳවද පැහැදිලි කර ඇත.

1956 (බු.ව. 2499) දී ප්‍රකාශිත මෙම කෘතියෙහි මුද්‍රණ කටයුතු සඳහා දෙඩම්පහල ජී. පී. ඇස්. ද සිල්වා මුදලාලි මහතා සහ මොරටුවේ වාචිස්සර හිමියන් සහාය වී තිබේ.

හැඳින්වීම

බුද්ධ ධර්මයෙහි ශ්‍රෙෂ්ඨත්වය ඇත්තේ ලොකොත්තර රසය නිසාය.

2500 බුද්ධ ජයන්තියේදී බුද්ධාගමේ හරි දියුණුවක් ලැබීමට නම් ඒ ශ්‍රෙෂ්ඨ ධර්‍මය ලබා කර ගැනීමට හේතුවූ ප්‍රතිපත්ති ශාසනයෙහි දියුණුවක් ඇතිවිය යුතුය.

එම දියුණුව ඇතිවීමේ පෙර නිමිත්තක් වශයෙන් දැනට භාවනාව පිළිබඳ උද්‍යොගයක් ගිහි පැවිදි දෙපක්ෂය අතරම ඇතිවීගෙන එන බැව් පෙනේ.

එසේ උනන්දුවන්ට නියම භාවනා ක්‍රමයක් සොයා ගැනීමේ අපහසුකම නිසා භාවනා පිපාසයෙන් පසුවන බව අප වෙත පැමිණ හා ලියුම්වලින්ද බොහෝ දෙනා කරන ඉල්ලීම්වලින්ද වැටහුන බැවින් භාවනාභිලාෂීන්ගේ පිපාසය සංසිඳවීමේ වශයෙන් බුරුම රට ප්‍රගුණ කරවන නියම “සතිපට්ඨාන විදර්ශනා භාවනා ක්‍රම” පිළිබඳ ප්‍රථම පියවර වශයෙන් “පයර්‍ථිකා භාවනාවේ හා චංක්‍රමන භාවනාවෙහි” ලුහුඬු විස්තරයක් ඇතුලත් කොට මෙම ‘සතිපට්ඨාන විදර්ශනා භාවනා ක්‍රම’ නමැති කුඩා පොත සම්පාදනය කෙළෙමු.

පයර්‍ථිකා චංක්‍රමන භාවනාවන්හි විස්තර කළ යුතු කොටස් රාශියක් ඉතුරුව ඇතත් ඒවා නැවත ප්‍රසිද්ධ කිරීමට තැබුවෙමු.

මෙම පොතේ විස්තරවන අන්දමට භාවනා කරන්නවුන් නියම ශ්‍රද්ධා, ප්‍රඥා වියත් ධර්මයන්ගෙන් යුක්තව භාවනා කළ හොත් භාවනාවේ උසස් ප්‍රතිඵල වැඩි කල් නොගොස් තමන්ටම දකින්ට ලැබෙන බැව් නියත වශයෙන්ම කිය හැකිය.

එසේ භාවනා කිරීමෙන් අමුතු තත්වයක් තමන්ට ඇති වූව හොත් අප හමුවීමට පැමිණ හෝ ලියුම් මගින් අප වෙත දන්වා එවා තව දුරටත් ගුරුකම් ලබාගෙන භාවනාව දියුණු කර ගැනීමට උත්සාහවත් විය යුතුයි.

මෙම පොත සම්පාදනයේදී අපට සහායවුද අප විදර්ශනා භාවනා යෝගාශ්‍රමයෙහි කර්‍මස්ථාන ආචාර්‍ය්‍යවරයෙක්වූ ද විනයාචාර්‍ය්‍ය මොරටුවේ වාචිස්සර ස්ථවිරයන් වහන්සේට හා මෙය මුද්‍රණය කරවීමට ඉදිරිපත්වූ දෙඩම්පහල ‘විජිත’ නිවෙසෙහි ජී. පී. ඇස්. ද සිල්වා මුදලාලි මහතාටද ස්තුති වන්ත වන අතර මෙවැනි තව පොත් මුද්‍රණය කරවීමට පහසුවක් වන පිණිස මෙය සුළු මුදලකට දීමට නියම කළ බැව්ද මතක් කරනු කැමැත්තෙමු.

සැමට සැප වේවා!

මෙයට
දොඩම්පහළ කවිධජ ස්ථවිර
සතිපට්ඨාන විදර්ශනා භාවනා යෝගාශ්‍රම මූලස්ථානය
සිරිසේන ධර්‍ම මන්දිරය
මොරටුව
16, ජූලි 1955