ධර්ම සමය සිංහල ශබ්දකෝෂය - AP සොයිසා 1948.pdf
- කතෘ :
- ඒ. පී. ද සොයිසා
- ප්‍රකාශිත වර්ෂය :
- 1948
- මුද්‍රිත වර්ෂය :
- 1948
- පිටු ගණන :
- 2,017
- බාගත කිරීම් ගණන :
- 763
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-07-05
- ගොනුවේ ප්‍රමාණය :
- 170 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ධර්ම සමය සිංහල ශබ්ද කෝෂය යනු ශාස්ත්‍රාචාර්ය, අධිනීතිඥ ඒ. පී. ද සොයිසා (B.A., Ph.D.) මහතා විසින් සම්පාදනය කරන ලද අගනා සිංහල-සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂයකි. ජාතික භාෂාවෙන් කටයුතු සිදු කිරීමට පෙළඹුණු අවධියක, භාෂාව හදාරන්නන්ගේ ප්‍රයෝජනය උදෙසා මෙබඳු පූර්ණ ශබ්දකෝෂයක පැවති අඩුව සම්පූර්ණ කිරීම මෙහි මූලික අරමුණ වී ඇත.
මෙහි වචන සඳහා අර්ථ දැක්වීම් සිංහල භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ද ඉදිරිපත් කර ඇති අතර, ව්‍යාකරණ විභාග (නාම පද, ක්‍රියා පද, ලිංග භේද ආදිය) සහ සංකේත ක්‍රමයක් ද භාවිත කර තිබේ. පිටු 2020කට අධික විශාල පරාසයක විහිදුණු මෙම ග්‍රන්ථය සකස් කිරීමේදී පැරණි සිංහල ශබ්දකෝෂ, රුවන් මල, පියුම් මල, කෝල්බෲක්/ක්ලෆ්/කාටර්/මැන්දිස් ගුණසේකර ආදී වියතුන්ගේ කෝෂ ග්‍රන්ථයන්ගේ ආභාසය ද ලබාගෙන ඇත.
මෙම කෘතිය 1948 වසරේදී කොළඹ පළමු වැනි මරදානේ පිහිටි ධර්ම සමය යන්ත්‍රාලයේදී මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කර ඇත.
නිවේදනය
භාෂාවක් නවීන ක්‍රමයට ඉගෙන ගැනීමට ශබ්ද කෝෂයක් අවශ්‍ය වේ. ආණ්ඩුවෙන් සමාජයෙන් කටයුතු ජාතික භාෂාවෙන් කලයුතුයයි කල්පනා කර තිබෙන කාලයක භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍යවු ශබ්ද කොෂයක් නැතිවීම භාෂාව ඉගෙනීමට ලොකු පාඩුවක් බැවින් ඒ පාඩුව පිරිමැසීමෙන් සිංහල භාෂාව ඉගෙන ගන්නන්ට ආධාරයක් පිණිස මේ ශබ්ද කොෂය සම්පාදනය කෙළෙමි. මීට නොයෙක් මාර්ගවලින් ආධාර කල භවතුන්ට ස්තූති කරමි.
A. P. de Zoysa.