දේවදූත සූත්‍රය - 2024.pdf

කතෘ :
නිකපිටියේ ගුණරතන හිමි
ප්‍රකාශිත වර්ෂය :
2024
මුද්‍රිත වර්ෂය :
2024
පිටු ගණන :
156
බාගත කිරීම් ගණන :
554
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-06-06
ගොනුවේ ප්‍රමාණය :
845 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 79

සසර තතු දැන යුතු යනු පූජ්‍ය නිකපිටියේ ගුණරතන හිමියන් විසින් මජ්ඣිම නිකායේ දේවදූත සූත්‍රය ආශ්‍රයෙන් රචනා කරන ලද ධර්ම ග්‍රන්ථයකි. මෙහි පස්වන මුද්‍රණය බුද්ධ වර්ෂ 2567 (ක්‍රි.ව. 2024) දී ධර්ම දානය පිණිස ප්‍රකාශයට පත් කර ඇත.

සසර දුක හා සතර අපායේ ස්වභාවය මෙන්ම දේවදූතයන් පහළ වීම සහ යමරජු ඉදිරියේ සිදුවන විනිශ්චය පිළිබඳව දේවදූත සූත්‍රයෙහි විස්තර කෙරෙන ධර්ම කරුණු මෙම කෘතියෙන් සරලව හා සවිස්තරව විවරණය කර තිබේ. නා උයනේ අරියධම්ම ස්ථවිරයන් වහන්සේ විසින් මේ සඳහා පෙරවදන සපයා ඇත.

කෘතියෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා කිහිපයක්:

  • දේවදූත සූත්‍රය සහ සූත්‍ර නිදානය
  • ප්‍රථම ධර්ම සංගායනාව සහ ධර්ම විනය බෙදා දැක්වීම
  • දිබ්බචක්ඛු ඤාණය සහ දෘෂ්ටි විවරණය (මිථ්‍යා දෘෂ්ටි, නාස්තික, අහේතුක ආදී)
  • සතර අපාය සහ නිරයේ ස්වභාවය
  • දේව දූතයන් සහ යම රජුගේ අවවාද

පෙරවදන

අතීත අනාගත වර්තමාන කාලත්‍රයට අයත් වූ ද, කාල විනිර්මුක්ත නිර්වාණ ප්‍රඥප්ති නම් වූ ද සර්ව ධර්මයන් අතැඹුලක් (අතට ගත් නෙල්ලි ගෙඩියක්) සේ සියලු ආකාරයෙන් අවබෝධ කර ගත්තා වූ සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනින්ද්‍ර නම් වූ අපගේ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් ලෝක ධාතුව පිළිබඳව දේශනා කරන ලද දේශනා අතුරෙන් දේවදූත සූත්‍රාන්ත දේශනාව විශේෂ තැනක් ගනී.

බෞද්ධයන් විසින් මනාව දැනගත යුතු වූ ද, එහෙත් නිතර ලොව තුළ පැතිරෙන සන්නිවේදන මාධ්‍යයෙන් හෝ කලාතුරකින් අසන්නට ලැබෙන්නා වූ ද දේවදූත සූත්‍රාන්තය කුසලාකුසල හේතුවල ධර්මයන් පිළිබඳ එල විපාක විවරණය කෙරෙන බුද්ධ දේශනාවකි. සසර දුක ගැන අවබෝධ කොට නොපමාව නිවන් මග පියනැගීම පිණිස නුවණ අවධි කරවන අනුශාසනාවකි.

පූජ්‍ය නිකපිටියේ ගුණරතන ස්වාමින් වහන්සේ විසින් සම්පාදිත වූ මේ දහම් පොත දේවදූත සූත්‍රාන්ත දේශනාව සම්බන්ධ ඉතාමත් සරල වූ ද, සවිස්තර වූ ද අනර්ඝ නිබන්ධනයකි.

මෙය සිහි නුවණින් යුතුව සාවධානව කියවා වටහාගෙන අප්‍රමාදීව ශීල සමාධි ප්‍රඥා ශික්ෂාවෙන් ප්‍රතිපත්ති පිරීමෙහි උත්සාහ වෙත්වා යනු අපගේ මෛත්‍රී ආරාධනාවයි.

පූජ්‍ය නිකපිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේට මෙම ධර්ම දානමය පුණ්‍යානුභාවයෙන් සහ රත්නත්‍රයානුභාව බලයෙන් ධර්මඥානය භාවනාඥානය තව තවත් සිය දහස් ගුණයෙන් මුදුන්පත් වේවා. විංශත් ශතවර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ශ්‍රී සම්පත් අත් වේවා. ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් වේවා.

මෙම දහම් පොත ධර්ම දානයක් වශයෙන් මුද්‍රණය කරවා පිරිනමන ධර්මකාමී පරිත්‍යාගශීලි සැමත් මෙය මුද්‍රණය කරවා දෙන මුද්‍රණාලයෙහි කාර්ය මණ්ඩලයත්, මෙය කියවන සැමත් ප්‍රතිපත්ති පිරීමෙහි උත්සාහ වෙත්වා.

“සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”

මෙයට මෙත්සිතින්

නා උයනේ අරියධම්ම ස්ථවිර නා උයන ආරණ්‍ය සේනාසනය, පන්සියගම. ධර්ම දානයක් වශයෙන් මුද්‍රණය කරවා පිරිනමන ධර්මකාමී පරිත්‍යාගශීලි සැමත් මෙය මුද්‍රණය කරවා දෙන මුද්‍රණාලයෙහි කාර්ය මණ්ඩලයත්, මෙය කියවන සැමත් ප්‍රතිපත්ති පිරීමෙහි උත්සාහ වෙත්වා.

“සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”

මෙයට මෙත්සිතින්

නා උයනේ අරියධම්ම ස්ථවිර
නා උයන ආරණ්‍ය සේනාසනය,
පන්සියගම.

හැඳින්වීම

“පමත්තස්ස ච නාම චත්තාරෝ අපායා සකගෙහසදිසා, අමහාකඤ්හි සකගෙහං විය අට්ඨ මහානිරයා විවටද්වාරායෙව” (ධම්මපදට්ඨකථා)

පමා වූවහුට වනාහි සතර අපාය තම ගෙදර වැනි ය. අපගේ මහ ගෙදර දොර සැමවිට අපට විවෘතව පවතින්නා සේ අට මහ නිරයෙහි දොරටු ඇරී පවතී.

අගක් මුලක් නැතිව අනාදිමත් කලක් සසර දුක් විඳින සත්වයන්ට නාමරූප, ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්ච සමුප්පාද ආදී සත්‍ය වශයෙන් පවත්නා ධර්ම ස්වභාවයන් පිළිබඳව අනවබෝධය හේතුවෙන් ලෝ සත්වයෝ අවිද්‍යාවෙන් මුලා වී තෘෂ්ණාවෙන් බැඳී දිට්ඨියෙන් වෙලී පැටලී දුකෙන් දුකට පත් වී සසරම රැඳෙති. ඒ අතර බන්ධනාගාර ගත සිරකරුවන් එක් බන්ධනාගාරයක සිට අන් බන්ධනාගාරයකට මාරු කරන්නාක් මෙන් අපායෙන් අපායට අපායෙන් ප්‍රේත ලෝකයට ප්‍රේත ලෝකයෙන් තිරිසන් ලෝකයට තිරිසන් අපායෙන් මනුලොවට මනුලොවින් නැවත අකුසල් කොටගෙන තිරිසන් ප්‍රේත නරකාදී අපායන්ට කර්මානුරූපව උප්පත්ති වශයෙන් පැමිණෙති.

ඇතැම් විට අසරණයෙකු දුක් මහන්සි වී ධනයක් සොයාගෙන සැපයක් විඳීමට මුදල් ගෙවා උසස් ලෙස ඒ ගෙවූ වටිනාකම අනුව සැප පහසුව ඇති තානායමකට ගොස් දින කිහිපයක් සැපයක් විඳ ඒ ගෙවූ වටිනාකම අවසන් වූ පසු නැවත තම වාසස්ථානයට ම යන්නා සේ ලෝ සත්වයෝ තම නිවසෙහි සිටින්නා සේ සතර අපායෙහි වාසය කොට තානායමක සැප විඳීමට ධනයක් රැගෙන යන්නා සේ කුසල් කොට මනුලොවට දෙව්ලොවට බඹ ලොවට උත්පත්ති වශයෙන් ගොස් එහි සීමිත කාලයක් සැප විඳ නැවත තම නිවසට ම යන්නා සේ සතර අපායටම යති.

මෙලෙස සත්වයන් සසරක විඳින දුක් දැක මහත් කරුණා පෙරදැරිව මහා පුරුෂයෝ බෝධි සම්භාර පුරා සියලු ධර්මයන් අතැඹුලක් සේ අවබෝධ කොට ලොව්තුරා බුදු බවට පැමිණ ගමින් ගම වඩිමින් මහා කරුණාවෙන් ධර්ම දේශනා කොට ආර්ය මාර්ගය විවෘත කොට නිවන් මග පෙන්වා සසර තතු පහදා එයින් නිදහස් වීමට මග කියා දෙති.

මෙසේ සසර තතු පහද දෙමින් වදාළ ලොව පහළ වූ සියලු බුදුරජාණන් වහන්සේලා අත නොහැර දේශනා කරන්නා වූ අවිජහිත දේශනාවක් වන මෙම දේවදූත සූත්‍රය තුළින් සසරෙහි ඇති සැබෑ තත්වය මැනවින් පහද දෙන අනර්ඝ බුද්ධ දේශනාවකි. මෙය කියවා මැනවින් තේරුම් ගන්නේ නම් එය සසර දුකින් නිදහස් වීමට අතිශයින් ප්‍රයෝජනවත් වේ.

මෙම අගනා ධර්ම ග්‍රන්ථය ධර්ම දානයක් වශයෙන් පිරිනමනු ලබන්නේ පුණ්‍යකාමී ජේ. එම්. මිස්සක බණ්ඩාර මහත්මා සහ ඒ. එල්. ඒ. කේ. කුමාරි මහත්මිය යන දෙපල විසින් ව්‍ය: ව: 2019-11-11 වන ඉල් පුර පසළොස්වක පසළොස්වක පොහොය දින නා උයන ආරණ්‍යයෙහි දී සිදු කරන ධර්ම දානමය කුසලයෙන් පින්වත් මිස්සක බණ්ඩාර මහත්මාට සහ කුමාරි මහත්මියට නිදුක් නිරෝගී සුවයෙන් දාන සීල භාවනා පුණ්‍ය ක්‍රියාවන් මතුවටත් ඉතා පහසුවෙන් සිදුකර ගනිමින් සැප ප්‍රතිපදාවෙන් පාරමී ධර්ම මුදුන්පත් කරගෙන ධර්මඥාන, භාවනාඥාන වර්ධනය කරගෙන නිවන් සුව ලබන්නට හේතු වේවා. මෙය ඉතා හොඳින් මුද්‍රණය කරවා දුන් යක්කල දිමුතු මුද්‍රණාලයාධිපති තුමා ප්‍රධාන සැමට ද සසර තතු වටහාගෙන අප්‍රමාදීව සීල සමාධි ප්‍රඥා පූරණය කොට නිවන් සුව ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමට හේතු වේවා. නා උයන ආරණ්‍ය වැසි වූ ද, ලක්දිව වැසි වූ ද, ලෝ වැසි වූ ද සියලු මහ සඟ රුවණට ද සදේවක ලෝකවාසී සැමට ද, නමින් මියගිය ඥාතීන්ට ද, සියලු ප්‍රාර්ථනා මුදුන්පත් වී සැප ප්‍රතිපදාවෙන් නිවන් සුව ලබන්නට හේතු වේවා.

මෙයට සසුන් දියුණුව කැමති පූජ්‍ය නිකපිටියේ ගුණරතන ස්ථවිර.

මෙයට
සසුන් දියුණුව කැමති
පූජ්‍ය නිකපිටියේ ගුණරතන ස්ථවිර.

පුණ්‍යානුමෝදනාව

“සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බං රසං ධම්මරසො ජිනාති, සබ්බං රතිං ධම්මරතී ජිනාති තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති”.

දානය වනාහි ආමිස දානය, ධර්ම දානය යැයි දෙවැදෑරුම් වේ. මේ දාන දෙක අතරින් ධර්මදානය අග්‍ර වන්නේ ය. දිය යුත්ත “දානය” නම් වේ. එයින් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්, පරිෂ්කාරාදිය පූජා බුද්ධියෙන් දන් දීම “ආමිස දානය” නම් වේ. ඒවා තණ්හා දිට්ඨි ආදියෙන් ස්පර්ශ කළ යුතු බැවින් “ආමිස” යයි කියනු ලැබේ. ඒ ආමිස චේතනාවෙන් පරිත්‍යාග කළ යුතු බැවින් “ආමිස දානය” නම් වේ. මේ ආමිස වනාහි සියලු දානයන්ගේ නිදානය හෙවත් මුල හේතුවයි. සියලු සම්පත්තීන්ගේ මූලයයි.

අන්‍යයන් හට කරුණාවෙන් දහම් දෙසීම, ධර්ම කථිකයන්ට ගෞරව සත්කාර කොට දහම් දෙසවීම, දහම් පොත පත ලිවීම, ලියැවීමාදිය “ධර්ම දානය” නම් වේ. තව ද මේ කුසලධර්මය, මේ අකුසලධර්මය, මේ වැරැදිධර්මය ය, මේ නිවැරැදිධර්මය ය, මේ නුවණැත්තන් විසින් ගැරහිය යුතු ධර්මය, මේ නුවණැත්තන් විසින් පැසසිය යුතු ධර්මය, මේ ධර්මය අහිත පිණිස දුක් පිණිස පවතී. මේ ධර්මය හිතසුව පිණිස පවතී. යනුවෙන් ත්‍රිවිධ ද්වාරයෙන් සිදු කරන කුසල, අකුසල වශයෙන්, කර්ම, කර්මපථ වශයෙන් බෙදමින්, කර්මය, කර්මවිපාකය වශයෙන් බෙදමින් මෙලොව පරලොව ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්වන්නාක් මෙන් ප්‍රකට කරමින් අකුසල ධර්මවලින් වළක්වමින් කුසල ධර්මයන්හි පිහිටුවමින් ධර්මදේශනා කිරීම, දහම් පොත් ලියා බෙදාදීමාදිය “ධර්ම දානය” නම් වේ.

එසේම බණ ඇසීම සියලු කුසලයන්ට උපකාර වේ. සත්වයෝ බණ නො අසත් නම් කිසිදු කුසලයක් නොකරති. සියලු කුසලධර්ම කරන්නෝම බණ ඇසීමෙන් ඇතිවන පැහැදීම නිසාම ය. බණ ඇසීමෙන්, බණ පොත පත කියවීමෙන් ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව වැඩෙයි. පරතෝඝෝෂ ප්‍රත්‍යය නැතිව සෝවාන් මාර්ගයට නො පැමිණිය හැකි බැවින් බණ අසා දැන ඉගෙන තිබිය යුතුම ය. එබැවින් මෙලොව යමෙක් මනුලොව පටන් බඹලොව දක්වා දණහිසින් දණහිස ස්පර්ශ වන සේ බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වඩා හිඳුවා අග්‍ර ලෙස සිව්පසයෙන් සංග්‍රහ කරන්නේ ද, එය සතර පද ගාථාවකින් කරන එම දානයෙහි ම දානානුමෝදනා කුසලයෙන් සොළොස්වන කලාවෙන් කලාවක් තරම් වත් නොවන්නේ ය.

සත් තිස් බෝධිපාක්ෂික ධර්ම හා නව ලෝකෝත්තර ධර්ම “ධර්මරසය” නම් වේ. දෙවියන් ගේ සුධාභෝජනය ප්‍රධාන සත්ව ලෝකයෙහි ඇති සියලු ආහාර රස වගී සතර අපායට සසරට හෙලා දුක් ඇති කරවීමට සමත් ය. ධර්මරසය ජරාමරණා දී දුක්වලින් ද අපා දුක්වලින් ද නිදහස් කොට නිවනට පමුණුවන බැවින් සියලු රසයන් ට වඩා ශ්‍රේෂ්ඨ වේ.

ලාභාපේක්ෂාවෙන් තොරව නිස්සරණාධ්‍යාශයෙන් යුතුව දහම් දෙසීම, දහම් ඇසීම, ධර්මවිනය ඉගෙනීම - ඉගැන්වීම, දහම් පොත පත කියවීම තුළින් උපදනා නිරාමිස ප්‍රීතිය “ධර්මරතිය” නම් වේ. අඹු, දරු, දැසි, දස්, ධන, ධාන්‍ය, නැටුම්, ගැයුම්, වැයුම් ආදියෙහි ඇලීම සසර දුකට හේතු වේ. නිරාමිස ප්‍රීතිමත් ධර්මරතිය අභීතවයෙන් සියලු දුක් අවසන් කරවන බැවින් සියලු ඇලීම්වලට වඩා ශ්‍රේෂ්ඨ වේ.

කාම, භව, විභව තෘෂ්ණාවන් නසාලන බැවින් අර්හත් මාර්ග ඥානය “තෘෂ්ණාක්ෂය” නම් වේ. ධර්මදානය, ධර්මරසය, ධර්මරතිය තුළ යෙදීම තුළින් සියලු සසර දුක් නසාලන බැවින්, ජය ගන්නා බැවින් අර්හත් මාර්ගය සියල්ලට ම ශ්‍රේෂ්ඨ වේ.

නිවන් සුව ලැබීමට තථාගත ධර්මය හැර අන් පිහිටක් නැත. එබැවින් තථාගත ධර්මය නිස්සරණාධ්‍යාශයෙන් දේශනා කිරීම, ශ්‍රවණය කිරීම, දහම් පොත පත කියවීම, දහම් පොත්පත් ලියා ධර්මදානය කිරීම ද අනෙකුත් දානාදී පින්කම් කිරීම, දස කුසල ධර්මයන්හි යෙදීමාදී මේ සියල්ල කැමති වන්නහුට ම ලෞකික ලෝකෝත්තර සියලු සැපතට පැමිණිය හැකි වෙයි. මේ කුසල ධර්මයන්ට අකැමැති වන්නා මේ සියලු සැපතින් පිරිහෙයි.

ඉහත සඳහන් වූ ආකාරයට මහත් ආනිශංස ඇති ධර්ම දානමය කුසලයෙන් අප මේ පින්කමෙහි යෙදීමෙන් සැනසෙන සම්බුද්ධ ශාසනය තව බොහෝ කලක් ලොව බැබළෙමින් පවතීවා යන ශාසන ගෞරවයෙන්මය.

දහම් පොත් පන්දහසක් මුද්‍රණය කර බෙදාහැරීමේ උතුම් වූ ධර්ම දානමය පින්කම උදෙසා දායකත්වය

ඩබ්ලිව්: එච්: කීර්තිනායක මහතා සහ පී. එම්. සුභරත්න මැණිකේ මැතිනිය විසින්, පරලෝ සැපත් තම ආදරණීය දෙමාපියන් වන ඩබ්ලිව්. එච්: අප්පුහාමි පියාණන්, එන්. කේ රන්මැණිකේ මෑණියන්, පී. එම්. ඩිංගිරි මුදියන්සේ පියාණන්, කේ. එම් සුසිලාවතී මැණිකේ මෑණියන් සහ පරලෝ සැපත් තම ආදරණීය සොහොයුරන් වන ඩබ්ලිව්. එච් සමරනායක, ඩබ්ලිව්. එච් වික්‍රමනායක, ඩබ්ලිව්. එච් රත්නායක, ඩබ්ලිව්. එච් සෝමසිරිනායක, ඩබ්ලිව්. එච් බණ්ඩාරනායක, ඩබ්ලිව්. එච් කරුණානායක සහ ඩබ්ලිව්. එච් විජේනායක යන මැතිතුමන්ලාට පිං පිණිස සහ සුජීවත්ව සිටින ආදරණීය සොයුරු සොයුරියන්ට, දූ පුතුන්ට සහ පවුලේ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය පතමින් උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට දායකත්වය සපයන ලදී.

ඩී: එම්: පුංචි මහත්මයා මැතිතුමා සහ ජී. ආර්. සුසිලාවතී මැතිනිය විසින්, පරලෝ සැපත් තම ආදරණීය දෙමාපියන් වන කළුපහන වීරකෝන්ගම විසූ ඩී. එම්. සුදුබණ්ඩාර පියාණන්, ඩබ්ලිව්. එම්. කරුණාවතී මැණිකේ මෑණියන්ට සහ කුඹල්ගම විසූ ජී. ආර් කිරිබණ්ඩා පියාණන් ඩබ්ලිව්. එම්. රන්මැණිකේ මෑණියන්ට පිං පිණිස සහ සුජීවත්ව සිටින ආදරණීය සොයුරු සොයුරියන්ට, දූ පුතුන්ට සහ පවුලේ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය පතමින් උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට දායකත්වය සපයන ලදී.

එම්. කීර්ති මොහොට්ටි මැතිතුමා සහ එම්. චින්තකා ප්‍රියදර්ශිනී මැතිනිය විසින් තම ආදරණීය දෙමාපියවරුන්ට, දූ පුතුන්ට, සොයුරු සොයුරියන්ට ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය පතමින් උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට දායකත්වය සපයන ලදී.

කාංචන පබසර මනම්පේරි මහතා සහ දිලිනි ගුණවර්ධන මැතිනිය, තම ආදරණීය දෙමාපියන්ට, ආදරණීය දරු දෙදෙනා සහ පවුලේ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය පතමින් උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට දායකත්වය සපයන ලදී.

එරන්ද තික්ෂණ මහතා සහ නිරාශා විහඟනී සරත්වන්දු මැතිනිය, තම ආදරණීය දෙමාපියන්ට, ආදරණීය දරු දෙදෙනා සහ පවුලේ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය පතමින් උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට දායකත්වය සපයන ලදී.

සාලිය ජීවන්ත මහතා, සංජීව ජීවන්ත මහතා සහ එම මැතිනිය, වරුණ මධුශාන් මහතා, දශීනී අනුරුද්ධිකා මහත්මිය,කේසර ගාමිණි මහතා, සාගර හසංක මහතා, කේගලා නවරත්න මැතිනිය, නිමේෂා මහත්මිය, අතුල සමරසේකර මහතා විසින් තම ආදරණීය දෙමාපියවරුන්ට, දූ පුතුන්ට, සොයුරු සොයුරියන්ට ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය පතමින් උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට දායකත්වය සපයන ලදී.

ඩබ්ලිව්, එස්, ආර්, ජගත් කුමාර මහතා සහ ආර්, කේ, එස් විලාසිනී විමලදාස මැතිනිය, පරලෝ සැපත් ආදරණීය පියාණන් වන ඩබ්ලිව්, එස්, රත්නසිරි මැතිතුමාට සහ ආදරණීය මෑණියන් වන එච්, එමලින් නෝනා මැතිනියට පිං පිණිස සහ සුජීවත්ව සිටින ආදරණීය පුතු ඩබ්ලිව්, ආර්, ආර්, වික්‍රමසිංහ, දියණිය ඩබ්ලිව්, ටී, එස් වික්‍රමසිංහ සොයුරිය, ඩබ්ලිව්. එස් ශ්‍රීමලා නිලන්ති වික්‍රමසිංහ මැතිනිය, සොයුරු ඩබ්ලිව්, තුෂාර චමින්ද වික්‍රමසිංහ මහතා ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය පතමින් උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට දායකත්වය සපයන ලදී.

සඳරුවන් ජීවන්ත මහතා සහ උමේෂා මැතිනිය විසින් පරලෝ සැපත් වැගපිටියේ විසූ අනෝමා විජේකෝන් මැතිනිය සහ මස්සැන්නේ විසූ පී. බී හාමිනේ මහත්මියට පිණිස සහ සුජීවත්ව සිටින තම ආදරණීය දෙමාපියන්ට, දරු තිදෙනාට, සොයුරු සොයුරියන්ට සහ පවුලේ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය පතමින් උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට දායකත්වය සපයන ලදී.

තරිඳු ජයසිංහ මැතිතුමා සහ එම මැතිනිය විසින් තම ආදරණීය දෙමාපියවරුන්ට, දූ පුතුන්ට, සොයුරු සොයුරියන් ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය පතමින් උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට දායකත්වය සපයන ලදී.

සංජය ජීවන්ත මහතා සහ ලක්ෂ්මි කුමාරී දිසානායක මැතිනිය විසින් මෙම “දේවදූත සූත්‍රය” නම් ඉතා වටිනා දහම් පොත රචනා කල අති පූජනීය නිකපිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේගේ ආදරණීය පියාණන් වන ඒ. එම් නවරත්න මැතිතුමාට ස්වාමීන් වහන්සේගේ ආදරණීය මෑණියන් වන ඥානවතී මැණිකේ මැතිනියට, තම ආදරණීය දෙමාපියවරුන්ට, සොයුරු සොයුරියන්ට, සෙනුලි ගිහන්සා කීර්තිනායක දියණියට සහ තම ඥාතිවරුන්ට නිදුක් නිරෝගී චිර ජීවනය පතමින් උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට දායකත්වය සපයන ලදී.

මෙලෙස මේ ධර්මදානමය මහඟු කුසලය සඳහා දායකත්වය දැරූ සැමට සද්ධර්ම ශ්‍රවණය, සත්පුරුෂ සන්සේවනය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධර්ම ප්‍රතිපදාව ඇතිව භවයක් පාසා උසස් ලෙස සාරමී ගුණ - බෝධිපාක්ෂික ධර්ම ඉතා පහසුවෙන් සම්පූර්ණ කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණාවබෝධය සිදුකර ගැනීමට හේතු වාසනා වෙත්වා!!!.

මෙයට දායක වූ සැම වෙනුවෙන්

සංජය ජීවන්ත.

සංජය ජීවන්ත.