තෙරුවන් සරණ යාම - 2024.pdf
- කතෘ :
- නිකපිටියේ ගුණරතන හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2024
- මුද්‍රිත වර්ෂය :
- 2024
- පිටු ගණන :
- 104
- බාගත කිරීම් ගණන :
- 488
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-06-06
- ගොනුවේ ප්‍රමාණය :
- 647 KB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
තෙරුවන් සරණ යෑම යනු නා උයන ආරණ්‍ය සේනාසනයේ නිකපිටියේ ගුණරතන හිමියන් විසින් සම්පාදිත ප්‍රායෝගික ධර්මෝපදේශ ග්රන්ථයකි. 2024 (බු.ව. 2567) වර්ෂයේදී ධර්ම දානය පිණිස මෙම කෘතිය මුද්‍රණය කර බෙදාහැර ඇත.
බෞද්ධයෙකුගේ මූලික පදනම වන තෙරුවන් සරණ යාම සහ සීලය පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක් මෙම කෘතියෙන් ඉදිරිපත් කෙරේ. සූත්‍ර දේශනා සහ ධර්ම කථාවන් පාදක කරගනිමින් ලෞකික හා ලෝකෝත්තර සරණාගමන ක්‍රම, සීලයේ අර්ථය හා ලක්ෂණ මෙන්ම පංචශීලය හා අෂ්ටාංග උපෝසථ සීලය රැකීමේ වැදගත්කම සහ විපාක මෙහි පැහැදිලි කෙරේ.
මෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා අතර:
- වුඤ්චී සූත්‍රය සහ ඡත්තමාණවක විමානවත්ථුව
- ලෞකික හා ලෝකෝත්තර සරණගමනය
- චේතනා, චෛතසික, සංවර හා අවීතික්කම සීල විග්‍රහය
- පඤ්ච සීලය හා අකුසල් විපාක විවරණය
- පන්සිල් රැකීමේ ආනිශංස
හැඳින්වීම
“යෙ ගහට්ඨා පුඤ්ඤකරා - සීලවන්තො උපාසකා, ධම්මෙන දාරං පොසෙන්ති - තෙ නමස්සාමි මාතලි”
එක් දිනක් සක්දෙව් රජතුමා නන්දන උයන සිර දකිනු පිණිස යනු කැමති ව මාතලී රථාවාචාර්යවරයාට කථා කොට ආජානීය අශ්වයන් දහසක් යොදන ලද රථය සූදානම් කරන ලෙස කීවේ ය. මාතලී රථාවාචාර්යවරයා ”යහපති ස්වාමීනි” යැයි කියා ආජානීය රථය යොදා සක්දෙව් රජතුමා හට ”නිදුකාණෙනි, ඔබ වහන්සේගේ ගමනට සුදුසු කල් දනුව” යැයි සැල කළේ ය.
ඉක්බිති සක්දෙව් රජතුමා වෙජයන්ත ප්‍රාසාදයෙන් බසින්නේ ඇඳිලි බැඳ සියලු දිශාවන්ට නමස්කාර කළේ ය. එය දුටු මාතලී රථාවාචාර්යවරයා ”වේදත්‍රය හදරන්නා වූ සියලු පොළෝතල වාසීහු ද, ක්ෂත්රියයෝ ද, සතර වරම් මහ රජවරු ද, පිරිවර සෙසු දෙවියෝ ද, නුඹ වහන්සේට වඳිති. සක්දෙව් රජතුමනි, පිරිවර සහිත වූ යමෙකුට ඔබ වහන්සේ කා හට වඳින්නෙහි ද?” යැයි ඇසුවේ ය.
එවිට සක්දෙව් රජතුමා ”වේදත්‍රය පර ප්‍රාප්ත වූ පෘථිවි තල වාසී වූ සියල්ලෝ ද, ක්ෂත්රියයෝ ද, සිවුවරම් මහ රජ දරුවෝ ද, පරිවාර සම්පන්න වූ සෙසු දෙවියෝ ද මට වඳිත්. ඒ මම ශීලයෙන් සමාද්ධ වූ, බොහෝ කලක් මුළුල්ලෙහි එකඟ කළ සිත් ඇති, දිවි හිමියෙන් බ්‍රහ්මචර්යාවෙහි යෙදී වසන්නා වූ පැවිද්දන් සකසා වඳිමි.
එසේ ම පින් කරන්නා වූ, සිල්වත් වූ, උපාසක ගුණයෙහි පිහිටියා වූ, යම් ගෘහස්ථ කෙනෙක් දැහැමින් අඹුදරුවන් රකිත් ද, එම්බා මාතලිය, මම ඔවුන් වඳිමි” යැයි කීවේ ය.
එවිට මාතලි දිව්‍ය පුත්‍රයා ”සක්දෙව් රජතුමනි, යමෙකුට නුඹ වහන්සේ වඳින්නෙහි ද ඔහු ලොව ශ්‍රේෂ්ඨයෝ ම වෙති. වාසව නම් වූ දෙව් රජුනි, යම් කෙනෙකුන්ට ඔබ වඳින්නෙහි ද මමත් ඔවුන් වඳිමි” යැයි කියා වැන්දේ ය.
මෙලෙස දෙවියන් විසින් මනුලොව වෙසෙන සිල් ගුණ ඇති අයට වඳිනු ලබන්නේ තමන් ඒ දිව්‍ය ආත්මභාවයෙහි විඳින සැප ද, ඒ සඳහා පූර්ව ජාතීන්හි කරගන්නා ලද කුසල් ද මනාකොට දක්නා බැවිනි. එබැවින් ලෞකික ලෝකෝත්තර සියලු අර්ථයන් සිදුකර ගත හැකි එකම තැන නම් මිනිස් ලොව පමණකි. ඒ උත්තමාර්ථය සිදුකර ගැනීම පිණිස ගිහි පැවිදි සියලු දෙනාම අප්රමාදී විය යුතු ය.
මෙයින් ජනිත වන උතුම් කුසලය අප උපාධ්යායෝත්තම අති පූජනීය කඩවැද්දූවේ ශ්‍රී ජිනවංශාභිධාන මහා ස්වාමීන් වහන්සේ, ගුරු දේවෝත්තම පරම පූජනීය නා උයනේ මහා ස්වාමින් වහන්සේ ප්‍රධාන අපවත් වී වදාළ සංඝ පීතෘවර සියලු මහෝත්තමයන් වහන්සේලාට ද, වසර තිස් පහකට පමණ පෙර අපවත් වී වදාළ අති පූජනීය මහව සුමේධ මහා ස්වාමීන් වහන්සේට ද සුවසේ සමත්‍රිංශත් පාරමිතා ධර්ම සපුරා ලොව්තුරා බුදු පදවිය ලැබීම පිණිස ම හේතු වේවා. සුජීවත් ව වැඩ සිටින පහළවිටියල ජනානන්ද මහා ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහ සඟරුවනට ද සම්බුදු සසුනට ජීවය දෙමින් පාරමී ගුණ සුව සේ සපුරා නිවණාවබෝධය පිණිසම හේතු වෙත්වා. සදේවක ලෝකවාසී සියලු සත්වයන්ට ද සුව සේ පාරමී සපුරා නිවන් සුව ලබන්නට ම හේතු වේවා. මෙම ධර්ම ග්‍රන්ථය මුද්‍රණය සඳහා දායකත්වය දැරූ ජීවන්ත මල්ලි ප්‍රධාන සැමට ද මුද්‍රණය කර දුන් මුද්‍රණාලයාධිපතිතුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සැමට ද සුවසේ ම නිවන් සුව ලබන්නට හේතු වේවා.
මෙයට ශාසනමාමක
නිකපිටියේ ගුණරතන හිමි. ශ්‍රී ඥානාරාම විවේකාශ්‍රමය, කහගොල්ල, දියතලාව.
නිකපිටියේ ගුණරතන හිමි.
ශ්‍රී ඥානාරාම විවේකාශ්‍රමය,
කහගොල්ල, දියතලාව.
පුණ්‍යානුමෝදනය
“සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බං රසං ධම්මරසො ජිනාති, සබ්බං රතිං ධම්මරතී ජිනාති තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති”.
දානය වනාහි ආමිස දානය, ධර්ම දානය යැයි දෙවැදෑරුම් වේ. මේ දාන දෙක අතරින් ධර්මදානය අග්‍ර වන්නේ ය. දිය යුත්ත “දානය” නම් වේ. එයින් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්, පරිෂ්කාරාදිය පූජා බුද්ධියෙන් දන් දීම “ආමිස දානය” නම් වේ. ඒවා තණ්හා දිට්ඨි ආදියෙන් ස්පර්ශ කළ යුතු බැවින් “ආමිස” යයි කියනු ලැබේ. ඒ ආමිස චේතනාවෙන් පරිත්‍යාග කළ යුතු බැවින් “ආමිස දානය” නම් වේ. මේ ආමිස වනාහි සියලු දානයන්ගේ නිදානය හෙවත් මූල හේතුවයි. සියලු සම්පත්තීන්ගේ මූලයයි.
අන්‍යයන් හට කරුණාවෙන් දහම් දෙසීම, ධර්ම කථිකයන්ට ගෞරව සත්කාර කොට දහම් දෙසවීම, දහම් පොත පත ලිවීම, ලියැවීමාදිය “ධර්ම දානය” නම් වේ. තව ද මේ කුසලධර්මය, මේ අකුසලධර්මය, මේ වැරැදිධර්මය ය, මේ නිවැරැදිධර්මය ය, මේ නුවණැත්තන් විසින් ගැරහිය යුතු ධර්මය, මේ නුවණැත්තන් විසින් පැසසිය යුතු ධර්මය, මේ ධර්මය අහිත පිණිස දුක් පිණිස පවතී. මේ ධර්මය හිතසුව පිණිස පවතී. යනුවෙන් ත්‍රිවිධ ද්වාරයෙන් සිදු කරන කුසල, අකුසල වශයෙන්, කර්ම, කර්මඵල වශයෙන් බෙදමින්, කර්මය, කර්මවිපාකය වශයෙන් බෙදමින් මෙලොව පරලොව ප්රත්යක්ෂ වශයෙන් දක්වන්නාක් මෙන් ප්‍රකට කරමින් අකුසල ධර්මවලින් වළක්වමින් කුසල ධර්මයන්හි පිහිටුවමින් ධර්මදේශනා කිරීම, දහම් පොත් ලියා බෙදාදීමාදිය “ධර්ම දානය” නම් වේ.
එසේම බණ ඇසීම සියලු කුසලයන්ට උපකාර වේ. සත්වයෝ බණ නො අසත් නම් කිසිදු කුසලයක් නොකරති. සියලු කුසලධර්ම කරන්නෙම බණ ඇසීමෙන් ඇතිවන පැහැදීම නිසාම ය. බණ ඇසීමෙන්, බණ පොත පත කියවීමෙන් ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව වැඩෙයි. පරතෝඝෝෂ ප්‍රත්‍යය නැතිව සෝවාන් මාර්ගයට නො පැමිණිය හැකි බැවින් බණ අසා දැන ඉගෙන තිබිය යුතුම ය. එබැවින් මෙලොව යමෙක් මනුලොව පටන් බඹලොව දක්වා දෘණහිසින් දෘණහිස ස්පර්ශ වන සේ බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වඩා හිඳුවා අග්‍ර ලෙස සිව්පසයෙන් සංග්‍රහ කරන්නේ ද, එය සතර පද ගාථාවකින් කරන එම දානයෙහි ම දානානුමෝදනා කුසලයෙන් සොළොස්වන කලාවෙන් කලාවක් තරම් වත් නොවන්නේ ය.
සත් තිස් බෝධිපාක්ෂික ධර්ම හා නව ලෝකෝත්තර ධර්ම ”ධර්මරසය” නම් වේ. දෙවියන් ගේ සුධාභෝජනය ප්‍රධාන සත්ව ලෝකයෙහි ඇති සියලු ආහාර රස වගී සතර අපායට සසරට හෙලා දුක් ඇති කරවීමට සමත් ය. ධර්මරසය ජරාමරණා දී දුක්වලින් ද අපා දුක්වලින් ද නිදහස් කොට නිවනට පමුණුවන බැවින් සියලු රසයන් ට වඩා ශ්‍රේෂ්ඨ වේ.
ලාභාපේක්ෂාවෙන් තොරව නිස්සරණාධ්‍යාශයෙන් යුතුව දහම් දෙසීම, දහම් ඇසීම, ධර්මවිනය ඉගෙනීම - ඉගැන්වීම, දහම් පොත පත කියවීම තුළින් උපදනා නිරාමිස ප්‍රීතිය ”ධර්මරතිය” නම් වේ. අඹු, දරු, දැසි, දස්, ධන, ධාන්‍ය, නැටුම්, ගැයුම්, වැයුම් ආදියෙහි ඇලීම සසර දුකට හේතු වේ. නිරාමිස ප්‍රීතිමත් ධර්මරතිය අර්හත්වයෙන් සියලු දුක් අවසන් කරවන බැවින් සියලු ඇලීම්වලට වඩා ශ්‍රේෂ්ඨ වේ.
කාම, භව, විභව තෘෂ්ණාවන් නසාලන බැවින් අර්හත් මාර්ග ඥානය ”තෘෂ්ණාක්ෂය” නම් වේ. ධර්මදානය, ධර්මරසය, ධර්මරතිය තුළ යෙදීම තුලින් සියලු සසර දුක් නසාලන බැවින්, ජය ගන්නා බැවින් අර්හත් මාර්ගය සියල්ලට ම ශ්‍රේෂ්ඨ වේ.
නිවන් සුව ලැබීමට තථාගත ධර්මය හැර අන් පිහිටක් නැත. එබැවින් තථාගත ධර්මය නිස්සරණාධ්‍යාශයෙන් දේශනා කිරීම, ශ්‍රවණය කිරීම, දහම් පොත පත කියවීම, දහම් පොත්පත් ලියා ධර්මදානය කිරීම ද අනෙකුත් දනාදී පින්කම් කිරීම, දස කුසල ධර්මයන්හි යෙදීමාදී මේ සියල්ල කැමති වන්නහුට ම ලෞකික ලෝකෝත්තර සියලු සැපතට පැමිණිය හැකි වෙයි. මේ කුසල ධර්මයන්ට අකැමැති වන්නා මේ සියලු සැපතින් පිරිහෙයි.
ඉහත සඳහන් වූ ආකාරයට මහත් ආනිශංස ඇති ධර්ම දානමය කුසලයෙන් අප මේ පින්කමෙහි යෙදීමෙන් සැනසෙන සම්බුද්ධ ශාසනය තව බොහෝ කලක් ලොව බැබලෙමින් පවතිවා යන ශාසන ගෞරවයෙන්මය.
දහම් පොත් පන්දහසක් මුද්‍රණය කර බෙදාහැරීමේ උතුම් වූ ධර්ම දානමය පින්කම උදෙසා දායකත්වය
එම්. කීර්ති මොහොට්ටි මැතිතුමා සහ එම්. චින්තකා ප්‍රියදර්ශිනී මැතිනිය විසින් තම ආදරණීය දෙමාපියවරුන්ට, දූ පුතුන්ට, සොයුරු සොයුරියන්ට ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය පතමින් උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට දායකත්වය සපයන ලදී.
ඩබ්ලිව්: එච්: කීර්තිනායක මහතා සහ පී. එම්. සුභරත්න මැණිකේ මැතිනිය විසින්, පරලෝ සැපත් තම ආදරණීය දෙමාපියන් වන ඩබ්ලිව්. එච්: අප්පුහාමි පියාණන් මහතා සහ පී. එම්. සුභරත්න මැණිකේ මැතිනිය විසින්, පරලෝ සැපත් තම ආදරණීය දෙමාපියන් වන ඩබ්ලිව්. එච්: අප්පුහාමි පියාණන්, එන්. කේ රන්මැණිකේ මෑණියන්, පී. එම්. ඩිංගිරි මුදියන්සේ පියාණන්, කේ. එම් සුසිලාවතී මැණිකේ මෑණියන් සහ පරලෝ සැපත් තම ආදරණීය සොහොයුරන් වන ඩබ්ලිව්. එච් සමරනායක, ඩබ්ලිව්. එච් වික්‍රමනායක, ඩබ්ලිව්. එච් රත්නායක, ඩබ්ලිව්. එච් සෝමසිරිනායක, ඩබ්ලිව්. එච් බණ්ඩාරනායක, ඩබ්ලිව්. එච් කරුණානායක සහ ඩබ්ලිව්. එච් විජේනායක යන මැතිතුමන්ලාට පිං පිණිස සහ සුජීවත්ව සිටින ආදරණීය සොයුරු සොයුරියන්ට, දූ පුතුන්ට සහ පවුලේ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය පතමින් උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට දායකත්වය සපයන ලදී.
ඩී: එම්: පුංචි මහත්මයා මැතිතුමා සහ ජේ. ආර්. සුසිලාවති මැතිනිය විසින්, පරලෝ සැපත් තම ආදරණීය දෙමාපියන් වන කළුපහන වීරකෝන්ගම විසූ ඩී. එම්. සුදුබණ්ඩාර පියාණන්, ඩබ්ලිව්. එම්. කරුණාවතී මැණිකේ මෑණියන්ට සහ කුඹල්ගම විසූ ජේ. ආර් කිරිබණ්ඩා පියාණන් ඩබ්ලිව්. එම්. රන්මැණිකේ මෑණියන්ට පිං පිණිස සහ සුජීවත්ව සිටින ආදරණීය සොයුරු සොයුරියන්ට, දූ පුතුන්ට සහ පවුලේ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය පතමින් උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට දායකත්වය සපයන ලදී.
කාංචන පබසර වනම්පේරි මහතා සහ දිලිනි ගුණවර්ධන මැතිනිය, තම ආදරණීය දෙමාපියන්ට, ආදරණීය දරු දෙදෙනා සහ පවුලේ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය පතමින් උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට දායකත්වය සපයන ලදී.
එරන්ද තික්ෂණ මහතා සහ නිරාශා විහඟනී සරත්වන්දු මැතිනිය, තම ආදරණීය දෙමාපියන්ට, ආදරණීය දරු දෙදෙනා සහ පවුලේ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය පතමින් උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට දායකත්වය සපයන ලදී.
සාලිය ජීවන්ත මහතා, සංජීව ජීවන්ත මහතා සහ එම මැතිනිය, වරුණ මධුශාන් මහතා, දශිනී අනුරුද්ධිකා මහත්මිය, කේසර ගාමිණි මහතා, සාගර හසංක මහතා, කේශලා නවරත්න මැතිනිය, නිමේෂා මහත්මිය, අතුල සමරසේකර මහතා විසින් තම ආදරණීය දෙමාපියවරුන්ට, දූ පුතුන්ට, සොයුරු සොයුරියන්ට ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය පතමින් උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට දායකත්වය සපයන ලදී.
ඩබ්ලිව්, එස්, ආර්, ජගත් කුමාර මහතා සහ ආර්, කේ, එස් විලාසිනී විමලදාස මැතිනිය, පරලෝ සැපත් ආදරණීය පියාණන් වන ඩබ්ලිව්, එස්, රත්නසිරි මැතිතුමාට සහ ආදරණීය මෑණියන් වන එච්, එමලින් නෝනා මැතිනියට පිං පිණිස සහ සුජීවත්ව සිටින ආදරණීය පුතු ඩබ්ලිව්, ආර්, ආර්, වික්‍රමසිංහ, දියණිය ඩබ්ලිව්, ටී, එස් වික්‍රමසිංහ සොයුරිය, ඩබ්ලිව්. එස් ශ්රීමලා නිලන්ති වික්‍රමසිංහ මැතිනිය, සොයුරු ඩබ්ලිව්, තුෂාර චමින්ද වික්‍රමසිංහ මහතා ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය පතමින් උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට දායකත්වය සපයන ලදී.
සඳරුවන් ජීවන්ත මහතා සහ උමේෂා මැතිනිය විසින් පරලෝ සැපත් වැගපිටියේ විසූ අනෝමා විජේකෝන් මැතිනිය සහ මස්සැන්නේ විසූ පී. බී හාමිනේ මහත්මියට පිණිස සහ සුජීවත්ව සිටින තම ආදරණීය දෙමාපියන්ට, දරු තිදෙනාට, සොයුරු සොයුරියන්ට සහ පවුලේ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය පතමින් උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට දායකත්වය සපයන ලදී.
හරිඳු ජයසිංහ මැතිතුමා සහ එම මැතිනිය විසින් තම ආදරණීය දෙමාපියවරුන්ට, දූ පුතුන්ට, සොයුරු සොයුරියන් ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය පතමින් උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට දායකත්වය සපයන ලදී.
සංජය ජීවන්ත මහතා සහ ලක්මිණි කුමාරී දිසානායක මැතිනිය විසින් මෙම “තෙරුවන් සරණ යෑම” නම් ඉතා වැදගත් දහම් පොත රචනා කල අති පූජනීය නිකපිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේගේ ආදරණීය පියාණන් වන ඒ. එම් නවරත්න මැතිතුමාට ස්වාමීන් වහන්සේගේ ආදරණීය මෑණියන් වන ඥානවතී මැණිකේ මැතිනියට, තම ආදරණීය දෙමාපියවරුන්ට, සොයුරු සොයුරියන්ට, සෙනුලි ගිහන්සා කීර්තිනායක දියණියට සහ තම ඥාතිවරුන්ට නිදුක් නිරෝගී චිර ජීවනය පතමින් උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට දායකත්වය සපයන ලදී.
මෙලෙස මේ ධර්මදානමය මහඟු කුසලය සඳහා දායකත්වය දැරූ සැමට සද්ධර්ම ශ්‍රවණය, සත්පුරුෂ සන්සේවනය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධර්ම ප්‍රතිපදාව ඇතිව භවයක් පාසා උසස් ලෙස පාරමී ගුණ - බෝධිපාක්ෂික ධර්ම ඉතා පහසුවෙන් සම්පූර්ණ කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවණාවබෝධය සිදුකර ගැනීමට හේතු වාසනා වෙත්වා!!!.
මෙයට දායක වූ සැම වෙනුවෙන්
සංජය ජීවන්ත.
සංජය ජීවන්ත.