අග්ගික භාරද්වාජ සූත්‍රය - 2014.pdf

කතෘ :
නිකපිටියේ ගුණරතන හිමි
ප්‍රකාශිත වර්ෂය :
2014
මුද්‍රිත වර්ෂය :
2014
පිටු ගණන :
83
බාගත කිරීම් ගණන :
500
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-06-06
ගොනුවේ ප්‍රමාණය :
745 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 42

ඛුද්දක නිකායේ සුත්ත නිපාතයට අයත් අග්ගික භාරද්වාජ සූත්‍රය (වසල සූත්‍රය) විස්තරාත්මක ව අර්ථ විවරණය කරමින් පූජ්‍ය නිකපිටියේ ගුණරතන හිමියන් විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙලොව පිරිහීමටත් පරලොව අපායගාමී වීමටත් හේතුවන වසල ධර්ම තිස්හතරක් පිළිබඳ විස්තර මෙහි අන්තර්ගත වේ.

අති පූජනීය මහා කර්මස්ථානාචාර්‍ය්‍ය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 77 වන ජන්ම දිනය (2014 අප්‍රේල් 24) නිමිත්තෙන් ධර්ම දානයක් පිණිස මෙම කෘතිය සම්පාදනය කර මුද්‍රණය කරවා ඇත.

සූත්‍ර දේශනාවේ පාලි පාඨය, ප්‍රථම ධර්ම සංගායනාව හා සූත්‍ර නිදානය, බුද්ධ චර්යාවන්, සරණාගමනයේ විවිධ ප්‍රභේද සහ සැබෑ උපාසකත්වයේ ලක්ෂණ පිළිබඳ විග්‍රහයන් මෙහි සාකච්ඡා කෙරේ.

හැඳින්වීම

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

“ද්වේ’මානි භික්ඛවෙ දානානි, ආමිසදානඤ්ච, ධම්මදානඤ්ච. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං දානානං යදිදං ධම්මදාන’න්ති”. (ඛු: නි: ඉති: ති: නි: දාන සූත්‍රය)

මහණෙනි! මේ දාන දෙකකි. ආමිස දානය හා ධර්ම දානයයි. මහණෙනි මේ දාන දෙක අතරින් මේ ධර්ම දානය අග්‍ර වන්නේ ය.

දිය යුත්ත දානය නම් වේ. එයින් චීවර-පිණ්ඩපාත-සේනාසන-ගිලන්පස බෙහෙත් පරිෂ්කාරාදිය දන් දීම ආමිස දානය නම් වේ. ඒවා තණ්හා දිට්ඨි ආදියෙන් ස්පර්ශ කළ යුතු බැවින් ආමිසයයි කියනු ලැබේ.

ඒ ආමිස චේතනාවෙන් පරිත්‍යාග කළ යුතු බැවින් ආමිස දානය නම් වේ. මේ ආමිස වනාහි සියලු දානයන්ගේ නිදානය හෙවත් මූල හේතුවයි. සියලු සම්පත්තීන්ගේ මූලයයි.

මෙලොව යමෙක් මේ කුසල ධර්මය, මේ අකුසල ධර්මය, මේ වැරදි ධර්මය ය, මේ නිවැරදි ධර්මය ය, මේ නුවණැත්තන් විසින් ගැරහිය යුතු ධර්මය, මේ නුවණැත්තන් විසින් පැසසිය යුතු ධර්මය, මේ ධර්මය අහිත පිණිස දුක් පිණිස පවතී. මේ ධර්මය හිත සුව පිණිස පවතී, යනුවෙන් ත්‍රිවිධ ද්වාරයෙන් සිදු කරන කුසල-අකුසල වශයෙන්, කර්ම - කර්ම පථ වශයෙන් බෙදමින්, කර්මය - කර්ම විපාකය වශයෙන් බෙදමින් මෙලොව පරලොව ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්වන්නාක් මෙන් ප්‍රකට කරමින් අකුසල ධර්මවලින් වළක්වමින් කුසල ධර්මයන්හි පිහිටුවමින් ධර්ම දේශනා කිරීම, දහම් පොත් ලියා බෙදා දීමාදිය ධර්ම දානය නම් වේ.

යමෙක් මේ ධර්ම අනිත්‍යාදී විශිෂ්ටාකාරයෙන් දත යුතු ධර්මයෝ ය, මේ ධර්ම අනිත්‍යාදී වශයෙන් දත යුතු දුක්ඛ ධර්මයෝ ය, මේ ධර්ම දුරු කළ යුතු ය, මේ ධර්ම වැඩිය යුතු ය, මේ ධර්ම ප්‍රත්‍යක්ෂ කළ යුතුය යැයි චතුරාර්ය සත්‍යය ප්‍රකට කරමින් නිර්වාණාවබෝධය පිණිස ප්‍රතිපත්ති මාර්ගය දේශනා කරයි ද, දහම් පොත් ලියා ධර්මදාන වශයෙන් බෙදා දෙයි ද මෙය උසස් ම ධර්ම දානය, අග්‍ර ම ධර්ම දානය වේ. මේ නිවන පිණිස හේතුවන ධර්මදානය හේතුවෙන් සියලු අනර්ථයන්ගෙන් මිදෙයි. සියලු සසර දුක් ඉක්මවයි.

මෙසේ අග්‍ර ආනිශංස ගෙන දෙන ධර්ම දානමය කුසලයක් සිදුකර ගැනීමේ අදහසින් යුතුව ඛුද්දක නිකායෙහි ඇතුළත් වන අනගී සූත්‍ර දේශනාවක් වන අග්ගික භාරද්වාජ සූත්‍රය පරිපූර්ණ වූ අර්ථ විවරණයන්ගෙන් යුක්තව මෙයින් ඉදිරිපත් කරමි. මෙලොව දීම ගර්හාවට, ව්‍යසනයන්ට හේතුවන පරලොව දී අපායාදී බොහෝ දුක්ඛයන්ට හේතුවන නිවන් මග වරදවන අකුසල ධර්ම තිස්හතරක් වසල ධර්ම නමින් මෙම සූත්‍රයෙන් ඉදිරිපත් වේ.

මෙසේ වූ මහඟු කුසලයක් සිදුකර ගැනීමට මූල හේතුව වූයේ 2014 - 04 - 24 වන දිනට දිවියේ හැත්තෑ සත් වසරක් සම්පිරෙන සම්බුදු සසුනෙහි වැඩිය යුතු පිරිය යුතු උසස් ගුණයන්ගෙන් සපිරි ගුණ නිධානයක් වූ ගුරු දේවෝත්තම අති පූජනීය මහා කර්මස්ථානාචාර්‍ය්‍ය නා උයනේ මහා ස්වාමින් වහන්සේට ගුරු බැතියෙන් කරන පූජෝපහාරයක් වශයෙනි. මේ ධර්ම දානමය කුසල බලයෙන් ද, රත්නත්‍රයේ අසීමිත ගුණානුභාව බලයෙන් අති පූජනීය නා උයනේ මහා ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් වින්ශත් ගතවර්ෂාධික කාලයක් මුළුල්ලෙහි ශාසනානුග්‍රහය දක්වමින් උසස් ගුණ පුරා ලොවුතුරා බුදු බව සුවසේ ලබත්වා යි විශේෂයෙන් ආශිර්වාද කරමි. එසේම අති පූජනීය මීගොඩ ස්වාමින් වහන්සේ, අගුල්ගමුවේ ස්වාමින් වහන්සේ ප්‍රධාන ප්‍රතිපත්තිකාමී මහ සඟරුවනට ද ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම වාසී වූ ද, ලක් වැසි වූ ද, ලෝ වැසි වූ ද සියලු මහ සඟරුවනට ද ශාසනානුග්‍රහය දක්වමින් උසස් ගුණ පුරා නිවන් සුව සුවසේ ලබත්වා යි ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. එසේම මව්පිය ඤාත්‍යාදී සැමට ද, සදේවක ලෝක වාසීන්ට ද නිවන් සුව සුවසේ ලබන්නට හේතු වේවා යි ප්‍රාර්ථනා කරමි.

මෙයට මෙත්සති, නිකපිටියේ ගුණරතන හිමි. 2014 _ 04 _ 24

නිකපිටියේ ගුණරතන හිමි.
2014 _ 04 _ 24