සූත්‍රනිපාතය පුරාණ අර්ථව්‍යාඛ්‍යාන සහිත - පඤ්ඤානන්ද හිමි 1890.pdf

partial

කතෘ :
පඤ්ඤානන්ද හිමි
ප්‍රකාශිත වර්ෂය :
1891
මුද්‍රිත වර්ෂය :
1891
පිටු ගණන :
232
බාගත කිරීම් ගණන :
526
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-23
ගොනුවේ ප්‍රමාණය :
53 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 117

මෙම ග්‍රන්ථය ඛුද්දකනිකායට අයත් ප්‍රකට දේශනා සංග්‍රහයක් වන සූත්‍රනිපාතය සඳහා රචිත පුරාණ සිංහල අර්ථව්‍යාඛ්‍යානය (සන්නය) ඇතුළත් කෘතියක පළමුවන භාගයයි. මුද්‍රණ දෝෂ හා ලේඛක ප්‍රමාදයන් නිසා විකෘතිව පැවති පුරාණ සන්න පුස්කොළ පිටපත් කිහිපයක් සංසන්දනය කරමින්, පානදුරේ රත්නකොත්වෙහෙර නිවැසි පඤ්ඤානන්ද හිමියන් විසින් මෙය සංස්කරණය කොට සකස් කර ඇත.

වැලිගම ශ්‍රී සුමංගල මහානායක හිමිපාණන්ගේ අවසාන ශෝධනයෙන් සහ ‘ලක්මිණිපහන’ කර්තෘ ඇම්. ධර්මරත්න පඬිතුමන්ගේ දෘෂ්ටි පත්‍ර පරීක්ෂාවෙන් සම්පාදිත මෙම කෘතිය, සූත්‍රනිපාතයේ උරග වර්ගයේ සූත්‍රයන්ගේ පාලි ගාථා සහ ඒවායේ විස්තරාත්මක පුරාණ සන්න අර්ථව්‍යාඛ්‍යානයන්ගෙන් සමන්විත වේ.

මෙම මුද්‍රණය ශ්‍රී බුද්ධ වර්ෂ 2434 (ක්‍රි.ව. 1891) දී කොළඹ ශාස්ත්‍රාලෝක මුද්‍රණාලයේදී ඇල්. ඇප්. පුඤ්ඤප්පු මුදලාලි, බී. දොන් නෙර්මිස් වෙදමහතා සහ පී. ලුවිස් දියස් යන මහත්වරුන්ගේ දායකත්වයෙන් ප්‍රකාශයට පත් කරන ලද්දකි.

සංඥාපනය.

“සූත්‍රනිපාත” යන්නෙහි අර්ථය (මනාකොට අර්ථයන් පාලනය කිරීමයයි කියනලද) සූත්‍රයන්ගේ පතනයවීම (හෙළීම) යනුයි. තදත්‍ථදීපක ග්‍රන්ථය උපචාරවශයෙන් සූත්‍රනිපාත නමි—ඒ මේ සූත්‍රනිපාතය සකලඥෙය සාගරපාරගතාශෙෂගුණරතන මන්දිරායමාණවූ අප ශ්‍රීමත් ශාක්‍යමුනීන්ද්‍රයන්වහන්සේ විසින් වදාරණලද පිටකත්‍රයධර්‍ම අතුරෙන් සූත්‍රපිටකයෙහි ඛුද්දකනිකායට අයත් මාහැඟි ධර්‍මප්‍රකරණයකි.

විනයාභිධර්‍ම සූත්‍රසඞ්ඛ්‍යාත සම්බුද්ධධර්‍මය බුදුන් පිරිනිවීමෙන් පසු සඞ්ගීතිකාරක මහරහතන්වහන්සේලා විසින් පඤ්චසතිකාය-සත්තසතිකාය-සාහස්සිකාය-යි පිළිවෙළින් ත්‍රිවිධසඞ්ගායනාවට ආරෝපණය කරණලද්දේය.

බුදුන් පිරිනිවී හවුරුද්දෙහි රජගහනුවර වෙභාරපර්‍වත පාර්ශ්වයෙහිවූ සප්තපර්‍ණී ගුහාදවාරයෙහි අර්හත් මහරහතන් විසින් පිළියෙල කරණලද ධර්‍මමණ්ඩපයෙහි රැස්වූ මහාකශ්‍යප ඈ පන්සියයක් මහරහතන්වහන්සේලා විසින් ප්‍රථමසඞ්ගායනාවද—

බුදුන් පිරිනිවී එක්සිය දසවන හවුරුද්දෙහි කාලාශොක මහාරජානන් පිටිවහල්කොට ගෙන විසල්මහනුවරදී යශස්ථවිර ප්‍රමුඛ සත්සියයක් මහරහතන්වහන්සේලා විසින් ද්විතීයසඞ්ගායනාවද—

බුදුන් පිරිනිවී දෙසිය අටළොස්වන හවුරුද්දෙහි ධර්‍මාශොක මහාරජානන්ගේ සහායත්වයෙන් පැලලුප්නුවරදී මොග්ගලිපුත්ත තිස්සස්ථවිරාදී දහසක් මහරහතන්වහන්සේලා විසින් තෘතීය සඞ්ගායනාවද කරණලද්දීය.

යථොක්ත ත්‍රිවිධසඞ්ගායනාරූඪ පෙළපොත් අතුරෙන් පාරාජිකා, පාචිති, චූළවග, මහවග, පරිවාරපාඨ, යන පස විනයපිටකය වද—දීඝනිකාය, මජ්ඣිමනිකාය, සංයුක්තනිකාය, අඞ්ගුත්තරනිකායයැ, ඛුද්දකපාඨය, ධම්මපදය, උදානය, ඉතිවුත්තකය, සුත්තනිපාතය, විමානවත්ථු, පෙතවත්ථු, ථෙරගාථා, ථෙරීගාථා, ජාතක, නිද්දෙස, පටිසම්භිදාමග්ග, අපදාන, බුද්ධවංස, චරියාපිටක-යන,

මේ පසළොස්ප්‍රකරණයෙන් යුක්තවූ ඛුද්දකනිකාය, යන පස්මහ සඟිය සූත්‍රපිටකයවද—ධම්මසඞ්ගණී, විභඞ්ග, ධාතුකථා, පුග්ගලපඤ්ඤත්ති, කථාවත්ථු, යමක, පට්ඨාන—යන සප්තප්‍රකරණය අභිධර්‍මපිටකයවද අනාගතීවෙති.

මතුකී පාරාජිකාදී විනයපොත්පසට සමන්තපාසාදිකා නම් අටුවාවද-සූත්‍රපිටකයෙහිවූ දීඝාදි පඤ්චනිකායයන්ට සුමඞ්ගලවිලාසිනී, පපඤ්චසූදනී, සාරත්‍ථප්පකාසිනී, මනොරථපූරණී, ඛුද්දක අටුවා, යන මොහුද-සද්ධම්මජොතිකා, උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමානවත්ථු, පෙතවත්ථු, ථෙරගාථා, ථෙරීගාථා, ජාතක, නිද්දෙස, පටිසම්භිදාමග්ග, අපදාන, බුද්ධවංස, යන අටුවාවෝද, අභිධර්‍මපිටකයෙහිවූ ධම්මසඞ්ගණ්‍යාදී සප්තප්‍රකරණයන්ට අත්ථසාලිනී, සම්මොහවිනොදනීදෙක හා අවශෙෂ පඤ්චප්‍රකරණයන්ට පරමත්ථදීපනී නම් අටුවාවද, පිටකත්‍රයම අලලා සඞ්ගෘහිතවූ විශුද්ධිමාර්‍ගය යනාදි සියලු අටුවාවෝ අතිශය විපුල පඤ්ඤාවෙශාරද්‍යයෙන් සමන්විත අටුවාචාර්‍ය්‍යවූ බුද්ධඝොෂ, ආචාර්‍ය්‍ය ධම්මපාල, ආචාර්‍ය්‍ය බුද්ධදත්ත, ආචාර්‍ය්‍ය උපතිස්ස, යන මහාස්ථවිර ස්වාමිපාදයන්වහන්සේ විසින් කරණලද්දෝයැ.

යථොක්ත ආචාර්‍ය්‍ය ධම්මපාල මහා ස්වාමිපාදයන්වහන්සේ විසින් මෙම “සූත්‍රනිපාත” යට කරණලද “පරමත්ථජොතිකා” නම් ඛුද්දකට්ඨකථාවේ ප්‍රාරම්භයෙහි ඉෂ්ටදෙවතාශිංසනයට අනතුරුව යොදනලද ගාථා පස මෙසේයි.

“ගාථාසත සමාකිණ්ණො ගෙය්‍යව්‍යාකරණක්ඛිතො තස්මා සුත්තනිපාතොති සඞ්ඛමෙතං ගතො හි චෙ.

සුවුත්තතො සූවනතො අත්‍ථානං සූචනාණතො සවණා සූදනා චෙව යස්මා සුත්තං පවුච්චති.

තථාරූපානි සුත්තානි නිපාතෙත්වා තතො තතො සඞ්ගහිතොච අයං තස්මා සඞ්ඛමෙවමුපාගතො.

සබ්බානිවාපි සුත්තානි පමාණෙත්‍වාන තාදිනො වචනානි අයං තෙසං නිපාතොව තතො තතො.

අඤ්ඤසඞ්ඛා නිමිත්තානං විසෙසානාමභාවතො සද්ධං සුත්තනිපාතොති එවමෙව සමජ්ඣගා”ති.

යනු කීහෙයින් යමක් වනාහි ගාථා සියගණනින් ආකීර්‍ණද, ගෙය්‍යසඞ්ඛ්‍යාත සගාථකසූත්‍රයෙන්හා ව්‍යාකරණසඞ්ඛ්‍යාත සියලු අභිධර්‍මපිටකයද-නිග්ගාථකසූත්‍රද-අවශෙෂ නවඞ්ගාදි අටකින් වියුක්ත සියලු බුදුවදන්ද-යන මෙයින් යුක්තවූයේ වේද-එහෙයින් මේ තෙම සූත්‍රනිපාත සඞ්ඛ්‍යාවට යේ—යනාදිවශයෙන් මේ පස්ගාථාවෙන් “සූත්‍රනිපාත” ප්‍රකරණයාගේ ප්‍රකාර ප්‍රමාණාදිය සඤ්ඤිතයි.

තදටීකාවෙහිද— “එවං සම්පත්ත සද්ධොව යස්මා එස වග්ගතො උරගවග්ගො-චූළවග්ගො-මහාවග්ගො-අට්ඨකවග්ගො පාරායනවග්ගො’ති පඤ්චවග්ගො හොති, තෙසං උරගවග්ගො ආදි, සුත්තතො උරගවග්ගෙ ද්වාදසසුත්තානි, චූළවග්ගෙ චුද්දස, මහාවග්ගෙ ද්වාදස, අට්ඨකවග්ගෙ සොළස, පාරායනවග්ගෙ සොළසා’ති, සත්තතිසුත්තානි, තෙසං උරගසුත්තං ආදි, පරියත්තිපරිමාණතො අට්ඨභාණවාරා එවා වග්ගසුත්තපරියන්ත පරිමාණතො පනස්ස” යි දැක්වූයෙන් යම්හෙයකින් මෙසේ පැමිණෙනලද ව්‍යවහාරඇති මේ ප්‍රකරණය වර්ගවශයෙන් උරගවර්‍ගය—චූළවර්‍ගය—මහාවර්‍ගය—අට්ඨකවර්‍ගය පාරායනවර්‍ගය-යි වර්‍ග පඤ්චකයෙක්වේද—ඒ වර්‍ගයන්අතුරෙන් මෙහි උරගවර්‍ගය මුල්වේ-සූත්‍රවශයෙන් උරගවර්‍ගයෙහි සූත්‍ර දොළොසෙක්ද-චූළවර්‍ගයෙහි තුදුසෙක්ද—මහාවර්‍ගයෙහි දොළොසෙක්ද—අෂ්ටකවර්‍ගයෙහි සොළොසෙක්ද—පාරායනවර්‍ගයෙහි සොළොසෙක්දැයි සැත්තෑසූත්‍රයෙකින් සමලඞ්කෘතයි.

මෙසේ වර්‍ගසූත්‍ර පර්‍ය්‍යාප්ති ප්‍රමාණවශයෙන් හා බණවර අටෙකින්ද ප්‍රතිමණ්ඩිතවූ සූත්‍රනිපාතයාගේ “යො උප්පතිතං විනෙති කොධං” යනාදීන් වැඩුන මේ පළමුවනභාගයයි-මෙහි නිදානකථාව අර්ථව්‍යාඛ්‍යාන ප්‍රාරම්භයෙහි පහළවනහෙයින් නොදක්වමු.

මේ ධර්‍මප්‍රකරණය පිටකත්‍රයාන්තර්ගත පරමගම්භීර විචිත්‍රතර ධර්මොපදෙසයන්ගෙන් උපලක්ෂිතයි.

මෙහි ප්‍රකාශවන ධර්‍මමාර්‍ගයන්හි, ඒ ඒ සූත්‍රාදියෙන් රාග දොෂ මොහාදීන් සංසිඳුවන පරිදිද, ගෘහස්ථභූමියෙහි උකටලීභාවය හා ශ්‍රමණභූමියෙහි නිර්‍වද්‍යතාවද, මහණබමුණන්ට නින්දා පරිභව කිරීමෙන් අපායගාමීවන නියාවද, දසකුසලදම් පිරීමෙහි අනුසස්හා දසඅකුසලින්වන දුර්‍විපාකය මහත්බව පෙන්වීමද, ශ්‍රද්ධාධනය රැස්කිරීමෙන් කාමොඝාදීන් තරණයවන පරිදිද, මව්පියන්ට කරණ සද්ග්‍රහයෙහි මහත්ඵලහා කල්‍යාණමිත්‍රසෙවනයෙහි ප්‍රයෝජනද, අසත්පුරුෂසෙවනයෙන් ස්වාර්ථ පරාර්ථයන් බාධාකරණ පරිදිද, දුෂ්ප්‍රතිපත්ති පූරණයෙන් දෙව්මිනිස් සැප වළක්වනපරිදිද, සම්‍යක් ප්‍රතිපත්තියෙන් නිවන්සැප ලබනනියාවද, අන්‍යදෘෂ්ටිකාදීන් විසින් විචාළ නොයෙක්ප්‍රශ්න පිළිවිසීමෙන් උපනිශ්‍රය සම්පන්නයන් සොවාන්-සකෘදාගාමී-අනාගාමී-අර්හත්-යන සිව්මගපලයෙන් නිවන්දුටුවූ පරිදිද, බුදු පසේබුදුවරයන්ගේ හා මහණ බමුණු රජ ඇමති ඈ උතුමන්ගේ චරිතාදියද ප්‍රකාශවන්නාවූ සියලුසත්වයන්ගේ ශාන්තෙන ප්‍රසාදය,

වහනයට හේතුවූ මධුර මනොහර කථාවස්තු සංයුක්ත ධර්‍මමාර්‍ගයෝයි. මෙහි ඇතැම් සූත්‍රවලින් ගිහි පැවිදි උභයපක්ෂයවිසින් නිස්සෙවිතයුතු ධර්‍මද සුප්‍රකාශිතයි.

මේපොතෙහි අන්තර්ගතකථාවස්තුයන්ගෙන් ධර්‍මකථිකවරු බොහෝතැන්හි ප්‍රස්තාවානුරූපවශයෙන් බණවදාරණබවද සම්මතබෞද්ධජනයාට නොයෙක්වර අහන්ට ලැබී ඇත. මේ ප්‍රශස්ත ධර්‍මප්‍රකරණය අවබොධකරණු කැමති හැමදෙනාටම සම්බුද්ධ ධර්‍මයෙහි පිරිසිදුදැනීමක් ලැබීමට හා ප්‍රීතිසුඛයෙන් කාලයාපනය කිරීමටද විපුලාධාරවෙයි.

මේ ව්‍යාඛ්‍යානය කවරකලෙක කවරආචාර්‍ය්‍යයකු විසින් කෙළේදැයි සඳහන් නොකෙළෙන් තත්කාලය හා කර්තෘහුගේ නාමයද නිශ්චය කොට කියනොහේ. කර්තෘ කවරෙක්වුවත් ධර්ම විනයයෙහි හා සව්‍යාකරණමාගධ සංස්කෘතාදිභාෂාස්වභාවාවබොධයෙහි ව්‍යක්තපණ්ඩිතයෙකුබැව් මේ අරුත් වියකනෙන්ම පැහැදිලිවපෙණේ. මෙහි පදගතාර්‍ථයටවඩා භාවාර්ත්‍ථය ගරුකොට සැලැකූයෙන් ඒ සාමාන්‍ය ලෝවැස්සන්ගේ අධිකතරප්‍රයෝජනය සඳහායයි හැඟෙමු. මෙහි ඇතැම් මාගධීවචන ධාතුප්‍රත්‍යය විභාග වාක්‍යයුක්තකොටින් හා ව්‍යාකරණලක්ෂණ සහිතවද දක්වනලදී. මෙය බුද්ධාගමහා වියරණසහිත සිංහල මාගධාදිභාෂා ඉගෙනගන්ට කැමැත්තන්ට අත්‍යන්තොපකාරී හෙයින් සමාදරයෙන් පරිශීලනය කටයුතු මහාර්ඝ ප්‍රකරණයකි—එසේම අභිප්‍රායයෙහි නවමෙය සම්පූර්‍ණලෙසින් උගත්නෙකුට සද්ධර්මයෙහි අතිශය පටුත්වයක් ලැබීමටද හේතුවෙයි.

වැලිඳු, අබුද්ධිකයන් විසින් ආචාර්‍ය්‍යමුඛයෙන් පදාරීඅසා දැනගතයුතු මේයින් අභිප්‍රායසහිතව විස්තරාර්ථයද සුවසේ අවබොධකටහැකිය. තවද, කාලාන්තරයෙන් සඤ්ජාත ඌනාතිරික්ත ලෙඛක දොෂයෙන් ව්‍යාකූලව පැවති මේ සන්නපොත සකස්කොට සුලභකිරීම මැනවැයි උගත් ඇම්. ධර්‍මරත්න ලක්මිණිපහන් කතුතුමන්ගේ හා සදෘණවත් බෞද්ධයන් කීපදෙනකුගේද අයදුමසඳහා පානදුරේ රත්නකොත්වෙහෙරවාසී ගුණරතනතිස්ස ස්ථවිරපාදයන්ගේ ප්‍රධානශිෂ්‍යවූ පඤ්ඤානන්දාභිධාන උන්නාන්සේ වන මා විසින් පරණ පිටපත් කීපයක් සපයාගෙන පෙළ අටුවා දෙක්හිද සංසන්දනයකොට බලා යථාශක්තියෙන් සංශොධනයට ආරම්භ කරණලදී.

ඒ පිටපත්හිදු අනෙකාන්ත ප්‍රතිවිරුද්ධතායෙන් විසදෘශව පෙනීගිය ඇතැම්තැන් වඩා පරණයයි හැඟුණු පිටපත්හා ගැළපෙනසේ යෙදීමු. සමහරපිටපත්හි “අනුපාදිශෙෂ” යන්න “අනුපාධිශෙෂ” කියාද “සොපාදිශෙෂ” යන්න “සොපාධිශෙෂ” කියාද නිතරමපාහේ දකින්ට ලැබුණුසේම යෙදුවුත් ඒතැන් “අනුපාදිශෙෂ”-“සොපාදිශෙෂ” කියාම වියයුතු. මෙසේ වර්ණවිපර්‍ය්‍යාසය පමණක් නොව බොහෝතැන් අඩුවැඩිව නොයෙක් වරදින් ව්‍යාකූලව තුබුණි. එබඳුතැන් ශුද්ධකෙළෙමු. ව්‍යාඛ්‍යාන කර්තෘහුගේ ලියවිලිදොෂයෝයි සංශයජනකවූ සමහරතැන් එසේම වෙනස් නොකෙළෙමු.

තවද, මෙහි සම්පූර්‍ණව්‍යාඛ්‍යානයක් නැතැයි කිසි කෙනෙකුන්ගේ කල්පනාවයි. අපට ලැබුණු පිටපත්හි “වාසෙට්ඨ” සූත්‍රය දක්වා සන්නකොට තිබෙනබැව් පෙණෙන නුමුත් කිසිවෙක ඊට අඩුවැඩිවහෝ ඇතැයි කල්පනාකළ හැකියි—මේපොත විශාලහෙයින්වත් එකවර මුද්‍රණයකරවීම සුකරනොවනබැවිනුත් මෙලෙස කලාපවශයෙන් වරින්වර අච්චුගස්වා අවසානවූපසු ඉතිරිකොටසද සන්න යුක්තව සම්පූර්‍ණපොත නැවත සුලභකරදීමට උත්සාහ දරන්නමු.

මෙය ශුද්ධකරණලබන අපගේ ප්‍රමාද භ්‍රමාදි නිශ්‍රිත යම්යම් දොස්ඇතහොත් එබඳු තැන් බුද්ධිමන්තසාධුශ්‍රද්ධසූධීන්විසින් සච්ඡාසන චිරස්ථිතිය සඳහා ශොධනය කරණුලැබෙත්වා.

P. PANNANANDE, 90-6-14-වෙනි දිනදීය.

පුබ්බාරම්භො.

විධායි තං නිනවහීනලීලායං සුවිත්‍ථතං නිම්මලගුණගන්ධගන්ථා, සමත්‍ථතං සමරුනරෙහි සන්තතං තථාගතං භවනගරං නමාමි තං.

තමො හරං විනතභයාදුපද්දවං මනො හරං රවතමණ්ඩලොපමං, නිරුත්තරං ජිනුදිතධම්මමච්චිතං නිරන්තරං තමභිනමාමි සුද්ධිදං.

පරායණං සුගතතිගං මුඛාසිතං විසුද්ධිසං සුචිමලසීලලක්ඛනං, තපොගුණං ජනගණදුක්ඛනිද්ධරං නිරන්තරං අරියගණං නමාමි තං.

සිරීඝනමුනීසාසනොරුලඞ්කා- ධරන්දිතාමලරංසිමා ව භාසො, ගුරුචිරවර සද්ධසද්ධි සින්ධු- ජිනරණධිතරණී බුද්ධාවතංසො.

යසධරවරියස්සහොහි සද්ධා- ගමවිසයෙ විනයි මමං පචිණ්ණො, විසුතසිරිසුමඞ්ගලාභිධාන- විබුධගණීවරයො ජහාතු දීඝං.

සුවිසදපටිපත්තියා රතනෙත්තා සතිමතිමා කරුණා ගුණාධිවාසො, ගුණරතනසමාභයො යතීන්දො චිරමභිතාවරියො සචාපි මය්හං.

ධම්මංසුනා මොහතමප්පධංසී ධම්මිස්සරො ලොකහිතාය සත්ථා, ධම්මාමතානග්ඝරසාභිකිණ්ණං යං දෙසයී සුත්තනිපාතමෙතං.

තස්සත්‍ථවත්ථානමිමං විසිට්ඨං පොරණිකං සබ්භිපසංසනීයං, සව්‍යාකුලං ලෙඛකවිබ්භමෙන අව්‍යාකුලීකාතුමිහුස්සහොහං.

අජෙකසන්තං සගුණාහුසීතානං සන්ධාය තෙසඤ්චහි සොභනානං, පඤ්ඤාභිනන්දො යති සන්තිකාමො ස්වාහං යථාසති විසොධයිස්සං.

යඤ්චුනොමන්දපමාදතොව සංචිත්‍ථතෙ යං ඛලිතං තථා’වා, ඉස්සාභිධානම්මනසා’තු සන්තා තං සොධයන්තෙව දයාය ධීරා.

P. PANNANANDE.

P. PANNANANDE.