සුත්තසංගහ පාළි - ධීරානන්ද හිමි 1902.pdf

කතෘ :
ධීරානන්ද හිමි
ප්‍රකාශිත වර්ෂය :
1903
මුද්‍රිත වර්ෂය :
1903
පිටු ගණන :
164
බාගත කිරීම් ගණන :
470
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-23
ගොනුවේ ප්‍රමාණය :
35 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 83

සුත්තසඞ්ගහ පාළි යනු බුදුරජාණන් වහන්සේ විසින් දේශිත විවිධ සූත්‍ර ධර්ම එක්තැන් කොට සකස් කරන ලද ප්‍රකට පාලි සූත්‍ර සංග්‍රහ ග්‍රන්ථයකි. මෙහි කර්තෘත්වය පිළිබඳව ඇතැමෙක් ලක්දිව පණ්ඩිතයෙකු යැයි සලකතත්, උගත් බොහෝ පණ්ඩිත ස්ථවිරයන් වහන්සේලාගේ මතය අනුව මෙය බුරුම රට විසූ පණ්ඩිත මහාස්ථවිර නමකගේ කෘතියක් බව අවසාන සටහනෙහි දැක්වේ.

මෙම දෙවන සංස්කරණය වඩෙකැල්ලවිහාර මඞ්ගලාවසථවාසී ගණවාචක ආචාර්ය ධීරානන්ද මහාථෙරයන් වහන්සේ විසින් සංස්කරණය කරන ලද අතර, ප: නෙ: මි: ධි: රාජගුරු සුභූති මහාථෙරවරයන් වහන්සේ විසින් ප්‍රතිග්‍රහණය (පරීක්ෂා) කර ඇත. මීට වසර 13කට පෙර පළවූ මුල් මුද්‍රණයේ පිටපත් අවසන්වීම නිසාත්, එහි පැවති දෝෂ ශුද්ධ කරවීම සඳහාත් මෙය නැවත මුද්‍රණය කොට තිබේ.

අගම්පොඩි පීටර් ද මැන්දිස් සොයිසා මහතාගේ දායකත්වයෙන් බුද්ධ වර්ෂ 2446 (ක්‍රි.ව. 1903) දී විජ්ජාසාගරද්ධ සභාගච්ඡ මුද්‍රණාලයේදී මෙම කෘතිය මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.

විඤ්ඤාපනං.

සුගතසාසනාවචරානං සද්ධම්මපරියාපුණන’මනුයුත්තානං කුලපුත්තානං ධම්මකථිකානෙච පවුත්ත’මිච්ඡන්තානං තදත්ථසාධකො විචිත්තපටිභානකො’යං සුත්තසඞ්ගහො ඉතො තෙරසන්නං වස්සානං පුබ්බෙ’පි ලෙඛකදොසාපහරණෙන විසදිකතො මුද්දාපෙත්වා පකාසිතොපි සමානො සීඝෙනෙව පරික්ඛයං ගතො කිත්තතාබහුහි, නච සක්කා පොත්ථකවාණිජානං සන්තිකෙ තියෙසෙවා පරියෙසිත්වා’පි ලද්ධුං.

දිස්සානෙතං’ස්ස පඨමපටිසංඛරණෙ පමාදෙන අවිසදිකතානීති නෙකඨානානි තතො පුඤ්ඤවත්ථුකාමෙ ආයස්මතා සධානන්දෙන භික්ඛුනා සමුස්සාහිතො’හං එවමිදං දුතියාභිසංඛරණපාරිසුද්ධිමඤ්ඤෙසු සමීපි ආගතාගමානං පණ්ඩිතානං ථෙරවරානමුපට්ඨානමුපගම්ම යථා බලමකාසිං.

යථෙත්ථාව සනෙතා’ති ඉමස්මිං පුරිත්ථානං සතං නො පමාදතො අවිසදිකතං යම්පිලබ්භෙය්‍ය තං නො ඛලිතං ඛමන්තු පණ්ඩිතා සොධෙන්තු චාධුනිකාදින’මනුකම්පාය සාසනස්ස ච චිරට්ඨිතීයාති.

1 වන්‍දෙ මෙත්තානිසංසෙන ජෙන ජීනොද්‍වාරාදිකුලාවලෙපං රහං පරඤ්ච මහාදයාය ඤාණොදධිං සබ්බගුණාකරං තං.

2 නිස්සාය යං සභගවා’පි විනායි තඤ්ච ලොකුත්තරං සපරියත්තිකධම්ම ‘මග්ගං සීලාදිසග්ගුණගණාභරණම්පි ච’ඤ්ඤ අට්ඨාරිසං ගණ ‘මනද්ධගණි ‘මාහුනෙය්‍යං.

3 එවං කතාය රතනත්තයවන්දනාය පුඤ්ඤානුභාව ‘මුපගම්ම ගතන්තරායො සුත්තාදිසඞ්ගහ ‘මිදං පටිසඞ්ඛරිස්සං සද්ධාවතන්දතිනා අභිසංචිතො ‘හං.

4 සධානන්දභිධානො ‘යං-මහිතො යතිපුඞ්ගවො “දුවේමෝදර” ගාමෙහි-සචෙ සුචෙ කුලච්චවෙ.

5 “අගම්පොඩි කරෝලිස් ද-මැන්දිස් සොයිසා” භිධානිනො පුත්තෙනා ‘සි වුඩ් ‘ර්‍ඩ්ඩාය-පර්‍වතං සමරෙවහි.

6 පබ්බජ්ජා යථාකාලං-අලත්ථ උපසම්පදං ථෙරතනතඤ්ච සම්පත්තො-ඉදානි ජිනසාසනෙ.

7 පෙතවත්ථුප්පකරණ ‘මුද්දාපනාදිකං බහුං ලොකස්සානුග්ගහ ‘ම’කාසි කරුණාපරො

8 චිරං ජීවතු ලොකස්ස-සාසනස්ස ච වුද්ධියා සධානන්දති සො ‘ය ‘මීති පත්ථෙව සාදරං.

9 තෙනෙත ‘වුස්සාහිතෙනෙව ‘විස්සජ්ජෙත්වා මහාධනං “අගම්පොඩි පිටර්ද-මැන්දිස් සොයිසා” භිධානිනා,

10 මුද්දාපිතො අයං ගන්ථො-යදි නො එත්ථ සුද්ධියං ඛලිතං යං ඛමින්තානං-පණ්ඩිතා ගුණමණ්ඩිතා ‘ති.

B. Dhirananda.

සූත්‍රසඞ්ග්‍රහය.

මෙනම් මාහැඟි ධර්‍ම සංග්‍රහය මීට තෙළෙස් හවුරුද්දකට පෙර මුද්‍රණයකරණ ලද්දේ විනමුත් දැනට ඒවර මුද්‍රිතවූ කොපි සියල්ලම ඉවරබැවින් ආධුනිකාදීන්ට පොත් සපයා ගැනීමේ පහසුව හා එහි අශුද්ධව තිබුණු තැනුත් ශුද්ධකරවා ප්‍රසිද්ධකිරීමේ ප්‍රයෝජනයද සලකා ප්‍රථම සංස්කරණයේදී ශුද්ධියට නොපැමිණි තැනුත් ශුද්ධකරවාගෙන මෙසේ දෙවන වර මුද්‍රණය කරවීමු.

මෙහිදු සම්පූර්‍ණ දෝෂාශුද්ධියක් නැතැයි නොකියහැකි වෙතත් මෙය බොහෝදුරට නිරවුල්වූ ශුද්ධියකින් යුක්තබව කියවා බලන ප්‍රාඥයන්ට වැටහේයයි සිතමු,

බුද්ධදේසනාවේ පොත්වලින් ඒ ඒ තැනින් සූත්‍රාදිය ගලපා මේ මාහැඟි සංග්‍රහයකළ පණ්ඩිතයා ලක්දිවවැසි උතුමෙක්යයි සමහරු වරදවා කල්පනාකරණ නුමුත් බුරුමරට වැසි පණ්ඩිත මහාස්ථවිර කෙනෙක් බව උගත් බොහෝ පණ්ඩිත ස්ථවිරයන් වහන්සේලාගේ කල්පනාවයි.

මීටවගට,
අගම්පොඩි පීටර් ද මැන්දිස් සොයිසා අප්පුහාමි.