සිංහල සන්න සහිත සප්තසූර්යෝද්ගමන සූත්‍රය - සිල්වා ප්‍රේරා 1885.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1885
- මුද්‍රිත වර්ෂය :
- 1885
- පිටු ගණන :
- 57
- බාගත කිරීම් ගණන :
- 478
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-23
- ගොනුවේ ප්‍රමාණය :
- 14 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අංගුත්තර නිකායේ සත්තක නිපාතයට අයත් සප්තසූර්යෝද්ගමන සූත්‍රය (පාලි පෙළ) සහ එහි විස්තරාත්මක සිංහල සන්නය මෙහි අන්තර්ගත වේ. ලෝක විනාශය හා ලෝකෝත්පත්තිය පිළිබඳ බෞද්ධ විවරණය මෙහි මැනවින් පහදා දී ඇත.
පැරණි පුස්කොළ පිටපත් කිහිපයක් සංසන්දනය කර උගතුන් ලවා සෝදිසි කරවා ආර්. ඇස්. සිල්වා, ඩී. සී. සිල්වා සහ ඇම්. ඇස්. ප්‍රේරා යන මහතුන් විසින් 1885 දී ශාස්ත්රෝධාර මුද්‍රණාලයෙහි මුද්‍රණය කරවා පළ කර තිබේ.
මෙහි පළමුව සූත්‍රයේ පාලි ගාථා සහ පාඨ වෙනම දක්වා අනතුරුව සිංහල සන්නය ඉදිරිපත් කර ඇති අතර, පොත අවසානයේ ප්‍රකාශකයන්ගේ දැන්වීමක් ද ඇතුළත් වේ.
දැන්වීමයි.
ගිහිපැවිදි බොහෝඋදවියට ඉතාප්රයෝජනවත් මෙම සන්නසහිත සප්තසූර්ය්යොද්ගමන සූත්‍රය පිටපත් කීපයක් එකතුකිරීමෙන් උගත් කෙනෙකුන්ලවා සුද්ධකරවාගණ ලෝවැඩසඳහා අපවිසින් අච්චුගැස්වුනමුත් සර්වඥනූවූ කාටත් නිවැරැදිලෙස යමක්කිරීම අමාරුවැඩක්බැවින් මෙහිද ඇතැම්තැන වරදතිබෙන්නට පුළුවන්වේ එසේවුවත් මෙහිසූත්රය වෙනුමම තිබෙනනිසා සන්නයහා සූත්රයඑක්තැනකට සමකරබැලීමෙන් යම්දොසක්තිබුනත් ඒ පහකරගැණීම අමාරුනොවනබැවිනියමු—පුරාණපටන් අනිනනවලිවීමෙන් බහුලවතිබුනාවූ වරදඑකවිටම පහකිරීමත් අමාරුවැඩකි—එබැවින් මෙහි ඇත්තාවූයම්වරදක් ඇතහොත් ඒ ලෝවැසිපණ්ඩිතයන් විසින් සෝධනයකෙරෙවා—ලෝකොත්පත්තිය සබඳවූ ලෝකවිනාශයද පහසුවෙන් දැනගැණීම පිණිස භාවසන්නයක්මෙන් අප විසින් මෙහි අගටයෙදුවෙමු.
අපේමුල් අක්ෂරතුන සහ මුද්රරයනැති පොත්කැලැබුනුවිටක නඩුමාර්ගයට ගෙණෙනබව දන්වමි.
තවද—පොත්විකිනීමට ජේ. ඩී. ප්‍රනාන්දුගේ පොත්සාප්පුවටද ලක්ෂ්මීනිපශන්තකන්තෝරුවටද බාරදුන්බව දන්වමි.
ආර්. ඇස්. සිල්වා—ඩී. සී.සිල්වා—ඇම්. ඇස්. ප්රෙරා—යන අපිවිසින්ය.