සිංහල චර්ය්යාපිටකාර්ථවර්ණනා - විලේගොඩ ධම්මානන්ද හිමි 1932.pdf
- කතෘ :
- විලේගොඩ ධම්මානන්ද හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1962
- මුද්‍රිත වර්ෂය :
- 1962
- පිටු ගණන :
- 384
- බාගත කිරීම් ගණන :
- 499
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-23
- ගොනුවේ ප්‍රමාණය :
- 81 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සිංහල චරිය්යාපිටකාර්ත්ථවර්ණනා යනු ඛුද්දකනිකායට අයත් චරියාපිටක පාලිය සඳහා ආචාර්ය ධම්මපාල මහාස්ථවිරයන් වහන්සේ විසින් රචිත පරමත්ථදීපනී නම් අටුවාවේ සිංහල අනුවාදයයි. මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ අම්බලන්ගොඩ සුනන්දාරාම මහා විහාරාධිපති, විද්‍යාලොක පිරිවෙණාධීශ්වර, අමරපුර නිකායේ අධිකරණ නායක විලේගොඩ ධම්මානන්ද මහාස්ථවිරයන් වහන්සේ විසිනි.
මෙහි පළමු මුද්‍රණය 1932 දී නීතිඥ එච්. ද ඇස්. කුලරත්න මහතාගේ ධන පරිත්‍යාගයෙන් මුද්‍රණය වී ඇති අතර, මෙම දෙවන මුද්‍රණය 1962 (බු.ව. 2506) දී සීමාසහිත ස්වභාෂා ප්‍රකාශකයන් විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ග්රන්ථ ආරම්භයේ දැක්වෙන දීර්ඝ සංඥාපනය මගින් ත්‍රිපිටක ධර්ම සංගායනා ඉතිහාසය, විවිධ නිකාය භේදයන්, ත්‍රිපිටකය හා හෙළ අටුවා ඉතිහාසය, අටුවාචාර්ය බුද්ධඝෝෂ හා ධම්මපාල හිමිවරුන්ගේ සේවය ඇතුළු ශාසනික තොරතුරු රැසක් විස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.
විශේෂ නිවේදනය (දෙ වන මුද්‍රණය)
අපගේ භ්රාතෘවර සමාදාන විනිශ්චයකාරක එච්. ද ඇස්. කුලරත්න නීතිඥ තුමාගේ සමාරාධනය පරිදි අම්බලන්ගොඩ සුනන්දාරාම මහා විහාරාධිපති විද්‍යාලොක විශ්වවිද්‍යාල පරිවෙණාධීශ්වර ශ්‍රී සද්ධර්මශාරතීශ්වර ධර්මකීර්ති ශ්‍රී විලේගොඩ ධම්මානන්දාභිධාන අමරපුර නිකායේ අධිකරණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිංහලයට නගනලද මේ ග්‍රන්ථය අප භ්රාතෘවරයාගේම ධනත්යාගයෙන් මීට තෙතිස් වසකට පෙර මුද්‍රණද්වාරයෙන් ප්‍රචාරිත විය.
බෞද්ධ මහජනතාවට අතිශයින් ප්‍රයෝජනවත් වූ මේ ග්රන්ථයෙහි ප්‍රථම මුද්‍රණය පිළිබඳ පොත් සියල්ලම ඒ කාලයෙහිදීම අවසාන වූ නමුත් දෙවන මුද්‍රණය මෙතෙක් ප්‍රමාදව පවත්නා බව දැනගත් මා විසින් ග්රන්ථ කර්තෘන් වහන්සේගේ ද අප භ්රාතෘවර එච්. ද ඇස්. කුලරත්න නීතිඥ තුමාගේ ප්‍රිය පුත්‍ර දොස්තර ඩී. ඒ. ද ඇස්. කුලරත්න මහතාගේ ද අවසරය අනුව සීමාසහිත ස්වභාෂා ප්‍රකාශකයෝ සමාගම ලවා මෙහි ද්විතීය මුද්රාඞ්කණය කරවන ලදී.
මේ සඳහා අප උනන්දුකළ කළුතර පුලිනතලාරාම මහා විහාරාධිපති අතිගරු අග්රමහාපණ්ඩිත බේරුවල ශ්‍රී සුමංගල ශ්‍රී නිවාසාභිධාන අමරපුර නිකායේ මහානායක මාහිමියන් වහන්සේටද, මේවර මුද්‍රණයේදී යථාවකාශ පරිදි ශෝධ්‍ය පත්‍ර බලා දුන් විද්‍යාලොක විශ්වවිද්‍යාල පිරිවෙණේ උප ප්රධානාචාර්ය්ය පණ්ඩිත ඇන්දෑනේ දයානන්ද ස්ථවිරයන් වහන්සේටද අපගේ ගෞරවාදර ස්තුතිය මෙහිලා පළවිය යුතුය.
පී. ද ඇස්. කුලරත්න, කළමනාකාර අධ්‍යක්ෂක. සීමාසහිත ස්වභාෂා ප්‍රකාශකයෝ
සංඥාපනය පළමුවැනි මුද්‍රණය
ශ්‍රී සාර විරාජිත වූ දෙවාතිදේව වූ සමන්තානන්ද වූ අප තථාගතයන් වහන්සේ විසින් පන්සාළිස් වසක් මුළුල්ලෙහි අනන්ත සත්ව හිතාවැඩිය පිණිස දේශනා කොට වදාරන ලද සුවාසූ දහසක් ධර්මස්කන්ධය වනාහි ජම්බුද්වීපයෙහි බෞද්ධමතය ත්රෛභූමිකවාදය යන නාමයන්ගෙන්ද ප්‍රසිද්ධියට පැමිණියේය. තදන්තීය වනාහි ධර්මස්වාමිවූ තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සත් වන දවස්හි සුභද්‍ර නම් මහලු පැවිද්දා විසින් “අලං ආවුසො මා සොචිත්ථ, මා පරිදෙවිත්ථ, සුමුත්තාමයං තෙන මහාසමණෙන, උපද්දුතාව හොම ඉදං වො කප්පති ඉදං න කප්පතීති; ඉදානි පනමයං යං ඉච්ඡිස්සාම තං කරිස්සාම; යං න ඉච්ඡිස්සාම තං න කරිස්සාම” යයි කියන ලද අභද්‍ර භාෂිතය සිහි කරන්නාවූ එකල සංඝ ස්ථවිර වූ ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ අනාගතයෙහිදු සද්ධර්මයාගේ චිරස්ථිතිය කැමැත්තෝ මගධාධීශ්වර වූ අජාතසත්තු මහරජාණන්ගේ සාහාය්යයෙන් සිවු පිළිසිඹියා පත් පන්සියයක් මහ රහතුන් වහන්සේ සමග තථාගත පරිනිර්වාණයෙන් තුන්මසක් ගිය කල රජගහ නුවර වෙහාර පර්වත පාර්ශ්වයෙහි වූ සප්තපර්ණී ගුහාද්වාරයෙහි කරණ ලද විචිත්‍ර ධර්ම මණ්ඩපයෙහි දී උපාලි ස්ථවිරයන් වහන්සේ ප්‍රධාන කොට විනයද, ආනන්ද ස්ථවිරයන් වහන්සේ ප්‍රධාන කොට ධර්මයදැයි මෙලෙස සත් මසකින් සඞ්ගායනාරූඪ කළ සේක.
මේ ප්‍රථම සඞ්ගීති තොමෝ පන්සියයක් මහරහතුන් විසින් කළ හෙයින් පඤ්චසතිකා යයිද, ස්ථවිරෝත්තමයන් විසින් ම කළ හෙයින් “ථෙරිකා” යයිද කියනු ලැබේ. එහෙයින් කීහ:-
“සතෙහි පඤ්චහි කතා තෙන පඤ්චසතාති ච, ථෙරෙහිෙයව කතත්තා ච ථෙරිකාති පවුච්චතී”යි
එතැන් සිට ශතවර්ෂයක් පමණ ශාරිපුත්‍රාදී මහාශ්රාවකශ්රාවක පරම්පරානුගත වූ ථෙරිය නිකායයි ලබ්ධ නම් ඇති එකම නිකාය සිතැයි එම තථාගත ධර්මය අත් නොහැර ගෙන එන ලද්දේය.
ii
තථාගත පරිනිර්වාණයෙන් ශතවර්ෂයක් වූ කල කාලාශෝක රජු දවස විශාලාමහනුවර මහාවන විහාරයෙහි වජ්ජිපුත්තක භික්ෂූන් විසින් “කප්පති සිඟිලොණ කප්පො” යනාදි වශයෙන් උපදවන ලද දශ අධර්ම වස්තුවක් හේතු කොට ගෙන මහත් ශාසනාර්බුදයක් විය.
එකල කාකණ්ඩකපුත්‍ර වූ යශ ස්ථවිරයන් වහන්සේ සබ්බකාමී ස්ථවිරයන් වහන්සේ ප්‍රධාන කොට ඇති සත්සියයක් භික්ෂූන් වහන්සේ සමග කාලාශෝක මහරජහුගේ සාහාය්යයෙන් විශාලා මහනුවර වාළුකාරාමයෙහිදී ආයුෂ්මත් සබ්බකාමී ස්ථවිරයන් වහන්සේ ප්‍රධාන කොට අටමසකින් සියලු ධර්ම විනය යළිත් සඞ්ගායනාරූඪකොට ථෙරිය නිකාය යථාස්ථානයෙහි පිහිට වූහ.
මේ ධර්ම සඞ්ගීති තොමෝ සත්සියයක් රහතුන් විසින් කරන ලද හෙයින් සත්තසතිකා යයිද, ප්‍රථම සඞ්ගායනාපෙක්ෂාවෙන් ද්විතීය සඞ්ගීති යයිද කියනු ලැබේ. එහෙයින් කීහ:-
“සතෙහි සත්තහි කතා තෙන සත්තසතාති ච පුබ්බෙ කතං උපාදාය දුතියා ති ච වුච්චතී” යි
ද්විතීය සඞ්ගීතිකාරක මහාස්ථවිරයන් විසින් නිග්‍රහ කරන ලද දසදහසක් වජ්ජිපුත්‍ර භික්ෂූහු දුර්බල පක්ෂ බල ලැබ අනිකුදු ධර්ම සඞ්ගායනාවක් කළාහුය. ඊට මහාසඞ්ගීති යයි කියනු ලැබේ. ඔවුහු වනාහි මහා සංඝික යයි භින්න නිකායක් ඉපද වූහ. එයින් බිඳී ගොකුලිකය, එකබ්බොහාරිකයයි නිකාය දෙකෙක් විය. ගොකුලික නිකායෙන් බිඳී පණ්ණත්තිවාදය, බාහුලික යයි තවත් නිකාය දෙකෙක් විය. ඒ දෙනිකායට බහුස්සුතිකයි යන අපර නාමයක්ද ඇත. ගොකුලික නිකායෙන් භෙදවූවන් අතුරෙහිම චෙතියවාද නම් වූ අන්යශාඛා වාදයෙක්ද ඇති විය. මෙසේ මහාසංඝික නිකායෙන් ද්විතීය ශතවර්ෂයෙහි නිකාය පසෙක් උපන. ඔහු වනාහි මහාසංඝික නිකායත් සමග සදෙනෙක් වෙත්. එම ද්විතීය ශතවර්ෂයෙහි ථෙරිය නිකායෙන් බිඳී මහිංසාසකය, වජ්ජිපුත්තකයයි නිකාය දෙකෙක් විය. එහි වජ්ජි පුත්තක නිකායෙන් බිඳී ධම්මුත්තරිය, භද්දයානිකය, ඡන්නාගාරිකය, සම්මිතිතිය යයි නිකාය සතරෙක් විය. නැවත එම ද්විතීය
iii
ශතවර්ෂයෙහිම මහිංසාසක නිකායෙන් බිඳී සබ්බත්ථිවාදිය *ධම්ම ගුත්තික යයි දෙනිකායෙක් විය. සබ්බත්ථිවාදි නිකායෙන් බිඳී නැවත කස්සපික නම් නිකායක්ද, එයින් සංකන්තීක නම්වූ තවත් නිකායක්ද එයින් සුත්තවාද නම් නිකායක්ද ඇති විය. මෙසේ ථෙරිය නිකායෙන් බිඳී මේ එකොළොස් නිකායයෝ ඇතිවූහ. ඔවුහු ථෙරියවාදයත් සමග නිකායයෝ දොළොසක් වෙත්. මෙසේ මේ අටළොස් නිකායයෝ ද්විතීය ශතවර්ෂයෙහි උපන්නා. මොවුන් අතුරෙන් වනාහි ථෙරිය නිකාය හැර සෙසු සතළොස් නිකායයෝ භින්න නිකායයෝයයි දත යුක්තාහුය තථාගත පරිනිර්වාණයෙන් ද්විතීය ශතවර්ෂය අවසාන වූ කල්හි ශාසනයෙහි ප්රතිලබ්ධවූ ශ්‍රද්ධා ඇති ධර්මාශොක මහරජ තුමන් දවස පිරීහි ගිය ලාභසත්කාර ඇති තීර්ථකයෝ තුමූම ශාසනයට වැද කසාවත් පොරවාගෙන ඒ ඒ විහාරයට වැද අනෙක ප්‍රකාර දුර්ලබ්ධි උද්භාවනය කෙරෙමින් මහත් ශාසනාර්බුදයක් ඇති කළාහුය. එකල ආයුෂ්මත් මොග්ගලිපුත්තතිස්ස මහ රහතුන් වහන්සේ සිවුපිළිසිඹියා පත් දහසක් පමණ මහරහතුන්
* මේ දෙනිකායයන් අතුරෙන් සබ්බත්ථිවාදීහු වනාහි ක්‍රිස්තු වර්ෂයෙන් 78 වැන්නෙහි රජ පැමිණි කුශාණ වංශිය කනිෂ්ක රජහුගේ සාහාය්යයෙන් මහාසඞ්ගීති නම් වූ සඞ්ගායනාවක් පැවැත්වූ වෝය. ඒ වනාහි ථෙරිය නිකායයට අයත්නොවූ හෙයින්දෝ ලංකා ඉතිහාසයට නොනැගුනේ පෙනේ. කනිෂ්ක රජතුමාණෝ පාර්ශ්ව නම් ආචාර්‍ය්‍යයන් සමීපයෙහි බෞද්ධ ධර්මය ඉගෙනගෙන එකල පැවති නානාමත හැරපියා සත්‍යය හෙළිකොට තබන පිණිස මේ සඞ්ගායනාව කරවූහ මේ සඞ්ගායනාව වනාහි කාශ්මීර නුවර කුණ්ඩලාවන නම් වූ විහාරයෙහි දී වසුමිත්‍ර මහතෙරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත් වන ලදී.
ඔවුන් විසින් සූත්‍රපිටකයට උපදේශයයි ද, විනය පිටකයට විනය විභාෂායයිද අභිධර්ම පිටකයට අභිධර්ම විභාෂායි ද අටුවා තුනක් කරනලද බව රිස්ඩේවිඩ්ස් පඬිතුමා විසින් මැනුවල් ඔෆ් බුඩිෂම් (Manual of Buddhism) යන ග්රන්ථයෙහි දක්වන ලදී. මහා විභාෂා නමින් අභිධර්ම පිටකයට ලියනලද අටුවාවක් චීන භාෂාවෙන් ද තිබේ.
මේ ධර්ම සංගායනාව වනාහි බෞද්ධ ධර්මය හීනයාන මහායානයයි සාඛා දෙකක් ඇතිවීමට හේතු විය. තවද මහායාන මතය ඇති කිරීමට ප්රමුඛ වූයේ නාගාර්ජුන යයිද ඉතිහාසයෙහි පෙනේ. මෙයින් හීනයානය ථෙරිය නිකාය යයි සමහර වර්තමාන ඉතිහාසඥයන් විසින් නිර්දිෂ්ටවුවත් මේ ග්රන්ථයෙහි ප්රකීර්ණික කථාව කියවීමෙන් එය එසේම යයි පිළිගත නොහැකි බව මනාව වැටහේ.
iv
වහන්සේ සමග පාටලි පුත්‍ර නුවර ධර්මාශොක රජ්ජුරුවන් කරවූ අශොකාරාමයෙහිදී එම මහරජතුමාණන්ගේ උපකාරය ලැබ නව මසකින් ධර්ම විනය සඞ්ගායනා කොට යථාස්ථානයෙහි තැබූහ.
මේ සඞ්ගීති තොමෝ දහසක් රහතුන් විසින් කරන ලද හෙයින් සාහස්සිකා යයි ද, පූර්ව ව්යාපෙක්ෂාවෙන් තෘතීය සඞ්ගීති යයිද කියනු ලැබේ. එහෙයින් කීහ:-
“කතා භික්ඛු සහස්සෙන තස්මා සාහස්සිකාති ච, පුරිමා චෙ උපාදාය තතියා ති ච වුච්චතී ”යි
එකල්හි ශාසනයෙන් පහ කරන ලද තීර්ථකයෝ නැවත ථෙරිය නිකායට වැද්ද නොහී එයින් හළ මහාසඞ්ගීකාදී වූ සතළොස් නිකායයන්ට තමන් තීර්ථක බව නොහඟවා අන්තර්ගතව පිටකත්‍රය ඔවුන් වෙතින් දැන ඉගෙන ධර්ම විනය බිඳින පරිදි සංකල්ප කොට ගෙන බුදුන් පිරිනිවී දෙසිය පන්තිස් අවුරුද්දක් ගිය කල සන්යතාකාරයෙන් වෙසෙමින් හේමවතය, රාජගිරිකය, සිද්ධාන්තික ය, පුබ්බ සෙලිය අපරසෙලිය, වාජිරියයි නිකාය සයෙක් වූහ. එයින් බිඳී චෙතුල්යය, අන්ධකය, අන්‍ය මහාසඞ්ගීකය යන නිකායත්රයෙක් විය. මොවුන් අතුරෙන් හේමවතයන් විසින් වර්ණපිටකයද, රාජගිරිකයන් විසින් අඟුලිමාලපිටකයද, සිද්ධාන්තිකයන් විසින් ගුළ්හවෙස්සන්තරයද, පුබ්බසෙලිකයන් විසින් රට්ඨපාලගර්ජිතයද, අපරසෙලිකයන් විසින් ආලවකගර්ජිතයද වෙන වෙනම නිපදවන ලද්දාහුය. වජ්රපර්වතවාසී වාජිරියයන් විසින් ගුළ්හ විනය, මායජාලතන්ත්රය, සමාජතන්ත්රය, මහාසමයතන්ත්රය, තත්ත්වසංග්රහය, භූතචාමරය, වජ්රාමෘතය, චක්රසංවරය, ද්වාදශචක්රය, භෙරුකාද්භූතය, මහාමායාය, පදනීක්ෂෙපය, චතුෂ්පීඨය, පරාමර්දය, මරීච්යුද්භවය, සම්බුද්ධය, සම්භුය්යය, සමුච්චය යනාදි තාන්ත්‍රික ග්රන්ථද, මායාමාරීචි කල්පය, වෛරම්භකල්පය, ත්රීසමය කල්පය, රාජකල්පය, වජ්රගන්ධාරකල්පය මරීචිගුහ්යකල්පය, ගුළ්හ සමුච්චයකල්පය යනාදි කල්ප ශාස්ත්රයෝද නිපදවන ලද්දාහුය.
චෙතුල්යවාදීන් විසින් චෙතුල්යපිටකයද අන්‍ධකයන් විසින් රත්නකූටාදි වූ ශාස්ත්රයන්තරද අන්‍ය මහා සංගීකයන් විසින් අක්ෂරසාරියාදි වූ සූත්රාන්තරද රචනා කරන ලද්දාහුය.
v
මෙසේ නොයෙක් ශාසනභේදක ප්‍රකරණයන් ප්රාදුර්භූතවූවද ථෙරිය නිකාය තුන්වන ධර්ම සඞ්ගායනාවේ පටන් අසම්මිශ්‍රව නිර්මලව පැවැත්තේය.
යට කියන ලද මොග්ගලිපුත්තතිස්ස මහ රහතුන් වහන්සේ අනාගතයෙහි ශාසනය කොතැන්හි පිහිටාදැහෝයි පරික්ෂා කරණසේක් ප්‍රත්‍යන්ත ජනපදයන්හි මනාකොට පිහිටන්නේයයි දැන මජ්ඣන්තික ස්ථවිරයන් වහන්සේ කාශ්මීර ගන්ධාර දේශයටද, මහාදේව ස්ථවිරයන් වහන්සේ මහිංසක මණ්ඩලයටද, රක්ඛිත ස්ථවිරයන් වහන්සේ වනවාසී දේශයටද, යොනක ධම්මරක්ඛිත ස්ථවිරයන් වහන්සේ මහාරට්ඨ ජනපදයටද මහා ධම්මරක්ඛිත ස්ථවිරයන් වහන්සේ අපරන්ත ජනපදයටද, මහාරක්ඛිත ස්ථවිරයන් වහන්සේ යොනක දේශයටද, මජ්ඣිම ස්ථවිරයන් වහන්සේ හිමවන්ත ප්‍රදේශයටද, සොණක ස්ථවිරයන් වහන්සේ හා උත්තර ස්ථවිරයන් වහන්සේ ස්වර්ණ භූමියටද, තමන්ගේ සද්ධිවිහාරික වූ මහෙන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ තම්බපණ්ණී දීපයටද යැවූ සේක.
මුන්වහන්සේ අතුරෙන් තථාගත පරිනිර්වාණයෙන් 236 වැන්නෙහිදී දෙවානම්පියතිස්ස මහරජතුමාණන්ගේ සාහාය්යයෙන් ලක්දිව බුදුසසුන් පිහිටුවා වදාළ මහාමහෙන්ද්ර ස්ථවිරයන් වහන්සේ විසින් සාර්ත්ථකථා ත්‍රිපිටක ධර්මය මෙහි ගෙනෙන ලද්දේය. නිකායාන්තර ලබ්ධීන් හා සඞ්කර නොවනු පිණිස එම අටුවාවෝ හෙළබසින් ස්ථාපිත කළහ. එසේම උන්වහන්සේ අරිට්ඨාදි මහ රහතුන් සමග ථූපාරාම මහා විහාරයෙහිදී සතරවැනි ධර්ම සඞ්ගායනාවද කොට ථෙරියවාදයයි කියන ලද මහා නිකාය සථිර කොට තැබූහ.
එසේම තථාගත පරිනිර්වාණයෙන් සාරසිය සතළිස් වැන්නෙහි වට්ටගාමිණී අභයනම් රජකෙනෙක් ලංකාවෙහි රාජ්යාභිෂෙක ලැබූහ එකල උපාලිය, දාසකය, සොණකය, සිග්ගවය, මොග්ගලිපුත්තතිස්සය, මහාමහින්දය, ඉට්ඨිය, උත්තිය, සම්බලය, භද්දසාලය, අරිට්ඨය, තිස්සදත්තය, කාලසුමනය, දීඝනාමය, දීඝසුමනය, කාලසුමනය, මහානාගය, බුද්ධරක්ඛිතය, තිස්සය, දෙවසුමනය, චූලනාගය, ධම්මපාලය, ඛෙමය, උපතිස්සය, ඵුස්සදෙවය, සුමනය, පුප්ඵනාමය, මහාසීවය, උපාලිය, මහානාගය, අභයය, තිස්සය, ඵුස්සය, චූලාභය, තිස්සය, චූලදෙවය, සීවය, යන ආචාර්ය
vi
පරම්පරාවෙන් ගෙනඑන ලද ධර්මය පන්සියයක් මහරහතුන් වහන්සේ මාතුලජනපදයෙහි අලුලෙන් වෙහෙර වැඩහිඳ එක්තරා ජනපදාධිපතියකුගේ ආරක්ෂා ඇතිව සඞ්ගායනාකොට පොත්හි ලියවූහ. මෝතොමෝ පඤ්චමසඞ්ගීතියයි කියනු ලැබේ.
නැවතද වට්ටගාමිණී රජහුගේ කාලයෙහි පටන් ලක්දිව නිකායභේදය පටන් ගත්තේය. එකල බහලමස්සුතිස්ස නම් ස්ථවිරයන් වහන්සේ ථෙරිය නිකායෙන් භින්නව වට්ටගාමිණී මහාරාජයන් විසින් කරණලද අභයගිරි වෙහෙරට ගොස් එහි වසන්නාහු කාලාසොක රජු දවස උපදවනලද මිථ්‍යා ලබ්ධි ඇති වජ්ජිපුත්‍රකයන්ගේ පරම්පරාවෙහිවූ ධර්මරුචි නම් ආචාර්යයන්ගේ ශිෂ්‍යයන් දඹදිවින් මෙහි පැමිණිකල ඔවුන් හා සමාන ලබ්ධිකව විසූහ. එතැන් සිට අභයගිරි වැසිහු ධර්මරුචික නිකායිකයෝ වූහ. මෙසේ ථෙරියනිකාය මහා විහාරය ධර්මරුචියයි දෙනිකායකට බෙදී ගියේය.
බුදුන් පිරිනිවී සත්සිය සුපනස් අවුරුද්දක් ගියකල වොහාරිකතිස්ස රජැණන් සමයෙහි ධර්මරුචිකයෝ ධර්මාශොක රජුදවස උපදවනලද චෛතුල්ය පිටකය ගෙන බුදුන්ගේ ධර්මය ම්යයි ප්‍රකාශ කළහ. වොහාරික තිස්ස රජතුමාණෝ සචී ශාස්ත්‍රයෙහි කෙළ පැමිණී කපිල නම් අමාත්‍යයා ලවා විනිශ්චය කරවා දුර්ලබ්ධි ගත් පාපභික්ෂූන්ට නිග්‍රහ කොට එම පොතපතද ගෙන්වා ගිනි ලැවූහ.
ඉක්බිති බුදුන් පිරිනිවී සත්සිය අනුසය වැන්නෙහි රජ පැමිණි ගෝඨාභය රජුගේ සමයෙහි එම අභයගිරි වාසී ධර්මරුචිකයෝ යළිදු චෛතුල්යවාද ගෙන බුද්ධභාෂිතයයි දැක්වූහ. එකල ධර්මරුචි නිකායික උස්සිලියතිස්ස නම් මහාස්ථවිර කෙනෙක් ඒ නො පිළිගෙන තවත් භික්ෂූන් තුන්සියයක් සමග අභයගිරි වෙහෙරින් නික්ම ගොස් ධර්මරුචි නිකායෙන් වෙන්ව දකුණු ගිරි වෙහෙර විසූහ. ඔවුන් අතුරෙන් සාගල නම් ස්ථවිර කෙනෙක් එහි වැඩහිඳ ධර්ම ව්‍යාඛ්‍යාන නිපදවූහ. එතැන් සිට ඒ භික්ෂූහු සාගලිය නමින් ව්‍යාප්ත වූහ.
මෙසේ ලක්දිව මහා විහාරිකයන්ගෙන් භින්නව මහා විහාරය ධර්මරුචිය, සාගලියයි ආචාර්ය්ය නිකාය තුනෙක් වියයි දතයුතු.
vii
නැවතද වරින්වර මෙහි පැමිණි නොයෙක් චෛතුල්ය වාදයන් දෘඪාගමි රජවරුන් විසින් නැතිකොට පිය: (1) මහා විහාර (= ථෙරියනිකාය) (2) අභයගිරි (= ධර්මරුචිකා) (3) ජේතවන (= සාගලිය) යන තුන්නිකාය පමණක් පවත්නා කල අප බුදුන් පිරිනිවී එක්දහස් සසිය සයානු අවුරුද්දක් ගියකල ශ්‍රී සර්වඥබෝධි ශ්‍රී පරාක්‍රමබාහු මහරජාණන් විසින් ඒ නිකායත්රයට අයත් භික්ෂූන් එක් තැන්කොට මහාපාලායතන, ශාරිපුත්‍ර, මේධංකරාදි යති ශ්‍රෙෂ්ඨයන් විසින් පරිවරන ලද්දාවූ අරණ්‍යවාසී දිඹුලාගලගිරි මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ප්රමුඛත්වයෙන් නානාමත දුරු කරවා පියවා නිකායත්‍රය සමෙහි පිහිටුවා මහා විහාරීය ථෙරිය නිකායම යථාස්ථානයෙහි තැබූහ.
එදවස පටන් ශිවභක්තික වූ රාජසිංහ රජු දක්වා ගංගා ජලප්‍රවාහයක් මෙන් නිර්මල වූ ථෙරිය පාරම්පරිය ධර්මය මෙම ලක්දිව පැවැත්තේයයි දතයුතු. මේ අතුරෙහි ථෙරිය නිකාය ගාමණ්යායතන, අරඤ්ඤායතන වශයෙන් විවිධ විය. එහෙත් සංඝ කර්මාදියෙහි භේදයක් නොවිය. ටීකාචාර්‍ය්‍ය ශාරිපුත්‍ර, සද්ධර්මරක්ෂිත, අනවමදර්ශී, වනරතන රාහුල, මේධංපලාදි මහා ස්ථවිර පාදයෝ වනාහි ග්රාමාන්යයතනවාසීහු වූහ. එසේම ආනන්ද මේධංකර, මහා ධර්මකීර්ති, විනිය ධර්මකීර්ති, ප්රමුඛ මහා ස්ථවිර පාදයෝ වනාහි අරඤ්ඤායතන වාසීහු යයිද කියත්. පුස්තකයන්ගේ පාඨාන්තරෝත්පත්තිය ඒ දෙපක්ෂය විසින් පරිශීලනය කළ ග්‍රන්ථයන්ගේ වශයෙන්යයි සලකනු ලැබේ.
යට කියන ලද පරිද්දෙන් ප්‍රථම සඞ්ගායනාවෙහිදී ධර්ම සංග්‍රාහකයන් විසින් සඞ්ගායනා කරන ලද සියලු බුද්ධවචනය සූත්‍ර අභිධර්ම විනය කියා පිටකත්රයකට අන්තර්ගත වේ. ඒ වනාහි ප්‍රථම සඞ්ගායනා වේදී සද්ධර්මිත වූද (සද්ධර්මිතඛන්ධක කථා වස්තු ප්‍රකරණාදි) අසද්ධර්මිත වූද සියල්ලම එක්කොට එසේ සලකනු ලැබේ. ඔවුන් අතුරෙන් උභය ප්රාතිමොක්ෂය, විභඞ්ගද්වයය, දෙවිසිඛන්ධකය, ශොඩෂ පරිවාරය, යන මොහු විනය* පිටකයට ඇතුළත්වෙති.
* මේ වනාහි ශික්ෂා පද මාතෘ වූ ප්රාතිමොක්ෂ සංඛ්‍යාත මාතෘකාව හා තද්භාගය වූ භික්ෂු භික්ෂුණී විභඞ්ගය ඇතුළත් කොට පාරාජිකා, පාචිත්තිය, [දෙ විසිඛන්ධක අනුගමින] මහා වග්ගහ, චුලවග්ගහ, [සොළොස් පරිවාරක් ඇති] පරිවාරය යන නමින් පොත් පසකින් ප්රමිතකොට සලකනු ලැබේ. උභතො විභඞ්ග, ඛන්ධක, පරිවාර යයි සැකවින් කියනු ලැබෙත්.
viii
දීඝනිකාය ද, මජ්ඣිම නිකායද, සංයුත්ත නිකායද, අංගුත්තර නිකාය ද, ඛුද්දක පාඨය, ධම්ම පදය, උදානය, ඉතිවුත්තකය, සුත්තනිපාතය, විමානවත්ථුය, පෙතවත්ථුය, ථෙරගාථාය, ථෙරීගාථාය, ජාතකය, නිද්දෙසය. පටිසම්භිදා මග්ගය, අපදානය, බුද්ධවංසය, චරියාපිටකය, යන මේ පසළොස් ප්රකරණයකින් සංගෘහිත ඛුද්දක නිකාය ද යන මේ තෙම සූත්‍රපිටකය නම් වේ. නෙත්ති ප්රකරණ පෙටකොපදෙස යන ප්රකරණ ද ඛුද්දක නිකායට ඇතුළත් වීමට යොග්‍ය සේ පෙනේ.
“ඨපෙත්වා චතුරොපෙතෙ නිකායෙ දීඝආදිකෙ, තදඤ්ඤං බුද්ධවචනං නිකායො ඛුද්දකො මතො”යි. අථ කථාවන්හි කී බැවිනි.
පළමුකොට විනය පිටකය ද, ඉක්බිති දීඝනිකායාදි නිකාය සතර ද, අභිධර්ම පිටකය ද, ඊට පසු ජාතකාදි ඛුද්දක නිකායද සඞ්ගායනා කොට අභිධර්ම පිටකයෙහි සංග්‍රහයට නැගුහයි දීඝ භාණකාවාර්ය්යයෝ කියත් සිදු මධ්‍යම භාණකාවාචාර්ය්යයෝ වනාහි චරියාපිටකය හා බුද්ධවංසය සමග සියලු ඛුද්දක ග්‍රන්ථය සූත්‍ර පිටකයට ඇතුළත් යයි කියත් සීද සාරාර්ථදීපනී නම්, විනය ටීකාවෙහි දක්වන ලදි.
ධම්මසංගණිය, විභංගය, ධාතු කථාය, පුග්ගලපඤ්ඤත්තිය, කථාවත්ථුය, යමකය, පට්ඨානය යන මේ තෙම අභිධර්ම පිටකය නම් වේ.
විනය, සූත්‍ර, අභිධර්ම යන ත්‍රිකය වනාහි පර්‍ය්‍යාප්ති වාචක වූද, ශාජන වාචක වූද “පිටක” ශබ්දය හා “විනයො ව සො පිටකං චෙති=විනය පිටකං”යි ද “සුත්තා ච තං පිටකංචෙ”යි=සූත්තපිටකං යි ද “අභිධම්මො ච සො පිටකංචෙ”ති - අභිධම්ම පිටකයයි ව්‍යවහාර වේ.
ත්‍රිපිටක ධර්මයාගේ අර්ථවර්ණනාව අට්ඨකථා (-අටුවා) යයි කියනු ලැබේ. අර්ථකථාවෝද තථාගතයන් වහන්සේ විසින් දේශිතයහ. මෙම කී සාරාර්ථදීපනී ටීකායෙහි:- “න හි භගවතා අබ්යාකතං තන්තීපදං නාම අත්ථි, සබ්බෙසං යෙව අත්ථො කථිතො සම්මාසම්බුද්ධෙනෙව තිණ්ණං පිටකානං අත්ථවණ්ණනාක්කමොපි භාසිතොති දට්ඨබ්බං. තත්ථ තත්ථ භගවතා
ix
පවත්තීත පකි ණ්ණක දෙසනායෙව හි අට්ඨකථා”යි. “භගවත්හු විසින් ප්‍රකාශ නොකරන ලද තන්ති පදයක් නම් නැත. සියලු පදයන්ගේම අර්ථය වදාරන ලද්දේය. එහෙයින් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින්ම තුන් පිටකයෙහි අර්ථ වර්ණනා ක්රමයද වදාරන ලද්දේදැයි දතයුතු. ඒ ඒ තන්හි භගවත්හු විසින් පවත් වන ලද ප්රකීර්ණික දෙශනාවම අර්ථකථා වන්නීය” යනු එහි භාවයයි.
ඒ අර්ථකථාවෝ වනාහි ප්‍රථම මහා ධර්මසංග්‍රාහක ස්ථවිරයන් විසින් පළමුකොට තුන් පිටකය සංගායනාවට නගා ඒ තුන් පිටකයාගේ අර්ථවර්ණනා ස්වරූපෙන්ම වාචනා මාර්ගයට නගන ලද්දාහ. ඔහු යට කියන ලද පරිද්දෙන් මිහිඳු මාහිමියන් වහන්සේ විසින් ගෙන එන ලදින් ලක්දිව් වැසි මහතෙරුන් විසින් නිකායාන්තර ලබ්ධීන් හා සංකීර්ණ නොවනු පිණිස සිංහල භාෂාවෙන් තබන ලද්දාහ.
ඒ සිංහලාර්ථකථාවෝ වනාහි මහා අට්ඨකථා, පච්චරියට්ඨකථා, කුරුන්දියට්ඨ කථායි* තුනෙකි. තවද මේ හැර අන්ධට්ඨ කථාය සංඛෙපට්ඨ කථායයි අටුවා දෙකක් පැවති බැව් සාරාර්ථදීපනී ටීකාවෙහි කියන ලදි.
එකල දෙශාන්තරයෙහි පැවති අටුවා විනාශ වූවාක් මෙන් පෙනේ. සිංහලභාෂාවෙන් ලියන ලද අථ කථාවෝ සම්ප්රෙහයකින් දෙශාන්තර වාසීන්ගේ අභිමතාර්ථ සාධනය නොකෙරෙද්ද එහෙයින් හෙළු අටුවාවන් පෙළ බසට නගනු පිණිස සවාක්යාවාසීවූ රෙවත නම් මහ තෙරුන් වහන්සේ විසින් මෙහෙයන ලද බුද්ධඝොෂාචාර්ය්යයන් වහන්සේ දඹදිව සිට ලක්දිවට පැමිණියෝය.
බුද්ධඝොෂාචාර්ය්යයෝ වනාහි දඹදිව මහබෝමැඩ සමීපයෙහි උපන් ත්‍රිවෙද පාරගතවූ බ්රාහ්මණායණ කෙණෙකි. පුජ්යොත්තම රෙවත මහ තෙරුන් වහන්සේ ඔහු පැවිදි කරවා සාර්ථකථා ත්‍රිපිටක ධර්මය ප්‍රගුණ කරවූ සේක. ඉක්බිති උන්වහන්සේ එහිදී “ඤාණොදය” නම් ප්රකරණයක්ද කොට බුද්ධ වර්ෂ 953 වැන්නෙහි
* එහි මුළු තුන් පිටකයටම ප්‍රථම ර්කොට කරන ලද අටුවාව මහා අටුවාව නම්. පච්චරියයි පසුවට නම්, එහි වැඩහිඳ කළ අටුවාව පච්චරියයි, කුරුන්දිවෙල්ලි නම් විහාරයෙක් ඇත, එහි හිඳ කළ බැවින් කුරුන්දි නම් වියයි කියති. අන්ධට්ඨ කතාව වනාහි තෙළිඟු බසින් ලියන ලද්දක්ය යනු එහි නාමයෙන්ම හැඟේ.
x
මහානාම නම් රජ කෙනකුන් දවස ලක්දිවට පැමිණියහ. එහෙත් බුද්ධඝොෂාචාර්ය්යයන් විසින් කරන ලද අටකථාවන්හි එකල ලබෙකශයන්ගේ නාමය “සිරිනිවාස” යයිද, “සිරිකුඩ්ඩය” යිද පෙනේ. ඒ නම් දෙක වනාහි මහානාම රජුගේ නාමාන්තරයයි වර්තමාන ඉතිහාසඥයන්ගේ මතය වේ. බුද්ධඝොෂාචාර්ය්ය පාදයෝ අනුරාධපුර මහා විහාරයෙහි පධාන ඝරයෙහිදී සංඝපාල මහා ස්ථවිරයන් වහන්සේ වෙතින් සිංහලාර්ථකථාවන් ඉගෙන දූරසංකර පිරිවෙනෙහි වෙසෙමින් හෙළු අටුවාවන් පෙළ බසට නැගුහ. උන්වහන්සේ විසින් දීඝ මජ්ක්‍ධිම සංයුත්ත අංගුත්තර යන නිකාය සතරටම යොග්යවනසේ පළමු කොට විසුද්ධිමග්ග නම් ප්‍රකරණය කරන ලදි. ඊට අනතුරුව මුළු විනය පිටකයටම සමන්තපාසාදිකා නම් අටුවාවද, ප්රාතිමොක්ෂයට කංඛාවිතරණී නම් අටුවාවද, දීඝනිකායට සුමංගල විලාසිනී නම් අටුවාවද, මජ්ක්‍ධිම නිකායට පපඤ්චසූදනී නම් අටුවාවද, සංයුත්ත නිකායට සාරත්ථප්පකාසිනී නම් අටුවාවද, අංගුත්තරනිකායට මනොරථපුරණී නම් අටුවාවද, ඛුද්දකනිකායයෙහි ධම්මපද සුත්තනිපාත ජාතක බුද්ධක පාඨ යන ග්රන්ථයන්ට පරමත්ථජොතිකා නම් අටුවා සතරද, අභිධර්මපිටකයෙහි ධම්මසංගණියට අත්ථසාලිනී නම් අටුවාවද, විභඞ්ගප්රකරණයට සම්මොහවිනොදනී නම් අටුවාවද, සෙසු පඤ්චප්රකරණයන්ට පරමත්ථදීපනී නම් අටුවාවද කරන ලද්දාහ.
සමහර ග්රන්ථයන්හි කුරුන්දි අටුවාව පාළියට නගා විනය අටුවාවද, මහා අන්ධට්ඨ කථාව පාළියට නගා සභි අටුවාද, මහා පච්චරිය පෙළ බසට නගා විජම් අටුවාවද කරන ලද්දේදැයි සඳහන් වේ. එහෙත් ඊට සාධක වශයෙන් කිසිවක් ඒ ග්රන්ථයන්හි නොකියන ලදි. මහා අට්ඨ කථාව ආදි අටුවා සියල්ලම ත්‍රිපිටකයටම කරන ලද අටුවා යයි හැඟේ. බුද්ධඝොෂාචාර්ය්යයන් විසින් විනයාදි* කථාරම්භයෙහි සියලු අටුවාවන් ගෙන්ම කරුණු
* ස·වණ්ණනා·නංව සමාර භන්තො තස්මා මහා අට්ඨකථං සරීරං, කත්වා මහා පච්චරියං තථෙව කුරුන්දිනාමාදිසු: විස්සුතාසු.
විනිච්ඡයො අට්ඨ කථාසු වුත්තො යො යුත්තමත්ථං අපරිච් චජෙතා, තතොපි අන්තොගධ ථෙර වාදං සංවණ්ණනං සම්ම සමාාරභිස්සං.
xi
උපුටාගත් බව කියන ලද හෙයිනි. එහෙත් මෙහි මත භෙදයක් පවත්නා බව පෙනේ.
ඛුද්දකනිකායයෙහි ඉතිවුත්තක, උදාන, චරියාපිටක, ථෙරගාථා, ථෙරීගාථා, විමානවත්ථු, පෙතවත්ථු, යන පොත් සතට පරමත්ථදීපනී නමින් අටුවා සතක්ද, අපදානයට විසුද්ධජනවිලාසිනී නම් අටුවාවද, නෙත්තිප්රකරණයට නෙත්ති අටුවාවද, ආචාර්ය බදරතිත්ථ ධම්මපාල මහා ස්ථවිරයන් වහන්සේ විසින්ද බුද්ධවංශයට මධුරත්ථවිලාසිනී නම් අටුවාව බුද්ධදත්ත ස්ථවිරයන් වහන්සේ විසින්ද නිද්දෙසයට සද්ධම්මපජ්ජොතිකා නම් අටුවාව ආචාර්ය උපසෙන ස්ථවිරයන් වහන්සේ විසින්ද පටිසම්භිදාවට සද්ධම්මප්පකාසිනී නම් අටුවාව ආචාර්ය මහානාම ස්ථවිරයන් විසින්ද රචනා කරන ලදහ.
අප විසින් සිංහලට නගන ලද චරියාපිටක අටුවාව කරන ලද්දේ ආචාර්ය ධම්මපාල මහා ස්ථවිරයන් වහන්සේ විසිනි. උන්වහන්සේ වනාහි දක්ෂිණ ජම්බුද්වීපයෙහි නාගපට්ටනමෙහි ධර්මාශොක මහරජතුමාණන් විසින් කරවන ලද බදරතිත්ථ විහාරයෙහි වැඩවිසූ කෙනෙකි. මේ ඒ කීහ. නෙතත් අටුවාවෙහි:-
“සද්ධම්මොතරණට්ඨානෙ පට්ඨිතෙ නාගසව්හයෙ, ධම්මාසොකමහාරාජ විහාරෙ වසතා මයා”යි
මුන්වහන්සේ තෙළිඟු දේශයෙහි බ්‍රාහ්මණ වංශයෙහි උපන් කෙනෙක්යයිද කියනු ලැබේත්. බුද්ධඝොෂාචාර්ය්යයන්ට පසුව අළු කථා කළ හෙයින් උන්වහන්සේට විනීතාචාර්ය්යයෝයයිද කියති. යට කියන ලද අටුවා හැර මුන්වහන්සේ විසින් විසුද්ධිමග්ග ටීකාවද, පඤ්චප්පකරණ අනුටීකාවද, සච්චසංඛෙප නම් අභිධර්ම ප්‍රකරණයද කරන ලද්දාහ.
ඉක්බිති අට්ඨකථාවන්හි ග්රන්ථස්ථාන නිර්භුත්ථනය කරමින් බොහෝ ටීකාවෝද විරචිතයහ. අට්ඨකථාචාර්ය්ය ධම්මපාල, ශ්‍රී ශාරිපුත්‍ර, ඖදුම්බරගිරි කාශ්‍යප, ආනන්ද, වනරතන, වජිරබුද්ධි යනාදි මහාස්ථවිරපාදයන් විසින් ඒ ටීකාවෝ නිපදවන ලදහ. ඉක්බිති අනුටීකාද, ත්‍රිපිටක පාළියෙහිත් අට්ඨකථාවෙහිත් ටීකානුටීකායෙහිත් ප්‍රකාශව ආ අති විස්තරාර්ථයන් සංක්ෂෙප කොට ත්‍රිපිටකධර මහා ස්ථවිරයන් විසින් සම්භාවනීයවූ පාලි ප්රකරණද නිපදවන ලද්දාහ. ආචාර්ය්ය ධර්මපාල මහා ස්ථවිරයන් විසින් කරන ලද සච්චසංඛෙප ප්‍රකරණයද ආචාර්ය්ය අනුරුද්ධ මහා ස්ථවිරයන් විසින් කරන ලද අභිධම්මත්ථ සංග්රහයද, නාමරූපපරිච්ඡේදය ද