සන්න සහිත ව්‍යඝ්‍රපද්‍ය සූත්‍රය - සොයිසා අප්පුහාමි 1900.pdf

කතෘ :
සොයිසා අප්පුහාමි
ප්‍රකාශිත වර්ෂය :
1900
මුද්‍රිත වර්ෂය :
1900
පිටු ගණන :
19
බාගත කිරීම් ගණන :
511
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-23
ගොනුවේ ප්‍රමාණය :
4.4 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 10

සන්න සහිත ව්‍යඝ්‍රපද්‍ය සූත්‍රය යනු අංගුත්තර නිකායේ අටක නිපාතයට අයත් ව්‍යග්ඝපජ්ජ (දීඝජානු) සූත්‍රයේ පාලි පෙළ සහ එහි පුරාණ සිංහල සන්නය ඇතුළත් කෘතියකි.

ගිහි සැදැහැවතුන්ගේ මෙලොව පරලොව දෙලොවම අභිවෘද්ධිය සලසන උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණමිත්තතා, සමජීවිකතා යන දිට්ඨධම්මික අර්ථ සම්පත් සතර සහ සද්ධා, සීල, චාග, පඤ්ඤා යන සම්පරායික අර්ථ සම්පත් සතර මෙහි විස්තර කෙරේ. මෙහි එන සන්නය පැරණි සිංහල පදගත අර්ථ විග්‍රහ සහිත සම්භාව්‍ය සම්ප්‍රදායට අනුව සකස් වී ඇත.

මෙම පොත නල්පිටියේ අගන්තොඩි දන්දිරිස් මැන්දිස් ද සොයිසා අප්පුහාමි මහතා විසින් 1900 වර්ෂයේදී ශාස්ත්‍රඥ ස්වාමීන් වහන්සේ නමක ලවා ලිපිදොස් හරවා මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලද්දකි.

දැන්වීම්.

ව්‍යාඝ්‍රපද්‍ය නම් මේ මාහැඟි ධර්‍මදේශනාව සර්‍වඥවර චක්‍රවර්තී ස්වාමීවූ අප සර්‍වඥයන්වහන්සේ විසින් කොලියනුවර වැසි දීඝජානු නම් කොලිය රාජපුත්‍රයා අරභයා වදාරන ලද්දෙකි. මෙයින් ප්‍රකාශ වන්නේ ගෘහස්ථවූ සැදැහැවත් කුලදරුවන්ගේ මෙලොව පරලොව දෙකේ හිත සැප සාදාගැනීම පිණිස පිළිපැදියයුතු අෂ්ටාංග සමුපෙත මනොඥ අවවාද ධර්‍මයකි. මෙය භාවිතාකිරීමෙන් ලෝ වැස්සෝ දෙලොව වැඩ සාදාගනිත් නම් යෙහෙකැයි කල්පනාකළ අප විසින් මේ සූත්‍රදේශනාව පුරාණ සන්න සහිතව ශාස්ත්‍රාගම දත් ස්වාමින්වහන්සේ කෙනෙකුන් ලවා ලිපි දොස් හරවා මුද්‍රණය කර වනලදී. මුද්‍රණයේදී අක්‍ෂර යෝජකයන්ගෙන් හටගත් ස්වල්ප දොෂ තිබුනත් එය පණ්ඩිතයන්වහන්සේලාගෙන් අසා දැනගන් නාමෙන් ඉල්ලමි.

නල්පිටියේ අගන්තොඩි දන්දිරිස් මැන්දිස්ද සොයිසා අප්පුහාමි.