සන්න සහිත වෙරඤ්ජ සූත්‍රය - මාගම්මන මේධානන්ද හිමි 1893.pdf
- කතෘ :
- මාගම්මන මේධානන්ද හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1893
- මුද්‍රිත වර්ෂය :
- 1893
- පිටු ගණන :
- 31
- බාගත කිරීම් ගණන :
- 514
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-23
- ගොනුවේ ප්‍රමාණය :
- 8.9 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මජ්ඣිම නිකායේ චූළයමක වග්ගයට අයත් ‘වෙරඤ්ජක සූත්‍රය’ (වෙරඤ්ජ සූත්‍රය) සහ ඒ සඳහා පුරාතන පණ්ඩිතවරයෙකු විසින් සම්පාදිත පදගත සන්නය මෙහි අන්තර්ගත වේ. බුදුරජාණන් වහන්සේ වෙරඤ්ජා නුවර වැසි බ්‍රාහ්මණ ගෘහපතියන්ට දෙලොව යහපත පිණිස දේශනා කළ ධර්මය මෙම සූත්‍රයෙන් විස්තර කෙරේ.
මෙම කෘතිය බටුවන්දර තිලකාරාම විහාරවාසී මාගම්මන මේධානන්ද හිමියන් විසින් සංශෝධනය කර ඇති අතර, වෙන්නාවත්තේ පදිංචි සී. පී. පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් 1893 වර්ෂයේදී බ්‍රැන්ඩියවත්තේ විද්‍යාසාගර මුද්‍රණාලයෙහි මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කොට තිබේ.
මුලින් සූත්‍ර පාලි පාඨයද, අනතුරුව ‘වෙරඤ්ජ සූත්‍ර සන්නය’ නමින් සවිස්තරාත්මක සිංහල සන්නයද අන්තර්ගත කොට ඇති හෙයින් සූත්‍ර දේශනාව වචනයෙන් වචනය වටහා ගැනීමට පහසු වන පරිදි සකසා ඇත.
දැන්වීමයි.
මජ්ඣිම නිකායෙහි චූලයමකවර්ගයට අන්තර්ගතවූ මෙම සූත්‍රදේශනාව ත්රෛලොක්යතිලකවූ අප සම්‍යක්සම්බුදුරජාණන් වහන්සේ විසින් වෙරඤ්ජා නම් නුවර වැසි බ්‍රාහ්මණ ගෘහපතීන්ට ඓහලෞකික පාරලෞකිකාර්ථයන් ප්‍රකාශකිරීම් වශයෙන් දේශනාකරණ ලද්දේකි. මීට පුරාතන පණ්ඩිතයෙකු විසින් අටුවාටීකාදියට අනුව මාහැඟි ව්‍යාඛ්‍යානයක් කරණලද්දේය. එම ව්යාඛ්යානයසහිත මේ අනර්ඝ දේශනාපාලිය මුද්රණයකරවා ප්රසිද්ධකළහොත් ලෝක ශාසනාභිවෘද්ධිය පිණිස පවත්නேயேයි බොහෝ දෙනෙකුන්ගේ අයැදීම ඇති හෙයින් මාගම්මන මේධානන්දාභිධාන ස්වාමින්වහන්සේ ලවා ශෝධක දෝෂාපහරණ වශයෙන් සකස් කරවාගෙන මුද්‍රණය කරවනලදී.
මෙය නැවත අච්චුගැස්වීමේ අයිතිවාසිකමද මෙහි පහත අත්සන් කරණ මටම තබාගත්බැව් දතයුතු.
මීටවගට,
සී පී ප්‍රේරා,
වෙන්නාවත්ත