සන්න සහිත රට්ඨපාල සූත්‍රය - රාජපක්ෂ 1890.pdf

ප්‍රකාශිත වර්ෂය :
1890
මුද්‍රිත වර්ෂය :
1890
පිටු ගණන :
64
බාගත කිරීම් ගණන :
545
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-23
ගොනුවේ ප්‍රමාණය :
15 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 33

මෙම කෘතිය මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයට අයත් රට්ඨපාල සූත්‍රය සහ එහි පුරාණ සිංහල සන්නය ඇතුළත් කොට සකස් කරන ලද්දකි. රට්ඨපාල මහරහතන් වහන්සේගේ පැවිදි වීම, දෙමව්පියන් හමුවීම සහ කෝරව්‍ය රජු අමතා දේශනා කරන ලද ධර්මය මෙහි අන්තර්ගත වේ.

කාලයාගේ ඇවෑමෙන් පිටපත් කිරීමේදී දෝෂ සහිතව පැවති පුරාණ සන්නය, පිටපත් කිහිපයක් සසඳා බලා ප්‍රවීණ ස්ථවිරයන් වහන්සේ නමක ලවා සංශෝධනය කරවා කළුතර ආර්. ඩී. පී. රාජපක්‍ෂ මහතා විසින් මුද්‍රණය කරවා ඇත.

මෙම පොත බුද්ධ වර්ෂ 2433 (ක්‍රි.ව. 1890) දී කොළඹ ශාස්ත්‍රාලෝක මුද්‍රණාලයේදී මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර තිබේ.

සංඥාපනය.

සමස්ත සත්ත්‍වයෙහි පතළ මහාකරුණා ඇති අප තථාගතයන් වහන්සේ අනවපත් නිවන්හැර සසරවැද පැරුම්පුරා තුෂිතපුරපැමිණ කාලාදින්බලා එයින්සැව මිනිස්ලොව ඉපිද වැඩිවියපැමිණ මහාභිනිෂ්ක්‍රමණයකොට මහබෝමුලහි වීදුරසුන්අර පස්මරුන්බිඳ ලොව්තුරාබුදුව ලෝවැඩසඳහා දහම් සැරිසරා වඩනාසේක් එක්සමයෙක්හි කුරුනම් දනව්වැස්සන්ගේ, ථුල්ලකොට්ඨිත, නම් බමුණුගමට පැමිණ වැඩවාසය කර වදාළසේක—

එකල්හි අනන්ත බුදුගුණ ශ්‍රවණයටපැමිණි, එමවැස්සෝ බුදුන්කරා එළඹ ධර්‍මශ්‍රවණය කරන්නාහු, ඔවුන්සමග එළඹි එමවැසි අග්‍රකුලික බිඳීගිය රජ්ජුරූ පාලනයෙහි සමත්, රට්ඨපාල, නම් කුලපුත්‍රතෙම මහණවෙනු කැමතිව උරිස් විසිරගිය ඉක්බිති බුදුන්යැද මවුපියන්කරා එළඹ ඔවුන්ගෙන් විභාගයවැද අත්‍යන්ත දුෂ්කරතර මහත්වීර්යයෙන් ලැබූ අවකාශඇතිව ප්‍රව්‍රජ්‍යාවට පැමිණි ක්‍රමය හා පසු නමන්වහන්සේ සිය භාගයෙහිදී දෙමවුපියාදීන්ට කරවදාළ බාලජන සම්මොහ රූපාදි නවප්‍රකාශ ධර්මදෙශනාවද, ඉක්බිති කොරව්‍ය රජහට ප්‍රව්‍රජ්‍යා ධර්මයාගේ ඵලාදිය ප්‍රකාශක ධර්මදෙශනාවද, යනාදී උතුම් මාහැඟි විචිත්‍ර ධර්‍ම පරම්පරා පාවචනාන්තරගත මධ්‍යම නිකායෙ, මධ්‍යම පණ්ණාසකයෙහි, ප්‍රකාශිත රට්ඨපාලනම් සූත්‍රාන්තයාගේ අර්ථව්‍යාඛ්‍යානය පුරාතන කරණලද්දක, හෙද, අසවල්කාලයෙහි අසවල්තැනැත්තහු විසින්යයි නිශ්චයකළ නොහැකිය, එසේදවුවත්, ප්‍රශස්ත පණ්ඩිතවරයෙක් බවපෙනෙයි. නුමුත් කල්යාමෙන් ලිපිදොෂාරොපනයන් හේතුකොටගෙන, දෝෂාකුලවීමෙන් එකිනෙකට විරුද්ධවූ හෙයින්, පිටපත් කිපයක්ම එකතුකොට සමර්ත්‍ථ ස්ථවිරයන් වහන්සේ කෙනෙක් ලවා ශුද්ධකරවාගෙන මෙහිපහත නමසඳහන්වන මා විසින් මුද්‍රණය කරවනලදී—තවද සකල බෞද්ධාරයන්විසින් මෙය වාචොත්ගතාව ලොකනාදින් නිරතුරු සාදරව භාවිතකළහොත් අවශ්‍යායෙන්ම ඔවුහු අග්‍රම ධර්මයෙහි ඓශ්චර්‍ය්‍යයට පැමිණ මෙලොව්හි නොපිරිහෙමින් හා පරලොව්හි ස්වර්ගාපවර්ග සම්පත්ති ප්‍රතිලාභයෙන්ද වාසනාවන්ත පිරිසිදු උත්තමයෝවෙති—

වන්දෙමුනින්දං භවපාර නිණ්ණං සබ්බාභිභුංලොක විදූමහෙසිං ධම්මංවිසුද්ධං සුඛමාවහන්තං සංඝංච අට්ඨාරිය පුග්ගලග්ගං,.

මෙහි අප ප්‍රමාදයකින් ඉතිරිවූ යම්දොෂයක් ඇතහොත් සමාධිසීලි සූධීන්විසින් අවමන් නොකොට කරුණාබස්සෙන් ක්ෂමාකරණු ලැබේවා—මෙමෙවට—කළුතර.

R. D. P. RAJEPACSE

R. D. P. RAJEPACSE