සන්න සහිත මූලපරියාය සූත්‍රය - උඳුගොඩ රතනපාල හිමි 1914.pdf
- කතෘ :
- උඳුගොඩ රතනපාල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1914
- මුද්‍රිත වර්ෂය :
- 1914
- පිටු ගණන :
- 51
- බාගත කිරීම් ගණන :
- 499
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-23
- ගොනුවේ ප්‍රමාණය :
- 12 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයට අයත් ප්‍රථම සූත්‍රය වන මූලපරියාය සූත්‍රය සඳහා සැකසුණු අර්ථවර්ණනා (සන්න) ග්රන්ථයකි. දීඝ නිකායට්ඨකථා, පටිසම්භිදාමග්ගට්ඨකථා, අට්ඨසාලිනී ආදී පාලි අටුවා ග්රන්ථයන්හි ආභාසය ලබමින් උඳුගොඩ රතනපාල ස්ථවිරයන් වහන්සේ විසින් මෙම සන්නය සකස් කර ඇත.
පෘථග්ජන, සේඛ, අසේඛ (රහත්) සහ තථාගතයන් වහන්සේ යන සතර පංතියේ පුද්ගලයන් විසින් පඨවි ආදී වස්තූන් විෂයෙහි ඇති කරගන්නා සංඥා, දෘෂ්ටි හා මඤ්ඤනා පිළිබඳ ගැඹුරු ධර්ම විග්‍රහය සරල සිංහල සන්න ක්‍රමයෙන් මෙහි පැහැදිලි කෙරේ.
ගාල්ලේ ඇඩ්මන් ගුණරත්න වාසල මුදලි තුමාගේත්, පෝද්දල වත්තේ සුපිරින්ටැන් ඩී. ජේ. පීරිස් මහතාගේත් ආධාර ඇතිව අතුරුපාන පුංචි බණ්ඩාර මහතා විසින් බු.ව. 2457 (ක්‍රි.ව. 1914) දී කොළඹ මරදානේ විද්‍යාභූෂණ යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවා ඇත.
සංඥාපනය.
බොස්සැල්ලේ පුරාණ විහාරාධිපතිව වැඩවිසූ රෙවතනාභිධාන මහා ස්වාමිපාදයන් වහන්සේගේ සබ්රහ්මචාරී අන්තෙවාසිකවූද රොටුවෙ විසු වල්ගොඩවාගොඩ බණ්ඩාර මැතිතුමන්ගේද පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති ධර්ම කීර්ති ශ්‍රී ධර්මාරාමාභිධාන අංසනායක ධුරන්ධර ත්‍රිපිටක වාගීශ්වර මහා ස්වාමිපාදයන් වහන්සේගේද ධර්මාන්තෙවාසිකවූ මා විසින් දික් සඟි පටිසම්භිදා අට්ඨසාලිනී ආදි පාල්‍යාර්ථ කථාවෙන් සරසා මෙම මූලපරියාය සූත්‍රයෙහි අර්ථ වර්ණනාව කරණලද්දෙමි.