සන්න සහිත මහා පරිනිර්වාණ සූත්‍රය - කිත්තන්ගොඩ සරණංකර හිමි 1914.pdf
- කතෘ :
- කිත්තන්ගොඩ සරණංකර හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1914
- මුද්‍රිත වර්ෂය :
- 1914
- පිටු ගණන :
- 233
- බාගත කිරීම් ගණන :
- 551
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-23
- ගොනුවේ ප්‍රමාණය :
- 61 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
දීඝනිකායේ මහා වග්ගයට අයත් මහාපරිනිර්වාණ සූත්‍රය පාලි පෙළ සහ පුරාණ සිංහල සන්නය සහිතව මෙහි ඉදිරිපත් කර ඇත. මෙම මුල් සන්නය බුද්ධ වර්ෂ 2398 දී වැලිකන්දෝර ලෙයෙහි අක්කාවිඩි විපස්සි හිමියන් විසින් සම්පාදනය කරන ලද්දකි.
පසුව මුද්‍රණ දෝෂ හා විපර්යාසයන් සංශෝධනය කරමින් උයන් කිත්තන්ගොඩ සරණංකර හිමියන් විසින් මෙම සංස්කරණය සකස් කරවා ඇති අතර, ඩී. සුබසිංහ මහතා විසින් 1914 දී (බු.ව. 2457) ප්‍රකාශයට පත් කර ඇත. මුද්‍රණය කොළඹ විද්යාගුප්ත යන්ත්රාලයෙනි.
බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ සමය, අවසන් අවවාද, ධාතු බෙදාහැරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් තොරතුරු රැසක් සවිස්තරාත්මකව හැදෑරීමට මෙම සන්න සහිත සූත්‍ර ග්‍රන්ථය මහඟු උපකාරයකි.
විඥාපනයයි.
මහාපරිනිර්වාණ සූත්‍රය වනාහි ධර්ම සංග්‍රාහක මහරහතන් වහන්සේ විසින් දීඝනිකායෙහි මහාවර්ගයට අන්තර්ගත කරනලද්දේය එහි සියලුම තථාගතධර්මය සංක්ෂෙප විසින් සංගෘහීතවේ මේ සූත්රධර්මය හැමදෙනම විසින් සාදරයෙන් හැදෑරීම, අවසන්භවේ, පරිනිර්වාණ සමයෙහි තථාගත සම්බුදුරජානන් වහන්සේ විසින් දෙශනා වදාරණලද අවවාද අනුශාසනාවන්හා තත්කාලයෙහි හා තදසන්න කාලයෙහිත් තථාගත ජීවන චරිතයද දැනගනු කැමැත්තවුන්ට මෙයින් උතුම් අනිකුත්සූත්රයක් නැත්තේය.
ශ්රීබුද්ධවර්ෂ 2398 වෙසක් මස හෙවත් මෙයින් නවපනස් වසකට පෙර වැලිකන්දෝරලෙයෙහි අක්කාවිඩි විපස්සිනම් තෙරණුවන් විසින් මේ උතුම් සූත්‍රයට සිංහල සන්නයක් නිපදවන ලද්දේය. මේ සන්නය නිපදවූ කාලය සාස්ත්රාගමී අතින් ලක්දිව බොහෝ දුර්වලව පැවතිබැව් කියයුතු නොවේ. එබඳුකාලෙක මෙබඳු විසාලධර්ම ව්‍යාඛ්‍යානයක් නිපදවාලීමෙන් විපස්සි තෙරණුවන් කෙරෙහි පැවති ධර්ම නිපුණත්වය සැලකිය හැකිවේ යම්සේ කෙසේවෙත් අභිප්‍රායයක් හඟවාලීම මුඛ්යකොට ගෙන මේසන්නය ගළපා තිබෙන බැව් කවුරුන් විසින් වුවත් කියයුතුය ඇතැම් තැනක අර්‍ත්‍ථයාගේ ඡායාමාත්රයක්ම ප්රතීයමානවේ, මෙසේ හෙයින් ශබ්දශාස්ත්‍ර හා යම් විසදෘශ්යයක් එහි විද්‍යමාන වීනම් හෝ ආශ්චර්‍ය්‍යයක් නොවියයුතුය මන්ද බුද්ධියෙකුහට වුවත් මේ සන්නය පරිශීලන යෙන් සූත්‍රයන්ගේ අභිරසය විඳගැන්මට හැකිව තිබීම මහත් ප්රයෝජනයකි මෙබඳු සප්‍රයෝජන වූමේ සන්නය සහිත කොට මහාපරිනිර්වාණසූත්රය මුද්‍රණ විධියෙන් සුලභත්වයට පැමිණ වූවහොත් එය මහත් ලොකෝපකාරය කැයි සැලකුවෙමු,
එසේ හෙයින් උයන් කිත්තන් ගොඩ සරණංකර ස්වාමීන් වහන්සේ ලවා පෙළනා ගන්වන් සංස්කරණය කරවාගතිමු. මේ සංස්කරණ යෙහිදී මීටපෙර මුද්රිතපිට පතෙහි විපර්ය්යස්ථතාව පෙනෙන ඇතැම් තැන් ප්රකෘතිස්ථ පමුණුවන ලදි. එසේත් සන්න කර්තෘ තෙරණුවන්ගේ අදහස් වෙනස්කරවනු සඳහා කිසිම ප්රයත්නයක් නොයොදන ලද්දේය, මෙසේ සංශොධිතවූ මේ සන්නසහිත මහාපරිනිර්වාණ සූත්‍රය මහාජනයාගේ වැඩ සලකා, මහත් වියදම් දරා වටිනා කරදාසිවල මුද්‍රණය කරවීමු. මුද්රණයෙහිදිවු මද මද ප්‍රමාද ස්ථාන පෙනෙතත් ඒසඳහා ශුද්ධිපත්‍රයක් යොදන්ට ඕනෑනොකෙළෙමු පහසුවෙන්එවැනි තැන් කියවාගත හැකිහෙයින්ද මහජනයා විසින් මේ මිලදීගෙන මේ උතුම් ධර්මපරිශීලනයෙන් අමාමහනිවන් සැප ලබාගැන්මට උත්සාහ වඩනු මැනවි.
මීට, ලොකාභිතෛෂී ඩී. සුබසිංහ