සන්න සහිත මහා දේවදූත සූත්‍රය - ජොහානිස් අප්පුහාමි 1891.pdf
- කතෘ :
- ජොහානිස් අප්පුහාමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1891
- මුද්‍රිත වර්ෂය :
- 1891
- පිටු ගණන :
- 39
- බාගත කිරීම් ගණන :
- 491
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-23
- ගොනුවේ ප්‍රමාණය :
- 12 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සන්න සහිත මහාදෙවදූත සූත්‍රය යනු මජ්ඣිම නිකායේ උපරිපණ්ණාසකයට අයත් දේවදූත සූත්‍රයේ පාලි පෙළ සහ සිංහල සන්නය ඇතුළත් කෘතියකි. මොල්ලිගොඩ ලියනගේ දොන් ජොහානිස් අප්පුහාමි විසින් උගත් සාමීන් වහන්සේ නමක් ලවා ලේඛක දෝෂ පහකරවා මුද්‍රණය කරවන ලද්දකි.
මෙම සූත්‍ර ධර්ම දේශනාව මගින් කාය දුශ්චරිතාදියෙහි හැසිරීමෙන් සිදුවන විපාක සහ නිරයේ දුක් විස්තර කරමින්, සත්වයන් සුචරිතයෙහි පිහිටුවීම අරමුණු කෙරේ. මෙහි පාලි පාඨය සහ පදගත අර්ථ සහිත සන්නය අන්තර්ගත වේ.
මෙම පොත බුද්ධ වර්ෂ 2434 හෙවත් ක්‍රි.ව. 1891 දී කොළඹ ශාස්ත්‍රාලෝක යන්ත්‍රාලයේදී මුද්‍රණය කරවා පළකර ඇත.
දැන්වීමයි.
මෙම මහාදේවදූත සූත්‍ර ධර්මදේශනාව “මජ්ඣිම නිකායෙහි” (මැදුම්සඟියෙහි) උපරිපණ්ණාසකයට අයත් සූත්‍රාන්තයකි, මෙය කායදුශ්චරිතාදියෙහි හැසිරීමෙන් වන්නාවූ දුක් ප්‍රකාශකොට සත්වයන් කායසුචරිතාදියෙහි හසුරුවාලීම පිණිස බොහෝසේ නරකදුක්ම විස්තාරකොට වදාරණලද්දකි-එබැවින් මෙහි යහපත් ධර්මකොට්ඨාසයක් අඩංගුව තිබෙන සෙයින් සියළු බෞද්ධයන් විසින්ම මෙය මනාකොට භාවිතා කිරීමෙන් සගමොක් සැප සිද්ධකටයුතුයි.
මෙහි සමහරතැන් අටුවාවට නොසමලෙස තිබුනමුත් බොහෝසේ සන්නවල තිබුන ලෙසම යෙදීමු.
මෙහි අපේ යම්කිසි ප්‍රමාද භ්රමාදියෙන් ජනිත දෝස් ඇතත් එය ප්‍රාඥයෝ සොධනය කෙරෙත්වා.