සන්න සහිත පරාභව සූත්‍රය - කලුතර සාරානන්ද හිමි 1891.pdf

කතෘ :
කලුතර සාරානන්ද හිමි
ප්‍රකාශිත වර්ෂය :
1891
මුද්‍රිත වර්ෂය :
1891
පිටු ගණන :
63
බාගත කිරීම් ගණන :
574
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-23
ගොනුවේ ප්‍රමාණය :
15 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 32

ඛුද්දක නිකායේ සුත්ත නිපාතයට අයත් පරාභව සූත්‍රය ඇසුරින් මධුර මනෝහර කථාවස්තුන් උදාහරණ කොට දක්වමින් සකස් කරන ලද සවිස්තරාත්මක සන්න ග්‍රන්ථයකි. මෙහි පාලි ගාථා පාඨ සහ ඒ සඳහා වූ පදගත අර්ථ හා දීර්ඝ විවරණ ඇතුළත් වේ.

මෙම කෘතිය කලුතර සාරානන්ද ස්ථවිරයන් වහන්සේ ලවා ශුද්ධ කරවාගෙන කොළඹ වේල්ල වීදියේ අංක 37 දරණ ස්ථානයේ පිහිටි සුදර්ශන යන්ත්‍රාලයේදී ඒද්‍රියන් කුරේ (A. Cooray) මහතා විසින් ක්‍රි.ව. 1891 දී (බු.ව. 2434) මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කර ඇත.

මිනිසාගේ මෙලොව පිරිහීමට හා පරිහානියට හේතුවන කරුණු විස්තර කෙරෙන මෙම සූත්‍ර දේශනාව, ගිහි බෞද්ධයන්ගේ දෙලොව යහපත පිණිස අතිශයින් උපකාරී වන අයුරින් නිදසුන් කථා සහිතව මෙහි ඉදිරිපත් කර තිබේ.

සන්න සහිත පරාභව සූත්‍රය.

‘මෙය බුදුකනිකායෙහි (ඛුද්දකනිකායෙහි) සූත්‍රනිපාතයට ඇතුලත් සූත්‍රාන්තදෙශනාවකි.

සම්මාසම්බුදුරජානන්වහන්සේ විසින් දෙශනාකරණලද මංගල සූත්‍රය ඇසුවාවූ දෙවතාවෝ භාග්‍යවතුන්වහන්සේ විසින් මංගලසූත්‍රයෙහිදී සත්වයන්ගේ වැඩිමද සැපද ප්‍රකාශකරමින් එක්ප්‍රකාරයකින් වැඩිමම දෙසනලද්දේය. පිරිහෙන්නාවූ කාරණය නොවිදාරණ ලද්දේය. එබැවින් දැන් සත්වයෝ යම්හෙයකින් පිරිහෙද්ද විනාශවෙද්ද ඒ ඔවුන්ගේ පිරිහීම විචාරම්හයි මංගලසූත්‍රය දෙසූ දෙවනදවස් දසදහසක් සක්වල දෙවියෝ බුදුහු මංගලසූත්‍රයෙන් අභිවෘද්ධිකාරණම වදාළේය පරිහානිකාරණයන් විචාරම්හයි එක සක්වලකට රැස්වූහ එකල්හි ශක්‍රයාගේ නියොගයෙන් එක් දෙවියෙක් බුදුන්කරා එළඹ ‘පරාභවන්තං’ යනාදී ප්‍රශ්නයන් විචාලකල්හි බුදුහුත් පූර්‍වාපරිකාවශයෙන් මේ සූත්‍රය වදාරණලද්දේය. මේ දෙසුන් කෙළවර උපන්නාවූ සංවෙගයට අනුරූප පරිද්දෙන් නුවණින් විමර්‍ශවා සෝවාන් සකෘදගාමී අනාගාමී ඵලයට පැමිණියෝ ගණන්මග ඉක්මුනෝයයි ප්‍රකාශකරණලදී.

මේ සූත්‍රදෙශනාවෙහි ප්‍රකාශවන්නාවූ ධර්‍ම නම් ප්‍රධාන වශයෙක් ඉහලොක පරලොක දෙක්හි පිරිහීමට මුඛ මාත්‍රයි.

සකලබෞද්ධ ස්ත්‍රී පුරුෂයෝ මේ ධර්මෝපදෙසන සාරකොට භාවිතොද්ග්‍රහණය කලහොත් ඉහලොකාභිවෘද්ධියට සිතූමිණිරුවණක් සමාන වෙයි, පරලොව දෙව්මිනිස් සැපහා නිවන්සැප ඔබ්කර ගැන්මටද අතිසයින් පිටිවහල් වෙයි.

එබැවින් උභයලොක සිරීති දුදන දුර්විඩම්භගම වූ මේ උත්තරීතර ධර්මය නිතර භාවිතාවිරීමෙන් නිදුක් ගති, විසූ සුභගවාදී මෙලෝ පිරිහීමද පරලෝ නරකාදී සතරඅපාදුකද වලක්වා, ස්වර්ගාපවර්ග සම්පත්ති ප්‍රතිලාභය අත්පත්කරගන්ට උත්සාහ කට යුතුයි.

A. C.