සන්න සහිත දානුප්පත්ති සූත්‍රය - උඩුගම්පල සුවණ්ණජොති හිමි 1892.pdf

කතෘ :
උඩුගම්පල සුවණ්ණජෝති හිමි
ප්‍රකාශිත වර්ෂය :
1892
මුද්‍රිත වර්ෂය :
1892
පිටු ගණන :
10
බාගත කිරීම් ගණන :
522
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-23
ගොනුවේ ප්‍රමාණය :
2.8 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 6

අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයට අයත් දාන වග්ගයේ එන ‘දානුප්පත්ති සූත්‍රය’ පාළි පාඨය සහිතව සිංහල සන්නයෙන් යුක්තව මෙහි සංග්‍රහ කර ඇත. දානමය කුසලයන් හේතුවෙන් සත්ත්වයන් ලබන උත්පත්ති පිළිබඳව මෙන්ම දායකයාගේ සීලය හා චිත්ත සමාධිය අනුව ලැබෙන විපාකයන්ගේ වෙනස්කම් මෙම සූත්‍ර දේශනාවෙන් විස්තර කෙරේ.

මෙම සන්න ග්‍රන්ථය සකස් කරන ලද්දේ ගෞරවනීය උඩුගම්පල සුවණ්ණජෝති ස්වාමීන් වහන්සේ විසිනි. ඩබ්ලිව්. ඒ. ඩී. සිල්වා මහතාගේ ආරාධනයෙන් සකස් කෙරුණු මෙම කෘතිය, 1892 (බු.ව. 2436) වර්ෂයේදී කොළඹ ග්‍රන්ථප්‍රකාශ යන්ත්‍රාලයේදී මුද්‍රණය කර ප්‍රසිද්ධ කරවා ඇත.

දැන්වීමයි.

මෙම “දානුප්පත්ති” සූත්‍රධර්මදේශනාව වනාහි පඤ්චනිකායයන් අතුරෙන් “අංගුත්තර” නිකායේ අට්ඨක නිපාතයෙහි දානවර්ගයට ඇතුළත්වේ. “එය වනාහි කවර හෙයකින් දානුප්පත්ති සූත්‍ර”යයි කියනු ලැබේද? මෙය කරණකොටගෙන දෙනු ලැබෙන්නාවූ යන අර්ථයෙන් දානය නම් ලද චෙතනාවෙන් ලබනලද උත්පත්තීහු “දානුප්පත්ති” නම්වෙත්. අර්ථයන් එලවනහෙයින් සූත්‍රනම්වේ. දානමයකුසලහෙතුයෙන් ලබනලද උත්පත්තීන් ප්‍රකාශකරණ අර්ථයන් එලවන හෙයින් “දානුප්පත්ති සූත්‍රය”යි කියනුලැබේ.

ප්‍රාණඝාතාදි පව්කරණ දායකයා විසින් කරණලද දානමය කුසලයෙන් ඔහුට මනුෂ්‍ය සම්පත් හා දිව්‍ය සම්පත් නොලැබෙන බවද, සිල්වත් දායකයාහටම ලැබෙනබවද; බ්‍රහ්මසම්පත්තිය වනාහි සිල්වත් දායකයාහට නොලැබෙන බවත් විස්කම්භණ ප්‍රහාණාදියෙන් පහකරණලද රාගය ඇති සමාධිසම්පන්න සිල්වත්හටම ලැබෙන බවද; මෙම සූත්‍රදේශනාවෙන් ප්‍රකාශවේ. එහෙයින් මෙම සූත්‍රදේශනාව දානමය කුසලකර්මය කරණ සියලු සත්පුරුෂයන්හට හස්තසාර වස්තුවක් සමානවේ.

යටකී දානවර්ගයෙහි ප්‍රකාශවන්නාවූ අනිකුදු සූත්‍රදේශනාවෝද දානමය පුණ්‍යක්‍රියාව අරබයා වදාරණාලද තවත් නොයෙක් සූත්‍ර දේශනාවෝද, උගත් ස්වාමීන්වහන්සේලා ලවා මෙසේම සන්න කරවා මෙහි පහත අන්සන් කරණ මා විසින් යථාවකාශ වශයෙන් අච්චුගස්වා ප්‍රසිද්ධ කරවනු ලැබේත්. ධර්මය පැතිරීයෑමෙහි ආනිසංසයන් සලකා වදාරන්නාවූ ගෞරවනීය උඩුගම්පල සුවණ්ණජොත්‍යාභිධාන ස්වාමීන්වහන්සේ විසින් අපගේ ආරාධනාවෙන් මෙම ප්‍රථම භාගය සකස් කොට ධර්ම දානය වශයෙන් අපට දෙනලද බවද සතුටින් ප්‍රකාශකරම්හ.

නිතර දන්දීමෙහි යෙදී වසන සියලු බෞද්ධයෝ මෙයින් එක එක පොත රැගෙන භාවිතා කිරීමෙන් යටකී අපේ ධාර්මික උත්සාහයට උපකාරකිරීමෙන් හා ධර්මය දැන ඉගෙන තම තමන්ගේ දානමය කුසලකර්මය මහත්ඵල කරගැනීමෙන් දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්මසම්පත්තීන් විඳ කෙළවර උතුම් ලෝකෝත්තර නිර්වාණ සම්පත් අත්පත්කරගනිත්වායි ප්‍රාර්ථනාකරමු.

W. A. DE. SILVA.